දකුණු පළාතේ වියළි කලාපයට ආසන්න ප‍්‍රාථමික විදුහලකි. පාසල අවසන් වීමට ඇත්තේ පැය බාගයකි. ගුරු මණ්ඩලයේ කීප දෙනෙක් සුපුරුදු පරිදි කල්තබා ගෙදර යාමට සූදානම් වූහ. ඒ සමගම පාසලට ආවේ නවීන පන්නයේ මෝටර් රථයකි. නොඅනුමානවම කලින් යන අය ගැන සෙවීමට අධ්‍යාපන බලධාරියකු ආවා යැයි සිතූ ඔවුහු හෙමින් යළි පන්තිකාමරවලට ගියහ. අමුත්තා කාර්යාලයට එත්ම වැඩ ආවරණය කළ ගුරුතුමිය එහි ගියාය. ‘‘කෝ පි‍්‍රන්සිපල්’’ අමුත්තා විමසීය. ”කලාප කාර්යාලයට ගියා. දැන් ඒවි වාඩිවෙන්න’’ කී ඇය කාර්යාලය පිටුපසට ගොස් තම කුඹුරේ ගොයම් කපනවා යැයි කියා ගිය විදුහල්පතිට දුරකථන ඇමතුමක් ගෙන තත්ත්වය කීවාය. මොහොතකින් විදුහල්පති යතුරු පැදියෙන් එහි ආවේ කලබලයේ කමිසයක් හා කලිසමක් ඇඳ ගෙනය. ඒත් කටේ බුලත් හපය එලෙසමය. ‘‘ඇයි සර්’’ ඔහු අමුත්තාගෙන් ඇසීය. ‘‘අපේ ආයම්මගේ දුවගෙ දුව අටේ පන්තියෙ ඉන්නෙ. ඈ එක්කයන්න ආවෙ.” අමුත්තා කී වෙන් විදුහල්පතිගේ හදගැස්ම සාමාන්‍ය මට්ටමට ආවාලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අධ්‍යාපනයට මෙහෙම වෙලා තියෙන්නේ මේ වගෙ ගුරුවරු නිසයා. පස්සේ බොරුවට කෑගහල වැඩක් නෑ ළමයි හදන්න කලින් ගුරුවරු ආදර්ශමත්වන්න ඕනේ. නැතිනම් වැදි බණ වෙනවා (අ)
මේ නොදන්නා කමටයි අහන්නේ. 8 පන්තියත් ප්‍රාථමිකයක්ද? (නි)
හොදම වැඩේ..............(දී)
ඒ විදුහල්පති බෙන්තර ගගෙන් එහාද? එහෙම නම් ප්‍රශ්නයක් නැහැ. (නි)
මෙයා ගුරුවරයෙක්නෙ.. දැං ඉන්න ගුරුවරුත් ළමයි වගේ...!!(නු)
මේ වගේ දානඑක අපරාදෙ...!!(නු)
ඒක ඇත්ත .ප්‍රාථමික පාසල් වලට කොහෙද අටේ පන්තිය....(ස)
ප්රාථමික පාසල් වල කොයින්ද 8 වසරක්? (නි)
දැන් විශ්ව විද්‍යාලත් ප්‍රාථමික තමයි. (නි)
මේව ඇත්තටම සිදු නොවිච්ච බව කතාවල තියෙන නොගැලපෙනතැන් දැක්කහම කියන්න පුලුවන්. (අ)
ගෝපාලුයි,රෝහණයි හරි. මම හිතන්නේ සරත් වැරදියි. දාන්න බලන්න දැන් ප්‍රතිචාර. (නි)
අනේ අනේ! මෙහෙමත් විදුහල්පතිලා හැබෑටම? (නි)
මේ කට්ටිය ඡන්දෙ ඉල්ලන්න හොදයි..!!(නු)
හාමදාම ගොයම් කපන්න යන්නෙ නැහැ..කළට වේලාවට වැඩ නොකලොත් ගොයම ඉවරයි.. මේ උතුම් වැඩේට කලින් අවසර ගත යුතුයි.. ඒවාට අවසර දිය යුතුයි.. බොරුවට විනය ගැන කියලා කෑගහන එක වැරදියි..!(නු)
ගෝපාලුයි,රෝහණයි එන්නකෝ නුවර පැත්තේ. බලාගෙනම යන්න පුළුවන් ඇස් දෙකෙන්ම..(ස)
රොහාන් හරි. ප්‍රාථමික පාසල් වල කොහේද අටේ පන්ති. 8 පන්ති තියෙන ඒවාට කියන්නේ කනිෂ්ඨ පාසල්නේ. මේකේ ඉන්න අනිත් අය පාසල් ගිහින් නැද්ද? (අ)
ප්රාථමික පාසලේ කොහෙද 8 පන්ති?? (ස)
මඩ සෝදාගත් කල ගොවියා රජ කමටද සුදුසුය...(ස)
මේ ප්‍රතිචාර දාන සමහරුන් අටේ පන්තියටවත් ගිහිල්ලා නැහැ වගේ. 1-5 පන්ති තියෙන්නේ ප්‍රාථමික වල. 1-11 වෙනකල් පන්ති තියෙන්නේ කණිෂ්ඨ විදුහල් වල. (නි)
දෙයියෝ සාක්කිම තමයි. (නි)
පැය භාගයක් තුළ මේ දේවල් සේරම වුණාද? කුඹුර අල්ල්‍පු වැටේද? (නි)
විදුහල්පති කුඹුරේ. ගුරුවරු ගෙදර. ළමයින්ට දෙවියන්ගේම පිහිටයි. (නි)
කාර් එකේ ආවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රි කෙනෙක්ද දන්නේ නැහැ. (නි)
අනේ මන්දා, මේවා ඇත්තද බොරුද කියලා හිතාගන්නවත් බැහැ. (නි)
මේකනම් ඇත්ත සිදුවීමක් වෙන්න පුළුවන්... (ස)
ආයම්මගේ ළමයි ගන්න කාර්වල එන හාම්පුත්තුත් ඉන්නවද? එතන නම් පොඩි සැකයක් තියෙනවා. (නි)
අපො අපෝ අද කාලෙ නොදන්නා අය එක්ක ගැණු ළමයි යවන්නේ නැහැ. ගිහින් අයම්මටම එන්න ලියන්න. (ස)
රොහාන් ඉන්නේ ලංකාවේ නෙමෙයිද? 11 වසර පන්තිත් තියෙන ප්‍රාථමික පාසල් තියෙනවා. මම හිතන්නේ මෙයා ඉන්නේ කොළඹ 7 වෙන්න ඇති. (නි)
ප්රාථමික පාසල් වල කොහේද 8 වසරක්? අයියෝ අයියෝ! (නි)
ඉතින් මොකෝ..(ස)
රොහාන් කොහෙද ඉන්නේ..අපේ පාසලේ (නුවර) ප්‍රාථමිකයට 8 පන්තිය දක්වා තියෙනවා..(ස)
හිතාගන්න අමාරුයි. මෙවැනි රියක එන කෙනෙකුගේ ළමයෙක් මෙවැනි පාසකල ඉගෙන ගනියිද? (නි)