අත්‍යවශ්‍ය කරුණක් සඳහා, තම දියණියගේ ගිණුමට රුපියල් දහසක් දැමීමට ආරක්‍ෂක නිලධාරිනියකට අවශ්‍ය විය. ඇය තාවකාලිකව සේවයේ යෙදී සිටි පිරිසුදු කිරීමේ සේවකයකුට ඒ බව පැවසූ විට, ”එහෙනම් සල්ලි දෙන්න. මමත් දැන් බැංකු යනවා” හෙතෙම කීය.
බැංකුවට ගොස් පැමිණි ඔහුගෙන් ”කෝ සල්ලි දාපු රිසිට් එක?” යැයි විමසූ විට ඔහු පැවසුවේ තමා දන්නා බැංකු නිලධාරියකුට මුදල් දුන් බවත්, රිසිට් පතක් නොලැබුණු බවත්ය. පැය කිහිපයකින් ආරක්‍ෂක නිලධාරිනියගේ දියණිය ඇමතුමක් දී මුදල් ලැබී නොමැති බව පැවසුවාය. ආරක්‍ෂක නිලධාරිනිය වහා සේවකයාද කැටුව බැංකුවට ගොස් කළමනාකරු හමුවී මුදල් තැන්පත් කර පැය කිහිපයක් ගත වුවත් මුදල් ලැබී නොමැති බව දැන්වූවාය.
කළමනාකරු මුදල් තැන්පත් කළ පුද්ගලයා සමඟ මුදල් කවුන්ටරය වෙත පැමිණ මුදල් බාරදුන්නේ කාටදැයි විමසූ විට පුද්ගලයා පැවසුවේ මුදල් භාර දුන්නේ කාටදැයි අමතක බවත් සමහරවිට තමා වෙනත් බැංකුවක මුදල් තැන්පත් කළාදැයි කල්පනා වෙන බවත්ය.
පුද්ගලයා වංචාවක් කරන බව වැටහුනු කළමනාකරු, ”ඔය වගේ මිනිස්සු අතේ සල්ලි එවන්න එපා” යැයි ආරක්‍ෂක නිලධාරිනියට පැවසීය. ඇයත් සමඟ එළියට පැමිණ මුදල් වංචාකළ පුද්ගලයා ඇය අමතා, ”ඉන්න මම ගෙදර ගිහිල්ලා පොලියට රුපියල් දාහක් ගෙනල්ලා දෙන්නම්” යැයි පවසා එතනින් පිටවිය. ඔහු ආපසු පැමිණියේ නැත. රුපියල් දහස රැගෙන එනතුරු ආරක්‍ෂක නිලධාරිනිය මඟ බලා සිටී. නාරාහේන්පිට නගරයෙන් අසන්නට ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදරට දෙන්න කියල මම මෙහෙ හොඳටම අඳුනන ලංකාවට ආපහු යන වැදගත් කාන්තාවක් අත රුපියල් 10,000ක චෙක් එකක් දුන්නා. එයා එයාගේ ගිණුමට චෙක් එක දා ගත්තා. පස්සේ ඇඩ්රස්, ටැලිෆෝන් නොම්බර හොයාල බලන කොට මට දීල තියෙන්නේ බොරු ඒවා. (නදී)
මේ මිනිහා මෝඩ මිනිහෙක් හින්දා බැංකුවේ නිලධාරියා සල්ලිවලට විද්දද කොහොමද දන්නේ? (දී)
අයෙත් මගේ නමින් අදහසක් පල කරලා තියෙනවා.කරුණා කර මගේ නමින් නොලියන්න.ඉහත දමා ඇති බොලද අදහස මගේ නොවේ.අනික මගේ සේවා ස්ථානයේ බැංකු සේවය හා සමානම සේවයක් වෙන්නේ.ඉතින් ඇයි වෙන කාටවත් මුදල් දෙන්නේ. (දී)
තාවකාලිකව සේවයේ යෙදී සිටි පිරිසුදු කිරීමේ සේවකයකුට ඔය වැනි වැදගත් වැඩක් දෙන්න ඒ නෝනගේ ඔලුව හොඳ නැතුව ඇති. (අ)
දාහෙන් හැමදේම කරගන්න එයාට පුළුවන් ඇති. අපරාදේ මෝඩයාගේ රැකියාව.(නදී)
නිලූ විදානගේ, සෞදි අරාබියාව 2014-01-07 10:30:49, නිලූ විදානගේ සෞදි අරාබිය 2014-01-07 15:50:43 .... කව්ද මේ මගේ නමින් අදහස් දාන්නේ? කරුණා කරලා වෙන නමක් භාවිතා කරන්න. (නදී)
ඔන්න ආයෙත් අර විකාර සෙල්ලම පටන් අරගෙන නේද? එක එක්කෙනාගේ නමින් අදහස් දමන්න ටික දවසක් සද්දයක් නැතුව හිටියා.(නදී)
මෙහෙමත් ආරක්ෂක නිලධාරිනියක්. (නදී)
මට පිස්සු වගේ.(නදී)