මරදානේ නේවාසිකාගාරයක සිටින විවිධ ආයතනවල තරුණයන් සිවුදෙනෙකි. එක් අයකු බෝඩිමේ හිමිකාරියට කිසිදා හොඳක් කීවේ නැත. බලපන් අපි ඉන්න කාමරවල හැටි. කුකුළු කූඩු වගේ. කිසිම පහසුකමක් නැහැ. ඒ වුණාට එක් කෙනකුගෙන් දෙදහස් පන්සීය ගානේ ගන්නවා. ආයෙත් වැඩි කළොත් නම් මම යනවා. ඔහු කීය.
අනෙක් තිදෙනා කිසිවක් නොකීවේ කොළඹින් බෝඩිමක් සෙවීම කළුනික සෙවීමටත් වඩා අසීරු බැවිනි. බෝඩිමේ හිමිකාරිය ඊළඟ මාසයේ සිට කුලිය රුපියල් තුන් දහසක් බව පවසමින් රතු එළියක් දැල්වූවාය. පෙරකී මිතුරා අනෙක් මිතුරනට මෙසේ කීය. ”මම බෝඩිමෙන් යනවා. හවස ඔයාලා බොරැල්ලට එන්න. අද මගේ ගානේ චයිනීස් රෙස්ටුරන්ට් එකකින් ඩිනර් එක ගමු.” සවස හයට මිතුරන් තිදෙනා බොරැල්ල මංසන්ධියට පැමිණියේ තිළිණයක් ද රැගෙනය. රාත‍්‍රී හත විය. මිතුරා පැමිණියේ නැත. ඔහුගේ ගමන් කථනයෙන් ද ප‍්‍රතිචාරයක් නොවීය. ”අට වෙනකන් බලමු” අයෙක් පැවසුවේ ඈනුමක් ද අරිමිනි. අටයි තිහ වනතුරු බලා සිටි ඔවුහු තෝසේ කඩයකින් රාත‍්‍රි ආහාරය ගෙන නේවාසිකා ගාරයට පැමිණියහ. කාමරයේ වැලේ තිබූ රෙදි රඳවන ක්ලිප් ද හැන්ගර්ස් ද බෝඩිම අයිති කාන්තාව තාවකාලිකව ඔවුනට ලබා දුන් බෝල කූඩු දෙකද, යනවා යැයි පැවසූ මිතුරාගේ ඇඳුම් බෑගය ද අතුරුදන්වී තිබිණි. වහා තරුණයෝ බෝඩිමේ හිමිකාරිය මුණ ගැසුණහ.
එවිට ඇය,
”ඔයාලා හරි ළමයි තමයි. බලන්නකෝ ”මුනේ” ළමයා යන්න ගියානේ. එයා කීවා බෝඩිම හොඳයි ඒ වුණාට එයා යන්නේ අනෙක් අය හින්දා කියලා. මෙතන සිගරට් බොනවලූ, අරක්කු බොනවලූ. ඒ විතරක්ද ඔයාලා මට හැමවේලේම බනිනවා කියලත් කීවා. පව් අහිංසක ළමයා” ඇය සුසුම්ලමින් පැවසුවාය. මිතුරන් තිදෙනාගේ මුව ගොළු වූයේ ඔවුන් කිසිමදාක ඇයට දොස් තබා නොමැති හෙයිනි. නිහඬව කාමරය තුළට පැමිණි ඔවුන්ගෙන් එක් අයෙක් ”අවංක මොළේ සදා ඇළේ” යැයි පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිනා...පිනා ගසා ගියේය. (නදී)
කතාවකට කියනවනේ ගහට ගහක් හමුවෙනවා මිනී පෙට්ටි සාප්පුවේදී කියලා. එදාට මිනිහව අල්ලගන්නයි තියෙන්නේ (නි)
හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට.(නදී)
මම මුනසිංහ නමුත් සමාවන්න (අ)
මේක අපිට පාඩමක්. හොද යාලුවෝ ආශ්‍රය කරන්න ඕනෑ. (නි)
කවදාවත් නරක වැඩකරන්න එපා අහුවුනාම දුක දැනෙනවා (අ)
අනේ ඔන්න මම කිව්වේ බොරු නෙමෙයි.නමුත් සමාවෙන්න. (නි)
මේකේ තියෙන්නේ කා ගැනද (අ)
මේක උනේ 2003, යාලුවෝ 3 දෙනෙක් සෙට් වෙලා බෝඩිමක් හෙව්වා, එක්කෙනෙක් තැන හොයාගත්තා, මාසෙට එක්කෙනාගෙන් රු 1500 යි. බෝඩිම හොයාගත්ත කෙනා තමයි බෝඩිමේ ආන්ටි එක්ක ඔක්කොම වැඩ කටයුතු කරන්නේ. මාස කිහිපයකට පස්සේ අර යාළුවා ලෙඩ උන නිසා අනිත් දෙන්නා 4500 ආන්ටි ට දුන්නම තමයි වැඩේ අහුඋනේ, බෝඩිමේ ගාන රු 3000, යාලුවෝ දෙන්නගෙන් 1500 ගානේ අරගෙන අනිකා නිකන් ඉඳල තියෙන්නේ, කැළණි කැම්පස් එකේ වෙචච දෙයක්.(නදී)
