ඔහු නැගෙනහිර පළාතේ සිංහල ගම්මානයක පදිංචි 21 හැවිරිදි මැලේ තරුණයෙකි. ඇය නුදුරු ගම්මානයක පදිංචි 18 හැවිරිදි පියකරු සිංහල තරුණියකි. දෙදෙනා අතර හටගත් ප්‍රේම සම්බන්ධයක් දුරදිග යාමත් සමග මතුවූ විරෝධතා මධ්‍යයේ ඔවුන් දෙදෙනා රහසින් පලාගොස් නව කැදැල්ලක අලුත් ජීවිතයක් ආරම්භ කළේ සතුටිනි.
ඔවුන්ගේ සතුට සීමාවුණේ මාස හයක කාලයකට පමණි. දිනක් ඔහු නීතිය සුරකින ස්ථානයකට පැමිණියේ පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නටය. වර්තමානයේ පවතින ආර්ථික ගැටලු හමුවේ තවදුරටත් තම බිරිඳ නඩත්තු කිරීමේ හැකියාවක් නොමැති බැවින්, ඇය මවගේ නිවසට පිටත් කර යැවූ බවත්, ඇය දික්කසාද කිරීමට අවශ්‍ය බවත්, ඔහු එහි සිටි නිලදරුවන්ට ප්‍රකාශ කළේය.
ඔහුගේ පැමිණිල්ලට අනුව, දෙදෙනා කැඳවූ අවස්ථාවේ ඇය පැමිණ සිටියේ මව සමගය. ඇය ඔහුගෙන් වෙන්වීමට කැමැත්තක් නොදැක්වූවාය. නිලදරුවන් කොතෙක් කරුණු පැහැදිලි කරන්නට උත්සාහ කළත් කිසිවක් සාර්ථක නොවීය. ඔහුට අවශ්‍ය වූයේ දික්කසාදය පමණි. ඔහු රැකියාවක් නොකරන බවත්, මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇති බවත් එහි දී හෙළිවිය.
අවසානයේ දී නිලදරුවන්ට සිදුවූයේ, සිවිල් අධිකරණයක නඩුවක් පවරා දික්කසාදය ලබාගන්නා ලෙස උපදෙස් දී ඔහු පිටත්කර හැරීම පමණි.
ජීවිතය සොයා සියල්ලටම හොරෙන් ඔහු සමග පලාගොස්, අවසානයේ ඉච්ඡාභංගත්වයට පත් ඇය, මව සමග දැඩි ශෝකයෙන් පිටව යන අයුරු නිලදරුවන් බලාසිටියේ කනගාටුවෙනි.
දිගාමඩුල්ල විශේෂ ඩී. ඥානසිරි හෙට්ටිආරච්චිගේ
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බැඳලා මාස හයෙන් නඩත්තුව බැරිව බිරිඳ මහ ගෙදර යවලා