තමාගේ කාර්යාලයීය බෑගය යයි සිතා සිය නීතිඥ මිතුරාගේ බෑගය රැගෙන ගොස් අලි ජංජාලයක්වූ පුවතක් ප‍්‍රධාන නගරයකින් වාර්තාවේ.
ඔවුහු හොඳ යහළුවෝය. කොළඹ වැඩකරන ඔහු එදා රාත‍්‍රියේ සිය නීතිඥ මිතුරා හමුවීමට ගියේ ඔහුගේ නිවසටය. හේ සිය කාර්යාල බෑගයද එහි ගෙන ගියේය. නීතිඥ මිතුරාගේ නිවසට ගිය ඔහු තම බෑගය ඔහුගේ සාලයේ පුටුවක තබා මිතුරාගේ නිවසේ කාර්යාල කාමරයට ගියේ මිතුරාගේ කැඳවීමකට අනුවය.
ඒ වන විටත් නීතිඥ මිතුරා පසුදින උසාවියේ විභාගවෙමින් පවතින නඩු කිහිපයකට අවශ්‍ය ලිපිගොනු සිය බෑගයේ දමා සකස් කොට කාර්යාල මේසය මත තබා තිබුණේය. මිතුරා පැමිණීමත් සමගම සියලූ වැඩකටයුතු පසෙක දමා නීතිඥ මිතුරා ඔහු සමග හරි හරියට කතාවට වැටුණේය. ඒ ඔවුන් දෙදෙනා කාලයකින් හමුනොවූ නිසාය. මේ දෙදෙනාටම තිබුණේ එකම වර්ගයේ බෑග් දෙකකි. ඒ කාලයකට ඉහතදී ඔවුන් දෙදෙනා එකම වෙළෙඳසලකින් ගත් බෑග් දෙකකි.
රාත‍්‍රිය කෙමෙන් කෙමෙන් ගෙවීයමින් තිබුණේය. මම දැන් ගෙදර යන්නම් කියා ඔහු වාඩිවී සිටි පුටුවෙන් නැගිට්ටේ තමාගේ කාර්යාල බෑගය යයි සිතා මේසය මත තිබූ නීතිඥ මිතුරාගේ බෑගයද අතට ගනිමින්ය. නීතිඥ මිතුරාටත් මෙය තමාගේ බෑගය යයි අමතකවූ නිසා ඔහු මේ බෑගය රැගෙන සිය නිවසට ගියේය.
පසුදා උදෑසනින්ම අවදිවූ නීතිඥ මිතුරා තමා බෑගයේ දමා තිබූ එදින විභාගවෙමින් පවතින නඩු කිහිපයක ලිපිගොනු පරීක්ෂා කිරීමට සිය කාර්යාල කාමරයට ගියේය. පෙරදින රාත‍්‍රියේ තමා දමා තිබූ ලිපිගොනු සහිත බෑගය කාර්යාලයේ නොතිබෙනු දුටු ඔහු හොඳ හැටි බියවිය. සොයා බැලීමේදී තමාගේ බෑගයට සමාන බෑගයක් සිය නිවසේ සාලයේ තිබෙනු දුටු නීතිඥ මිතුරාට සිදුවූ දේ තේරුම් ගැනීමට වැඩි වේලාවක් ගතවූයේ නැත. තමාගේ බෑගය සිය මිතුරා වැරදී ගෙන ගොස් ඇති බව ඒත්තු ගිය ඔහු මිතුරාට දුරකතන ඇමතුමක් ලබාදුන්නේ වැරැද්ද නිවැරදි කර ගැනීමටය.
