දකුණු පළාතේ වියළි කලාපයට ආසන්න ස්වේච්ඡා සංවිධානයක පිරිසක් පසුගියදා විනෝද චාරිකාවක නිරත වෙමින් තෙවන දිනයේ රාතී‍්‍ර නතර වූයේ උතුරු මැද පළාතේ ප‍්‍රධාන නගරයක් අසලවූ පන්සලකය.
සෙසු අය රාතී‍්‍ර කෑම පිළියෙළ කරද්දී කණ්ඩායමේ තිදෙනෙක් අසල නිවෙසක තිබූ කුඩා ප‍්‍රමාණයේ ඡන්ද ප‍්‍රචාරක රැස්වීමකට ගියේ කාලය ගත කිරීමටය.
මේ තිදෙනා ඉතා උනන්දුවෙන් රැස්වීම නරඹනු දුටු සංවිධායකවරයා ඔවුන් ගේ පිටුපසට කැඳවූයේ සංග‍්‍රහයක් ඇති බව පවසමිනි. එහි මත්පැන්ද නොඅඩුව තිබිණ. මතට ලොල්වූ මේ තිදෙනාට උන්හිටි තැන් අමතක විය.
මැදියම් රෑ වනතුරුත් කණ්ඩායමේ තිදෙනකු රෑ කෑමට නොපැමිණි නිසා චාරිකා සංවිධායකයන් දෙදෙනකු ඔවුන් ගැන සොයමින් මග දිගේ එනවිට මේ තිදෙනා තම කමිසද ගලවා කරේ දමාගෙන වැනි වැනී එන ආකාරය දුටු සංවිධායකවරුන්ට දෙවියන් සිහිවුනාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහන්, ඔයාගේ ප්‍රතිපත්ති වෙනස් කරන්න එපා. යාලුවෝ කියන මාළුවෝ ටික වෙනස් කරලා බලන්න . ඔබට ජය ! (ස)
මම හිතන විදිහට ලංකාවේ සෑහෙන කොටසක් බීමට ඇබ්බැහි වෙලා. මරණ ,මගුල් ,දාන ගෙයක් යන්න කලින් හොයා බලන්නේ එතන හැමදේටම කලින් බොන්න තියනවාද කියලා.ගොඩක් දෙනෙක් කියන්නේ බොන්නේ හැමදේම අමතක වෙන්න කියලා.එතන අමතකවීමක් නෙමෙයි මොළය විකෘතිවීමක් වෙන්න ඇති.ඒකනේ මේ අය සැණින් පෙළඹෙන්නේ අපරාධ වලට. (නි)
මේක වෙන්න ඇත්තේ දඹුල්ලේ, සීගිරිය හෝ රාජාංගනය වැනි පෙදෙසකයි. මේ පළාත් අයිති මධ්‍යම හා වයඹටයි.(නදී)
මම දන්නා විදිහට අරක්කු වර්ග 2ක් තියනවා. එකක් නීති විරෝදී අරක්කු අනිත් එක රජයේ අරක්කු නීති විරොදි අරක්කු වලට කියන්නේ කසිප්පු එසේ නැත්තම් සුදුවා කියලත් කියනවා. පොදුවේ මේ දෙකටම නැටුම් තෙල් කියලත් කියනවා. රජය පෙරුවොත් අරක්කු වන මෙම මත් ද්‍රවිය ගම්මුන් පෙරනවිට කසිප්පු බවටත් නීති විරොදි බවටත් පරිවර්තනය වෙනවා. කසිප්පු නිෂ්පාදනය කරන විට මෙයට නොයෙක් විෂකාරක මිශ්‍ර කරනවා. උදාහරණයක් ලෙස යුරියා, කටු කම්බි සහ මෙය පදම් වීමට කාලයක් තබන විට මෙයට එකතුවන සර්පයන් සහ කෘමින් මගිනුත් අපි නොදන්නා විෂකාරක නිෂ්පාදනය වෙනවා. රජයේ නිෂ්පාදනය කරන මත් වතුර අහවල් කල් දේරමේ අහවල් කාලයක් පල් කරන ලද බව සදහන් උවත් පිටරටින් ගෙන්වන විෂ ද්‍රවිය යොදා නිෂ්පාදනය කරන බව පසුගියදා වරායෙන් හමු වූ කන්ටේනරය සාක්කි දරනවා .