(මාවනැල්ල විශේෂ සමන් විජය බංඩාර)
දැන් දැන් අලූත් විලාසිතාවක් ලෙස බොහෝ තරුණයන් තම කලිසම අඳින්නේ යටි බඩටත් පහතින්ය. මෙසේ කලිසම බාගෙට ඇඳ ගිය තරුණයකුගේ කලිසමේ කුඩා දරුවකු එල්ලීම නිසා දරුවායි කලිසමයි බිමට වැටුණු සිද්ධියක් මැදරට ප‍්‍රදේශයේ නගරයකින් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
තම අඳින පළදින ඇඳුම් අතරින් නිතරම ඩෙනිම් අඳින ඔහු තමන් එම කලිසම අඳින්නේ යටි බඩටත් පහතින්ය. කලිසම එල්ලා වැටෙන ස්වභාවයෙන් ඉන්න මොහු ආඩම්බරයෙන් කලිසම් අඳින්නේ විලාසිතාවක් ලෙස සිතා වන්නට ඇත.
ඩෙනිමට දමා ඇති දිග ලොකු පොකට් එකේ භාගයක් එළියට පේන අතර පොකට් එක ඇත්තේ කලිසම ඇන්ද පසු දණහිසට අඟල් 3ක් පමණ ඉහළින්ය.
දිනක් ඔහු බසයට නගින්නට යද්දී කුඩා දරුවකු සෙල්ලමට මෙන් පැමිණ පොකට් එක ගැනීමට කලිසමේ එල්ලී ඇත්තේ නොතේරුම් කම නිසාවෙනි. ඒ සමගම ඇඳ සිටි කලිසම ගැලවී ඒත් එක්ක ළමයාද බිමට ඇද වැටී ඇත. සිද්ධ වූ ඇබැද්දිය නිසා දෙනෝ දාහක් සෙනඟ මැද කලිසම නැවත උඩට කර ගත් ඔහු එයද අල්ලා ගෙන දිව ගියේ ලැජ්ජාව දරා ගැනීමට නොහැකි නිසාවෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමන්තලාල් කුමාරසිංහ ගේ අදහස නිවැරදියි. මෙම විලාසිතාවේ මූලාරම්භය ඇමෙරිකාවේ සිරගෙවල් තමයි. (හේ)
මම නම් අහලා තියෙන්නේ ඕක ආවේ අප්‍රිකාවෙන්. මොකද ඒ රටවල් දුප්පත්නේ! පොහොසත් රටවල මිනිස්සු අප්‍රිකානු රටවල් වලට තමන්ගේ පරණ ඇදුම් පරිත්‍යාග කරනවා. නිකම් හම්බවෙන දේ දිග පළල බලන්නේ නැහැනේ. දුප්පත් කෙට්ටු කොල්ලෝ ඇඳගෙන යනවා කඩා වැටි වැටී. මේක දකින අනිත් අය හිතන්නේ මේක තමා ලෝකේ අලුත්ම විලාසිතාව කියලා. (නි)
කලිසම ඔය විදියට අදින්නේ දෙකටම නැති අය (නදී)
මෙහෙම ඇන්දාම දැනෙන සතුට විදින්න කවුරු කවුරුත් ඇඳලා බලන්නකෝ. (අ)
කටුස්සෝ රත්‍රන් නොබඳිති. ලෝකෙම තියන කුණු ගන්නේ හරියට විලාසිතාවක් කියලා.විලි වහගනිල්ලා මිනිසුනේ! (නි)
මගේ කලිසමත් නිතරම පහළට වැටෙන්න පටන් ගත්තා. ඒ පාර මම ඒකට සුදුසු ක්‍රමයක් අනුගමනය කරලා ඒක වළක්වා ගත්තා (නි)
ඕවා නුඹට හොඳ පාඩම් නුඹ නාඬන්, නුඹ නාඬන් කියලා මට කියන්න හිතෙනවා හොදම වැඩේ (නදී)
ඕක සැන් ප්‍රැන්සිස්කෝ වල නම් කොච්චරවත් දකින්න තිබෙන දෙයක්. අද මම ගිය බස් එකේ තුන්දෙනෙක්ම ගියා කලිසම හොඳටම පහළට දාගෙන. මම අද නිකමට හිතුවා අනාගතේ කාන්තාවොත් ඔහොම අඳින්න පටන් ගත්තොත් කොහොමට හිටීවිද කියලා. (නි)
කුමාර, කුඹුරේදී අමුඩ ඇන්දට, යට ඇඳුම ඇඳගෙන නෑවාට එම ඇඳුමින්ම පොදු ස්ථාන වල ගැවසෙන්නේ නැහැනේ.වර්තමානයේ ගොඩක් අය ඇඳුම් අඳින්නේ නොඇඳ බැරිකමටද කොහෙද? විලාසිතාව තම සිරුරට ගැළපෙන පිළිවෙළට කරනවා මිස කරන්නන් වාලේ කළවිට ලස්සන නැහැ. අපේ තරුණ පිරිස මෙය වටහා නොගැනීම කණගාටුවට කරුණක්. (නි)
පිරිමි ළමයි විතරද, ඇයි ගැහැණු ළමයි? කලිසමට වැහෙන්න ඕනෑ හරියෙන් අඩක්ම එළියේනේ. එහෙමත් ඇඳගෙන යන උජාරුව එපායැ බලන්න වැඩේ. (නි)
