හදිසි රාජකාරියක් සඳහා හදිසියේම නිවෙසින් බැහැරව යාමට සිදුවූ මාමා කෙනකු, එදිනට යොදාගෙන තිබූ තම නිවෙසේ ඉදිරිපිට තිබූ කරාබු ගස් දෙකේ කරාබු කැඞීම තම ආදරණීය බෑණාට පවරා නිවෙසින් බැහැරව ගොස් පැය කීපයකින් ආපසු නිවෙසට පැමිණි අවස්ථාවේ නිවස අභියසින් දක්නට ලැබුණු දෙය මාමාට අදහාගත නොහැකි විය.
මාමාට සිටියේ එකම දියණියකි. එබැවින් ඇය ගෙදරින් පිටතට යැවිය නොහැකි බැවින් බෑණා කෙනකු නිවෙසටම ගෙන්වා ගැනීමට මාමා කටයුතු කළේය. ඒ අයුරින්ම තමන්ට කීකරු බෑණා කෙනකු වැඩිකල් නොගොස් නිවසට ගෙන්වා ගැනීමට හැකිවූ අතර, බෑණා මාමාගේ අවවාද උපදෙස් අකුරටම පිළිපැදීම නිසා මාමා තම දියණියට වඩා බෑණා කෙරෙහි ලෙන්ගතුකමක් දැක්වීය.
මේ දිනවල කරාබු කැඩෙන කාලය විය. ඒවායේ මිල ද ඉතා ඉහළ මට්ටමක පැවතුණි. මාමාගේ නිවස ඉදිරිපිට ඇති කරාබු ගස් දෙක මුලූ වත්තටම තිබුණු කරාබු ගස් දෙකයි. ගස් දෙක නවා වැටෙන තරමට කරාබුනැටි තිබුණු හෙයින් ඔවුහු ඒවා සුරක්‍ෂිතව රැක බලා ගත්හ.
මීට දින කීපයකට පෙර මාමාත් බෑණාත් කරාබු කඩන්නට දින නියම කර ගත්හ. ඒ අනුව නියම කරගත් දිනයේ උදේ මාමාට හදිසියේ ම විශේෂ රාජකාරියක් යෙදී නිවෙසින් පිටතට යෑමට සිදුවිය. බෑණා ගේ බිරිඳ ද හදිසි අවශ්‍යතාවයකට නිවෙසින් පිටව ගොස් තිබිණි.
”පුතේ, මම හදිසි ගමනක් යනවා. එන්ට ටිකක් වෙලා යයි. මම එනකන් කරාබු ටික පුළුවන් විදියට කඩන්නැ” යි පවසා මාමා නික්ම ගියේ ය.
”හොඳයි මාමෙ, මම වැඬේ කරන්නම්” කියා බෑණා මාමා ගිය පසු කරාබු කැඞීමේ රාජකාරිය පටන් ගත්තේය. ඔහු පොරවක් ගෙන කරාබු ගස් දෙක මුලින්ම කපා බිම හෙළුවේය. ‘මාමා එන්න ඉස්සර මම කරාබු ටික කඩාල ඉවර කළා නම් මාමා හොඳටම සතුටු වේවි’ කියා සිතූ බෑණා ලහිලහියේ බිම ඇද වැටී තිබුණු කරාබු ගස් දෙකේ කරාබු කඩන්නට විය. නමුත් කරාබු ගහක කරාබු නැටි කඩන්නත් පෙර මාමා නිවසට ළඟා විය.
”මගේ බුදු බෑණෝ මොකක්ද මේ උඹ කරපු අලූගෝත්තර වැඬේ. මෙච්චර හොඳට තිබුණු කරාබු ගස් දෙක පත බාලා තියෙන්නේ” යැයි මාමා මොරදෙන්නට විය.
