පාසල් වියේදී අභ්‍යාස පොතක ලියා සහතික කළ විවාහ ගිවිසුමක් කඩ කරන ලද්දේ යැයි පවසමින් නෑනාට එරෙහිව සටනක් කළ මස්සිනා කෙනෙක් ගැන අසන්නට ලැබුණේ ඌව පළාතේ උපනගරයකිනි. එකම පාසලේ එකම පන්තියේ උගත් මේ නෑනා මස්සිනා අතර විවාහ ගිවිසුම අභ්‍යාස පොතක ලියැවුණේ පන්තියේ යහළුවන්ගේ උසුළු විසුළු මැද විහිළුවටය. අට වසරේ පන්ති නායකයා ද එම අත්සන් සහතික කර තිබිණි. මස්සිනාගේ ඉගෙනුම අතරමග නතර වුණත් නෑනා සරසවියට පිවිස උපාධිය ලබා ගුරු මෙනෙවියක වූවාය. පසුගියදා ඇගේ අත ගැනීමට ආවේ ද ගුරු මහතෙකි. මෙය සැල වූ මස්සිනා අභ්‍යාස පොත රැගෙන ඇගේ පියා වෙත ගොස් කරුණු කියා නෑනාගේ අයිතිය තමාට බව කීවත්, ඔහුගේ මෝඩකම හඳුනාගත් තරුණියගේ පියා නෑනා මස්සිනා විවාහයේ නොගැළපෙන කරුණු කියා දී මස්සිනාගේ සිත සැනසුවා ලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මස්සිනා උඹට තිබුනේ අවුරුද්දෙන් අවුරුද්ද ගිවිසුම අඑත් කර කර එන්න. දැන් ඒකටත් පරක්කු වැඩියි. නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි පත්තිනි ගම්බාර දෙවියන් රකින්නයි කුරහන් කපන දා මා සිහි කරන්නයි
ගණන් ගන්න එපා මචෝ
නෑන ගිවිසුමට අත්සන් කරානම් උසාවි පලයං බං
දීගෙක ගියද නුඹට දෙනිවේ තනිකඩ කම කොච්චරද අගේ ....
ඒ දවස් වල ලියුවේ විහිළුවටද අත්තටද .
මේකට සම්භාව්‍ය අදහසක් දාන කෙනා නැද්ද??
මේවගේ දෙයක් ඇත්තටම උනයි කියල හිතන්න අමාරුයි :/
මම කැමති නෑනට .........නැන කැමති නැ මට ...
යිශ්වවිද්‍යාලවල නවක වදයටත් ඕවගේ දේවල් කරන්නෙ... ඒවා විහිළුවට නේ අනේ කරන්නෙ.. මේ මස්සිනා ටිකක් නෙවැඩුණු බුද්ධියක් ඇති කෙනෙක් වගේ....!!
අරලියා. නෑන කැමති නැති උනොත් මම කොහොම හරි එයාව අරන් යනවා ,
නෑනා කවදත් අයිති මස්සිනාටයි
මල්ලී, උඹ බේරුණා කියලා හිතා ගනින්
නඩුවක් දල කියක් හරි හොයාගන්න බලන්න .
නැකතත් හූනට කිව්වලු.....
අලියාගේ කතාව නම් මරු..පොරොන්දු පත්තර කඩ කොරපු කෙල්ලෝ මක්කටෙයි..
ඕකෙම අනිත් පැත්ත වුනානම්, කොල්ල කැම්පස් ගිහිල්ල කෙල්ල ගාමන්ට් ගියානම් මොනව වෙන්න තිබ්බද..?
"අනේ මල්ලියෝ.....ඔය ලියුමත් අරන් ඉක්මනට එන්න මාව බේරගන්න "
මටත් තව ඉගෙන ගන්න තිබෙන දෑ බොහොමයි
*******නෑනා නැතත් කලදවසක් ගෙවෙන්නයි සිටුකුමරියක් කරකරේට ලැබෙන්නයි ****
නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි පත්තිනි ගම්බාර දෙවියන් රකින්නයි කුරහන් කපන දා මා සිහි කරන්නයි
අපෝ මා ගාව ඒ වගේ ගිවිසුම් 3, 4ක් තියනවා , ඒ විදියට උනානම් අද මට වෙන්නේ වහ කන්න. ගිවිසුම් නැති කෙනෙකුයි අන්තිමේ විවාහ කරගත්තේ...ඕවා විහිළු මල්ලී..
