පළමු හොරා දෙවැනි හොරාට බයවී කඩාගත් පුවක්වල්ල ගහමුල දමා පැන ගිය පුවතක් ගම්මානයකින් වාර්තා විය. සිද්ධිය සැකෙවින් මෙසේය. ඔවුහු දෙදෙනාම සුළු හොරකම්වලට ඇබ්බැහිවූ අය වෙති. මේ දිනවල පුවක් මිල හොඳ නිසා දෙදෙනාගේම අවධානය යොමුවී තිබුණේ පුවක් වගාවන් දෙසටය. ගං ඉවුරේ සරුවට වැඩුණු පුවක් ගසක ඉදුණු පුවක් වල්ලක් දෙස දෙදෙනාම ඇස ගසා සිටියහ. මේ දෙස තව දුරටත් බලා සිටිය නොහැකි එක හොරෙක්, තරමක් රෑ බෝ වී හොඳට අඳුර වැටුණු පසු හිමින් ගසට නැඟ පුවක් වල්ල කඩා අතට ගත්තා පමණි. ඔහු ගස උඩ සිටින බව නොදත් දෙවෙනි හොරාත් ගසට නගින්නට සැරසුණා පමණි. ගසෙන් බැසීමට බිම බැලූ පළමු හොරා සිතුවේ ගස මුල සිටියේ ඉඩම අයිතිකරු බවයි. ඉක්මනින් පහළට බැසගත් ඔහු පුවක් වල්ලත් ගහ මුල දමා වැටෙන් පැන අතුරුදන්වී තිබේ. දෙන දෙයියෝ ළඟටම ගෙනත් දෙන බව සිතූ දෙවෙනි හොරා, පුවක් වල්ලත් රැගෙන හිමින් සීරුවේ එතැනින් මාරු විය. සිද්ධිය ගමේ සැලවූ පසු දැන් දෙදෙනාම මුහුණට මුහුණ හමුවන්නේ නැති ලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු දෙන්නම තමන්ගේ හොරකම් නොකියන බැවින් , කතාව කියා තිබෙන්නේ තුන්වෙනි හොරෙක් වියයුතුය .
ඕවා මොනවද ඩර්ටි? ඔයා මෙහේ එනවනම් මුලු දවසම වුණත් බස් එකේ ඉන්න පුලුවන්
මෙවර කතන්දර දෙකක්ම තිබෙන නිසා මම ඊලගවර ඔයාලට කතාවක් කියන්නමි.
පලවෙනි හොරා ගහ උඩ ඉන්දෙද්දිම දෙවෙනි හොරාත් ගහට නැග්ගනම් ?????????????
"ෆිරෝ එතකොට මේ සිද්ධිය පත්තරේට කිවුවේ දෙන්නගෙන් කොයි හොරාද?" ...... දෙවෙනි හොරා විය යුතුයි....
ස්තූතියි අලි බබා....
දෙවැනි හොරා උඩ බලනකොට මොකද උනේ දන්නෑ....
දෙවැනි හොරා පුවක් මල්ල හොරාගෙ පාමුලටම ගෙනල්ල තියලද?
අනේ නෑ පුවක්.. ඒකයි...
කෝ අපේ ප්‍රියදර්ශනී?
මට අහු උනානම්....
දෙවෙනි හොරත් ,ඔය පුවක් වල්ල අරගෙන ගිහින් ,’කන්න ’ නෙවෙයිනෙ කාට හරි විකුනන්න ඇති නේ … ඔය වල්ල අඩු මුදලකට අරගත්තු හොර මුදලාලි කෙනෙකුත් ඔය ගමේම ඇති …
විජේ බණ්ඩෝ, මේක නම් පළමු හොරාගේ පාරුවේ පුවක්
පුවක් උණත් ඉතිං වල්ලක් නේ....
හිනා යන ප්‍රතිචාර දාමුකෝ
ලස්සන කතාවක්
ලස්සනයි.
කිචි කවාගෙන තමයි හිනා වෙන්න වෙන්නේ
අලි බබා ඔබ කොහිද ?
කොයි හොරාද මේක දෙයියෝ සාක්කි එකට කිව්වේ.
ඉතිං අපි ඕකට මොකද කරන්නේ?
බැරිවෙලාවත් ඔතනට තුන්වෙනි හොරෙක් ආවනන් ...බඩුම තමයි
කරුවලේ පුවක් ගහේ කියලා මහසෝනාගේ කකුලේ නැග්ගනම් තමයි වැඩේ
කෝ අලිබබා?
