මාමේ මේ හරියේ මොකක් හරි පොකැට්ටුවක් එහෙම වැටිලා තිබුණාද. පවනට බඳු වේගයෙන් ඉදිරියට ගිය තමා ගමන් ගත් ත‍්‍රිරෝද රථයේ පැති කවුළුවෙන් බිමට වැටෙන්නට ඇතැයි සැකයෙන් ආපසු හැරී පැමිණී ඇය ඒ මොහොතේ මාර්ගයේ ගමන්ගත් මගියෙකුගෙන් එසේ ඇසුවාය.
හ්ම් හ්ම් දැක්කේ නෑ. මගියා මඳක් තිගැස්සුණු ස්වරයෙන් දුන් පිළිතුර සැක සහිත විය. එහෙත් එකවර ඔහු සැක කළ නොහැකි නිසා තවතවත් ඇය මෙසේ ඇසුවාය.
අනේ මාමේ මම මේ මඟුල් ගෙදරකට යන ගමන් සල්ලිත් රුපියල් 5000 ක් තිබුණා. ඇය මඳක් ශෝකී ස්වරයෙන් එසේ කීවද මිනිසාට ඒ පිළිබඳව නිනව්වක් නොවීය.
නෑ. ළමයෝ මගේ ළඟ නෑ. ඇරත් මට මොකටද ඔහෙගෙන් සල්ලි මේ තියෙන්නේ මගේ ආයුධ ටික විතරයි.
එසේ කියමින් පෙදරේරුවකුවූ තමාගේ ආයුධ මල්ල ඇය ඉදිරියේ දිග හැරියේය. ඔහු නිවැරදිය. මල්ලේ තිබුණේ ආයුධ පමණී. නමුත්. මල්ලේ ඉහවහා යන සුවඳක් හැමුවේය.
ඒත් සමග ඇය මෙසේ ඇසුවේය. මාමේ මේ දවස්වල වැඩ කරන්නේ අහවල් ඕඩිකොලොන් සමාගමේද ඔහුගේ මුවින් යමක් අල්ලා ගනු රටියෙන් එසේ අසද්දී මිනිසා තුෂ්ණිම්භූත විය.
න් න් නෑ ඒ ඇයි.... නෑ. මගේ පර්ස් එකේ තිබුණු ජාතියේම සුවඳක් මාමාගේ ආයුධ මල්ලෙන් එනවා ඒකයි ඇහුවේ.
ඒ වනවිට තවත් පිරිමි පුද්ගලයෙකු ඇයගේ ඇඳුනුම් කමකට මේ සංවාදයට හවුල්වී සිටියේය. මඳ වේලාවකින් ඒ සංවාදය මගියාගේ ගමන් මල්ල ලිහා බැලීම දක්වා දිගුවිය.
මඳ වේලාවකින් මුදල් පසුම්බිය ලඹ කැටය අස්සෙන් මතුවිය.
නමුත් මුදල් නැත.
සුවඳ පුරා පැතිරෙද්දී ඔහු මිනිසාගේ ඇඳිවත් පරීක්‍ෂා කිරීමට තරම් දැඩි පියවරක් ගත්තේය.
