IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


බොන පාටියකට හොරෙන් ගිහින් වෙරි හිදෙන දඩුවමක් ලැබිලා

 මොරගොල්ලාගම සිසිර කැලේගම
නිවෙසෙන් බැහැරව ගිය සැමියාගේ ත්‍රිරෝද රථය සොරා ගැනීමක් ගැන වාර්තා වීමෙන් පාටියකට ලෑස්ති වුණ පිරිසකට වෙරි සිදුණු පුවතක් මොරගොල්ලාගම අවට පෙදෙසකින් අසන්නට ලැබුණි.
ඔහු හමුදා සේවයේ සිටි රණවිරුවෙකි. දැනට විශ්‍රාම සුවයෙන් පසුවෙයි. දරුවන් දෙදෙනකුගේ පියෙකි. පියා රැකියාවට සමුදී ආදා පටන් බිරිය හා දරුවන් එක්ව කාලය ගෙවමින් පසු විය.
ඒ අතරවාරයේ ඔහු ඉදහිට හමුවීමට යන ගජ මිතුරෙක් සිටී. ඔහුගේ නිවෙසට යනවා එනවා හැරෙන්නට ඔහු වෙනත් තැන්වලට යන්නේ ද නැත.
මේ අතරවාරයේ එක් දිනක් ඔහු කට්ටියක් සමග පාටියකට එක්ව සිටියහ. මේ වෙද්දී සියල්ලෝ පදම ඉක්මවා සිටියහ.
කෙසේ හෝ පාටිය නිමවී ඔහු පාර දෙසට පැමිණියේය. ඒ ඔහු නවතා තිබු ත්‍රිරෝද රථයෙන් ගෙදරට යාමටය.


“ඒයි, මචං ත්‍රීවිල් එක නැහැ. හොරු අරන් ගිහින්. මචං නීතියෙන් බේරෙන්න මොනවා කීව්වත් ගෙදර නෝනාගෙන් මට ගැලවුමක් නැහැ...” ඔහු කෑ ගසමින් කියයි. එය ඇසු සියල්ලන්ටම වෙරි සිඳී ගියේය.
මීට පෙරත් මේ සීමාවේ හොරකම් රැසක් සිදු වී තිබේ. රැස්වූ පිරිස් ද පවසා සිටියහ. එය සොරාගෙන ගොස් ඇති බවට සියල්ලෝ තේරුම් ගත්හ.
යන මං නැති ඔවුහු වහ වහා යාළුවාගේ ගෙදරට ගියහ. ඒ සුදුසු ඇඳුමකින් සැරසී පොලිසියේ පිහිට පැතීමටය.
නැති වූ යතුරු පැදිය එහි මිදුලේ ඇත.
එය පාර අයිනේ නවතා සැමියා තමාටත් හොරෙන් පාටියට එක්ව සිටින බව දැන ගෙන බිරිය අල්මාරියේ තිබූ අමතර යතුරකින් සැමියාට පාඩමක් උගන්වන්නට එය ගෙනැවිත් ඇති බව ඔවුහු දැන ගත්හ.
මේ නිසා බීපු වෙරි සිඳී ඇති ඔවුන් නැවත ඉතිරි ටික තොල ගාන්නට හිටපු තැනටම ගොස් ඇතත්, ඒ වනවිටත් බයිට් බල්ලන් කා දමා  ඉතිරිව තිබුණ මත්පැන් බෝතලය ද පෙරළා බිම දමා තිබිණි.



අදහස් (1)

බොන පාටියකට හොරෙන් ගිහින් වෙරි හිදෙන දඩුවමක් ලැබිලා

Doper Wednesday, 24 January 2024 02:22 PM

වෙරි හිඳගෙන කොට ත්‍රි රෝද රථය බයික් එකක් වෙලා

:       2       13

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 636 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 705 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1089 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9402 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 864 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 326 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2011 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site