එතකොට මේ සිද්ධිය පත්තරේට කිවුවේ දෙන්නගෙන් කොයි හොරාද?
මේක මම හා හා පුරා කියල අන්තිම පේලියට ලියන කතාව... මේක උනේ අපි ඉස්කෝලේ යන කාලේ. උඩරට තියෙන එල කොල්ලන්ගේ ඉස්කෝලයකට තමයි අපි ඉතින් ගියේ. දන්නවනේ ඉතින් A /L කරන්න අවාම කොල්ලන්ට තියෙන උන. ඔය කියන උන අපිටත් හොඳටම වැඩි වෙලා තිබුනේ. අපි හිටිය maths class එකේ. එකේ හිටිය එකෙකුටවත් ඉගෙනගන්න ඕන කමක් තිබුනේ නෑ. අපේ පන්ති භාර හිටියෙත් අපිටම හරියන sir කෙනෙක්. අපි ආදරේට කිව්වේ බාල වන්නියා sir කියල. මුණ පුරා රැවුල වවාගෙන, බුලත් විටක් එහෙම කාල තමා ඉතින් sir ඉන්නේ. මේ sir හිටියේ ලෝකේ අඩුම වේගයෙන් බස් යන පාරක. මේ පාරේ 15km යන්න ඉතින් 2hrs වත් යනවා. හැබැයි ඉතින් love කරන කොල්ලන්ට කෙල්ලන්ට ඉතින් කියපු පාර. මොකද ඉතින් බස් එකේ පිටිපස්ස වාඩි උනාම අඩු මුදලකට වැඩි කාලයක් ගත කරන්න පුළුවන් හින්ද. අපේ class එකේ හිටිය (අපි කියමු උට සෙවළයා කියල) උට කෙල්ලෙකුත් හිටියා. මූ ඉතින් ඒදවස්වල හිටියේ පොර වගේ. මොකද ඉතින් ඒදවස්වල ඉතින් කෙල්ලෙක් වෙලාව අහන්නවත් අපේ දිහා බලන්නේ නැනේ. අපිත් ඉතින් සෙවළයට හුල්ල හුල්ල හිටියා. මුත් ඉතින් love කරන්න යන්නේ අර sir හිටිය පාරේ බස් වල තමා. ඔන්න ඉතින් දවසක් බාල වන්නියා sir ට මුව බස් එකේ යනකොට මාට්ටු. පහුවදා ඉතින් සෙවළයා හිටියා වීරයා වගේ. Sir ආව class එකට. මේ ඊට පස්සේ ඇති වුන දෙබස. Sir : ආ සරත්(සෙවළයාගේ සිරා නම සරත් කියල කියමුකෝ) මම දැක්ක ඔයා ඉයේ බස් එකේ යනවා අපේ ගෙවල් පැත්තේ. sir ඉතින් ඇඟට පතට නොදැන වගේ ඇහුව. අපේ සෙවළය ඉතින් ලෝර්ඩ් වගේ අත් දෙක එහෙම දිග හැරලා ඇඟ මැලියක් කඩලා මෙහෙම උත්තරයක් දුන්න sir ව කඩේ යවන්න බලාගෙන. සෙවළයා : ඔව් sir, මම නැදෑ ගෙදරක ගියා අපේ අක්කත් එක්ක. Sir : ආ එහෙමද, මම හිතුවේ ඒ සරත්ගේ අම්මා කියල. මොකෝ සරත් කිරි බොන්න එහෙමත් ගියා මම බලාගෙන. ඊට පස්සේ ඉතින් අපේ පන්තියේ ඇහුන සද්දේ ගැන ඉතින් කියන්න ඕනේ නැහැ නේ....
මෙහෙමත් හොරු ඉන්නවනේ
කෝ ආචාර්යතුමා
ඒක පාරුවේ පුවක් වැසියනි
දැන් කවුද ඔය කතාව කිවුවේ? පළමුවැන්නා කිවුව නම් එයා ගොනෙක්.දෙවැන්නා නම් එයා බූරුවෙක්
හරියට හරි වරුන ,කතාවට හිනා යන්නේ නැති නිසා හිනා යන comments දාමු
මෙලෝ රහක් නෑ.අයියෝ,කෝ ආචාර්යතුමා?
නියම කතාවක්