සුළු මොහොතකින් සුවඳ දෙගුණ විය. ඒ මගියාගේ සරම යටින් තිබූ යට ඇඳුමෙන් හතරට පහට නැමූ රුපියල් දහසේ සහ පන්සීයේ නෝට්ටු යට ඇඳුමෙන් එළියට ඔහු සුවඳ අතරින් දුර්ගන්ධය පැතිරීමට පෙර දෑත් සෝදාගෙන පිටව ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් මේවා බලල මාර සතුටක් ලබන්නේ. අනේ අපි මේවා එකතු කරලා පොතක් ගහලා අරයට පිලි ගන්වමුද?(නදී)
පහන් මම ඔබේ කතන්දර රස විදිනවා . කොහෙන්ද ඔය කතා හොයාගන්නේ දවසක හමුවෙන්න හැකි නම් ඔබේ කතා රස විදින්න.(නදී)
ඔය ගුවන්තොටුපොළේ පස්චාත් බාගේ පැත්තෙන් හෙම එලියට ගන්න සල්ලි, පසුකාලීනව මහා භාණ්ඩාගාරේ හරහා කොපමණ මුදල් අපි අත පත ගාලා ඇද්ද ඉන්දු හිත හදාගමු.(නදී)
ප්‍රතිචාර දැක්වූ සැමට ස්තුතියි .රොබට් කතාව මම වැඩකරන රටේ ඉංගිරිසි පුවත්පතක තිබු කතාවක් . මලිති මට ගොඩක් දුරින් ඉන්නේ මෙන්න මගේ විද්‍යුත් තැපෑල. pahan_725@yahoo .com
චන්දි ඔයාගේ කතා අහනකොට මට හිනා යනවා.(නදී)
පරිස්සමින් හොදේ (නි)
කට්ටියට සල්ලි තමයි අල්ලන්න කැත ඔහොම තැන්වල. (නි)
චන්දී අක්කා අර දකුණු පළාතේ තියෙන අර අහවල් බ්‍රාන්ච් එකේ සල්ලි දාන්නේ නැද්ද මහත්තයගෙන් බේරගන්න? (නි)
ගුඩ් මෝනින්, සියලු දෙනාටම, අනේ වරුණ මල්ලි ,මේ ඇත්තමයි කියන්නේ මට නම් ඒ බ්‍රාන්ච් එක චුට්ටක්වත් ෂුවර් නැහැ. ඇත්තමයි මල්ලි මට නම් ඒකේ සල්ලි එහෙම දැම්මොත් විනාඩියක් යන්න කලින් බිම. හැබැයි ඒකටත් එක්ක මගේ ලොකු නංගි. දෙයියන්ගේ පිහිටයි. රට වටේ ට්‍රිප් එකක් ගිහින් එයි , ''ඒත්'' බ්‍රාන්ච් එකේ දාපු සල්ලි නොවෙයි හෙලවෙන්නේ (මගේ ලොකු මස්සිනා නම් කියන්නේ ඒ බැංකුව ෂුවර්ලු ලෝක බැංකුවටත් වැඩිය ) ඔන්න මම නම් නෙවෙයි කියන්නේ මස්සිනා හොදේ.(නදී)
ගොඩක් ස්තුතියි ගාමිණි.., ඒ කියන්නේ ඔයත් මන් වගේම විනෝදකාමී කියන එක නේද...? අපිට මෙහෙම හිනාවෙන්න සලස්වන ලන්කාදිපෙට අපි සදා නය ගැතියි.(නදී)
එහෙනම් චන්ඩි අක්කේ ඔයාගේ බැංකුවේ සිකියුරිටි සිස්ටම් එක අවුට් ගිහිල්ලා ඇති ?ඉක්මනින්ම ඩාලින්ඩී ආරක්ෂක උපාංග සවිකරගන්න.(නදී)
දෙයියෝ සාක්කි වලට අදහස් දන්නේ හැමදාම එකම ගැන්සියක් විතරයි නේද (අ)
අයියෝ රොබට්.(නදී)
මේ කෙල්ලව පොලිසියට බඳවා ගන්න තියෙන්නේ.(නදී)
ගජබා කෙලින්ම කිවුනම් ඉවරිනේ ඔයාගැන (අ)
මමත් තොප්පියක් අහුලා ගන්නද? (නි)
අතින් අත යන කුණු ගෑවුන මුදල් සංවේදී තැන්වල හංගලා බාස්ට මේ වෙද්දී මොන ලෙඩක් හැදිලද දන්නේ නැහැ (නි)
අපිත් හැට්ටේ අස්සේ පර්ස් දාගෙන ඔසරි පොටෙන් වහගෙන යනවනේ. හැබැයි බාස් හංගපු තැන මුදල් හංගන්න නම් තාම අවශ්‍ය වුනේ නැහැ. (නි)
මාත් පර්ස් එකට සෙන්ට් එකක් ගහ ගන්න ඕනේ. මහපාරෙදි කොහොමද අනේ මෙයා සල්ලි යට ඇඳුමට දා ගත්තේ. (දී)
මම මේ දවස් වල බාස්ල ඇවිදින තැන බලබල දුවනවා. විවේකයක් නම් නෑ අනේ. (දී) ..
