IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


බෑග් දෙකක් පවුලක් අවුල් කරලා

(උණවටුන – ඩී.ජී. සුගතපාල)
මැදි වයස ඉක්ම වූ රාජ්‍ය සේවකයකු වන ඔහු විනෝදකාමියෙකි. ඉඩ ලද සෑම අවස්ථාවකම මිතුරන් සමග සෙට් වීම ඔහුගේ සිරිතය. එසේ වූ සමහර දිනවල ඔහුට නිවසේදී අමුතු අමුතු සිදුවීම්වලට ද මුහුණ පෑමට ද සිදුවිය.


පඩි ගත් දිනයට පසු දින ඔහු සිරිත් පරිදි මිතුරකු සමග අවහන්ලකට ගොඩවිය. මිතුරා ද රාජ්‍ය සේවකයකු නිසා දෙදෙනාම පාවිච්චි කළේ එකම වර්ගයේ බෑග් දෙකකි. එදා වැසි දිනයක් ද වූ නිසා අවහන්හලේ සිටි කාලය දැනුණේ ද නැත. දෙදෙනොගේම බෑග් තබා තිබුණේ එකම තැනය. මේ අතර මිතුරා සාක්කුවේ තිබූ යමක් ගෙන එය බෑගයේ දැමුවේය. වැස්ස තුරල් කර පසු දෙදෙනාම විසිර ගියේ බෙල්ල සාක්කුවේ වැටෙන තරටම රත්වීමෙන් පසුවය.


ඔහු නිවසට ගොස් කෙළින්ම ගියේ කාමරයේ ඇඳ සොයා ගෙනය. ප්‍රමාදයට හේතුව දැනගෙන සිටි බිරිය ද ඇඳ සූදානම් කර තිබුණාය. පසු දින උදෑසන අවදි වී කාර්යාලයට යාමට සූදානම් වූ ඔහුට බිරියගේ වෙනසක් දැනිණ. වෙනදා මෙන් නොව දැඩි කෝපයකින් සිටින බවක් පෙනිණ. “ඇයි මොකද අද ඔයාට වෙලා තියෙන්නේ” ඔහු ඇසුවේය.


“වෙලා තියෙන්නේ ද? කොහේද ඊයේ ගියේ? මේ මොනවා ද?” අසමින් ඇය ඔහුගේ බෑගයේ තිබූ උපත් පාලන කොපු පැකැට්ටුවක් ගෙන ඔහුගේ ළඟට විසි කළාය. ඔහුට තරු විසිවිය. මෙය තමාගේ බෑග් එකට ආවේ කෙසේදැයි ඔහුට ද ගැටලු‍වක් විය. එහෙත් බිරියගෙන් ඔහුට කිසිම ගැලවීමක් නැත. මිතුරා වැරැදීමකින් මෙය තමාගේ බෑග් එකට දමන්නට ඇතැයි ඔහු සිතුවේය. එනිසා ඔහු වහාම දුරකතනයෙන් මිතුරා ඇමතුවේය.


“හරි මචං මම ඊයේ රෑ ක්ලබ් එකේදි මගේ බෑග් එක කියල හිතාගෙන ඕක දාලා තියෙන්නේ උඹගේ බෑග් එකට. සොරි මචං.. එනකොට ඕක අරගෙන වරෙන්” මිතුරා පිළිතුරු බැන්දේය. එහෙත් එම පිළිතුර බිරියගෙන් බේරීමට තරම් නිදහසට කාරණයක් නොවීය.


“හරි යනවකෝ අද මමත් එන්නම් ඔය යාළුවා හම්බ වෙන්න” බිරියගේ සිත සන්සුන් නැත. එදින උදේ සහ දහවල් ආහාරය ද නැතිවම ඔහු කාර්යාලයට ගියේය. එහෙත් බිරිය දහවල් කෑම පාර්සලයක් ද රැගෙන කාර්යාලයට ආවාය. එහිදී මිතුරා ද කැටුව ඇය වෙත පැමිණි ඔහු සිද්ධිය යළිත් මිතුරාගේ අත් වැරැදීමකින් සිදු වූ බවට කියා සිටියේය.


මිතුරා ද ඇය ඉදිරියේ වැඳ වැටෙමින් තමාගේ අතින් සිදුවූ වරද පිළිබඳ සමාව ඉල්ලා මෙය පවුලේ ආරවුලක් කර නොගන්නා ලෙස ඉල්ලා සිටියේය. එහෙත් ඇයගේ සැකය වූයේ දෙදෙනාම එකට හොර ගමනක් ගොස් ඇති බවය. පසුව ඇය නිවසට ආවත් දින ගණනක් යනතුරු ඔහු සමග කතාබස් කළේ නැත.



අදහස් (0)

බෑග් දෙකක් පවුලක් අවුල් කරලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 479 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 919 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 871 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1158 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9500 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 883 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2068 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site