දෙනියාය ප‍්‍රදේශයේ පදිංචි මෙම ගුරු මහත්මිය තම මාසික වැටුප ගෙනඒම සඳහා දකුණු පළාතේ ප‍්‍රධාන නගරයකට යාමට සූදානම් වන විට ඇගේ සැමියා වූ ග‍්‍රාම සේවක නිලධාරි ඇයට රාජකාරි ලිපි කීපයක්ද තැපැල් කිරීමට දුන්නේය.
ලිපි මිටිය හා බැංකු පොත එකට තබාගෙන ගිය ඇය අතුරු මාර්ගයක වූ තැපැල් හලකට ගොස් ලිපි ටික පෙට්ටියට දැමුවාය. අවසානයේ තම කුඩය හා බෑගය පරීක්‍ෂාවෙන් අතට ගත් ඇයට තරු හා බෑගය පරීක්‍ෂාවෙන් අතට ගත් ඇයට තරු පෙනුනේ දිග ලිපිය සමග බැංකු පොතද ලියුම් පෙට්ටියට දැමූ බව සිහි වීමෙනි.
මෙය තැපැල් ස්ථානාධිපතිවරයාට කීවිට ඔහු කීවේ පස්වරු 4.30 වන තුරු ලියුම් පෙට්ටිය විවෘත කිරීම තහනම් බවකි.
කෙසේ හෝ පස්වරු 4.30 වන තුරු රැුඳී සිටි ඇය ලියුම් පෙට්ටිය විවෘත කළ පසු බැංකු පොත ගත්තත් ඒ වන විට බැංකුව වසා තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරාටත් අකුරු වරදී .වෙනත් කල්පනාවකින් කලබලේට වුනු අත්වැරැද්දක්.(නදී)
මෙහෙම තමයි තැපැල් කාරයෝ ගනුදෙනු කරුවන්ට සලකක හැටි.(නදී)
සිගරට් එකෙන් රතින්ඥා කරල පත්තු කරල රතින්ඥා කරල කටේ තියාගෙන සිගරට් එක විසිකරලා. කට කීතු කීතු ගියාලු.(නදී)
ඔන්න ලංකාව, තැපැල් පෙට්ටිය පස්වරු 0430 වෙනකම් අරින්න තහනම්. ඒක නෙවේ නියම කාරණාව තැපාලයගෙ තියෙන කම්මැලිකම. අසරණ ගුරුතුමී. තැපැලයා ගුරුතුමෙක්ගෙන් නෙවෙයි ඉගෙනගෙන තියෙන්නෙ, දේශපාලුවෙක්ගෙන්. (නදී)
වැරදීමක් වෙලා නේ මේ අපේ ටීචර්ට. අර තැපැල් ස්ථානාධිපති පොඩ්ඩක් නම්‍ය ශීලී උනානම් කොච්චර හොඳද? එත් ඉතින් බැංකුව ආපහු අරිනවානේ. පව් අනේ අපේ ටීචර්. (නධී)
ඒ. ටී.එම. කාඩ් භාවිතා නොකරන පරණ තාලේ ගුරුතුමියක් වෙන්නැති. (අ)
ඉස්කෝලේ හාමිනේලාට සාමාන්‍යයෙන් සිද්ධවෙනවා මෙහෙම දේ. අපේ ගෙදරත් ඉන්නවා මේ වගේ කෙනෙක්.(අ)
කලබලේට ඔහොමදේ සිදු වෙනවා. බැංකු පොත ලැබුණු එක ලොකු දෙයක්. මුදල්නම් අනිත් දවසේ හරි ගන්න පුලුවන්නේ. (නදී)
ගාල්ලේ අයට තමයි ඔහොම වෙන්නේ නේද නිලූ.(නදී)