උදෑසනම අවදි වූ මව රැකියාවට යන තම පුතු වෙනුවෙන් ආහාර පිළියෙළ කළාය. පුතා අවදිවී ”අම්මේ මම වොෂ් එකක් දාගෙන එන්නම්” යැයි පවසා නාන කාමරයට ඇතුළු විය. සුළු වේලාවකින් පුතාගේ ජංගම දුරකතනයෙන් නාදයක් නිකුත් වූයෙන් මව එය පරීක්ෂා කිරීමේදී කෙටි පණිවිඩයක් ලැබී ඇති බව දැනගත හැකිවිය. ”බාප්පලා කැලණියේ. ටිකට් අරන් එන්නැයි” එහි සඳහන් විය.
තම සැමියාගේ බාල සොහොයුරා ඇතුළු පවුලේ උදවිය අනුරාධපුරයේ සිට නොදන්වා කැලණි වැඳීමට පැමිණියේ කුමකටදැයි ඇයට ප‍්‍රහේළිකාවකි. මල්ලිගේ වයිෆ් ඊයෙත් මට කතා කළා. කැලණි එන බවක් කීවෙත් නැහැ. තමාටම කියාගත් ඇය අසළට පුතා පැමිණියේය.
”පුතා බාප්පලා කැලණි ඇවිල්ලලූ. මෙන්න එස්.එම්.එස් එකක් ආවා” කියමින් මව ජංගම දුරකතනය පුතාට දිගු කළාය. පණිවිඩය දුටු පුතා ”මේක මගේ යාළුවෙක් එවපු මෙසේජ් එකක්. ”ටිකට් චෙකර්ලා කැලණියේ රේල්වේ ස්ටේෂමේලූ. ඒ නිසා ටිකට් ගන්න කියලයි යාළුවා කියන්නේ.” පුතා සිනාසෙමින් පැවැසීය.
”පුතා මොකටද ටිකට් නැතිව යන්නේ ඒක වැරැුදි වැඩක් නේද?” මව විමසුවාය. ”සමහර වෙලාවට ටිකට් කවුන්ටරේ පෝලිම දිග නම්, ටේ‍්‍රන් එකක් ඇවිල්ලා නම් ටිකට් නැතිවම එල්ලෙනවා, පුතා පැවැසීය. ”ඒ අයට මොකට ද බාප්පලා කියන්නේ” මව විමසුවාය.
”ටිකට් නැතිව අහු උණාම දඩය ගෙවනකන්ම අප බාප්පා කෙනෙක් වගේ බලාගන්න නිසා වෙන්නැති.” යනුවෙන් පුතා පැවැසූ විට මව තුෂ්ණිම්භූතව බලා සිටියාය.
කි‍්‍රස්ටෝපර් සිපියන්
අනුරාධපුරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න බලන්නකෝ අමම මෙපමණ ජනප්‍රිය තැනක ඉන්නවා කියලා මෙයාලම කෑගසද්දී මම තවත් බීරි අලියට වීණාවක් ගානටවත් නැතුව ඉන්නවා. අදම එනවා ලංකාවට නාම යෝජනාව කෙසේවෙතත් එක ඡන්දයක් මට තියනවා. ඒක හරි අරගෙන යන්න එනවා (නි)
නිම්මි ඔයාගේ දරුවෝ සහ ස්වාමියව ඔයාට විශ්වාස වන්ත තැනකට ක්‍රියාවෙන් හා හදවතේ ඔව් නොවුන්ට සමීප විශ්වාසනීය ආදරණීය පවුල් සාමාජිකයින් පිරිසක් කරගන්න බැරිවීම ගැන ඔබේ අතපසු වීම සහ ඔබේ දුර්වල කමක් යැයි මා සිතමි. මගේ පුංචි පව්ලේ සාමාජිකයින් හා මගේ සහෝදර සහෝදරියන් මට ඉතාම විශ්වාෂයි. අද ලංකාවේ නැතිවෙලා තියෙන දේත් මේ මා කීව වටිනාම දේයි. ඒ දේවල් නැතිකරගන්න ඉතාම ලෙහෙසියි. කැපකිරීම් නොකර පරිත්‍යාග කිරීම් නොකර ආත්මාර්ථ කාමී උනාම ඔහොම වෙනවා (නදී)
කලකට පස්සේ ලස්සන කතාවක් දෙයියෝ සාක්කි පාටක තීරයෙන් කියෙව්වා. හිත පිරෙන්න හිනාවෙන්න පුළුවන්. මේ හාස්‍ය ජනක වුවත්,මේකෙත් හොඳ අදහසක් ඉදිරිපත් කරලා අපි හැමෝටම හිතන්න. (නදී)
රූපවතී පණ්ඩිතයි. පණ්ඩිතයන්ට ඒ දණ්ඩේ යන්න බැලු. (ම)
