වයඹ පළාතේ පිහිටි එක්තරා ගම්බද පාසලක මුරකරුවකු ලෙස සේවය කරන තම ස්වාමිපුරුෂයා පාසලේ රැුඳී සිටිනවා ද කියා පරීක්ෂා කිරීමට රාත‍්‍රි කාලයේ ඔහුගේ බිරිය පැමිණ සිටි පුවතකි.
එම පාසල නගරයෙන් බැහැර ගම්මානයක පිහිටි පාසලකි. එහි විදුහල්පතිවරයා තරමක දුර බැහැර පදිංචිව සිටි නිසා රාත‍්‍රි කාලයේ එම පාසලේ මුරකරුගේ කටයුතු අධීක්ෂණය කිරීම පැවරී තිබුණේ ඊට යාබද ගමක ජීවත් වූ එම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයාටය.
ඉඩකඩ ලැබෙන සෑම දිනකම රාත‍්‍රි කාලයේ මුරකරු පරීක්ෂා කිරීම සඳහා ඔහු පැමිණෙන අතර පසුගිය දිනක රාත‍්‍රි 10.00ට පමණ පාසල වෙත පැමිණි ඔහුට දක්නට ලැබුණේ මුරකරු සිටින මුර කාමරය පිටුපස කාන්තාවක් එහා මෙහා ගමන් කරන අයුරුය. එහි තරමක අඳුරු ගතියක් පැවති නිසා එම කාන්තාව කවුද කියා හරිහැටි හඳුනා ගැනීමට ඔහුට නොහැකි වුවද නියෝජ්‍ය විදුහල්පතිවරයා හඳුනාගත් එම කාන්තාව ඔහු අසළට පැමිණ ප‍්‍රකාශ කර ඇත්තේ, මෙවැන්නකි.
අනේ සර්, මට සමාවෙන්න රාත‍්‍රි කාලයේ පාසලට ආවට. මම මුරකරුගේ බිරිය. මේ මිනිහා රැට රැට මේ ගමේ වැන්දඹු ගෑනියෙක් ඉන්න ගෙදරකට බඩගානවා කියලා මට ආරංචි වුණා. කීප දෙනෙක්ම මට ඒක කීවා. මේ හොරේ අල්ලන්නයි මේ රැ අපේ මල්ලිත් අඬගහගෙන ආවේ. අද නම් මිනිහා තවම කාමරය ඇතුලේ ඉන්නවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයා-රූපා හරියටම ගැළපෙනවා. අන්තිම අදහස් දෙක කියවලා බැලුවහම හිතෙනවා දෙන්න හරියටම ගැළපෙනවා කියලා. (නි)
ගොඩාක් කලකට පසුව චන්දි ඇවිල්ලා.ඔයාලා ඒ දවස්වල සමදරා අක්කාත් එක්ක රණ්ඩු කරපු හැටි තාමත් මතකයි.හරිම සුන්දර කාලයක්.අද දමා තිබෙන අදහස් අසාවෙන් කියෙව්වා.අමුතු ලස්සනක් තිබුන නිසා පාට,පාට දේදුන්නක් වාගෙයි...... (නි)
මලික්,සුනිල් එයාගේ අදහසනේ ලියලා තියෙන්නේ. (නි)
චන්දී, නියමයි. නියම කතාව. මමත් හිතන්නේ එහෙම තමයි. (නි)
මේ ඇයගේ හිතේ ඇති ආදරය නොවේද? (නි)
චණ්ඩි අක්කා කෙනෙක් වගෙයි. (නි)
පිටබැද්දර ජයා අයියේ ඔයා සුදු හුණු ගෑවාට, සමහරුන්ගේ විහිළුවෙන් නම් ඇස රතුවෙලා වාගෙයි.එකනේ සමාජය ගඳ ගහන කතාවක් කියලා තියෙන්නේ.උපේක්ෂාවෙන් බලපු බවක් නම් මට පෙන්නේ නැහැ දෙය්යෝ සාක්කී!! (බ)