පන්සිල් පද පහේ අන්තිම පදය කැඩීමේ විපාකයට රටත් වැසියනුත් රටේ සංස්කෘතියත් අගාදයට තල්ලු කරීමේ රජයේ අනුමැතිය ලත් මත් ද්‍රව්‍ය ලේබලය ඍජුව දායකවන බව කණගාටුවෙන් යුතුව ප්‍රකාශ කල යුතුයි. මතට තිත වැඩසටහන රජය ප්‍රකාශයට පත් කලේ රජයේ ආයතනය එදාට වඩා අද මත් ද්‍රව්‍ය නිෂ්පාදනය කරමින්ය. එය කෙසේද යත් රජය හෙළුවෙන් සිට රටවැසියන්ට විලිවහගන්න උපදෙස් දෙමිනි.(නදී)
වරුණ මළගෙවල්වල බෝතල් පාටි දන ඔහීල සදාචාරය ගැන කියන කතා අහල මට දෙකොනින් හිනා යනවා (අ)
අර මොකාගෙද මතට තිත ඇත්තෙ කොහේද (අ)
අද හැමදේටම ඉස්සර කරගන්නේ බෝතලය තමයි (නි)
පහන්ගේ කතා පොතෙන් තවත් රස කතාවක් (නි)
තුන් වැනි සිකපදය නොකිව්වා නම් පහට වඩා දේ අමතක වෙනවා. (නි)
ප්‍රශ්නේ තියෙන්නේ මේක විනෝද සවාරියක් ද වන්දනා ගමනක්ද කියන එකයි. අන්න එතන ඉස්සෙල්ලා හදා ගන්න . (නි)
ඔව් අරුණිගේ වලටත් බහින්න මම පුල පුලා බලා හිටිනවා මොකද කියන්නේ අරුණි හාරමුද දෙන්නත් එක්ක ? (ස)
පහන් මල්ලි , ඔයාගේ කතානම් නියමයි හොදේ !!! හැමදාම ලියන්න ඔයාට ලස්සන අනාගතයක් පතමි
මම අත්දැකීමෙන් දන්නවා දැන් හැදෙන තරුණ කොල්ලෝ බොහෝමයක් බොන්නේ නැ. (ස)
කව්ද?..මොනවද කියන්නේ...? එන්න එපා ඕවට, තේරුනාද? එක්කගෙන යනවා බාර් එකට..... (නි)
මොනවා කරන්නද ඉතින් ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ. (ස)
රුවන්, ඔබව කොන් කරන්නේ මත්පැන් බොන මෝඩ යහළුවෝ මිසක් බුද්ධිමත් යහළුවෝ නොවෙයිනේ? කණගාටු වෙන්න එපා. ඔබට යහපත් අනාගතයක් සිකුරුයි. (ස)
21 සිය වසේ ශ්‍රී ලාංකීය දේශාපලන සංස්කෘතිය. කවද්ද අපි ගොඩ එන්නේ ? බෝතලේට රටේ අනාගතය පාවලා දෙනවද? තීරණය ඔබ අතේ.(නදී)
මේගොල්ලෝ විනෝද ගමනක් ගිහින් තියෙන්නේ. එත් වැඩේ වැරදියි.(නදී)
මේ වගේ කතා 1980 ගණන් වලත් තිබුණා (නි)
