(තිහගොඩ - උපසේන ලියනගම)
බස්නාහිර පළාතේ විදේශීය භාණ්ඩ ආනයනයට සම්බන්ධ ආයතනයකි. විදේශවලින් යම් යම් භාණ්ඩ ආනයනය කිරීම සඳහා වාර්ෂික බලපත් දීම මෙම ආයතනයෙන් සිදුකළ අතර බලපත‍්‍රලාභී සමාගම් වාර්ෂිකව තම බලපත‍්‍ර අලූත් කරගත යුතු විය.
මෙම ආයතනය පසුගියදා නිවේදනක් නිකුත් කළේ වසරක් සඳහා දී ඇති බලපත‍්‍ර 2015 වසරට අලූත් කර ගන්නා ලෙසයි.
මේ නිවේදනය ලද එක් සමාගමක් තමා වෙත පසුගිය වසරේ දුන් බලපත‍්‍ර 2015 වසරට අලූත් කර ගන්නා ලෙසයි. මේ නිවේදනය ලද එක් සමාගමක් තමා වෙත පසුගිය වසරේ දුන් බලපත‍්‍රය පරීක්‍ෂා කළවිට අන්දමන්ද වූයේ එම බලපත‍්‍රය 2014.01.01 සිට 2405.01.01 දක්වා වසර තුන්සිය අනූ එකකට දිගු කර දී ඇති බව පෙනි ගිය හෙයිනි. තවත් වසර තුන්සිය අනුවක් තමාගේ බලපත‍්‍රය වලංගු බව එම සමාගම අදාළ ආයතනයට විහිළුවට කීවත් ඔවුන් සමාවගෙන එය නිවැරදි
කර දුන්නාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම වැරැද්දක් වුණාම මේ ආයතනයට යම්කිසි කාලසීමාවකට අලුත් බලපත්‍රයක් නොමිලයේ ලබාදිය යුතුයි. කාලයකට ඉස්සර නවසීලන්තයේ සංචාරයකට ආ කෙනෙකුට ගුවන් තොටුපළේදී වැරදිලා රටේ ස්ථිර පදිංචිය දෙන සීල් එක පාස්පොර්ට් එකේ ගහලා තිබුනා. ඒ නිසා ඒ කෙනාට රටේ ස්ථිර පදිංචිය දුන්නා වෙන කිසිම දෙයක් සළකන්නේ නැතුව (නි)
ඔය වගේ අත්වැරදි නොවෙන්නේ කාටද? නමුත් ආයතනය එම නිවේදනය යවන විට කියවා බැලිය යුතුය.එසේම සමාගම එම නිවේදනය ලැබුණු විටද කියවා බැලිය යුතුය. (නි)
අත්සන්කරන නිලධාරියා කියවා බලන්නේ නැතිකමයි මෙයට හේතුව. (නදී)
ගණන් ගන්න එපා. මුද්‍රණ දෝෂයක්. කියවා නොබැලුව එකේ වරද. (නදී)
රජයේ ඇතැම් ආයතනවල සේවකයන් කිසිම වගකීමකින් තමන් කරන දේ ගැන නිසි මානසිකත්වයකින් නොවෙයි වැඩ කරන්නේ. ඒ නිසා අපිට මෙවැනි දේවල් සාමාන්‍යයි අද රටේ (නදී)
යතුරුපැදි වලට ආසනපටි දඩකොළ වගේ මේ තවත් එකක් (නි)
අපෝ ඕවත් වැඩද. පහුගිය දවස්වල ජාතික හැදුනුම් පතේ පිරිමි ගැහැණු පවා මාරුවෙලා තිබ්බේ. (නදී)
රාජකාරියේ තරම පේනවා (නදී)
ස්වාමීන් වහන්සේලාට නැටුම් සාමාර්ථය දුන්න රටේ මේවත් වැඩද කිවුවලු (නි)