සුන්දර අත්දැකීමක් (නි)
පිටබැද්දර ජයා හොදට විහිළු දන්නා සමාජ ආශ්‍රය කළ හොඳ මනුස්සයෙක්.ඇස් රතු වෙන තරමට ජයාට ඇති සබකෝලයක් නැහැ (නි)
පිටබැද්දර ජයාත් මා වගේ කෙළින් වැඩකරන මිනිසෙක් වග අදයි දැනගත්තේ. ඔහු ඔහුගේම නමින් අදාළ අදහස ලියනවා.මා මගේ ජීවිතේ කිසිම දවසක මගේ නමින් හැර අදාළ පුද්ගලයින්ට පහර දෙන්න සිතා වෙනත් නම් වලින් නොලියමි.අදාළ දෙය මගේ නමින් ලියමි. එමනිසා ඔබ හැමදාම මා විවේචනය කළ බව මම දුටුවෙමි (නි)
රුපවතී, මා ලංකාදීපයේ එසැන අසාවෙන් කියවන පාඨකයකි.බොහෝ විට කියවනවා ඇරෙන්න අදහස් නම් දමන්නේ අල්පයකි.දකින,දකින හැම දේකටම අදහස් දමා සමහර පාඨකයන්ගෙන් බැනුම් අහන්නට වෙලාවක් නැත්තේ,වෘත්තියට පළමු තැනක් දිය යුතු බැවිනි.කිසියම් කෙනෙක් "විහිළුවක් කළේ,තරහා වෙන්න එපා"යයි කීවාට පසුව පන්නාගෙන යෑම නොකළ යුතු දෙයකි.මෙහි කාගේවත් පැත්තක් නොගෙන මගේම නමින් මට හැඟෙන දෙය ලියමි.ඔබ ලියනා බොහෝ අදහස් වලට බොහෝ පිරිස් විවේචන එල්ල කරන බව නොරහසකි.එම පිරිස් එක එක නම් වලින් ලියනවා යයි සිතීම මුලාවකි.අපි,අපිගැනම අධි තක්සේරු කරගන්නවාට වඩා අනෙකුන්ට එය තක්සේරු කරගැනීමට දීම යෙහෙකි.මා මෙය ඔබට ලීවේ ඇත්ත කියන්නත් බිම ඉඳ ගන්නත් මා බිය නොවන බැවිනි. (බ)
ඔය පොඩ්ඩක් රූලෙන් පිට ගියාට කමක් නැහැ. ඒකෙත් පොඩි ෆන් එකක් තියෙනවා. වෙනදා වගේ නොලිවට ඉඩක් ලැබුන ගමන් එසැනට ගොඩ වෙනවා. ගොඩ වෙලා ඔයාලගේ අදහස් සතුටින් කියවනවා කියවල පුංචි සතුටක් විදිනවා ඉස්සර ලියපු යාළුවොත් මතක් වෙනවා පුංචි රණ්ඩුවක් යනවිට මේ පිටුව තවත් ලස්සනයි .කියවන්නත් ආසයි මොකද වෙනසකුත් ඕන නේ නේද...? (බ)
නන්දා,ගොඩක් ස්තුතියි! ඉස්සර කවුරු හෝ කෙනෙක් එක එක නම් වලින් මගේ නමිනුත් ලිවුවා. අනවශ්‍ය දේවල් ලියා මෙතන පොර පිටියක් කළබැවින් මා නොලියා නිහඬ වුණත් අද වෙනතුරුත් එසැනට ගොඩනොවී හිටියේ නැහැ. අපි එසැණට ආදරෙයි එදා මෙන් අදත්,අද මෙන් හෙටත් ....!! (නි)
කොහොමත් ගොඩක් ඉතාලි ඉන්නෙත් වයඹ අපි තමයි. ඉතාලි වලදීත් අනිත් ගෙදර අයගේ මල් කඩන මල් කඩනවට ආස මල් ඕනෑතරම් ඉන්නවා. (නදී)
නියමෙටම තියෙන්න තිබුණා කාන්තාවෝ දෙන්නගේ කෙස්වලු පටළවා ගත්තා නම් (නි)