මම හිටපු බෝඩිමේ ඇන්ටි නම් හරිම හොඳයි. රෑට කමට වයන්ජනත් දෙනවා එය හදපු. තව ටික දවසක් හිටිය නම් දුවත් දෙන්න ඉඳලා තියෙන්නේ. එය ගත්තනම් මම අද නැහැ වගේ තමයි. ඔන්න බෝඩින් ඇන්ටිලා.(නදී)
මේ තුන් දෙනාට වුනේ අර බයිසිකල් අයිතිකාරයට වෙච්ච දේමයි. අහල ඇතිනේද? එක තරුණයෙක් ගේ ඉස්සරහ පිට එයාගේ බයිසිකලේ නවත්තල තිබුනා. ටිකකින් බලන කොට ඒක නැහැ. හැමතැනම හෙව්වා හමුවුනේ නැහැ. පැයකින් විතර බලනකොට මෙන්න තියෙනවා මිදුලේම. පොඩි ලියුම් කවරයක් තිබුනා ගැටගහලා. එකේ තිබුනේ නගරයට ඇවිත් තිබුන අලුත්ම චිත්‍රපටිය බලන්න යන්න ටිකට් දෙකකුයි, "මගේ දරුවා හදිසියේ රෝහලට රැගෙන යාමට ඔබේ බයිසිකලය අනවසරයෙන් ගෙනි යන්න වුනාට සමාවෙන්න. මේ ඒකට සුළු තෑග්ගක් " කියල තුන්ඩු කල්ලකුයි. තරුණයා නියමිත දවසේ බිරිඳත් සමග චිත්‍රපටිය බලන්න ගියා. ආපහු ගෙදර එනකොට මුළු ගේම සුද්දකරලා. මෙතන නම් ඒ වගේ හානියක් වෙලා නැහැ හොඳ වෙලාවට. (නදී)
බෝඩිමේ ඇන්ටිට බොරු කියපු එකට හිත හදාගන්න පුළුවන්. නමුත් චයිනීස් රෙස්ටුරන්ට් එකකින් ඩිනර් එක ගමු කියලා රස්තියාදු කරපු එකටනම් හිත වාවන්නේ නැහැ. කතාවකට කියනවනේ ගහට ගහක් හමුවෙනවා මිනී පෙට්ටි සාප්පුවේදී කියලා. එදාට මිනිහව අල්ලගන්නයි තියෙන්නේ. (නි)
”අවංක මොළේ සදා ඇළේ'.(නදී)
ධනු මහත්තයෝ, එහෙම වුනේ නැහැ. පස්සෙනේ කතාව එලිවුණේ (නි)
එකට කෑවත් බොක්ක වෙනස් කියන්නේ ඕක තමයි (නි)
අපේ නිවාස ලග බෝඩිමේ ඇන්ටි ගමේ යන දවසට හැමෝටම සංග්‍රහ කරලා 4 දෙනාම වෙන වෙනම හමුවෙලා කියනව, සුජි ළමයෝ මට ඔයා විතරයි විශ්වාස මම ගමේ ගිහින් එනකන් ගේ හොදට බලා ගන්න,. අනිත් ළමයි ගැන විශ්වාසයක් නැහැ කියලා. මේ කතාවම අනිත් ළමයින් 3 දෙනාටත් වෙන වෙනම කියනවා. ඇන්ටි ගමේ ගිහින් එනකන් තැඹිලි පොල් වෙනකල් හැමෝම ගේ හොදට බලාගන්නවා ඇන්ටිගෙන් ලකුණු දාගන්න (නි)
පිටිගල මහතයෝ ඉතින් ඊට පස්සේ මොකද කලේ බිත්තරේ ගිල්ල නේද .අර විසි කල කතාව නම් බොරු (අ)
උපාලි,ඔයා කිවේ ඇත්ත සිද්දියක්ද..?නැත්නම් සුරංගනා කතාවක්ද..?මොකක් උනත් මාර මොලයක් නේ ...!! (අ)
අපේ බෝඩිමේ ඇන්ටි එක දවසකට එක්කෙනෙක්ගේ බත් එකේ බිත්තරයක් යට දාල දෙනවා අනික් යට හොරෙන්. අපි ඇන්ටිගේ ගැටේට අහු උනා. හැබයි අන්තිමට අපිට තේරුණා ඇන්ටි එහෙම කලේ මොකටද කියලා. (අ)
මේ විදියට හරි එම කපටියගේ ඇසුරෙන් මිදෙන්න සිද්දවුණු එක ගෙන තුන්දෙනාම සතුටු වෙන්න ඕනේ.(ස)