අලූතින් ඉදිවන ගොඩනැගිල්ලක සේවය කරන තරුණයන් කිහිප දෙනෙකි. ඔවුනට ආහාර සැපයුම්කරුවකු විසින් ආහාර සපයනු ලැබිණි. ඔහු නිරතුරුවම පැවසුවේ තමා අන් අයට වඩා පිරිසුදුවට ආහාර සපයන බවයි. එසේ වුවත් පසුගිය දිනෙක ආහාර පැකට්ටුවක පණුවෙක් දක්නට ලැබිණි. වහාම ඔහුට ඇමතුමක් දුන් තරුණයෙක් ‘‘බලන්න අන්කල් බත් එකේ පණුවෙක්නේ කොහොමද මේවා කන්නේ? යනුවෙන් විමසීය. ”ඒක වෙන්න බැහැ මල්ලී මම දවසකට කෑම තුන්සීයකට වැඩියෙන් බෙදනවා. කිසිම කෙනෙක් දොසක් කියලා නැහැ’’ ඔහු පිළිතුරු දෙමින් කීය.
”එන්නකෝ පෙන්වන්න” තරුණයා පැවසූ විට සැපයුම්කරු එතැනට පැමිණි අතර තරුණයා බත් පතේ සිටි පණුවා පෙන්වීය. පණුවා අතට ගත් සැපයුම්කරු පණුවා පොඩිකර ‘මේක බත් ඇටයක්’’ යැයි පවසමින් විසිකර දැමීය. පසුව හෙතෙම ‘‘අපේ ඇඟේ කොච්චර පණුවෝ ඉන්නවාද දැන් ලෝක සෞඛ්‍යය සංවිධානයෙනුත් කියන්නේ පණුවෝ කැරපොත්තෝ කෑවට කමක් නැහැ කියලා. බත් එකේ පණුවෙක් හිටියානම් අයින් කරලා කන්න එපායැ”. ඔහු පැවසීය. තරුණයා ද නිකන් හිටියේ නැත.
‘‘කැරපොත්තෝ, පණුවෝ ජපානේ, චීනේනම් කනවා ඇති. මේක ශ්‍රී ලංකාව. පණුවෙක්, කැරපොත්තෙක් බත් එකේ හිටියොත් උසාවි ගිහිල්ලා තමයි නවතින්නේ’’ යැයි කීය. එවිට ආහාර සැපයුම්කරු ‘‘වම්බටු ගෙඩියක, බණ්ඩක්කා කරලක පණුවෝ ඉන්නවා. ඒක කාටවත් වළක්වන්න බැහැ. අනෙක පණුවෙක් කැවුණා කියලා මිනිහෙක් මැරෙන්නේ නැහැනේ. යනුවෙන් පැවසීය. ‘හරි හරි අංකල් ආයේ කෑම එකේ මොකෙක් හරි හිටියොත් මම කෑම එක අරගෙන පොලිසියට යනවා’ තරුණයා පැවසූවිට ආහාර සැපයුම්කරු පිටව ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පනුවෝ සමග කෑම කෑවට කමක් නැද්ද? මේ ගැන සොයා බලන්න ලංකාවේ කව්රුත් නැද්ද?(නදී)
රූපවතී අක්කේ,තරහ ගන්න එපා.වයසට යයි. (දී)
මුන් ටික එකතුවෙලා මාව හොදට රොස්ට් කරලනේද ..? රොස්ට් කරපු කුකුළා බැදලා නෙමේ ...යෝදයිනේ කියල තියෙන්නේ ? බැදපු එකෙක් පාර්සල් කරලා කියල තියෙන්නේ, කී බෝර්ඩ් එකෙන් අකුර හරියට අවේ නැහැ .(අ)
රුපවති තෙල් බේරෙන්න බැදපු ආදෙකුට කැමති නැද්ද? (නි)
කිතුලට නැග්ග මිනිහත් කිව්වලු රා බොන්න නෙමේ නැග්ගේ තණකොළ කපන්න කියලා. කන්නේ පනුවෝ බොන්නේ වැසිකිලි වතුර. ආශ්චර්යමත් ශ්‍රී ලංකාවේ වෙන දේවල්.(නදී)
ආහ් එහෙනම් පණුවටත් තව කීයක් හරි වැඩිපුර ගෙවන්න ඇති. (දී)
රූපවතී අක්කගේ බත් පාර්සලය නැගලා යනවා වගෙයි! කොහොමද බිස්නස් එකක් පටන් ගත්තා නම්? "රූපා බත් පැකට්" වගේ නමක් දාලා (නි)
