IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


බිම වැටුණු මුදල් පසුම්බිය පෙදරේරුවාගේ යට ඇඳුමෙන් මතුවෙලා

මාමේ මේ හරියේ මොකක් හරි පොකැට්ටුවක් එහෙම වැටිලා තිබුණාද. පවනට බඳු වේගයෙන් ඉදිරියට ගිය තමා ගමන් ගත් ත‍්‍රිරෝද රථයේ පැති කවුළුවෙන් බිමට වැටෙන්නට ඇතැයි සැකයෙන් ආපසු හැරී පැමිණී ඇය ඒ මොහොතේ මාර්ගයේ ගමන්ගත් මගියෙකුගෙන් එසේ ඇසුවාය.

හ්ම් හ්ම් දැක්කේ නෑ. මගියා මඳක් තිගැස්සුණු ස්වරයෙන් දුන් පිළිතුර සැක සහිත විය. එහෙත් එකවර ඔහු සැක කළ නොහැකි නිසා තවතවත් ඇය මෙසේ ඇසුවාය.

අනේ මාමේ මම මේ මඟුල් ගෙදරකට යන ගමන් සල්ලිත් රුපියල් 5000 ක් තිබුණා. ඇය මඳක් ශෝකී ස්වරයෙන් එසේ කීවද මිනිසාට ඒ පිළිබඳව නිනව්වක් නොවීය.

නෑ. ළමයෝ මගේ ළඟ නෑ. ඇරත් මට මොකටද ඔහෙගෙන් සල්ලි මේ තියෙන්නේ මගේ ආයුධ ටික විතරයි.

එසේ කියමින් පෙදරේරුවකුවූ තමාගේ ආයුධ මල්ල ඇය ඉදිරියේ දිග හැරියේය. ඔහු නිවැරදිය. මල්ලේ තිබුණේ ආයුධ පමණී. නමුත්. මල්ලේ ඉහවහා යන සුවඳක් හැමුවේය.

ඒත් සමග ඇය මෙසේ ඇසුවේය. මාමේ මේ දවස්වල වැඩ කරන්නේ අහවල්  ඕඩිකොලොන් සමාගමේද ඔහුගේ මුවින් යමක් අල්ලා ගනු රටියෙන් එසේ අසද්දී මිනිසා තුෂ්ණිම්භූත විය.

න් න් නෑ ඒ ඇයි.... නෑ. මගේ පර්ස් එකේ තිබුණු ජාතියේම සුවඳක් මාමාගේ ආයුධ මල්ලෙන් එනවා ඒකයි ඇහුවේ.

ඒ වනවිට තවත් පිරිමි පුද්ගලයෙකු ඇයගේ ඇඳුනුම් කමකට මේ සංවාදයට හවුල්වී සිටියේය. මඳ වේලාවකින් ඒ සංවාදය මගියාගේ ගමන් මල්ල ලිහා බැලීම දක්වා දිගුවිය.

මඳ වේලාවකින් මුදල් පසුම්බිය ලඹ කැටය අස්සෙන් මතුවිය.
නමුත් මුදල් නැත.

සුවඳ පුරා පැතිරෙද්දී ඔහු මිනිසාගේ ඇඳිවත් පරීක්‍ෂා කිරීමට තරම් දැඩි පියවරක් ගත්තේය.

සුළු මොහොතකින් සුවඳ දෙගුණ විය. ඒ මගියාගේ සරම යටින් තිබූ යට ඇඳුමෙන් හතරට පහට නැමූ රුපියල් දහසේ සහ පන්සීයේ නෝට්ටු යට ඇඳුමෙන් එළියට ඔහු සුවඳ අතරින් දුර්ගන්ධය පැතිරීමට පෙර දෑත් සෝදාගෙන පිටව ගියේය.
 