මම මත පැන් දුම් වැටි වලට ඉතා විරුද්ධයි. ඒත් උසස් පෙළ පන්තියේදී මම දැරුවේ ඕකේ අනිත් පැත්ත. හැබැයි උසස්පෙළ පන්තියේදී මතට විරුද්දව හිටපු බොහෝ දෙනෙක් අද හොදටම බොනවා දවසක් අපි විනෝද චාරිකාවක් සුදානම් කරන්න කතා උනා ගුරුවරු එකගතාවය පලකලත් තරයේ කියා සිටියේ මත්පැන් පානය ගෙනයාම සහ මගදී මිලදී ගැනීම නොකළයුතු හා තහනම් බවයි. අපිත් හා කියල ගමන පිටත් උනා නිට්ටබුව හරියේදී අපේ නඩේ කොල්ලෙක් හොද විස්කි බෝතලයක් අරන් සර් ගාවට ගිහිල්ල සර් මේන් එකෙක් බෝතලයක් ගෙනල්ලනේ මොකද කරන්නේ කියල .හා හා වැඩිය වෙරි වෙන්නේ නැති වෙන්න බීපල්ලා කිව්වා .දැන් කොල්ලොන්ටත් ටිකක් වෙරි මෙන්න එකෙක් ආයිත් බෝතලයක් අරන් සනී සර් ගාවට යනවා සර් මේ තව එකක් තියනවා සර් ලට කියල. හා හා තියල පලයන් කිව්වා. මෙන්න පිළිම තලාව පහුවෙනකොට සනී සර් අහනවා පුතේ ගෙනාපුවා ඉවරද ?(ඒ යුගය අපිට ආයේ ලැබෙන්නේ නැහැනේද කියල හිතෙනකොට විශාල හිස් බවක් දැනෙනවා ) (නදී)
ඉස්සර අපේ බාප්පා වෙන කෙනෙක් හිටියා කොහේ ගියත් "රා" පොට් එකක් හොයාගන්න යන්නේ විනාඩි ගානයි. ආයි එතනින් ගන්නවා බොරු. දැන්නම් බාප්පත් නැහැ, "රා" පොටුත් නැහැ.(නදී)
හොඳ වෙලාවට බාප්පයි.., රා පොට් එකයි .., දෙකම නැති වුනේ !! තිබුනා නම් අපේ සරත් මල්ලිට වෙන්නෙත් ඒකම තමයි නැද්ද සරෝ ....? වරුණ මල්ලි !! ඔයාගේ අදහස හොඳයි ''නියමයි '' (ස)
වරුණ මම නම් දකින්නේ මේ විදිහටයි. හැම දෙයක්ම නීති වලින් තහනම් කරන්න බැහැ. පාවිච්චි කරන අය තමන්ගේ සීමාවල් දැනගන්න ඕන. මත් පැන් අපේ රටේ සම්පුර්ණයෙන් තහනම් කලත් වෙන වෙන විදි වලට ක්‍රම හොයා ගනී. සමහරවිට සල්ලි තියන මනුස්සයින් බොයී. මම නම් මගේ සීමාව දැනගෙන පාවිච්චි කරනවා.(නදී)
අපේ රටේ හෙළයන් මොනතරම් බල සම්පන්න වුනත් මත් බෝතලය ඉදිරියේදී බලු වෙනවා. (නදෟ)
තාවකාලික සතුට වෙනුවෙන් ජීවිතය සදාකාලික දුකක් කරගන්න මිනිස්සු ගැන දුක් සහිත කතා අපි ඕන තරම් අහල තියනවා. මේවා වලට ගැති නොවී සමහරු ඉන්න නිසා මේවට ඇබ්බැහි වෙන අය ගැන මෙයට වඩා හොයන්න වෙනවා.(නදී)
උතුරු මැද පළාතේ කොහෙද ඡන්ද ප‍්‍රචාරක රැස්වීම් තියන්නේ? (නදී)
මට ආරංචි ඔයත් ඔපිස් එකේ මහත්තයෙකුගේ ගෙදර ටොයිලට් වලකට බැස්ස කියල. හික් හික්! එකත් කලේ බෝතලයකටද?(නදී)
දැන් උතුරු මැද ජන්දයක් තියෙනවද? (නදී)
අද ඔන්න ඕක තමයි රටට තියෙන එකම කොඩි විනේ. පවුල් විනාස වෙලා යනවා. දරුවෝ මහපාරට වැටිලා අනාත වෙනවා . අපේ පාලකයන් නම් කියන්නේ මතට තිත කියලයි. ඒ වුනාට මට නම් පෙනෙන්නේ මතට කොමාවක් වගෙයි. අපේ සමහර උදවියට පොඩි ෂොට් එකක් දාගත්තම උන්හිටි තැන් අමතක වෙනවා. ගෙවල් දොරවල් බිරිද දරුවෝ සියල්ලම නැති ගානට තමා වැඩ. සමහර මිනිස්සු ඉන්නවා බෝතලයක් දෙනවා කිව්වොත් වැසිකිලි වලකට හරි බහිනවා.(නදී)
