පාසලේ ආදි තොරතුරු සොයන්නට විශ‍්‍රාමික දිසාපාමොක්වරයකු සොයා ගිය සිසු පිරිසක නිවෙසින් පන්නා දැමීම නිසා විදුහල් ඉතිහාසය ලිවීමේ කටයුත්ත අතහැර දමන්නට සිදුවූ පුවතක් සියනෑවේ ගම්මානයකින් මාර්තාවේ.
ප‍්‍රදේශයේ පළාත් මෙන්ම රටේද නමගිය පාසලකි. සිසු පිරිසක් ව්‍යාපෘතියක් සඳහා තෝරා ගත්තේ විදුහලේ ඉතිහාසය සම්බන්ධ තොරතුරු එක් රැස්කිරීමටයි.
සිප්හලේ ලේඛනගත තොරතුරු සපයාගත් මේ සිසු පිරිස දිසාපාමොක් හමුවීමටද තීරණය කළහ.
මේ අනුව සිසු පිරිස දින වෙන්කෙරගෙන විශ‍්‍රාමික විදුහල්පතිවරුන් සොයා යමින් තොරතුරු ලබා ගන්නට කටයුතු කළේය. ඒ අතර දිනක් ඔවුහු එක් විදුහල්පතිවරයකුගේ නිවෙසට ගිගේ අපහසුවෙන් ගේට්ටුව විවෘත කරවාගෙනය. සේවකයා ගේට්ටුව විවෘත කළත් සිසුන්ගේ ඉල්ලීම ඉටු කරන්නට ඔහු මැලි විය. විශ‍්‍රාමික විදුහල්පති නිවසේ සිටියත් එළියට ආවේද නැත.
නිල ඇඳුමෙන් සැරසුනු සිසු සිසුවියන් හොර කණ්ඩායමක සාමාජිකයන් බවට නිවසේ සිටි අයකු කළ ගෝරනාඩුවත් සමග සේවකයා බලූ කොටුව විවෘත කරන්නට ගියේය.
කර කියාගත හැකි දෙයක් නොවූ සිසු-සිසුවියන් පාරට දිව ගියේ දඩ බල්ලන්ගෙන් බේරෙන්නටය.
මහ පාරේදීම කතිකාවක යෙදුණු සිසු පිරිස පන්ති භාර ගුරුවරයාට දන්වා වෙනත් මාතෘකාවක් තම ව්‍යාපෘතිය සඳහා තෝරා ගැනීමට තීරණය කිරීමත් සමග විදුබිමේ ඉතිහාසය ලියන කටයුත්ත ඇණ හිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසලේ පැටිකිරිය ලිවුවොත් විදුහල්පතිතුමාගේ පැටිකිරියත් ලියන්න වෙනවා නේද? හික් හික්... (නි)
කොල්ලෝ ටික කතා කරන්න දන්නේ නැතුව ඇති. (නි)
මොකක්ද අනේ ඔය පැටිකිරිය කියන්නේ. (නි)
කරුණාකර මෝඩ කතා දාන්න එපා. පියල්, ඔබ හරි.(ස)
අනේ මන්දා, මේ ලගකදී ඉදලා ''නිදහස් අද්‍යාපනේ ''තියෙන අපේ රටේ පාසල් වල අහන්න දකින්න තියෙන්නෙම මහා පුදුම දේවල්. මෙවැනි දේවල් රටේ ගුරු පරපුරටම හොද මදි. මේවා බලලා අපිත් අබුද්දස්ස කාලේ ලබුත් තිත්තළු නේ....අනේ කාලේ වනේ වාසේ කියලා කියනවා (නි)
විශ්‍රාම ගිහිල්ලත් අම්මපා නිදහසක් නැති හැටි.(ස)
විදුහල්පතිගේ පරණ කතා හෙලි වෙයි කියලා බය වෙන්න ඇති. (ස)
කරුණාකර මෝඩ කතා දාන්න එපා. පියල්, ඔබ හරි (නි)
විදුහල්පතිතුමාගේ පිළිතුර බල්ලාගේ මාර්ගයෙන් දෙන්න උත්සාහ කරලා වගේ. බල්ලා දෙන උත්තරය විදුහල්පතිතුමා දුන්නා නම් ....? (නි)
මම එම පාසලේ පන්ති බාර වුනා නම් එයාව ඉතුරු කරන්නේ නැහැ. (නි)
මේ විදුහල්පතිතුමා මානසිකව යහපත් තත්වයක නැහැ. සිසු සිසුවියන් එක්කත් මනාපයක් නැහැ. නමුත් එකල හිටපු හොඳ විදුහල්පති කෙනෙක්. (නදී)
කරුණාකර මෝඩ කතා දන්නා එපා.(නදී)
විදුහල්පති එහෙම කරන්න ඇත්තේ මොන හේතුවක් නිසා කියලද ඔයාලා හිතන්නේ? මම ඒ සිසුන්ට කියනවා උත්සාහය අත්හරින්න එපා ගේට්ටුව ලග රැදී ඉදලා හරි තොරතුරු හොයාගන්න කියලා. මොකක් හරි කපටි වැඩක් කරලා ඇති. ඒක නිසානේ මුහුණ දෙන්න බැරි (නි)
විදුහල්පතිතුමාගෙ ගාස්තුව හරියට ගෙවලා නැහැ. ඒකයි මේ කතාකරලා නැත්තෙ. දැන් කාලෙ ඉන්න රථවාහන පොලිසියයි, පාසල් වල ඉන්න විදුහල්පතුවරුයි දෙගොල්ලම එක වගෙයි. (නි)
පාසලේ ඉතිහාසය මාතෘකාව වෙනස්කොට ඉතිහාසයේ විදුහල්පතිවරු ගැන ලියමු මල්ලි. (ස)
බලු කොටුවේ බල්ලන් කී දෙනෙක් විතර ඉන්න ඇද්ද? (නි)
හැම දේටම සුදුසු වෙලාවක් තියනවා. පියල් මහත්මයා ඔබට මමත් එකග වෙනවා.(නදී)
එක විදුහල්පති කෙනෙකුගෙන් විස්තර නොලබුනහම, මුළු ව්‍යාපෘතියම අත හරින්න අවශ්‍ය නැති බව පන්ති භාර ගුරුවරයා කියලා දුන්නේ නැතිද?(නදී)
විදුහල්පතිතුමෙක් කියන්නත් ලැජ්ජයි. (නි)
පිස්සු නෙත්තම් ෂෝක්... (නි)
මහා පුදුම විදුහල්පති කෙනෙක් (නි)