සමන්ත ලාල් කුමාර, ඔයා බටහිර රටවල අත්දැකීම් තිබෙන කෙනෙක් නිසා වැඩේ ගැන හොඳට දන්නවා වගෙයි. බලාගෙන ගඟේ නාද්දී දිග කලිසමක් ඇඳගෙන නාන්න. (නි)
හොද වැඩේ.(හේ)
හොද වැඩේ.දැන්වත් කලිසමක් අදින්න පුරුදු වෙයිනේ.(හේ)
මේ කලිසම නිර්මාණය කරලා තියෙන්නේ ඉනේ ආබාධයක් ඇති අයටය. එය විලාසිතාවක් කියලා දැන් ස්ත්‍රී පුරුෂ හැමෝම අඳිනවා .සාක්කු කීපයක් තිබෙන කලිසම නිර්මාණය කරලා තියෙන්නේ උඩ වැඩ කරන අයට අඬු,ආයුධ තියාගන්න. (නි)
මටත් පෙන්නන්නම බැරි විලාසිතාවක්....හොද පාඩමක් කාට උනත් සිදුවෙලා තියෙන්නේ..... සමන්තලාල් කුමාරසිංහ මේ ඉදිරිපත් කළ අදහස ඇත්තක් වේවා බොරුවක් වේවා මම ඒ අදහසට කැමති ..... මොකද ඒක දැකලවත් ඔය කැත විලාසිතාව අත්හැර දමාවිනේ... මමනම් මේ වෙනකම් හිතා හිටියේ ඕක පිරිමි යට ඇදුම් අලෙවි කරගැනීමේ වෙළද දැන්වීමක් කියල. මොකද යට ඇදුමින් බාගයක්ම ප්‍රදර්ශනය වෙනවනේ....(බ)
මේ විදියට කලිසම අඳින්නේ බටහිර රටවල හිර ගෙවල්වල හිර ගෙවල්වල ඉන්න සමලිංගිකයෝ සිර මැදිරි තුළ ලිංගික ක්‍රියාකාරකම් තහනම් නිසා ඒ අයව අනෙක් සමලිංගිකයන්ට හඳුනාගන්න තමයි උපක්‍රමයක් හැටියට මේක භාවිතා කරන්නේ. බලන්න මේ විදියට අැන්දම අපේ අයත් නිකන් නපුන්සක ගතියක් පේන්න තියෙනවා නේද කියලා (බ)
අය්යෝ ඕව මොනවද, ඉස්සර මිනි ගවුම් ඇන්දෙ කෙල්ලෝ. තරුණ තරුණියන් කාලයෙන් කාලයට වෙනස් මෝස්තර කරනවා. එතකොට පත්තරත් ඒවා හාස්‍යයට ලක් කරනවා. ජීවිතේ මෙහෙමයි. සතුටෙන් ඉන්න. අරක්කු සිගරට් නොබී, තමන්ගේ ආදරවන්තයා ආදරවන්තියට අවංකව හොද ජීවිතයක් ගෙවනවා නම්, මොන විලාසිතා කළත් මොකද? අමුඩෙ ගහං කුඹුරු කොටපු අපේ අයට ඕවා ලොකු දේවල් නෙමෙයිනේ. ජීවිතේ සරලයි. වෙනස භාර ගන්න. දුෂ්චරිතය නම් නොවෙයි, හොඳද? (බ)
කොල්ලෝ විතරක් නෙවෙයි අද කාලේ කෙල්ලොත් මෙහෙම අදිනවා (දිල්)
අනේ පවු නේද ?(දිල්)
තරුණ තරුණියන් දෙගොල්ලම මේ විදියට ඇඳුම් අදිනවා. එක දවසක් ඇඳන් ගිය කලිසම ලොකුයි. වැලි අහුරක් දැම්මා ඉනේ පිටුපසට (නදී)
මම පදිංචිවෙලා ඉන්නේ වෙළඳ කලාපයක් ආසන්නයේ. මෙහි කර්මාන්ත ශාලාවල වැඩකරන කම්කරුවන්ට නිල ඇඳුම් රෙදි දෙනවා. ඔවුන් එම ඇඳුම් මහගන්නෙත් ඔය කියන මොස්තරේ කලිසම්. උඩට අඳින්නේ ටී ෂර්ට්. දැක්කම හිරිකිතයි. සමහර ඉලන්දාරින්ව පෙනෙන්නේ අහිකුණ්ඨික මිනිස්සු රිලා පැංචෙක් තුනටියට ලණුවක් දාලා මහමඟ අරගෙන යනවා වගේ. (නි)
මගේ කලිසමත් වෙලාවකට පහළට වැටෙනවා. හරියන්නේ නැහැ වැඩේ. දාගත්තා හොඳ කොහු ලනුවක් (නදී)
විලාසිතා මන බඳිනා විලාසිතා (නදී)
මගේ කලිසමත් වෙලාවකට පහළට වැටෙනවා. හරියන්නේ නැහැ වැඩේ. දාගත්තා හොඳ පටියක්. දැන්නම් ඉතින් පොඩි එකෙක් නෙමෙයි මහ එකෙක් ඇද්දත් වැටෙනවා බොරු.මේ කොල්ලටත් තිබුනේ පටියක් දාගන්නනේ (නි)
මේක නම් නියම පාඩමක් (නි)
ඕවා නුඹට හොඳ පාඩම් නුඹ නාඬන්....නුඹ නාඬන්...කියලා මට කියන්න හිතෙනවා. (නි)