ඕනෙම දෙයක සීමාවක් තියෙනවා . මෙතෙනේදී ඒ දෙය විශේෂී. මොකද තරම දැනගෙන වගේම කාටවත් කරදරයක් නොවෙන විදිහට මේ දෙය පාවිච්චි කෙරුවට කමක් නැහැ. නමුත් තමාගේ ශරීර සෞඛය ගැනත් හිතලා. (ස)
මම අරක්කු සිගරට්, බියර් කිසිවක් පාවිච්චිකරන්නේ නැහැ. නමුත් මම ඉන්නේ හුඟක් කලකිරීමකින් මොකද මගේ යහළුවෝ මාව නිතරම කොන් කරනවා අරක්කු බොන්නේ නැති නිසා. ඒ අය මට කියන්නේ අරක්කු බොන්නේ නැත්තේ මෝඩයෝ .කියලා. කිසිම වරදක් නොකරන එක සමාජයේ කොන්වීමට හේතුවක්ද?(නදී)
නියමයි රුවන් ඔයාගේ ස්ථාවරයේ ඔයා ඉන්න .මමත් ඔයා කතාව අනන්තවත් අසා තිබෙනවා. මම කියන්නේ නැහැ මම නොබිව්වා කියලා මම නොමැරෙන මිනිහෙක් කියලා .මම කියන්නේ මට සල්ලි දීලා මැරෙන්න ඕනේ නැහැ කියලා .අර කකුළුවෙක් කෙලින් යන්න ඉගෙන ගත්තලුනේ ,අනිත් උන් ඌට අංග විකලයි කිව්වලු. (ස)
රුවන්, බොන අය අතරේ නොබී ඉන්න පුළුවන් නම්, හොරකම් කරන අය අතරේ හොරකම් නොකර ඉන්න පුළුවන් නම්, වැරැදි කරන අය අතරේ වැරදි නොකර ඉන්න පුළුවන් නම්, එයා උතුම් පුරුෂයෙක් . ඔවුන් ඔබව කොන් කලාට කමක් නැහැ. (ස)
රුවන් ඔයා නියම පොරක් මමත් ඔය කියන දෙය පිලිගන්නවා. මටත් ඔය ගැටලුව තියනවා. ගණන් ගන්න එපා. (අ)
රුවන්, ඔබ නොවයි ඒ අය කොන් කරලා තියෙන්නේ. ඒ අය අදහනවා කියන ආගමයි. මැරුණු දවසටත් ඒ අය වගේම යාළුවෝ නෑයෝ හොඳට බීල එකතුවෙලා නිවන් සැප ලැබේවා කියල බැනර් ගහයි. නමුත් උන් සියල්ලම අපායේ හෝ තිරිසන් ආත්මවල උපදිවී. සංසාරේ අනන්ත දුකට පත්වේවි. ඔයාට එහෙම වෙන්න විදියක් නැතිනිසා මතුවටත් ඔයා ඒ අයගෙන් කොන්වෙනවා. ඔබට යහපතක්ම වේවා.(නදී)
හැබැයි රුවන් මමත් ඔයා වගේ කිසි දෙයක් පාවිච්චි කරන්නේ නැහැ ඒත් ඔය හැම දෙයක්ම සෑම යාලු මිත්‍රයෙක්වම මම ආශ්‍රය කරනවා. කිසි අවුලක් නැහැ. එතන කොන්වීමක් වෙන්නේ තමන්ගේ වැරදි චින්තනයයි.හැබැයි බිව්වහම ඒගොල්ලෝ ගෙන මෝඩ තර්ක වලට අපි කෙලින් උත්තර දුන්නම ආයේ එහෙම වෙන්නේ නැහැ. (ස)
වරුණ, අර මං කිව්ව කතාව ඇත්තද? අර මැනේජෙර් මහත්තයෙකුගේ වැසිකිලි වලකට බැස්ස කියන කතාව?(නදී)