දවසක් පුද්ගලික බස් එකක ගෑනු කෙනක් කෑ ගැහුවලු අන්න අන්න අර මිනිහ මගේ පර්ස් එක අරන් පන්නා කියල. බස් එකේ කාරුණික අය දනිපනිගාල හොරා අල්ලලා ලඟම තිබුන පෝලිසියට බාර දීල ගියාලු.පැමිණිල්ල විබාග කොරනකොට රාලහාමි ඇහුවලු කොහෙද ඔය පසුම්බිය තිබුනේ කියල. කුමාරිහාමි අක්ක වගේ "හැට්ටේ අස්සේ පර්ස් දාගෙන ඔසරි පොටෙන් වහගෙන" කිව්වලු. මේ මිනිහ මගේ ළඟ වාදී වෙලා නිදිවගේ ඉන්න ගමන් හැට්ටේ අහ්හට අත දානවා දැනුන රාළහාමි කිව්වලු.ඉතින් ඒ වෙලාවේ නේ කා ගහල මුට ගහල අත කලා දාන්න තිබුනේ. මොකද සද්ද නැත්තේ කතා කොරනවා. කියල රාළහාමි සරකලාලු. එතකොට මේ අක්ක කියනවලු කව්ද රාළහාමි හිතන්නේ එතෙන්ට අත දැම්මේ පර්ස් ගන්න කියල. මම හිතුවේ ආදරේට කියල. පුහ්.... පුහ්.... පුහ්.... කාට කියන්ඩද? (දී)
"පවනට බඳු වේගයෙන් ඉදිරියට ගිය තමා ගමන් ගත් ත‍්‍රිරෝද රථයේ" අම්මපා! හැබෑද මාමේ? (නි)
සකල බුජන්, මමත් ඔය කතාව අහල තියෙනවා. දැනුත් මගේ ෆෝන් එකේ තියෙනවා. )නමුත් මන් අදයි දැනගත්තේ ඒ සකලබුජන් ගේ බිරිදගේ වැඩක් කියලා.(නදී)
සල්ලි දාගන්න තැන් . සල්ලි නොට්ටු වලත් වාසනාව අවාසනාව මාරු වෙන හැටි .(අ)
ළඟට ඇවිත් අහලත් ඇයි අනේ නොදුන්නේ ....!!! හරිම කපටි මනුස්යෙක්.වැටිලා තිබුනත් ඒක අනුන්ගේනේ (මාමේ) වයසට ගැලපෙන් නැ නේද ඔය කරපු වැඩේ.අර මනුසයෝ දෙන්න එතනට අවේ නැතිනම් මුදල් වලට සොරිම තමා. (ස)
මෙය සිදුවිය හැක්කක්ද? ඔහු මුදල් සඟවා ගන්න කාලයක් අවශ්‍ය සහ එතනටම වී සිටීම සැක සහිතයි. (ස)
සුවඳ නැතිව මුදල් සමඟ පසුම්බිය ඇයට නැවත ලැබුනේ අගේ වාසනාවට. (ස)
සුවඳ විලවුන් "ඇඩ්" එකක් වගෙයි! (ස)
මට අර කටාර් වලදී සල්ලි ඇහිදපු මල්ලියව මතක් වුනා !!! පුදුම මිනිහෙක් තමයි !!! ඇවිත් අහන කොටවත් දෙන්න ඕන නෙ., හොදම වැඩේ යටට අත දාලා හරි සල්ලි ටික අරන් දීපු එක ., මං ලඟ හිටියා නම් ටොක්කකුත් ඇණලයි යවන්නේ !!! අනුන්ගේ දේවලට තණ්හා නොකරන්න. දරුවනේ අනුන්ගේ ගිනි කෑවම ඒවා වමාරන කොට හරි අමාරුයි. (නංගියේ සල්ලි ටිකට තව සෙන්ට් ටිකක් ඉහලම පොකට් එකට දාගන්න හොඳේ ) (ස)
සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල්.(නදී)
පාරවල් වල තියෙන ඇහිදින දේවල් කවුරුත් අරගන්නවා.ඒත් අයිතිකාරයා හිටපු නිසා දෙන්න වටිනවා .මනුස්සයා කල්පනා කරන්න ඇති අතට ආපු වාසනාවනේ කියලා .චන්දිට හොඳට ඉව තියනවා වගේ. (ස)
මඩුගේ අදහස හරි මටත් මේ කතාව සැකයි.(නදී)
සුවඳ විලවුන් වර්ගය මොකක්ද ? (ස)