අදහස් (0)

බිම වැටුණු මුදල් පසුම්බිය පෙදරේරුවාගේ යට ඇඳුමෙන් මතුවෙලා

වරුණ Wednesday, 11 September 2013 07:44 AM

චන්දී අක්කා අර දකුණු පළාතේ තියෙන අර අහවල් බ්‍රාන්ච් එකේ සල්ලි දාන්නේ නැද්ද මහත්තයගෙන් බේරගන්න? (නි)

:       0       0

ඉන්දු Tuesday, 10 September 2013 07:29 PM

දෙයියෝ සාක්කි !!! අනේ ඉතින් ඔහොම තැන් වල දාන සල්ලිත් අපි දන්නේ නැතුව කොච්චර අල්ලනවා ඇද්ද? (නි)

:       0       0

සඳමිණි Thursday, 12 September 2013 07:04 PM

මාත් පර්ස් එකට සෙන්ට් එකක් ගහ ගන්න ඕනේ. මහපාරෙදි කොහොමද අනේ මෙයා සල්ලි යට ඇඳුමට දා ගත්තේ. (දී)

:       0       0

කටා මාමා Tuesday, 10 September 2013 02:37 PM

දවසක් ට්‍රැෆික් හන්දියක් ලග මැද තීරුවේ කාර් වලින් සිගමන් යදිනවලු වැරහැලි ඇදගත් මිනිහෙක් දුප්පත් කම කියමින්. රතු ලයිට් වැටුණු වෙලාවක නතරවූ කාරයක බාගෙට වීදුරුව පාත් කල සැනින් අත පාලා. දෙදෙනා අතර දෙබස් හුවමාරු වෙලා දුප්පත් වෙන්න හේතු සහ පිළිතුරු, සුරා සූදූ මොනවත් නොකරත් දුප්පත් වෙනවා කියනවා ඇසූ කල වාහනේට නගින්න කියලා ඒ කතාව ඔහු ලවා ගෙදර නෝනට කියවන්න (දී)

:       0       0

වරුණ Tuesday, 10 September 2013 09:47 AM

අනේ මන්දා අයිතිකාරයා සොයා ගෙන ඇවිල්ලත් නොදීපු එකයි වරද?ඔය පන්දාහට ඒ ළමයා හීන් දහදිය දාගෙන සැහෙන්න හූලන්න. ඇති යාන්තම් පෙර පිනකට. මදැයි අන්ඩර් සොකට් එකේ තිබිලා හරි හම්බ වුනා. (ස)

:       0       0

දිසානායක Wednesday, 11 September 2013 01:47 PM

දෙයියෝ සාක්කි වලට අදහස් දන්නේ හැමදාම එකම ගැන්සියක් විතරයි නේද (අ)

:       0       0

මධු Tuesday, 10 September 2013 10:00 AM

මෙය සිදුවිය හැක්කක්ද? ඔහු මුදල් සඟවා ගන්න කාලයක් අවශ්‍ය සහ එතනටම වී සිටීම සැක සහිතයි. (ස)

:       0       0

ෂෙරිෆ් Tuesday, 10 September 2013 10:09 AM

සුවඳ නැතිව මුදල් සමඟ පසුම්බිය ඇයට නැවත ලැබුනේ අගේ වාසනාවට. (ස)

:       0       0

කුමාරිහාමි Thursday, 12 September 2013 03:26 PM

අතින් අත යන කුණු ගෑවුන මුදල් සංවේදී තැන්වල හංගලා බාස්ට මේ වෙද්දී මොන ලෙඩක් හැදිලද දන්නේ නැහැ (නි)

:       0       0

ධම්ම Tuesday, 10 September 2013 10:16 AM

සුවඳ විලවුන් "ඇඩ්" එකක් වගෙයි! (ස)

:       0       0

කුමාරිහාමි Thursday, 12 September 2013 03:31 PM

අපිත් හැට්ටේ අස්සේ පර්ස් දාගෙන ඔසරි පොටෙන් වහගෙන යනවනේ. හැබැයි බාස් හංගපු තැන මුදල් හංගන්න නම් තාම අවශ්‍ය වුනේ නැහැ. (නි)

:       0       0

චන්දි Tuesday, 10 September 2013 10:47 AM

මට අර කටාර් වලදී සල්ලි ඇහිදපු මල්ලියව මතක් වුනා !!! පුදුම මිනිහෙක් තමයි !!! ඇවිත් අහන කොටවත් දෙන්න ඕන නෙ., හොදම වැඩේ යටට අත දාලා හරි සල්ලි ටික අරන් දීපු එක ., මං ලඟ හිටියා නම් ටොක්කකුත් ඇණලයි යවන්නේ !!! අනුන්ගේ දේවලට තණ්හා නොකරන්න. දරුවනේ අනුන්ගේ ගිනි කෑවම ඒවා වමාරන කොට හරි අමාරුයි. (නංගියේ සල්ලි ටිකට තව සෙන්ට් ටිකක් ඉහලම පොකට් එකට දාගන්න හොඳේ ) (ස)

