බ...ල්...ලා... ගෙදර, බ...ල්...ලා... ගෙදර පවසමින් විදුහල්පතිනිය පන්ති පුරා සිනහවෙමින් පවසමින් සිටියදී රුපියල් දහසක් ගෙවා දිනකට පෙර පිටමං කළ බල්ලා නඟුට වනමින් ඇයගේ දෙපා අසලට පැමිණීමේ පුවතක් පානදුර පාසලකින් වාර්තා වේ. සිද්ධිය සැකවින් මෙසේය, වසර ගණනාවක් පුරා කාටත් කරදරයක් හිරිහැරයක් නොකර පාසල් භූමියේ එහෙ මෙහෙ ඇවිදිමින් කාගෙ කාගේත් ආදරය කරුණාව ලබමින් සිටියත් එම බල්ලාව නාවා පිරිසුදු කිරීමට කාට කාටත් අවශ්‍යතාවයක් නොවීය. පසුගිය දිනවල ඇද හැලූණු අධික වර්ෂාවෙන් බල්ලා හොඳටම තෙමී තිබිණි. එයින් බල්ලාගෙන් වහනය වූයේ අධික දුර්ගන්ධයකි. ඌ උණුසුම් තැනක් සොයා පන්ති කාමර පුරා ඒ මේ අත ගියේය. නාස්පුඩු අතින් වසා සිසුවියෝ මෙන්ම ගුරුභවතුන් දැඩි අපහසුතාවයකට පත්වූහ. එයින් එදිනෙදා අධ්‍යාපන කටයුතුවලටද බාධා එල්ල විය. විදුහල්පතිනියට කනින් කොනින් බල්ලා නිසා සිදුවී ඇති අපහසුතාවය දැන ගන්නට ලැබී ඇත. මෙයට ගතයුතු එකම පියවර බල්ලා පාසල් භූමියෙන් පිටකිරීම බව අනෙකුත් ගුරුවරු එක හඬින් විදුහල්පතිනියට පැවසූහ. ඇය එයට එකඟ වී දන්නා හඳුනන අයකු මාර්ගයෙන් පුද්ගලයකු ගෙන්වා කළ යුතු දෙය දන්වා රුපියල් දහසක්ද අත මිට මෙලවීය. ගතවූයේ සුළු මොහොතකි. බල්ලාගේ කරට ලණුවක් දමා පාසලෙන් පිටතට ගෙන යාමට පැමිණි පුද්ගලයා ක‍්‍රියා කළේය. පසුදින සිරිත් පරිදි විදුහල්පතිනිය පන්ති කාමරවල නිරීක්‍ෂණ චාරිකාවක නිතරවෙමින් දැන් බලූ කරදරෙත් ඉවරයි. බල්ලා... ගෙදර... බල්ලා ගෙදර යනුවෙන් පවසමින් සිටියදීම පිටමං කළ බල්ලා නැවත පැමිණීමෙන් විදුහල්පතිනිය ගුරුවරු හා සිසුහු මුහුණට මුුහුණ බලා ගත්හ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලා විදුහල්පති මොළේ පරදවයි..(නු)
මේක මේ තරම් ප්‍රසිද්ධියක් දෙන්න දෙයකුත් නෙමෙයි නේද?(නු)
ඕකත් මහ දෙයක්ද ?? (ස)
සුමංගලය කාන්තා පාසලක් නේද? (නි)
ගුරුතුමියට ඌ සෑහෙන්න හිතවත් ඇති (නි)
මෙරට බොහෝ පාසල් අද බල්ලාට ගොසිනි. (ස)
අලුත් එකක් පළ කරන්න. (නි)
ඒ බල්ලා හැමෝටම ආදරෙයි.(නදී)
රුපියල් 1000 ගන්න ඇත්තෙත් බල්ලෙක්.(නදී)
බල්ලා නැවත පාසලට එන්න ඇත්තේ ගුරුතුමියට පාඩමක් උගන්වන්න වෙන්න ඇති..!(නු)
රුපියල් දාහ බල්ලට දැම්ම කියල හිතාගන්න වෙන මොනව කරන්නද?.(ස)
ඔය රුපියල් දාහ බල්ලට දුන්නනම් ඉවරයි.. (ස)
බල්ලා හොද බව ඇත්ත නමුත් බල්ලොත් එක්ක නිදියාගත්තොත් නැගිටින්න වෙන්නෙ බලු මැක්කොත් එක්කනේ..!(නු)
බල්ලාව විදුහල්පතිතුමියගේ පරණ ඥාතියෙක් වෙන්න ඇති....(නු)
මේ පුවත ඊයෙ තිබුණෙ විදුහල්පති තුමා කියලා..!(නු)
මිනිසුන් තළ නැතතත් බල්ලන් තුළ කෙළෙහි ගුණ තියෙනවා!(නු)
ඔය රුපියල් දාහ දීලා බල්ලව නාවලා ගත්තානම් ඉවරයි.. පාසලටත් හොදයි ආරක්ෂාවට..!(නු)
ඔය බල්ලව නාවලා පිරිසිදු කරලා තියාගන්න ආරක්ෂාවටත් හොදයිනේ..!(නු)
මිනිසුන් තළ නැතතත් බල්ලන් තුළ කෙළෙහි ගුණ තියෙනවා (අ)
මේක මීට කලින් තැනක ප්‍රවෘත්තියක් විදියට තිබුනාණේ. (අ)
බල්ලට හොදට නාවලා කන්න ටිකක් දුන්නම් මේ විදියට මුදල් වියදම් කරගන්න ඕනෙත් නැහැ.. (නු)
බල්ලන්ට හොදට හීලෑ උනොත් ඕන දුරක් හොයාගෙන එනවා... ඒවගේම වාහන හඩින් අදුනා ගැනීමටත් මිනිසුන් ගොඩක් අතරින් ඕන කෙනෙක් අදුනා ගැනීමටත් බල්ලන්ට පුළුවං..!(නු)
හරි නරකයි. (නි)
අර පැත්තෙ විදුල්පතිලු.. මේ පැත්තෙ විදුහල් පතිනියලු.. ගමත් පානදුරලු කෝකද හරි...!
බල්ලා ගිය ආත්මයේ විදුහල්පති කෙනෙක්වද්ද? (නි)
ලංකාවෙ දැං ඉන්න බල්ලොයි කුකුලොයි කිසිම හැදිච්ච කමක් පෙනෙන්න නැහැ වගේ.. එයාලත් කරදර කරන්නෙ ගැහැණුන්ටමයි..!(නු)
බල්ලා තුල මිනිසුන් තුල නැති ගුණ අති බව මෙයින් ගත හැකි දෙයයි..!(නු)