(මොරගොල්ලාගම සිසිර කැලේගම)
මුඛ ආවරණයක් නොමැතිව ආයතනයකට ඇතුළුවීමට නොහැකිව අතරමං වූ පුද්ගලයෙකු බීඩියක් හිලව් පිණිස දී වෙනත් අයෙකු පැළඳ සිටි මුඛ ආවරණයක් තාවකාලිකව ඉල්ලාගෙන එම ආයතනයට ඇතුළු වීමේ පුවතක් ඇතුගල්පුරවරයෙන් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
ඇතුගල්පුරයට අයත් උපනගර සීමාවක පදිංචි පිරිසක් කොළොම්පුරවරයට රාජකාරිමය කටයුත්තකට ගොස් ඇත.
එදින රාත්‍රියේ එහි නවාතැන් ගත් පිරිසට හවස් යාමයේ මත් වතුර තොළ ගෑමේ අවශ්‍යතාවක් ඇති වුණි.
ඒ අනුව කණ්ඩායමෙන් මුදල් ඉල්ලාගෙන එක් අයෙකු අවට පිහිටි ‘‘සුපිරි වෙළෙඳසල’’ වෙතට පිය මැන්නේ අරක්කු බෝතලයක් ගෙන ඒම සඳහාය.
පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය ක්‍රම අනුගමනය කරමින් මීටරයක දුර තබාගෙන අරක්කු ගැනීමට තිබූ දිගු පෝළිම අතරට ඔහුද එක් වුණි.
පෝළිමේ රැඳී සිට ඇතුළු වීමට උත්සාහ කළත් මුඛ ආවරණයක් පැළඳ නොමැති නිසා ආරක්ෂක අංශයේ සේවයේ රැඳී සිටි කාන්තාවක ඔහුට ඇතුළුවීමට ඉඩ දී නොමැත.
වහා පෝලිමෙන් ඉවත් වූ ඔහු අවට සිටි අයෙකුගේ පිහිට පැතීය.
‘‘අයියේ මට උදව්වක් කරන්න. රාත්‍රි නවයට ආසන්නයි. මම ඉන්න සේවා ස්ථානයට ගොස් ආපසු එනවිට බාර් එක වහනවා. මට අරක්කු බෝතලයක් ගන්න ඇතුළට යන්න තාවකාලිකව අයියාගේ මුඛ ආවරණය දෙන්න.’’
එලෙස ආයාචනය කළ තැනැත්තා අතේ බීඩි කිහිපයක් තිබෙනු දුටු මුඛ ආවරණ පැළඳ සිටි තරුණයා බීඩියක් දුන්නොත් මුඛ ආවරණය දෙන බවට පොරොන්දු විය.
අත තිබූ බීඩි අතරින් එකක් වහා ඔහුට දුන්නේය.
ඒ අනුව එම තැනැත්තාද බීඩිය අතට ගෙන මුඛ ආවරණය ඉල්ලූ තැනැත්තාට එය ගලවා දුන්නේය.
එය පැළඳ ගත් ඔහු සෞඛ්‍ය ක්‍රම අනුගමනය කරමින් වහ වහා යළි පෝලිමට එක් වී අරක්කු බෝතලයක් මිලදී ගෙන පිටතට පැමිණියේය.
ඔයා නොහිටින්නට අද අපිට අඩියක් ගහන්න ලැබෙන්නේ නැහැ. කළ උදව්වට බොහොම ස්තුතියි කියා තාවකාලිකව පැළඳ සිටි මුඛ ආවරණය ගලවා එය හිමි තැනැත්තාට බාර දී ඔහු බෝතලයත් ගෙන පිම්මේ සේවා ස්ථානය වෙත ගියාලු.
මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟුලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බීඩියක් හිලව්වට දී මුඛ ආවරණයක් ණයට අරන්
කමල් Friday, 26 June 2020 04:38 AM
බේබද්දන් ගැන කාලකන්නි කථාවක්. මොනවටද මේවා?