:       0       0

චන්දි Friday, 13 September 2013 09:04 AM

සකල බුජන්, මමත් ඔය කතාව අහල තියෙනවා. දැනුත් මගේ ෆෝන් එකේ තියෙනවා. )නමුත් මන් අදයි දැනගත්තේ ඒ සකලබුජන් ගේ බිරිදගේ වැඩක් කියලා.(නදී)

:       0       0

සෝක Tuesday, 10 September 2013 03:31 PM

පහන් ට වෙච්ච දේ නම් නියමයි.(නදී)

:       0       0

චන්දි Tuesday, 10 September 2013 08:44 PM

අනේ පහන් ඒ වැඩේ වුනේ ඔයාගේ ගෙදර නේද.., හරි.,හරි ළමයෝ කමක් නැහැ ඕක ලැජ්ජාවට කරුණක් නොවෙයිනේ!(අ)

:       0       0

රූමි Tuesday, 10 September 2013 10:58 AM

සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල්.(නදී)

:       0       0

චන්දි Tuesday, 10 September 2013 08:47 PM

ඇත්තමයි ඉන්දු!!! මේ සල්ලි කොහේ කොහේ ගිහින් එනවද දන්නේ නැතුව අපිත් ඉතින් අල්ලනවා නේද.(අ)

:       0       0

ගුණවර්ධන Tuesday, 10 September 2013 09:09 PM

පුහුල් හොරා කරෙන් දැනේ කිව්වලු .(අ)

:       0       0

ගාමිණි Tuesday, 10 September 2013 11:26 AM

පාරවල් වල තියෙන ඇහිදින දේවල් කවුරුත් අරගන්නවා.ඒත් අයිතිකාරයා හිටපු නිසා දෙන්න වටිනවා .මනුස්සයා කල්පනා කරන්න ඇති අතට ආපු වාසනාවනේ කියලා .චන්දිට හොඳට ඉව තියනවා වගේ. (ස)

:       0       0

චන්දි Wednesday, 11 September 2013 10:10 AM

ගුඩ් මෝනින්, සියලු දෙනාටම, අනේ වරුණ මල්ලි ,මේ ඇත්තමයි කියන්නේ මට නම් ඒ බ්‍රාන්ච් එක චුට්ටක්වත් ෂුවර් නැහැ. ඇත්තමයි මල්ලි මට නම් ඒකේ සල්ලි එහෙම දැම්මොත් විනාඩියක් යන්න කලින් බිම. හැබැයි ඒකටත් එක්ක මගේ ලොකු නංගි. දෙයියන්ගේ පිහිටයි. රට වටේ ට්‍රිප් එකක් ගිහින් එයි , ''ඒත්'' බ්‍රාන්ච් එකේ දාපු සල්ලි නොවෙයි හෙලවෙන්නේ (මගේ ලොකු මස්සිනා නම් කියන්නේ ඒ බැංකුව ෂුවර්ලු ලෝක බැංකුවටත් වැඩිය ) ඔන්න මම නම් නෙවෙයි කියන්නේ මස්සිනා හොදේ.(නදී)

:       0       0

චින්තක Tuesday, 10 September 2013 11:27 AM

මඩුගේ අදහස හරි මටත් මේ කතාව සැකයි.(නදී)

:       0       0

චන්දි Wednesday, 11 September 2013 10:13 AM

ගොඩක් ස්තුතියි ගාමිණි.., ඒ කියන්නේ ඔයත් මන් වගේම විනෝදකාමී කියන එක නේද...? අපිට මෙහෙම හිනාවෙන්න සලස්වන ලන්කාදිපෙට අපි සදා නය ගැතියි.(නදී)

:       0       0

මනෝජ් පිරිස් Friday, 13 September 2013 09:43 AM

සල්ලි දාගන්න තැන් . සල්ලි නොට්ටු වලත් වාසනාව අවාසනාව මාරු වෙන හැටි .(අ)

