හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
පාරිභෝගික අධිකාරියේ නිලධාරින්ට බියෙන් බිත්තර පෙට්ටිය කඩේ පිටුපස ලඳු කැලෑවේ සැඟවූ ව්‍යාපාරිකයකුට ලැබුණ අපූරු දඬුවමක් පිළිබඳ කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ.
විවිධ ක්‍රම මගින් මුදල් ඉපයීම සිදුකළ පුද්ගලයකු සිල්ලර සහ කුකුළු මස් කඩයක් පටන් ගත් අතර කිසිදු දෙයක් අඩු මිලට එහි අලෙවි නොකළේය. සෑම අවස්ථාවකම අසීමිත ලාබයක් උපයා ගැනීම ඔහුගේ අභිලාසය විය.
මැදිවියේ පසුවූ මුදලාලිගේ බිරිය රූමත් තැනැත්තියක වූ අතර ඇය ද මුදලාලිට දෙවැනි නොවන ලෙස වෙළෙදාම්වල නිරතවූවාය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෝ නගර සභාවේ නිලධාරීන් හෝ පැමිණෙන බවට ආරංචියක් ලැබුණු දිනවලදී වෙළෙඳසල වසා තැබීමට ව්‍යාපාරික යුවළ අමතක නොකළහ.
බිත්තර සහ කුකුළු මස් ඉතා ඉහළ මිලකට අලෙවි කිරීම පිළිබඳව ප්‍රදේශයේ නමක් දිනා සිටි වෙළෙඳසලක් වන මෙය සතිපොළ පැවැත්වෙන දිනට අනිවාර්යයෙන්ම විවෘත කර තැබීමට මුදලාලි වගබලා ගත්තේය. පොළ දවසේ දහවල් වන විට පාරිභෝගිකයන්ගෙන් වෙළෙඳ සල පිරී ගොස් තිබූ අතර වෙළෙඳසලේ දුරකථනයට ලැබුණු ඇමතුමක් නිසා මුදලාලි දැඩි කලබලයට පත්විය.
බිරියගේ කනට කොඳුරා යමක් පැවැසූ මුදලාලි කඩේ කෙළවරක තිබූ බිත්තර පෙට්ටිය ද රැගෙන පිටුපස දොරෙන් පිටව ගියේය. මද වේලාවකින් නැවත පැමිණ සුපුරුදු පරිදි වෙළෙදාම් කටයුතු කළ අතර පැය දෙක තුනක් ගත වුවද දුරකථන ඇමතුමෙන් ලද පණිවිඩයට අනුව පාරිභෝගික අධිකාරියේ නිලධාරින්ද පැමිණියේ නැත.
මුදලාලිට බිත්තර පෙට්ටිය සිහිවූයේ පාරිභෝගිකයකු පැමිණ බිත්තර පිළිබදව විමසීමෙන් පසුවය. කලබලයෙන් වෙළෙඳසල පිටුපසට ගිය මුදලාලිට දෙවියන් සිහිවිය. කඩේ පිටුපස ලඳු කැලෑවේ සඟවන ලද බිත්තර පෙට්ටිය පෙරළා ගෙන බල්ලන් සහ කබරයන් කන අයුරු දුටු මුදලාලිට උන්හිටි තැන් අමතකව උස් හඬින් විලාප තැබුවේය.
කඩය තුළ සිටි පිරිස සහ බිරිඳ දිවගොස් බලන විට මුදලාලි ඉතිරිවී තිබූ බිත්තර තුන හතරක් එකතු කරන අයුරු දැකගත හැකි විය.
සිදුවී ඇති කාරණය පිළිබඳව පිරිසට අවබෝධ කර ගැනීමට වැඩි කාලයක් ගත නොවූ අතර එදින වෙළෙඳසල කල් ඇතිව වසා තැබීමට දෙදෙනා කටයුතු කළහ. බිත්තර පෙට්ටිය සැඟවීමේ කතාව ලැව්ගින්නක් සේ ගම පුරා පැතිර යාමට වැඩි කාලයක් ගත නොවූ අතර දුරකථන ඇමතුම් ලබා දී බිත්තර නැද්දැයි විමසන අවස්ථාවලදී මුදලාලි ලුණු ඇඹුල් ඇතිව පිළිතුරු දෙන බව ද සැලවේ.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බිත්තර හැංගු මුදලාලිට බලු රැලක් දඩුවම් දීලා