රූපවති, මම රෝස්ට් කරපු කුකුලෙක් අල්ලාගෙන එන්නම්.ඔය ඌව මරලා බැදලා දෙනවද? (නි)
මම මෙච්චර කල් හිතන් උන්නේ රූපවතී අක්කා වෙජිටේරියන් කියලනේ. අද නොවැ දන්නේ මස් ජාති කන විත්තිය. (නි)
රූපවතී රෝස්ට් කරපු කුකුලෙක් මොකටද ආපහු බදින්නේ. සිංහල ඉංග්ලිෂ් කලවමේ ලියන්ට ගියාම ඔහොම වෙනවා.(නදී)
මට පේන විදයට රුපවති කන්නේ ජරාවම තමා. මෙයාට විරුපවතී කියලා නම දැම්මා කම් හරි.(නදී)
අර සැපයුම්කරුට කවන්න තිබ්බේ පනුවත් එක්කම බත් එක. බොරුවට රන්ඩු වෙන්නේ නැතුව ඒවගේ දඩුවම් තමා දෙන්න ඕනෑ ඔය වගේ මිනිස්සුන්ට. (නි)
රූපවතීට නිකම් ඇඹුල් කන්න වගේ ආශාවක් නැද්ද?(නදී)
රුපවති අක්කේ ලුනු කපල මිරිස් කපල තුනපහ ලැස්ති කරලා තෙල් රත්කරලම වැවට පනින්න මොකද මාලු අහුවෙනෙක සුවර්නෑ (අ)
රතු ඉන්දියන් චීන්නු පනුවෝ කනවා චීන්නු පනුවෝ කලා අබයාවකසයත් ජයගත්තා .පනුවට අපහාස කලාට අපි අදින ඇදුම් බොහොමයක් නිපදවන්නේ පටපනුවගෙන් අපේ රටේ අය පනුවෝ නොකන නිසා හැමතැනම පනුවෝ දේසපාලනය පනුවෝ ගහල ,පොලිසිය පනුවෝ ගහල අනෙකුත් ආයතන බොහොමයක් පනුවෝ ගහල .හෝටල් වලත් පනුවෝ බැලු බැලු අත පනුවෝ නිසා බත් එකට පණුවෙක් වැටෙන්න ඇති .අපි පාසල් යනකාලේ පණුවන්ට ඇන්ටිපා කියල බෙහෙතක් දුන්නා දැන් ලංකාවේ සතර දෙසින් වාර්තාවන අපරාද දෙස බලන විට ලංකාවේ ඉන්න සමහරු සිව්පා නිසා ඇන්ටිපා නතර කරලා .රුපයට ආදරය කරන අයගේ ආදරය මියගොස් සතියෙන් පනුවාට වෙනස් කළහැකි බව සිහි තබා ගනිමු .(අ)
රූපවතී අක්කේ ඔය රෝස්ට් කුකුලට වැඩිය හොඳ නැද්ද කොරලි හබලි වගේ හොඳ වැව් මාලු කැල්ලක්. ඔයාට දිය බුන් ගහන ගමන් අල්ල ගන්නත් ලේසියි.(නදී)
කලින් නම් ශ්‍රී ලංකාවේ ඕවා වැරදියි. දැන් එහෙම නැහැ. දැක්කනේ ගම්පහ බැලුම්මහර වුනු සිද්ධිය.(නදී)
දැන් ඉන්න ව්‍යාපාරිකයෝ ඔහොම තමා. වැරිදි කිය කියා දැන දැන වැරැද්ද කරනවා. බොරුව සදාරනීකරණය කරනවා. ටොයිලට් පේපර්ස් ඉල්ලපුවහම සෑන්ඩ් පේපර්ස් ආදේශකයක් විදිහට දෙන රටක්. කිසිම තේරුමක් නැ එත් වැඩේ එහෙම යනවා. මුදලට නිතිය දැන් නැමෙනවා.(නදී)
ඇත්තටම .. කාටවත් බැරිද බැරිවෙලා, බත් එකට හොදට රොස්ට් කරපු කුකුලෙක් බැදල දෙන්න? අපිත් ආසයි මොකද වෙන්නේ කියල බලන්න ? (දී)
රූම්, ඔයා මොනවා කරන කෙනෙක්ද? (නි)
වැඩේ නම් ටිකක් වැරදි තමා. නමුත් ඉඳලා හිටලා ඔයවගේ දේවල් සිද්ද වෙනවා. වැරද්දක් නොවී හැම තිස්සෙම දෙයක් හරියට කරන්න අමාරුයි. නමුත් කොහොමද වැරදිලාවත් බස් එකේ කුකුලෙක් එහෙම හිටියනම් ?(නදී)