(තිහගොඩ උපසේන ලියනගම)
විශ්‍රාමික ගුරු මාතාවක් වූ ඇය ඇතුගල්පුරයට නුදුරු නිවෙසක ජීවත්වූයේ සිය වැඩිමහල් පුතුගේ පවුලේ අය සමඟ මහගෙදරය. වියපත්, සැමියා බාල දුවගේ දරුවන් බලා ගැනීමට කොළඹ ගොස් සිටියේය.
අක්කර තුනක් පමණ වූ පොල් ඉඩමේ පොල් කඩා ගොඩ ගැසූ පසු කොළඹ පොල් වෙළෙන්දකු මුදල් ගෙවා ඒවා ගෙන ගිය අතර මෙවර එහි ආ ඔහු පොල්වල වටිනවාකම අඩුවෙන් තක්සේරු කළ නිසා දීර්ඝ සාකච්ඡාවකින් පසු හිස් අතින් ආපසු ගියේ වෙළෙඳපොළේ මිල ගණන් බලා පසුව අන්තිම කැමැත්ත දෙන බව කියමින් තම දුරකථන අංකය ද ඇයට දෙමිනි.
සති ගණනක් ගියත් පිළිතුරක් නොලද නිසා තම ජංගම දුරකථනයෙන් ඇමතුමක් ලබා දෙන්නැයි ඇය මුනුපුරකුට කීවාය. ඔහුද ඇමතුම ලබා දුන්නේ කෙටියෙන් පණිවුඩය කියන ලෙස ඉල්ලමිනි.
“අර ගනුදෙනුව ගැන අන්තිම කැමැත්ත දෙන්න. නැත්නං මං වෙන අතක් බලා ගන්නවා” ඇය කීවත් පිළිතුරක් ලැබුණේ නැත.
මොහොතකට පසු මුනුබුරාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුණි. කතා කළේ කොළඹ සිටි සීයාය. “උඹලාගෙ අත්තම්මට පිස්සුද බං බැඳල අවුරුදු පනහකට පස්සෙ මගෙන් අන්තිම කැමැත්ත අහන්නෙ.” සීයා කීවේ සිනාසෙමිනි. දුරකතන අංක දෙක පැටලී ඇති බව දැනගත් මුනුපුරා ආච්චිට ඒ ගැන කීවිට ඇය “හත් දෙයියනේ” කීවේ වමතින් කට වසාගෙනලු.
පරණ ක්‍රමයටම නිෂ්පාදනය කරනු ලබන ගමේ බඩු අලුත් ක්‍රමයට සිය මිතුරු තෙමේට සප්පායම් වීමට ලබාදුන් අම්බලන්ගොඩ අයකු පිළිබඳ අපූරු කතාවකි මේ.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බැඳලා අවුරුදු පනහකට පස්සේ ආච්චි සීයාගෙන් අන්තිම කැමැත්ත අහලා