”ඇයි මාමාමනෙ කිව්වෙ කරාබු ටික කඩන්න කියලා. මට ගස් නගින්න පුලූවනෑ. ඉතින් මම ගස් දෙක බිම දාලම කරාබු කඩන්න පටන් ගත්තා”
මාමාට කිසිවක් කර කියා ගත නොහැකි විය. සුලූ මොහොතකින් දියණිය ද නිවෙසට පැමිණියාය. කිසිවක් කරකියා ගත නොහැකිවූ ඔව්හු තිදෙනාම එක්ව කරාබු කඩන්නට වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැලපෙන මාමයි බෑනයි (දී)
බෑනා නියම වැඩේ තමයි කරලා තියෙන්නෙ.!(නු)
ඔය දේ වුණේ කොහේද දන්නෙ නැහැ. මටත් බැරිද දන්නෙ නැහැ ඔය අහළ පහළින් ගෙයක් ගන්න? (නි)
තාරාවගේ රන් පිහිටු කතාව වගේ . (ස)
බෑනා වුණත් වැස්සකටවත් ඉස්කොලේ ගිහින් නෑ වගේ (ස)
බොරුනේ.. (ස)
මම හිතුවේ වෙන කතාවක්. (නි)
හරි බොළද බබා කතාවක්. (නි)
දොම්පෙට යන පාර කොයිබදෝ..... වගේමයි. (නි)
මගේ බුදු බෑනෝ.....මොකද මේ කරේ (ස)
මට හිතාගන්න පුළුවං මේ පුද්ගලයාගේ මානසිකත්වය.. ඒ වගේම අර මාමත් බෑනෙක්ව හොයලා තියෙන්නේ වරදට සමාව දෙන කෙනෙක්ද කොහෙද(නු)
ඕක ඉතින් දෙයියෝ සාක්කි එකට දාන්න තරම් ලිපියක් නෙමෙයි.(නදී)
අර රජතුමා මැස්සෝ මරන්න වදුරට කඩුව දුන් හැටි මතක් වුනා. ඒ වදුරා නැවත ඉපදිලා.(නදී)
අපි රැවටෙයි ඔවට. (ස)
දුව දෙන්න කලින් බෑනට ගස් නගින්න පුරුදු කරන්න.(නදී)
මේක ලියන්න ඇත්තේ නැන්දම්ම නේද?(නු)
අනිවාර්යයෙන්ම කියන්න ඇත්තෙ නැන්දම්මා..!(නු)
මේක ලියන්න ඇත්තෙ නැන්දම්මාම තමයි..!(නු)
නැන්දා ගෙදර හිටියා නම් ගස් දෙක බේරගන්න තිබුණා. (නි)
නියම කතාව (දී)
බොරු බොරු..... (ස)
මට මේක දැක්කහම පරණ බණ කතාවක් මතක් වෙනවා (ස)
තවමත් අපේ රටේ මේ වැනි මිනිසුන් ඉන්නවාද? ආශ්චර්යයක් කරා නිතරම කෑ මොර දෙනවා අවාසනාවකට හරිම කණගාටුයි..!(නු)
මෙයා හරි බෑනෙක්නේ . කාන්තාවනම් මෝඩයි වගේ (ස)
මෙයානම් මනුස්සයෙක් නෙමෙයි (ස)
මේ වගේ මෝඩයෝ අපේ ලංකාවේ තවත් ඉන්නවද?????? (ස)
මටත් හිතෙන්නෙ හේමන්ත කියන දේමයි. ගොතාපු කතාවක් වගේ. අතු ටික කපල තිබ්බා කිව්වනන් පොඩ්ඩක් විශ්වාස කරන්නවත් තිබුණා. (ස)
ගෙදරක නතරවෙන බෑනා කෙනෙකුගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ (ස)
නියම මාමයි බෑනයි (දී)
දැන් මිනිස්සු මෙච්චරම මෝඩ නෑ (ස)
මේකනම් බොරුවක් වගේ (ස)
මෙච්චරටම මෝඩ මිනිස්සු ඉන්නව කියලනම් හිතෙන් නෑ.. මේක හොදයි පොඩි ළමයෙකුට කියල දෙන කතන්දරයකට... (ස)
මේක මහදැන මුත්තගේ ළමා කතාන්දරයක්ද ? (ස)
දැන් මිනිසුන් මෙතරම්ම මන්ද බුද්ධිකදැයි යන්න විශ්වාස කළ නොහැකි දෙයකි. (නි)
අපි නොදන්න මොනර තැන්න (ස)
හරිම බොළඳ කතාවක් . (ස)
අපි රැවටෙන්නේ නෑ (ස)
මදෑ ඔයින් ගියා... (නි)
මාමයි බෑනයි (දී)