ඔහු දක්‍ෂ කරණවෑමියෙකි. ඔහු සතු එකම දුර්වලතාව නම් ඉක්මණින් කේන්ති යාමය. කෙසේ වුවද ඔහුගේ මේ ක්‍ෂණික කේන්තිය මෙතෙක් ඔහුට හෝ වෙනත් කෙනකුට හානිදායක වී නැත. ඊට හේතුව ඔහුගේ බිරිය දී ඇති උපදෙසක් අකුරටම පිළිපැදීමට පුරුදුව සිටීම නිසාය.
ඔහුගේ සැලූන් එක පිහිටා ඇත්තේ නිවෙසට මීටර් පනහක් පමණ දුරිනි. බිරිය ඔහුට පවසා ඇත්තේ වැඩකරනවිට කේන්තියක් එන බව දැනුනොත් වහාම අතේ ඇති ආයුධ අතහැර නිරායුධ වී සැලූන් දොරින් එළියට පැන ගෙදර එන ලෙසය. එවිට බිරිය ආදරෙන් කරුණාවෙන් කතා කර තේ කෝප්පයක් පිළිගන්වා කේන්තිය පලවා හරින්නීය. ඊට පසු ඔහු සුපුරුදු පරිදි බාබර් සාප්පුවට ගොස් වැඩ අරඹයි.
පසුගිය දිනෙක මැදිවියට කිට්ටු කෙට්ටු සිරුරක් ඇති අයෙක් පැමිණ සැලූන් දොරට තට්ටු කළේ, කොණ්ඬේ කපාගන්න පුළුවන්ද? අසමිනි.
මේ අවස්ථාව සවස හයට ආසන්නව තිබිණි. කරණවෑමියා සිටියේ වැඩ ඇරී ගෙදර යාමට බඩු අස්පස් කරමිනි. ‘‘එන්න’’ යි ඔහු අමුත්තාට කීවේය.
කොණ්ඬේ කපන්න සැරසුණා පමණි, අමුත්තා පුටුවේ වාඩි වී ‘‘පොඞ්ඩක් ඉන්ඩකො අයියෙ පැෂන් එකක් සිලෙක්ට් කර ගන්න’’ කියා බාබර් සාප්පුවේ ප‍්‍රදර්ශනයට එල්ලා ඇති මෝස්තර මුහුණු දෙස බලා මේ වගේ කපන්න කීවේය.
‘‘හොඳයි’’ කියා තොල් මතුරා කතුර අතට ගත්තා පමණි.
‘‘අයියේ අර කෙරවලේ ස්ටයිල් එකත් හොඳයි නේද?’’ යි ඇසීය.
‘‘හ්ම්’’ ඔහු හිස වැනුවේය. දැන් කොණ්ඬේ කපමින් සිටී. ‘‘අයියේ අඩුකරන්න එපා හොඳේ. සයිට් ලෙවල් මදි වගේ’’ ඔහු කණ්ණාඩිය දෙස බලමින් කියයි.
ඉවසා සිටි බාබර්ට රතු ඉර පනින්න ඔන්න මෙන්නය. සිත සනසාගන වැඬේ කරන්නම බැරිය. කොණ්ඬේ පැත්තක්ද දැන් කපා අවසානය. සේවාලාභියා තවත් මොනවද කීවේය.
‘‘කපාගන්නවා ඕයි තමුසෙගෙ බම්බු ඔළුව ඕනෑ විදිහට මෙන්න බඩු’’ කියා කතුර, දැලිපිහිය මැෂිම මේසය මත දමා සැලූන් දොරින් පැන ගෙදර ගියේය.
බාගෙට කැපූ කොණ්ඩය සහිතව එළියට ඒමට නොහැකි සේවාලාභියා බාබර්ගේ බිරිය පැමිණි පසු කන්නලව් කර ‘‘අනේ වැඬේ ඉවර කරන්න කියන්නකෝ.’’ කීවාලූ. පසුව කේන්තිය නිවාගන පැමිණි බාබර් වැඬේ ඉවර කරන තුරුම ඔහු කට ඇරියේ නැතිලූ. මේ රජරට දෙසින් වාර්තා වූ පුවතකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේවා ලාභින්ට යහපත් ලෙස සැලකීමත් දියුණුවේ එක් ලක්ෂණයක්. ලාංකිකයින් මේ ගැනත් උනන්දු විය යුතුයි.(නදී)
මොකක්ද අනේ ඔය සැලුන් එකේ නම? (නි)
තමන්ගේ කොන්ඩේ තමන්ටම කපා ගන්න බැහැනේ (දී)
බිරිඳත් මහත්තයා වගේම වුණානම් (ස)
සැලුන් එකේ නම තමයි වරහන් තුළ තියෙන්නේ.(නදී)
මොකද පොඩි ළමයින්ට වගේ (දී)
ඇය අති දුර්ලභ ඝණයේ බිරියකි. (නි)
ඔන්න වෙච්ච දෙයක් (දී)
මට එහෙම බැන්නා නම් බාබර්ගෙ කොණ්ඩෙ කපලයි එන්නෙ මම. (නි)
අනවශ්‍ය විදිහට කේන්ති ගන්න එපා (දී)
මෙය සිංහලයාගේ තවත් එක් මෝඩ ලක්ෂණයකි. (නි)
හොද වෙලාවට ලෝකේ දැලිපිහි තහනම් කළේ.(නදී)
දැන්නම් ඔය සැලුන් එක නැතිව ඇති. තිබුනත් කව්රුත් යන එකක් නැහැ.(නදී)