ඒ වන විටත් මිතුරා එම බෑගයත් රැුගෙන රාජකාරිය සඳහා සිය නිවසින් කොළඹ බලා යාමට පිටත්වී තිබුණි. කෙසේ හෝ මේ බෑග් පටලැවිල්ල බේරා ගැනීමට එදින ඔහුට වරුවක් නිවාඩු දැමීමට සිදුවුවද සිය මිතුරාට උසාවි යාමට ඔන්න මෙන්න කියා තිබියදී බෑගය ගෙනත් දීමට තරම් ඔහු කඩිසර නොවුණි නම් තත්ත්වය මීට වඩා නරක අතට හැරෙන්නට බොහෝ දුරට ඉඩකඩ තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර නීතිඥයාගේ බෑග් එක අරගෙන ගිය යාලුව මොකටද වරුවක් නිවාඩු ගන්න ඕනේ, (ම)
ඕක තමයි කියන්නේ අඹ යාලුවෝ දෙන්නෙක් හමුවුණාම අනිත් හැමදේම අමතක වෙනවා කියලා. (නි)
ඒකත් නියම වැඩේ තමයි (නි)
උදාර, ගොඩාක් හිතන්න ඕනෑ විෂයක් ඔයා පෙන්වා දුන්නේ (නි)
එක්තරා බැංකුවකින් ළමා ගිණුම් හිමි ගනුදෙනුකරුවන්ට තෑගී වශයෙන් පාසල් බෑග් ලබා දීලා. අපේ අල්ලපු ගෙදර දරුවාටත් ලැබිලා. එයා මේ ළඟදි දවසක් වැරදීමකින් මාරුවෙලා , ගෙදර ගෙනවිත් තියෙන්නේ පන්තියේ වෙනත් දරුවෙකුගේ අර විදියේම බෑග් එකක්. (නි)
ජයනාත්ට හොද අදහස් තියෙනවානෙ.මේ විදිහට ලියන්න දිගටම.වෙන අය කරපු කියපු දේවල් නැතුව.පාඨක සභාවෙ අයටත් කියන්න ඕන, කෙනෙකුට ලියන්න එපා කරවන්න එපා..එහෙම වුනොත් හොද අදහස් කියවන එක අපිට නැති වෙනවා (ම)
ලක්ෂී, දැන් ඔයත් වෙන උදවිය ලියපු ප්‍රතිචාර ගැන මිසක් ඔයාගේ අදහසක් ලියලා නැහැනේ. (නි)
ජෙනී, මගේ අදහස තමයි කිව්වේ, කෙනෙක් තමන්ගෙ වැරදි හදාගෙන හොද දේවල් කරනවා නම් අපි එයාව අගය කර උනන්දු කරන්න ඕනෑ.කකුලෙන් අදින්නේ නැතුව.එකයි මගේ මතය (ත)
හොඳ යාළුවෙක් (නි)
මොනවා වුණත් හරිම හිත හොඳ යාළුවෙක් (නි)
හදිසියේවත් වෙලාවට දෙන්න බැරිවුණා නම් එහෙම නඩු ටික ඔක්කොම පරාදවෙයි (නි)
මම කැමතිම ජයන්තගේ අදහසට (නි)
ඉෂාම් බෑග් එක නොලැබුනානම් එක්කො නඩු පරාදයි . ඒකකෝ වෙන දිනයකට කල් ගන්නවා. ඔය මොනදේ වුනත් නිතිඥ ගාස්තුව කෙහොමත් ගන්නවා. නිතිඥයා කොහොමත් දිනුම්. (බ)
කිසිම සැළකිල්ලක් නැති නීතිඥයෙක්. නැත්නම් කලින් දවසෙ රෑ ඊළඟ දවසෙ තියෙන නඩු ගැන බලලා සූදානම්වෙලා යන්න එපැයි. මෙයා නම් උදාර කියනවා වගේ නඩු කල්දාන එක්කෙනෙක්. ඒකයි උදේ වෙනකම් බලලාවත් නැත්තේ. මෙයාගේ සේවාදායකයන්ට දෙවි පිහිටයි. ජීවිත කාලෙම ඇදි ඇදී තමයි තියෙන්නේ නඩු. (නි)
ජෙනී, අගය කල යුතු අයව අගය කිරීම ඉතාම හොද ගුණයක් කියල මම හිතන්නේ . ලංකාවේ මිනිස්සුන්ට දන්නේ නැති දෙයක් තමා "ස්තුතියි , සමාවෙන්න " කියන වචන දෙක . මම හිතන්නේ ලක්ෂී කලේ හොද දෙයක් (රේ)
ජයන්තගේ කතාව මම අහලා තිබුනේ දොස්තරට බොරුකළොත් අඩි 6ක් යට, ප්‍රොක්ටර්ට බොරුකළොත් අඩි 6ක් උඩ කියලා. (නි)
යාළුවා අවංකව කටයුතු කළ නිසා හොඳින් ගියා (නි)
ඒවගේම තමයි චමිලා අනෙකුත් පාඨකයන් ලියන්න ඕන තමන්ගේ හිතට අල්ලන විදියට යන පටු ආකල්පයෙන් මිදීම. ඒ අතින් නම් මට ලක්ෂිට හොඳයි කියන්න බැහැ. (බ)
චමිලා මට පැහැදිලි නැහැ ඔයා ලියලා තිබෙන එක දෙයක්. දැන් කාටද මෙතැන ඔය වචන දෙක සම්බන්ධ සිරිත් විරිත් අමතක වුනේ ? නැතිනම් මොකද්ද එකේ මේ පුවතට තිබෙන අදාලකම ? (බ)