නිම්මී,රූපවතී කියන ඒවා ගණන් ගන්න එපා.එයාගේ වැඩේ කවුරුහරි නිදහස් ප්‍රතිචාරයක් දාපු ගමන් කටුස්සි වාගේ ඇඟට ගොඩවෙන එකයි. (නි)
අපෝ,රූපවති දෙයියෝ සාක්කි තීරයට ආවොත් ඉතින් ගමේ ගැහැණු නාන ළිඳ වගෙයි.හැමකෙනාම තමාගේ නම කියනකොට රූපවතී හිතනවා ඇත්තේ මාත් දැන් ජනප්‍රිය චරිතයක් කියලා.ආරාධනාවක් කරනවා ළඟදි ලංකාවේ එළබෙන ඡන්දයට ඉදිරිපත වෙන්න කියලා.මගේ ඡන්දය රූපවතීට තමයි. (නි)
2015-08-01--18.56:36 දාතමින් නිම්මී නමින් අදහස් පළකළ සොයුරියගේ නමින් මාගේ අදහස් පළකළේ නොදැනුවත්වයි.ඒ ගැන සමාව අයදිමි. (නි)
රුපවතී, මට නැති ස්වාමියෙක් ගැන හෝ දරුවෙක් ගැන ඔයා වද වෙන්න එපා.අම්මලා දැන් තමයි මට සහකරුවෙක් හොයන්නේ.ඔයාගේ පව්ලේ පැටිකිරිය ගැන මට වැඩක් නැත.මා ලීවේ අපට අද සමාජයේ සිදුවෙන පොදු කරුණක් ගැන පමණි.පෞද්ගලික දේවල් හොයන පහත් ගතියෙන් මිදෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. (බ) .
නිම්මි,පොදු ප්‍රශ්නයක් කියලා ඔයා මට දොස්කියලා ඇයි ලියලා තියෙන්නේ..? මම ලිවුවේ මගේ නිදහස් අදහස. ඒක අපේ කතෘතුමා කාරුණිකව ඔයාලට කියවන්න මෙහි පළකළා.ඔයාට හොඳ ස්වාමියෙකු මුණගැසේවා කියා ප්‍රාර්ථනා කරමි..! (නි)
දුම්රිය දෙපාර්මේන්තුව පාඩුවෙනවා කියන එක අහන්න දෙයක්ද මේ වගේ අය අපේ රටේ ඉන්නකොට. (නි)
ඇත්තටම මම කුඩාකාලේ අපේ ගමේ ඉඳලා බස් පාරට යන්න ඔයෙන් එගොඩ වෙන්න ඒදණ්ඩක් දාලා තිබුනා.මම කවදාවත් ඕකේ ගියේ නැහැ.ඒ බයට. ඒ කාලේ පණ්ඩිතකම් කරන්න දන්නේ නැහැ.මම කුඩයි. ඒත් අපි තරුණ වයසට ආවට පසුව ගමේ හිටිය කෙල්ලෝ කොල්ලෝ රැලක් සමඟ හද ඇති රෑක ගිහින් ඒ ඒදණ්ඩේ කෙළවරෙන් උස්සලා අපි ඔයට දැම්මා. ඒ ගමේ නැන්දලා කට්ටියක් අපේ ගොයම් හදන්න නෑවිත් දුර පළාත්වලට ගොයම් හදන්න කුලියට ගියේ, ඒ ඒදණ්ඩෙන් එගොඩ වෙලා නිසා. (නි)
අනේ සුබෝදිනි,මට හිතෙනවා මම ටික කාලෙකට හරි කිඹුලෙක් වුණා නම් කියලා. එහෙමනම් මුලින්ම එන්නේ සුබෝදිනිලගේ ගෙදරට යන අඩිපාරේ. (නි)
රූපවතී,ඔයාට ඔයාගේ නිදහස් අදහස් ලීවීමට සම්පුර්ණ නිදහසක් සහ අයිතියක් තිබෙනවා.ඒක නැහැ කියන්නට කාටවත් බැහැ. ප්‍රශ්නය තියෙන්නේ ඔයා ස්වාමියා,දරුවන් කියා ඔයාගේ පවුලේ අයව උස්සා තබමින් අනෙකුත් අයගේ පෞද්ගලික දේවල් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව විවේචනයට ලක්කිරීමයි.මම ඔයාට දොස් කිවුවා නොව, නැති දේවල් ඇතිකර අදහස් දැක්වීම ගැන මගේ අප්‍රසාදය පළකිරීම පමණි කළේ. (නි)
රුපවතී ගේ අදහස්වලට මමත් එකගවෙනවා. (බ)
මේක නම් නියම කතාව! (නි)
නිම්මි සුජා කෙල්ලේ? දැන් පෝරුවට ගොඩවෙන්න අතින් අල්ලාගෙන යන්න කෙනෙක් හොයනවා කිව්වා නේද ? ඊට කලින් ඉවසීම කියන එක ටිකක් ප්‍රගුණ කරගන්න වෙයි. නැතිනම් නැන්දම්මා කෑල්ල බුවල්ලක් සුද්දකරලා දොර මුල්ලෙන් තියාගන ඉදියි. ඔය තරමට කේන්ති ගත්තොත් හැම එක්කෙනාම එක්ක පැටලෙන්න ගියොත් (නදී)