එක තාත්ත කෙනෙක් ලොකු මුදලක් දීල ගෙනාවලු පොඩි ගැජට් එකක්. ඒකෙන් බොරු කිව්වහම කම්බුලට ගහනවා නම රොබට්. රෑ කෑම එහෙම කාල තාත්ත මේක පරීෂා කරන්න ගෙනාවලු. .පුතාගෙන් ඇහුවලු අද හවස මොකද කලේ කියලා. පුතා කිව්වලු හෝම් වර්ක් කලා කියලා. රොබට් පුතාගේ කම්මුලට ගැහුවලු. ඒපාර පුතා කිව්වලු නෑ නෑ මම යාළුවොත් එක්ක චිත්‍රපටියක් බැලුවා කියලා. තාත්ත ඇහුවලු මොකද්ද බලපු චිත්‍රපටිය කියලා. පුතා කිව්වලු වෝ ෆිල්ම් එකක් කියලා. රොබට් ආයිත් පුතාගේ කම්මුලට ගැහුවලු. ඒ පාර පුතා කිව්වලු නෑ නෑ අපි බැලුවේ නිල් චිත්‍රපටියක් කියල කිව්වලු. ඒක අහල තාත්ත කිව්වලු මම ඔය වයසේදී නිල් චිත්‍රපටි කියන්නේ මොනවද කියලවත් දන්නේ නැහැ කියලා රොබට් තාත්තගේ කම්මුලට ගැහුවලු. ඒ පාර අම්ම කිව්වලු තාත්තගෙම පුතා තමයි කියල. රොබට් අම්මගේ කම්බුලට ගැහුවලු. දැන් රොබට්ව විකුනන්න දාලා.(නදී)
පහන්, ෂෝක්. (ස)
අහුලපු දෙයක් තම කැමැත්තෙන් නැවත අයිතිකරුට ලබාදීම සත් ක්‍රියාවකි.. නමුත් මේ විදියට හොයන්න නැති කරගත්තු කෙනාට අයිතියක් නැත,, තමුන්ගේ දේ තමුන් පරිස්සම් කරගත යුතුය.. (ස)
අනේ මන්දා අයිතිකාරයා සොයා ගෙන ඇවිල්ලත් නොදීපු එකයි වරද?ඔය පන්දාහට ඒ ළමයා හීන් දහදිය දාගෙන සැහෙන්න හූලන්න. ඇති යාන්තම් පෙර පිනකට. මදැයි අන්ඩර් සොකට් එකේ තිබිලා හරි හම්බ වුනා. (ස)
පහන්, පහන්, ඔහොම හිටින්න. දුවන්න එපා.කොහෙන්ද ඇහිඳගත්තෙ. (ස)
දවසක් ට්‍රැෆික් හන්දියක් ලග මැද තීරුවේ කාර් වලින් සිගමන් යදිනවලු වැරහැලි ඇදගත් මිනිහෙක් දුප්පත් කම කියමින්. රතු ලයිට් වැටුණු වෙලාවක නතරවූ කාරයක බාගෙට වීදුරුව පාත් කල සැනින් අත පාලා. දෙදෙනා අතර දෙබස් හුවමාරු වෙලා දුප්පත් වෙන්න හේතු සහ පිළිතුරු, සුරා සූදූ මොනවත් නොකරත් දුප්පත් වෙනවා කියනවා ඇසූ කල වාහනේට නගින්න කියලා ඒ කතාව ඔහු ලවා ගෙදර නෝනට කියවන්න (දී)
පහන් ට වෙච්ච දේ නම් නියමයි.(නදී)
පහන් මඩුගල්ලේ, බලාගෙන හොදේ (නි)
අපහු දුන්නත් ඉතින් කොහොම ගන්නද අනේ? ග්ලවුස් දැම්මත් හිත හදා ගන්නේ කොහොමද? (නි)
දෙයියෝ සාක්කි !!! අනේ ඉතින් ඔහොම තැන් වල දාන සල්ලිත් අපි දන්නේ නැතුව කොච්චර අල්ලනවා ඇද්ද? (නි)
අනේ පහන් ඒ වැඩේ වුනේ ඔයාගේ ගෙදර නේද.., හරි.,හරි ළමයෝ කමක් නැහැ ඕක ලැජ්ජාවට කරුණක් නොවෙයිනේ!(අ)
ඇත්තමයි ඉන්දු!!! මේ සල්ලි කොහේ කොහේ ගිහින් එනවද දන්නේ නැතුව අපිත් ඉතින් අල්ලනවා නේද.(අ)
පුහුල් හොරා කරෙන් දැනේ කිව්වලු .(අ)
අනේ කමක් නෑ නෝනේ...වෙනතැනක හන්ගන් හිටියනම් අතපයත් හෝදන්න වෙනවා නේ. ලංකාවේ වෙන දේවල්.(අ)