දකුණු පළාතේ උප නගරයක් ආශ‍්‍රිත කඩපොළකි. මෙවර රඹුටන් පලදාව ඉහළ මට්ටමක වූ හෙයින් ගෙවතු හිමියකු රඹුටන් ගෝනියක් රැුගෙන මේ වෙළෙඳපොළට ආවේ අලෙවිය සඳහාය.
ප‍්‍රාදේශීය සභාවේ බලයලත් අයබදුකරුවකු ඔහුගේ රඹුටන් ගෝනිය දෙස බලා රුපියල් විස්සක බදු කොළයක් කඩා ඔහුට දී මොහොතකට පසුව ආවේ මුදල් ගෙනයාමටය.
ඒ වන විටත් රඹුටන්, අලෙවි නොවූ නිසා ‘‘සල්ලි නං නෑ පුතා’’ කීවත් බදුකරු කීවේ වෙළෙන්දා රඹුටන් ගෙඩි විස්සක් පමණ අතට ගෙන ‘‘එපා නම් මේකවත් තියා ගන්න ඔයාටත් ලාබයි’’ කීමෙන් බදුකරුට තරු පෙනිණි.
මේ පිළිබඳව දෙදෙනා අතර මහත් ගැටුමක් ඇතිවේගෙන එන බව දුටු අසල සිටි තරුණයින් කීපදෙනකු රඹුටන් ගෙඩි කීපයක් මිලයට ගෙන බද්ද ගෙවීමට ඔහුට උදව් කළාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ රටකට ගිය කළ (නදී)
කොහොමත් මේ රජයේ නිලදාරීන් එලියට බහින්නේ කාලෙකට සැරයක්නේ ඒ නිසා මේවා එගොල්ලන්ට තේරෙනවා අඩුයි. (නදී)
දැන් බදු නොගහන දෙයක් තිබුනොත්ි තමයි පුදුම වෙන්න ඕන. මේක සාමාන්‍ය දෙයක්. (නදී)
වෙළෙන්දන්ගෙන් බදු අයකරන්නේ බොහෝවිට රජයේ නිලධාරීන් නෙමෙයි, වාර්ෂිකව දේශපාලනය මත පොළවල් ඇතුළු වෙළඳ සංකීර්ණ බදුගන්න මැරයින් (නි)
මේ ආශ්චර්යවත් රටේ කෙරෙන දේවල් වල හැටියට ඕකත් මහා දෙයක්ද?(දිල්)
ඔන්න ඔයවගේ අය තමයි ප්‍රාදේශීය සභාවල ඉන්නේ. (ස)
බදුකරුට ඕන සල්ලි ඉක්මනින් එකතු කරන්න .බොහෝවිට දේශපාලන ගැත්තන්ට බුද්දියක් නැහැ. සමහර වැසිකිලි වලට දාන හෙන්චයියලාට වැසිකිලියේ වතුර තිබේදැයි දන්නේ නැහැ .දිනක් කොළඹ සිට බදුලු යන පාරේ නගරයක බස් නැවතුමේ වැසිකිලියේ වතුර නැතිබව කීවාම එක නගරාධිපතිගේ වැඩ වලට අයත් එකක් කියා කීව. (අ)
රජයේ නිළධාරීන් මහා එපා කරපු අය ටිකක්. හිතක් පපුවක් නෑ .(අ)
රඹුටන් ගෝනියට රු 500 ක් බද්දක් ගහන්ඩ එපායැ (නදී)
මහත්තයෝ එල්ලෙන සියල්ල රඹුටන් නොවේ කියල කියන්න තිබුනේ (නදී)
ඒකත් ඉතින් නරකම නැහැ (නි)
මිලියන ගණන් බදු වංචා කරන මහා පරිමාණයේ මුදලාලිලා ඉන්න රටේ රඹුටන් වෙළෙන්දාට සද්දේ දැමූ ඔහුට අපි අනුකම්පා කරමු (නි)
මවුකිරි ටිකටත් බද්දක් ගහයිද මන්දා ඉදිරියේදී? (නි)