(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
බළපිටිය අධිකරණ භූමියේ ප්‍රජා සේවයේ යෙදී සිටියදී උසාවි භූමියේ හිස්කරන ලද කසිප්පු බෝතල්වල අඩියේ තිබූ කසිප්පු බිංදු එකතු කර පානය කර බීමත්ව අශෝභන ලෙස හැසිරෙමින් සිටියදී යළි අත්අඩංගුවට පත් සැකකරුවකුට බළපිටිය මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙනෙවිය රුපියල් පන්දහසක දඩයක් නියම කළාය.
මෙසේ දඬුවම් නියම වූයේ බටපොල බලබැද්දේ කසුන් කල්‍යාණරත්න නමැත්තකුටය.
ප්‍රසිද්ධ ස්ථානයක බීමතින් අශෝභන ලෙස හැසිරෙමින් සිටියදී මීටියාගොඩ පොලිසිය විසින් මේ සැකකරු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී සැකකරු වරද පිළිගැනීම නිසා ඔහුට දඩ මුදලක් ගෙවීමට නියම වීමෙන් පසු එම දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි වූ නිසා සැකකරුට බළපිටිය අධිකරණ භූමියේ ප්‍රජා සේවයේ යෙදීමට නියෝග කර ඇත.
අධිකරණභූමියේ ප්‍රජා සේවයේ යෙදී සිටියදී තිබූ නඩු භාණ්ඩ වශයෙන් ඉදිරිපත්කොට ඇති මත්පැන් රැගෙන ආ බෝතල් අඩියේ තිබූ මත්පැන් බිංදු එකතුකොට ඒවා පානය කළ සැකකරු බීමතින් අශෝභන ලෙස හැසිරෙමින් සිටියදී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇත.
බළපිටිය අධිකරණ පොලිස් ඒකකයේ සේවය කරමින් සිටි අම්බලන්ගොඩ පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක කරුණාතිලක, බෙන්තොට පොලිසියේ පොලිස් කොස්තාපල් තුෂාර සමරසිංහ (34100) යන නිලධාරීන් විසින් මේ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක සාමාන්‍ය දෙයක්. ප්‍රජා සේවයට යන්නේ වැඩිපුර කසිප්පුවලට අහුවුණ අය. ප්‍රජා සේවයේ කරන්න වෙන්නෙත් කසිප්පු විනාශ කරන එක තමයි. ඉතින් පුළුවන් තරම් බඩට දාගෙන තමයි විනාශ කරන්නේ. ලංකාවේ සාමාන්‍ය දෙයක් (බ)
මට පේන්නේ මෙයා "මුඩියක් පෑගුනත්" වෙරිවෙන අහිංසක බේබද්දෙක් (බ)
ගිනි තියන්න ගෙනියන සමහර හොරබඩු නැවතත් බජාර් එකේ විකිණෙන රටක ඕක සුළු දෙයක් (නි)
අනේ පවු! නැතිකම නිසානේ මෙහෙම බොන්න ඇත්තේ (නි)
සතෙන් සතේ එකතු කරලා එකතු කරලා බැංකුවේ දැම්මා වගේ මෙයත් පොඩි උත්සාහයක් ගන්න ඇති මූඩිය මූඩිය එකතු කරලා බාර් එකක් දාන්න. වැඩේ ලේසි නැති නිසා එකතු කරපු ටික බොන්න ඇති. කරුමේ කියන්නේ එ්කත් වැඩිවුණානේ (නි)
කවුරුත් නොදන්නවාට ගොඩක් බාර්වල හිස් බෝතල් වල අඩියේ ඉතිරිවන දේ පුනීලයක් මඟින් තව බෝතලයකට පිරෙන සේ පහළට හරවා තබනවා. පසුව එම බෝතලය විකුණනවා. සමහර බාර්වල මුලින් සල්ලි ගන්නේ බෝතල, විදුරු, පිඟන් වලට තැන්පතුවක් ලෙසිනි. අවසානයේදී තැන්පතුව බාර් එකට දී අවසිහියෙන් යනවා (නි)
සමන්ති දන්නා දේවල්. බාර්වල තැන්පතුවක් ගන්නේ කොහෙද? (නි)
බලු වලිගය හත් අවුරුද්දක් උණ බම්බුවේ දාලා තිබුණත් ඇදේ නොඇරේ.... (නි)
සඳුන්, බාර් වල තැන්පතුවක් කියලා ගන්නේ නැහැ. ඉල්ලුම් කරනවිට සේවකයා ලබාදෙන විදුරු, පිඟන් ආදියට මුදල් දමා තමයි ඇණවුමේ සල්ලි ගන්නේ. මේවා කැඩුනොත් බාර් එකට පාඩුවෙන නිසයි ගන්නේ. දන්නා අය පමණක් යද්දී තැන්පතුව (ඉතුරු) ඉල්ලා ගන්නවා (නි)
ආයේ බොන්න යනකොට සමන්තිවත් එක්ක තමයි යන්න ඕන. මම තැම්පතුව ඉල්ලන්න ගියොත් මාව තැම්පත් කරන්න එයි. (බ)
ඔය මොනවා කිව්වත් ටිකක් ගත්තහම නියමයි. දන්නෝ දනිති! (නි)