දකුණු පළාතේ උප නගරයක පිහිටි එළවළු වෙළෙඳ සලකි. එහි හිමිකරු ඉතා සාධාරණව වෙළෙඳාම් කරන කාගේත් සිත් දිනාගත් තැනැත්තෙකි.
ඔහුගෙන් හැමදාමත් එළවළු මිලට ගන්නා පාරිභෝගිකයකු පැමිණ ඒවායේ මිල ගණන් විමසීය. වෙනදා වැඩිපුරම ගන්නා මාළු මිරිස්, කැරට්, බෝංචි, බීට්වල මිල ඉතා ඉහළය. මුදලාලි මිල ගණන් කියන විට දෙනෙත් ලොකු කරමින් ඒ දෙස බැලූ ඔහු අඩුම මිල තිබූ රාබු පන්සියයක් ගෙන මුදලාලිට මුදල් ගෙවූ විට මුදලාලිගේ කටින් පිටවූයේ අසභ්‍ය වචන සහිත සැර පරුෂ කියමන් රැසකි. පාරිභෝගිකයාට තරු පෙනුණි.
“මං හැමදාමත් මුදලාලිගෙන් එළවළු ගන්නෙ. ඇයි අද මේ විදියට කතා කරන්නේ” ඔහු කීවේ ද තරමක් සැරෙනි.
“අනේ රත්තරං මහත්තයෝ, මං ඔහේට නෙමෙයි කිව්වෙ. මං කිව්වෙ රටේ පාලක උන්නැහේලට” කී මුදලාලි ඔහුගේ මල්ලට නොමිලයේම දෙහි ගෙඩියක් ද දැම්මේ වැරදි වටහා ගැනීම වැළැක්වීමටලු.
(තිහගොඩ - උපසේන ලියනගම)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාබුත් සෑහෙන ගණන් අනේ. මොකුත් කන්න වෙන්නෙ නැහැ (නි)
එළවළු මිල ඉහළ පහළ යන්නේ අතරමැදි සූරාකෑම් සහ කාලගුණ හේතු වලට. (නි)
එළවලු මිල අඩුවෙනකොට ගොවියෝ ආණ්ඩුවට බනිනවා. එළවලු මිල වැඩිවෙනකොට පාරිභෝගිකයෝ ආණ්ඩුවට බනිනවා. වෙළෙන්දෝ මේ දෙකෙන් කොයි එක වුණත් ආණ්ඩුවට බනිනවා (නි)
ලංකාවේ බොහෝ අයට පුංචි හරි ඉඩමක් තියෙනවා. ඒත් බොහෝ අය එහි මිරිස් පැලයක්, මුකුණුවැන්න හෝ ගොටුකොල ටිකක් , බණ්ඩක්ක පැලයක්,දඹල වැලක් වත් වවා ගන්න පුරුදු වෙලා නැහැ. සම හරක්ට ඒක හරි මදි කමක් වගේ.
වත්තේ පිටියේ මොනවා හරි හිටවගන්න බැරි කම්මැලි ඉන්න රටක අහසට , පොළොවට, ආණ්ඩුවට බැන බැන ඉඳපල්ලා කම්මැලියෝ ! (බ)
දැන් එළවලු ගණන් කන්න වෙන්නේ නෑ.(හේ)
මැතිනිය මෙවෙනි දේවල් ඒකාලේ පටන්ගත්තා. නමුත් අපේ සමහර මිනිස්සුන්ට ඒවා ඉවසන්න බැරි වුනානේ. එය සාර්ථක වුනානම් අද කොපමණ ලස්සන රටක්ද. මේවිදියටම අපට තව දුක්වෙන්න වෙයි මහින්ද ගෙදර යැව්වට. එතකොට ඉතින් අපි ප්‍රමාද වැඩියි කියල මට හිතෙනවා. (බ)
හැකි අය ගෙවත්තේ එලවලු වගා කරගැනීම ඒ අයගේ ආථිකයට මෙන්ම සෞඛ්‍යයට යහපත්. නමුත් එළවළු ගොවිතැන කර්මාන්තයක් ලෙස කඩා වැටුණ හොත් ඒ තුලින් ආර්ථිකය සරිකර ගන්නා ගොවියා, තොග වෙලෙන්දා, සිල්ලර වෙලෙන්දා, හොවිපල සහ වෙලදපල සේවකයන් ඇතුළු විශාල පිරිසකට ආදායම් අහිමි වීමේ තත්වයක් උදාවනවා නේද? එවිට එය රටේ තවත් එක් අර්බුදයක් බවට පත් වේවි.(ම)
අතරමැදියෝ කියන්නේ මේ අතින් අඩු ගාණකට අරගෙන අනික් අතින් වැඩි ගාණකට දීලා මුදල් උපයන කට්ටියක්. ගොවියාට ලැබෙන්නේ පොඩි මුදලක් එම ගසාකෑම හේතුවෙන්. ඔහු ඉන්නේ අසතුටින්, දුකින් හා ණය බරින්. අවසානයේ ඉන්න සිල්ලර මුදලාලිගෙන් පාරිභෝගිකයාට මිල නියම වෙන්නේ තැලිලා පොඩිවෙලා විකුණාගන්න බැරිව කුණු බක්කියට දමන ඒවාටත් එක්ක ගණන් බලලා සෑහෙන ලාභයක් තියාගෙන නිසා පාරිභෝගිකයා ඉන්නේ අසතුටින්, දුකින් හා මුදල් අපහසුවෙන්. අතරමැදියාට මේ තුළ ඇති ක්‍රියාදාමය අනුව ගාණ කපාගන්නවා මිස කිසි ගැටළුවක්, අපහසුතාවක් නොපෙනේ. (නි)
දැන් අර ප්ලාස්ටික් කූඩ එහෙමත් නැති නිසා එළවලු අපතේයනවා වැඩියි. (නි)
ඉස්සර ගෙදරක කැකිරි වැලක්, වට්ටක්ක වැලක් තිබුනා. මිනිස්සු නිකන් කන්න පුරුදු වුණාම ඕක තමයි වෙන්නේ (නි)