ශෝක් කතාව මරේ මරු (නදී)
ක්‍රිස්ටෝපර් ගේ ජෝක් එකක් කාලෙකින් දැක්කේ....(නදී)
ඉස්සර කිව්වේ "ටික්කො" කියලා. දැන් බාප්පල වෙලා. ඒක ලස්සනයි. (නි)
අපේ අයගේ අදහස් නම් මරේ මරු. (නි)
රූපවතී,හැමෝටම හැමෝම ඉතාමත් විශ්වාසයි කියලා ඔබ කියන්නේ අද සමාජයේ විෂඝෝර සර්පයන් ගැන ඔබ තුළ ඇති අල්ප දැනුම නිසා බව පෙනීයයි.ළමයින්ගේ ක්‍රියාකාරකම් විශ්වාසය තුළ හිඳිමින් මනින සමාජයක නොවෙයි අප සැම ජීවත්වන්නේ.අද සමාජයේ ළමයින්ව ඕනෑවටත් වඩා විශ්වාස කර, විපතේ වැටුන දෙමාපියන් කෝපමන සෝ දුක් තැවුල් මැද ජීවත්වෙනවාද?ඔබගේ පටු දැනුම ගැන (අද සමාජයේ) කණගාටු වෙනවා හැර වෙන කුමක් කරන්නද? (නි)
ටෙනිසන් මාමට ඉතින් මාව හැමදාම පෙනෙන්නේ තිත්තම තිත්ත කරවිල ගෙඩියක් වගේ. ඒ අම්මා ගැන කිසිවක් ලියා නොමැත අප තුලින් මා දුටු දේ විග්‍රහ කලෙමි (නදී)
ටිකට් නැතිව ගිහින් බාප්පාලාට අහු වෙලා තියෙනවා, හැබැයි මනුස්සකම තියන මිනිස්සු (ම)
මෙය ඇත්තටම රසවත්. අපිට හැමදාමත් දකින නොවටිනා ඒවගෙන් මිදුන රසබර ආස්වදාත්මක අගනා කතාවක්. ස්තුතියි ක්‍රිස්ටෝපර්. (ම)
ලස්සන කතාවක්. (නදී)
පවුලක දරුවන් සහ දෙමවුපියන් අතර පුළුල් සම්බන්ධයක් තිබීම එම පවුලේ දියුණුවට තදින්ම බලපානවා. දරුවන් තුළ දෙමාපියන්ට සඟවන තරමේ රහස් තිබෙන්න බැහැ. එහෙම තිබෙනවා නම් ඒවා දෙමාපියන් අනුමත නොකරන ඒවා වියයුතුයි. දෙමාපියන් අනුමත නොකරන ක්‍රියාවලින් වැළකී සිටීම බුද්ධිමත් සහ දෙමාපියන්ට ආදරේ ඇති දරුවන්ගේ යුතුකම සහ වගකීමක් වෙනවා. මෙතනදී මවත් නිවැරදියි. පුතුත් නිවැරදියි. ආදර්ශමත් පවුලක ඇතිවූ සිද්ධියක්. (නි)
යහපත් පුතෙක්. එස්.එම්.එස්. බැලුවා කියලා අහිංසක අම්මාට කඩාපැන්නෙ නැහැ. (නි)
මේක නම් නියම කතාවක් (නි)
රූපවතී, අර අහිංසක අම්මාව මැන්න මිම්ම දේශීය මිම්මක් නම් නොවෙයි. (නි)
ධම්ම ,රූපවතී, ඔබ දෙදෙනාගේම අදහස් වලට මමත් එකඟ වෙනවා.ඒත්මෙතන සිදුවීමෙන් පේනවා නේද ආදරණීය,බුද්ධිමත් මෑණියන් කෙනෙකුගෙත් කීකරු පුතෙකුගේත් සංවාදයක් කියලා. (නි)
අපේ ගෙදර කොම්පියුටර් , ටෙලිපොන් , ලිපියක්වත් අයිතිකරුවා හැර, තමන්ට අයිති නැතිනම් කවදාවත් හොරෙන් බලන්න කියවන්න යන්නේ නැහැ. මෝටම හැමෝම ඉතාමත් විශ්වාසයි. දරුවන්ගේ දේවල් අපි හොරෙන් බලන විට දරුවන් දෙමාපියන්ට ඇති ගරුත්වය අඩුවෙනවා. විශ්වාසය ඇති තරමින් ලගින් දරුවන්ව ආශ්‍රය කලාම රහස් නැති පවුල් සාමාජිකයෝ පවුල තුලින් ඉබේම බිහිවෙනවා (නදී)
පුතාගේ එස්එම්එස් එක අම්මා බලපු එක නම් හොඳ වැඩක් නොවෙයි.(නදී)
මේක නම් මාර හිනායන කතාවක්. (නදී)