හක්මන විශේෂ දෙනගම යසන්ත ආරියසේන
රජය ක්‍රියාත්මක කර ඇති නව බදු ප්‍රතිපත්තිය නිසා සිය වැටුපෙන් විශාල මුදලක් බදු ලෙස අඩු කිරීම සම්බන්ධයෙන් උරණ වී කාර්යාල සේවක රැස්වීමේදී නිලධාරීන්ට බැණවැදුණු ආයතන ප්‍රධානියකු පිළිබඳ දකුණු පළාතෙන් වාර්තාවේ.
මාණ්ඩලික නිලධාරියකු ලෙස රාජ්‍ය සේවයට එක්වී විශ්‍රාම යාමට ආසන්නව සිටින මොහු අවිවාහකයකු බව පැවසේ.
විවිධ ආයතනවල ප්‍රධානියකු ලෙස කටයුතු කර ඇති ඔහු නොයෙක් ක්ෂේත්‍ර පිළිබඳව හසල දැනුමක් ඇත්තකු බවට ප්‍රසිද්ධියක් දැරුවද නිලධාරීහු හා ජනතාව ඔහු කෙරෙහි එතරම් ප්‍රියතාවක් නොදක්වති.
නිල නිවෙසක්, නිලරථයක් හා නිලබලයෙන් ලැබෙන සෑම වරප්‍රසාදයක්ම බුක්ති විඳින ඔහු ක්‍රමවත්ව ඇඳුම් පැළඳුම් වලින් සැරසීමට දැඩි කැමැත්තක් දක්වන්නෙකි.
පෙබරවාරි වැටුප පිළිබඳව විස්තර අඩංගු පත්‍රිකාව ඔහු අතට පත්වූයේ ගිණුම් අංශයේ නිලධාරියකු මාර්ගයෙනි. වැටුප් පත්‍රිකාවේ සඳහන් දත්ත පරීක්ෂා කිරීමේදී බදු ලෙස වැටුපෙන් අඩුකර ඇති ප්‍රමාණය දුටුවිට ඔහුට උන්හිටි තැන් අමතක විය. පළමු දෝස්මුරය ලැබුණේ ලිපි ගොනුවක් රැගෙන පැමිණි කළමනාකාර සහකාර නිලධාරිනියකටය. එදින ප්‍රධානියාගේ කාර්යාලයට ගිය සෑම සේවකයකුටම කුමන හෝ කරුණකට බැණුම් අහන්නට සිදු විය. සවස් වරුවේදී කිසිදු නිලධාරියකු ප්‍රධානියාගේ කාර්යාලයට නොගිය අතර ප්‍රධානියා සේවක හමු රැස්වීමටද පැමිණියේය.
විවිධ ක්ෂේත්‍රවල ප්‍රගතිය විමසමින් නිලධාරීන් අපහසුතා පත්වන අයුරින් නොයෙක් අන්දමේ ප්‍රශ්න නගමින් සියලු දෙනාට දොස් පැවරීමද සිදු කළේය. හරි හමන් හේතු කාරණා නොමැතිව දොස් අසන්නට වූයෙන් ඉවසීමේ සීමාවද ඉක්මවා ගියේය. ජ්‍යෙෂ්ඨ නිලධාරියකු නැගිට විනාඩි කීපයක් ශබ්ද නගා ප්‍රධානියා ආමන්ත්‍රණය කිරීමත් සමග ප්‍රධානියාගේ දොස් පැවරීම නිමා වූ බව සැලවේ.
සේවක් රැස්වීම පිළිබඳ කතාව සෙසු කාර්යාල වෙත පැතිරයාමට වැඩි කාලයක් ගත නොවූ අතර එම කාර්යාල සිට හිතවත් ප්‍රධානීන් වැටුපෙන් කීයක් කපලාද යනුවෙන් ප්‍රශ්න කිරීම නිසා කේන්තිය ඉහවහා ගිය ප්‍රධානියා එදින රියැදුරුද නොමැතිව වාහනයෙන් තනිවම නිවෙසට ගිය බවද පැවසේ.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බදුවලට පඩි කැපුණ ලොක්කා පොඩ්ඩන්ගේ ඇඟට ගොඩවී මට්ටුවෙලා
thoppiyaa Wednesday, 25 January 2023 03:03 PM
අර අලුත් විදිහට... දෙන්නයි තියෙන්නේ... මාලදිවයිනට දුවන්න.
sampath Wednesday, 25 January 2023 06:31 PM
මේ වගේ මිනිස්සු ආණ්ඩුවේ සියලු දේවල් භුක්ති විඳලා සොච්චමක්පු කැපුනම දඟලන්නේ මේකේ රස දන්නා නිසා .කොමිස් ගහපුවා එහෙම එලියට දාන්න නියම අවස්තාව. මෙවැනි තක්කඩි හැමතැනකම ඉන්නවා .බොරුවට වැඩ කරන මිනිස්සුන්ට ඇඟට ගොඩවෙන