එයාගේ හිතේ සැමියාට ලොකු ආදරයක් ඇති (නි)
චන්දි අක්කව දැක්කේ හුඟ කාලෙකින්. අම්මා තාත්ාත දැක්කා වගේ හරිම සතුටුයි (නි)
රූපා,මම ඔයා ලියනදේත් ඔයාට අපේ හිතවතුන් ලියනදේත් දකිනවා බලනවා.තනියම හිනාවුණ අවස්ථා බොහොමයි. සරත් කියලා ලියන්නේ අපේ සරත් මල්ලිද දන්නේ නැහැ නේද..? අපි ගොඩක් ඉවසීමෙන් ලියමු. සතුටු වෙමු. මගේ ගමේ දේවල් එසැණ තුළින් දුටුවා. හරිම සතුටුයි (නි)
මේ බන්නැහැකලා පරම්පරාවල් ඉන්නේ ගොඩාක්ම හොලබලෑවේ..? හොදම ඒරියා එක ..සත්කෝරලේ ..!! (බ)
වැරදීමක් බලදොර කෝරලේ වශයෙන් නිවැරදි විය යුතුයි..! (බ)
මීටපස්සේ නියෝජ්‍ය විදුහල්පතිතුමා හැමදාම එයිද දන්නේ නැහැ මුරකාරයා පරීක්ෂා කරන්න? (නි)
මේ කොහේවත් යන කාන්තාවක්නිසා අන්තිමේ අපේ අය කෙහෙවලු පටලවාගෙන නේද (අ)
කොහෙද අනේ ප්‍රේමචන්ද්‍ර මහත්තයෝ මේ තුත්තිරි පිටියේද, බොරළු වැවේද? ලෝලන් වැවේද, පන්නවද , යකඩ පොතද, කදත්තාවේද අයියෝ නම දැම්මේ නැත්තේ ඇයි..? පව්ල රැකගැනීම ගැහැනියගේ, මෙන් පිරිමියාගේද වගකීමකි. ඉන් ලබන ප්‍රතිපලය තම දරුවන් භුක්ති විදියි. ඒ දෙස බලා දෙමාපියෝ සැනසෙති. ඒකයි ජීවිතේ ලබන එකම ධනය. (නදී)
වයඹ කීව ගමන් සමහරු පැනලා දෙන්නේ.ලංකාවේ අනිකුත් පළාත් වල ඉන්න අයට මේ විගඩම් බලාගෙන ඉන්න වෙලා.අර පද්මිනී-වේල්ස් කියපු එක හරි වාගෙයි මට නම් පේන්නේ. (අ)
රූපවති බොරළුවවේද? (නදී)
අනේ අනුලා, අකමැති අයගේ නම දැක්කම කමෙන්ට් එක කියවන්න එපා. එතකොට ඔයාගේ මොලේ කචල් වෙන්නේ නැහැ. (නදී)
රුපවතී,ඔයාගේ කොමෙන්ට්ස් දැන් හුඟාක් අයට එපා වෙලා. අපි ඒවා බලනවා නොවෙයි බැලෙනවා. (නදී)
දැන් ඉතින් ගමේ ලිඳ ළඟ බවලතුන් වාගේ මෙතනත් කෙහෙවලු පටලෝගෙන. කෝ මේ පිටබැද්දර ජයා.....?අව්ලුවලා තියලා හැංගිලා බලා ඉන්නවා වාගෙයි.(නදී)
රැට'රැට වැන්දඹු කාන්තාවගේ ගෙදර දිහා බලාගෙන ඉන්නවා මිසක් ඔය කේලාම් කියපු මිනිසුන්ටතමන්ගේ වෙන වැඩක් කරගන්න බැරිද. (අ)