මෝඩ කමට බෙහෙත් නැතිලු ...මාමන්ඩියා ඔලුව පාවිච්චි කරපු නිසා හොඳයි..
සිගිති ආතල්......
මෝඩ මිනිහෙක්...
පව් මස්සිනා..ආදරේ නිසානේ ඔක්කොම
තැනට සුදුසු නුවන ඇති තාත්තා කෙනෙක් .මල්ලී අඩන්න එපා. පුංචි කාලේ අපිත් ඔයවගේ තමයි. ඔයාට හොඳ ලස්සන කෙල්ලෙක් ලැබෙයි...ඉවසන්න....
වෙඩින් එකට අවුරුදු 10ක් තියෙද්දි ඇදුම් මහන්න එපා කියන්නේ ඕක තමයි
විවාහ වෙනවා කියලා විතරයි අභ්‍යාස පොතේ ලියලා තිබිලා තියෙන්නේ... නැත්නම් අර තාත්තට සියදිවි හානිකර ගන්න වෙනවා...
ඔය පොතට හැමදාම දුන් අල්ලන්න. සමහර විට නෑනගේ හිත වෙනස් වෙයි..
අපි ඉස්කෝලෙ යන කාලේ කෙල්ලෝ හතර පස්දෙනෙක් එක්ක ගිවිසුම් ගහල තියෙනවා. ලේ වලින් අත්සන් පවා අත්සන් කරල තියෙනවා. නෑනටත් ඒ වගේම ලියල දීල තියෙනවා. නමුත් බඹා කොටල තිබුණු විදියට තමයි සියල්ල සිදුවුණේ. අඩන්න එපා මලේ. මඹා කොටල තියෙන විදියට සියල්ලම සිදුවේවි.
මෝඩ වෙන්න එපා මල්ලී. අපිත් පොඩි කාලේ සෙල්ලම් ගෙවල් කීයක් හැදුවද . ගෙවල් කීයක තාත්තල වෙලා හිටියද . ආර්ථිකෙත් හොද නැති කාලේ විවාහා වෙන එක ටික දවසකට කල් දාන්න...ජය වේවා !!
මේක කියෙව්වහමයි මතක් වුණේ.මාත් 9 වසරේ ඉද්දි 8 වසරේ නංගි කෙනෙක්ට මෙහෙම පොතේ අස්සන්කරල දුන්න...රට ඉදල ආපු ගමන් එයා හොයන් යන්න ඕනි...
මේ හැමෝම කියල තියෙන දේ හරි.ඔයා කලබල වෙන්න එපා..ඉවසන්න...කසාස බදින එකේ ඉදල හැමදේම අමාරුයි කොල්ලෝ.
මොනවා උනත් පව් නේද . අනිත් එක නැනල මස්සිනාල ඕන තරන් බදින්නේ
කතාවට වඩා ලැබී තියෙන ප්‍රතිචාර ටික මරු..
මල්ලි එක මාළු වද මුහුදේ ඉන්නේ....ලස්සන කෙල්ලක් ලැබෙයි... ඔයාට....
මල්ලි ලොකු මෝඩ කමක්නෙ කලේ... තව ටික කාලයක් ඉදල බැන්දට පස්සෙ තමයි ඕක දෙන්න තිබුණෙ....
අඩන්න එපා මලේ. එක මාළුවද මුහුදේ ඉන්නේ....අපි ඉස්කෝලෙ යන කාලේ කෙල්ලෝ හතර පස්දෙනෙක් එක්ක යාලු වෙලා තියෙනවා. ඔලුව පාවිච්චි කරපු නිසා හොඳයි. නමුත් බඹා තමයි ....!. බඹා කොටල තමයි අත ගැනීමට සිදුවුණේ.
මල්ලි ඔහොම යං .. බැදල අවුරැදු දෙක තුනක් ගියාම ආයෙ අර ගිවිසුම තව තියෙනවාද කියල අහන්න යං...