ඔහු නිතර මත්පැන් පානයට ඇබ්බැහිවූ පුද්ගලයෙකි. දිනකට තුන් හතර වතාවක් හෝ ගමේ තිත්පොළට ගොස් අඩියක් ගැසීම ඔහුගේ දින චරියාවේ ප‍්‍රධාන අංගයකි.
අතේ මුදල් නැතිවිට කුමන හෝ උපායකින් මුදල් සොයා ගැනීමටද හෙතෙම රුසියෙකි.
පසුගිය දිනෙක ඔහුට අඩියක් ගහන්නට වුවමනාවුවත් අතේ ශත පහක් නොවිණි. ඊට ඔහු යෙදවුයේ අපූරු උපායකි.
හොඳින් ඇඳ පැළඳගත් ඔහු කෙළින්ම ගියේ ගමේ රත්තරන් බඩු සාප්පුවටය. හොඳින් දැන හඳුනන්නෙකු වූ එහි හිමිකරු ඇමතූ හෙතෙම මල්ලි මට පෙන්නන්නකො පොඩි කරාබු කුට්ටමක් යැයි කීවේ එය ඉක්මනින්ම මිලදී ගන්නා බවක්ද අඟවමිනි. වෙළෙඳසල් හිමියාගේ ද උදව්වෙන් ඔහු රුපියල් 4000ක් වටිනා කරාබු කුට්ටමක් තෝරා ගත්තේ එය තම සහෝදරයාගේ දියණියගේ ඉඳුල් කට ගෑමේ මංගල්‍යයට බව කියමිනි.
කරාබු කුට්ටම යළිත් වෙළෙන්ඳා අත තැබූ හෙතෙම වෙළෙඳසල් හිමියාට ගෙනාවේ අපූරු යෝජනාවක්. ”මල්ලි ඔය කරාබු කුට්ටමට බිල දානකොට 500ක් වැඩිපුර දාල මට බිල දෙන්න” වෙළෙඳ සල් හිමියාද යෝජනාවට අවනත වුණේ ඔහු දන්නා හඳුනන අයකු වූ නිසාය.
හරි මල්ලි දැන් පස්සෙ වැඩිපුර දාපු 500 මට දෙන්න. මං ගිහින් මේ බිලයි 4500යි එවන්නම්. එතකොට කරාබු දෙක දෙන්න” එසේ කියූ හෙතෙම රුපියල් 500ත් බිලත් අතට ගත් ඔහු කුරුල්ලා මිටෙන් ඇරියාක් මෙන් එතනින් පිටවූයේ රත්තරන් බඩු සාප්පු හිමියාගේ ගුණ වර්ණනාවක් ද කරමිනි.
බිල රැගෙන ගොස් දැන් සති ගණනකි. තවමත් කරාබු කුට්ටම රැගෙන යන්නට වත් වැඩිපුර ගත් 500 දෙන්නටවත් ඔහු නගරයට ආවේ නැතිලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංජීව ඇත්තටම හරි. ගොඩක් අය හිතන්නේ මිනිහෙකුගේ ගුණ යහපත් කම, අවංක කම මෝඩකම කියලා.(නදී)
ඔබ හරි සංජීව. මෙහෙම ළුණාම තව කෙනෙකුට උදවුවක් ගන්න තියෙන අවස්ථාව නැතිවෙනවා . උදවු නොකරනකොට මිනිස්සු දොස් කියනවා මනුස්සකම නැහැ කියල .සමාජයේ හර පද්දතිය විනාශ කරන්නේ මේවගේ ඕලමොට්ටයෝ තමා.(අ)
මම නම් හොයාගෙන ගිහින් කනපලනවා ඔය වගේ යාලුවන්ගේ (නි)
ඔයාලට අපේ අදහස ගැලපෙන්නේ නැතිද?(නදී)
එක, එක දේවල් වලට පුරුදු වුනාම දෙමවුපියන්ව වුනත් විකුනගෙන කන කාලයක් මේක (නි)
සල්ලි වලට ඇස් නෑ මලේ. බොන එකාට ආයු දිගත් නෑ මලේ. ඔහොම ගියදාට කෙහෙල් ගහකට අනිවී කොට්ටෝරුවා.(නදී)
වැඩි කල් මිනිහට ඔහොම දුවන්න හම්බවෙන්නේ නැහැ ලගදීම මාට්ටු වෙනවා ෂුවර්.(නද)
කෝ මතට තිත (අ)
මේකට කියන්නේ ශරීරය වෙහෙසල වැඩක් කරලා සල්ලි හොයන්න තියන කම්මැලි කම. බිල් ගේට් අමාරු වැඩක් කම්මලියෙකුට දෙන්න කිවේ මේක නිසා තමා. කම්මැලි මිනිසා කෙටි මාර්ග හොයන නිසා.කොහොම උනත් මෙවෙනි මිනිසුන්ගෙන් වැඩ ගන්න ඕනේ ඉතාම කල්පනාවෙන්.(අ)
මේ ගොල්ලන්ට තමයි කියන්නේ බත් කන වෘෂභ රාජයෝ කියලා (දී)
මොනවා වුනත් සාධාරණව වැඩේ කරලා , කරාඹු කුට්ටම පන්නාගෙන නොගිහින්. (නි)
ඔන්න එහෙනම් වරුණ උන්නැහෙත් යමක් කිව්වා!(නදී)
මිට කලිනුත් ට්‍රිවිල් එකකටත් මේවගේම දෙයක් කරලා තිබුන නේද අනේ මෙහෙමත්,මිනිස්සු.., මේවා අහන අපිට පිස්සුද මන්ද ..!!!! (අ)
ඔය මිනිහට තියන මොලේ වෙන හොද දේකට යෙදෙව්වා නම් අද ඒ මනුස්සයා හොද පොහොසතෙක්. (දී)
මිනිස්සු විශ්වාසෙට තව කෙනෙකුට උදව්වක් කරන්න පුළුවන්. ඒක උදව්ව කරන මනුස්සයාගේ තියෙන ගුණ යහපත්කම නිසා. නමුත් උදව්ව ගන්න සමහරු හිතන්නේ මිනිහා මහා ලොකු මොළකාරය, අනික් කෙනාව ඇන්දුවා කියලා. ප්‍රායෝගිකව මම මේ වගේ සිද්ධි දැකලා තියෙනවා. රත්තරන් බඩු කඩේ මල්ලි මෙයාව අඳුනන නිසා විශ්වාසයටයි සල්ලි දෙන්න ඇත්තේ. රුපියල් 500 වගේද මිනිස්සුන්ගේ විදිය තේරුම් යාමම කොච්චර දෙයක්ද? නිවී සැනසිල්ලේ සිතලා බලන්න. මේකෙන් සල්ලි ගත්ත මනුස්සයට වෙන පාඩුව රැපියල් වලින් මනින්න පුලුවන්ද.... (දී)
අපේ මිනිස්සුන්ගේ මේ දක්ෂතාවයෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි ඇයි? (දී)
මේකෙන් කාරණා දෙකක් කියවෙනවා. නහුතෙට බිව්වහම මොලේ සෛල මැරෙනවා කියන්නේ බොරු බව. මේ මිනිහට හොඳට මොලේ තියනවා. අනික තමයි ලැජ්ජ නැත්නම්, ආත්ම ගෞරවය කියලා දෙයක් නමටවත් නැත්නම් කරන්න බැරි බලු වැඩක් නැති බව. (දී)