දකුණු පළාතේ උප නගරයක පිහිටිරාජ්‍ය බැංකුවකි. පොහොර සහනාධාර මුදල් ලබා ගැනීමේ අයදුම්පතකට බැංකු ගිණුමක් ආරම්භ කිරීම සඳහා ඔහු එහි පැමිණි විට විශාල පිරිසක් බැංකුව අසල සිටියහ. පෝලිමේ මදදුරක් ගිය විට ඔහුට හදිසියේ මතක් වූයේ තමා මෙහි එන විට උදේම තැපැල් කිරීමට යැයි දියණිය දිගු ලියුම් කවරයක් දුන් බවයි. පෝලිමේ අයට මේ බව කියා වහාම අසල වූ තැපැල් කාර්යාලයට දිව ගිය ඔහු ලියුම පෙට්ටියට දමා යළිත් බැංකුවට
ඇවිත් පෝලිමේ සිටි තැනම අල්ලා ගත්තේය.
සෑහෙන වේලාවකට පසු බැංකු කවුන්ටරයට ළගා වූ ඔහු තම අයඳුම්පත සහිත දිගු ලියුම් කවරය අතට දුන්විට එය විවෘත කළ ඇයට සිනා නැගිණ. “මේක රස්සාවකට යවන ඉල්ලුම් පත්‍රයක් නේ” ඇය කී වීට ඔහුට තරු පෙණුනි.
තමා තැපැල් පෙට්ටියට දමා ඇත්තේ තමාගේ පොහොර සහනාධාර මූල්‍ය අයදුම් පත බව තේරුම් ගත් ඔහු වහා තැපැල් කාර්යාලය දිවගොස් තැපැල් සේවකයකුට එම අයදුම්පත ආපසු ලබාදෙන ලෙස ඉල්ලුවත් ඔහු කියා තිබුණේ සවස හතර වනතුරු ලියුම් පෙට්ටිය නැවත විවෘත කිරීම තහනම් බවක් ලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් ඔහොම දේවල් වෙලා තිබෙනවා. සිගරැට්ටුව විසිකර පත්තරේ බලන්න ගිය මම පත්තරේ විසිකර සිගරැට්ටුව සමග පුටුවේ වාඩිවුණා. මොනවා කරන්නද කලින් දවසේ රෑ ටිකක් වැඩිවුණාම?? (නි)
ඒක පුදුම නීතියක්නේ. සුද්දගේ කාලේ දාපු නීතියක්ද? හතර වෙනකම් අරින්න බැහැ කිවුවේ (නි)
ඔය වාගේ වැරදීමක් සමාජයේ ඉහල පැලැන්තියේ කෙනෙක් අතින් සිදුවුනානම් ආයිමත් කතා දෙකක් නැහැ. තැපැල් සේවකයා එවෙලේම ඒ වැඩේ කරදේවි. (බ)
ඔය වැඩ කරගන්න වෙන ක්‍රම තියෙනවා..ඒ ක්‍රමේට එවලෙම වැඩේ කරගන්න තිබුනා. (බ)
පිටබෙද්දර ජය. මේක බටහිර කුමන්ත්‍රණ වගේ (කෞ)
වික්‍රම, පිස්සුද ඒ ක්‍රම දැන් බහ යහපලනනේ තියෙන්නේ දැන්. හික්... හික්...හික්...(කෞ)
පිටබැද්දර ජයා, නීතිය දන්නේ නැත්නම් අහගන්න, තැපැල් පෙට්ටියකට ලියුමක් දැම්මට පස්සේ එය අපහු ගැනීමට ලියුම තැපැල් කරපු අයටවත් බැහැ. එවිට අයතිය තැපැල් දෙපාර්තමේන්තුවටයි. එය නියමිත අයට යැවීමට තැපැල් දෙපාර්තමේන්තුව ගිවිසුමකට එලබිල තියනවා නියමිත මුද්දර ගාස්තුව ගෙවීම නිසා. හැබැයි මුද්දර ගාස්තු ගෙවල නැතිනම් ආපසු ලිපිනය තියනවනම් එය නිරුප්පදිරතව ආපසු ඒවි. අනිත් අතට සධාරනත්වයේ නාමයෙන් කිසිවක් කරගැනීමේ බාධාවකුත් නැහැ . මටත් ඔය සමාන දෙයක් වෙලා තියනවා මම රාජ්‍ය සේවයේ ඉන්න කාලේ.
අකාර්යක්ෂම පරිපාලනයක් හා ගොවීන් සඳහා නුසුදුසු පොහොර සහනාධාර ක්‍රමයක් යහපාලනය නම් මුලාව තුළ අත්විඳීමට වීම මීට හේතුවයි (නි)