ෂාහ්! මේ නියමෙට අදහස් දාල තියෙන්නේ කට්ටියම. ඔන්න ඔහොම ලිද ලග සංගමේ නැතිව ගියා නම් හරිනේ.(අ)
වැස්සක් වහැලා පෑව්වා වාගෙයි.(හේ)
අපේ ආච්චි 1990 ගනන් වල දඹදිව ගිහින් එද්දි, මස්කට්, බූන්දි ඇතුලු ඉන්දියන් කැවිලි බෑගයකට ආච්චිගෙ ඇදුම් බෑගය මාරු වෙලා... අපිට තමයි පල්ලම උනේ. (ර)
අපේ ගමෙත් ඉන්නවා නීතිඥ තාත්තයි දුවයි..ගෙදර කාර්යාලය දෙන්නගෙම එකයි.මෙ දෙන්නටත් ඕක වෙනවා..තාත්තා ගමේ උසාවියෙත් දුව නගරේ උසාවියෙත් වැඩ කරන්නෙ..තාත්තා බලනවලු දුවගෙ ලිපි ගොනුත් එක්ක මාරු වුණ දවසට, මම කවදද මේ නඩුව බාර ගත්තේ, මට මතක නෑනේ මෙහෙම නඩුවක් ගැන කියලා, කතා කරනවලු සේවාදායකයාට, එතකොට තමයිලු මතක් වෙන්නේ මේ දුවගෙ ලිපි ගොනුවක් මාරු වෙලා කියල.(ම)
ඔය කතාකරන මහත්වතුරු හොයලා බැලුවොත්, කොයිතරම් කැපවීමක් කරනවද කියලා. (ර)
සමහරවිට මටත් බැග් මාරුවෙලා තියෙනවා. (ර)
පණ තිබෙන වස්තූන් මාරු නොකළ බලාගත යුතුය (බ)
මටත් ඕක වෙලා තියනවා. මාරු වෙලා අනුන්ගේ ඇදුම් බැග්. හෝදන්න ගත්දී තමයි දන්නේ මගේ ඇදුම් නෙමෙයි කියලා. ඉතින් ආපහු තිබුන තැනින් තියලා තියනවා. (ර)
මගේ මිතුරියක සති අන්තයේ ගමේ යනවිට නගරාන්තර බස් රියක ආසන වලට උඩින් තිබෙන රැක් එකේ ඇඳුම් බෑග් එක තියලා. ගෙදර ගිහින් ඇරලා බලන විට කමිස සරම් ගඳ ගහන කිලිටි ඇඳුම් තුවා ආදිය පිරි ගමන් මල්ලකට ඇගේ බෑග් එක මාරු වෙලා බව පෙනිලා. හොඳ වෙලාවට ඇගේ ඇඳුම් මල්ලේ තිබුන නොම්මර ලියු දින පොතක තිබුන දුරකථන නොම්මරයක් ඔස්සේ ගොසින් අර අනිත් බෑග් අයිතිකාරයා කොහොම හරි ඇයව සොයාගෙන. වසර 4 කට පෙර සිදුවූ මේ බෑග් හුවමාරුව අන්තිමට කෙලවර වුනේ ඔන්න ගිය මාසයේ පැවති විවාහ මංගල්‍යයකින්. (ර)
වාසනාවට බැග් මාරු වුනේ ! (බ)
සමහර සංවිධාන තියෙනවා රැස්වීම අවසානයේ වාහන යතුරු කැරලි මාරුකරගන්න (අ)
මටත් ඔය වගේ වැඩක් වුනා එක දවසක් නිවාඩු යන දවසක. පස්සේ බොහොම අමාරුවෙන් දුරකථන ඇමතුම සොයාගෙන වැඩේ නිවැරදි කරගත්ත. හොද වෙලාවට සියලුම දේවල් තිබුන එ් මනුස්සය බොහොම හොද කෙනෙක් නිසා. (බ)
උදේට කෑම එක දානකොට නොපෙනුනා කියන්නේ පුදුමයිනේ. (ර)
නඩු වෙලාවට කලින් ලිපිගොනු ටික ලැබුණා නම් ඉතින් අවුලක් නැහැනේ (නි)
දිලූලට වගේ 'චාන්ස්' හැමෝටම ලැබෙන්නේ නැහැනේ (නි)
ඇති ඔයින් බේරුනා (නි)
යාළුවා හොඳ නිසා හොඳයි. ප්‍රමාදවුණා නම් මොකද වෙන්නේ? (නි)
ප්‍රමාද වුනා නම්, සමහර විට අහිංසකයෙක් අඩි 6ක් උඩ යන්න හරි අපරාධකරුවෙකු අඩි 6න් බේරෙන්න හරි තිබුනා..(බ)
දොස්තරට වැරදුනොත් අඩි 6ක් යට, නීතිඥයට වැරදුනොත් අඩි 6ක් උඩ..කියල කියමනක් තියෙන්නේ මේ වෘත්තින් දෙකම වගකීම් වැඩි රැකියාවන් නිසා.ඒ හින්ද මේ පුවතත් සුළුවෙන් තකන්න බැහැ.මහ ජන්ජාලයක් වෙන්න තිබුනා ඇත්තටම(රේ)
වෙලාවකට එපා වෙනවා අදහස් දක්වන්න (බ)
ඔෆිස් කාමරේ තිබුන යාලුවගේ බෑග් එක, නොහිතම ගත්තා කියල හිතන්න අමාරුයි නේ. (බ)
නඩු කල්දාන නිතිඥයෙක් නම් ඒ තරම් ප්‍රශ්නයක් නැහැ. කැපවීමෙන් නඩු කතාකරන කෙනෙක් නම් ප්‍රශ්නයක් තමයි. (නි)