අනුලා ඇත්තටම ඔයා අල්ලපු ගෙදර මිනිසුන් සමග හැමවෙලේම එල්ලෙනවා නේද. මේ තීරය අපේ කතෘ තුමා අපිට වෙන්කරලා දීල තියෙන්නේ. ඉතින් අපි මොනවා ලීවත් එ්කේ ඇති හොද නරක ගැන හොදින් පිරික්සලා තමයි කතෘ තුමා පල කරන්නේ. තම මත මන්ට දැනෙනා සිතෙනා අදහස් ලිවාම එහි ඇති විවිදත්වය විද ගන්න පුරුදුවෙන්න. එතකොටයි ලස්සන. දැන් බලන්න ඔබේ අදහස මට බැනල ලීවත් එ්කේ විවිදත්වයක් ඔබ දැක්ක නේද? අපි හැමෝම එකම දේ ලීවොත් කව්රුවත් බලන එකක් නැහැ. හැමෝම ගැන සමානත්වයෙන් හිතන්න පුරුදු වෙන්න. නැතුව ජීවත්වෙන්න අමාරුයි. දේදුන්න ලස්සන වෙලා තියෙන්නේ පාට ගොඩාක් එකතුවෙලා තියෙන නිසා. සාමාන්‍ය විදියට සමාජය දෙස බලනවා නම් ඔහොම හිතෙන්නේ නැහැ. (නදී)
රුපවතී,මට හැමවෙලේම එල්ලෙන්න අපේ රටේ මිනිසුන් කව්රුවත් අල්ලපු ගෙවල් වල නැහැ.බටහිර රටක ජීවත් වෙන අපිට එයාලාගෙන් කිසිම කරදරයකුත් නැහැ.මට අද හිතුනා පාළුව යන්නත් එක්ක රූපවතීව අවුස්සලා බැනුම් ටිකක් අහගන්න.තරහා වෙන්න එපා විහිළුවක් කළේ......! (අ)
වයඹ නේද ? විස්තරේ රූපවතීගෙන් අහමු ළමයිනේ ?(නදී)
දුල්මි මේ ඔයාගේ වැඩක් බලාගන්න.කෙහෙවලු අල්ලාගත්ත දෙන්නාම ඉන්නේ බටහිර රටවල් වල.ඒවා එයාලා බලාගනිවී. (අ)
ලෝකේ කොහේ ගියත්, උසස් පරිසරයක මොනතරම් ශිෂ්ටසම්පන්න මිනිසුන් අතර ජීවත්වුණත්, මනසින් නොදියුණු පුද්ගලයන් තමන් සන්තකයේ ඇති බාල පුරුදු මැරෙනතුරාවටම තුරුළු කරගෙන සමාජය ගඳ ගස්වනවා. (නි)
අපිත් එක්ක එකම කාර්යාලයේ වැඩකරන විනෝදකාමී තරුණයෙක් ඉන්නවා.එයා කැමති නැති දෙයක් දුටුවොත් මුහුණටම ඒ ගැන කියනවා.කවුරුහරි බනින්න කට අරිනකොටම "ඩෝන්ට් වොරී මෑන්,අයි ජස්ට් ජෝකින්"කියලා මාරුවෙනවා. රූපවතීට විහිළු කරපු අනුලාත් එයාගේ කවුරුහරිද දන්නේ නැහැ. (නි)
පේනවා නේද, අපේ නෝනලා මහත්තයාට කොච්චර ආදරේද කියලා. මහත්වරුත් එහෙමම තමයි. නෝනලාට ආදරෙයි. (නි)
මොකද මේ සුනිල්ට කේන්ති ගිහින් තියෙන්නේ. මෙතන බවලතුන් මොනවා ලිව්වත් පිරිමි අපි චීත්ත පටලවාගෙන ඉන්න ඕනේද ? (නදී)
ඇත්තටම මොකද මේ සුනිල්ට ඩෝන් ගිහින් තියෙන්නේ ? (නදී)
මේකට යහපාලන සම්බන්දතාවයක් ඈත්තෙම නැද්ද ? (නදී)
ළමයිනේ, අපි මේ විනෝදෙට ඒවා මේවා ලිවුවට කා එක්කවත් තරහක් නැහැ. රූපවති නම් මේවා ගණන් ගන්නෙත් නැහැ. අනික ඉතින් කාටවුණත් තමන්ගේ මතය පළකරන්න අයිතියක් තියෙනවනේ. ඒ නිසා උපේක්ෂාවෙන් විඳගමු උරණනොවී (නි)
එයාගේ මහත්තයාව බලන්නනේ එයා ගියේ (නි)