:       0       0

වරුණ Wednesday, 11 September 2013 10:27 AM

එහෙනම් චන්ඩි අක්කේ ඔයාගේ බැංකුවේ සිකියුරිටි සිස්ටම් එක අවුට් ගිහිල්ලා ඇති ?ඉක්මනින්ම ඩාලින්ඩී ආරක්ෂක උපාංග සවිකරගන්න.(නදී)

:       0       0

අහිංසක Tuesday, 10 September 2013 10:05 PM

අනේ කමක් නෑ නෝනේ...වෙනතැනක හන්ගන් හිටියනම් අතපයත් හෝදන්න වෙනවා නේ. ලංකාවේ වෙන දේවල්.(අ)

:       0       0

හේරත් Tuesday, 10 September 2013 10:10 PM

අයියෝ රොබට්.(නදී)

:       0       0

මලිති - ඇමරිකාව Tuesday, 10 September 2013 10:24 PM

පහන් මම ඔබේ කතන්දර රස විදිනවා . කොහෙන්ද ඔය කතා හොයාගන්නේ දවසක හමුවෙන්න හැකි නම් ඔබේ කතා රස විදින්න.(නදී)

:       0       0

හේරත් Thursday, 12 September 2013 12:38 AM

මමත් තොප්පියක් අහුලා ගන්නද? (නි)

:       0       0

වර්ණසිංහ Tuesday, 10 September 2013 12:32 PM

සුවඳ විලවුන් වර්ගය මොකක්ද ? (ස)

:       0       0

රූපවතී Tuesday, 10 September 2013 10:37 PM

ඔය ගුවන්තොටුපොළේ පස්චාත් බාගේ පැත්තෙන් හෙම එලියට ගන්න සල්ලි, පසුකාලීනව මහා භාණ්ඩාගාරේ හරහා කොපමණ මුදල් අපි අත පත ගාලා ඇද්ද ඉන්දු හිත හදාගමු.(නදී)

:       0       0

සකලබුජන්හ්.... Thursday, 12 September 2013 10:19 PM

මම මේ දවස් වල බාස්ල ඇවිදින තැන බලබල දුවනවා. විවේකයක් නම් නෑ අනේ. (දී) ..

:       0       0

සකලබුජන්හ්.... Thursday, 12 September 2013 10:34 PM

දවසක් පුද්ගලික බස් එකක ගෑනු කෙනක් කෑ ගැහුවලු අන්න අන්න අර මිනිහ මගේ පර්ස් එක අරන් පන්නා කියල. බස් එකේ කාරුණික අය දනිපනිගාල හොරා අල්ලලා ලඟම තිබුන පෝලිසියට බාර දීල ගියාලු.පැමිණිල්ල විබාග කොරනකොට රාලහාමි ඇහුවලු කොහෙද ඔය පසුම්බිය තිබුනේ කියල. කුමාරිහාමි අක්ක වගේ "හැට්ටේ අස්සේ පර්ස් දාගෙන ඔසරි පොටෙන් වහගෙන" කිව්වලු. මේ මිනිහ මගේ ළඟ වාදී වෙලා නිදිවගේ ඉන්න ගමන් හැට්ටේ අහ්හට අත දානවා දැනුන රාළහාමි කිව්වලු.ඉතින් ඒ වෙලාවේ නේ කා ගහල මුට ගහල අත කලා දාන්න තිබුනේ. මොකද සද්ද නැත්තේ කතා කොරනවා. කියල රාළහාමි සරකලාලු. එතකොට මේ අක්ක කියනවලු කව්ද රාළහාමි හිතන්නේ එතෙන්ට අත දැම්මේ පර්ස් ගන්න කියල. මම හිතුවේ ආදරේට කියල. පුහ්.... පුහ්.... පුහ්.... කාට කියන්ඩද? (දී)

:       0       0

ගජබා Wednesday, 11 September 2013 05:00 PM

මම නම් මේවා බලල මාර සතුටක් ලබන්නේ. අනේ අපි මේවා එකතු කරලා පොතක් ගහලා අරයට පිලි ගන්වමුද?(නදී)

:       0       0

සංජය Wednesday, 11 September 2013 05:01 PM

මේ කෙල්ලව පොලිසියට බඳවා ගන්න තියෙන්නේ.(නදී)

:       0       0

ගාල්ලේ සංජීව Tuesday, 10 September 2013 05:20 PM

පහන් මඩුගල්ලේ, බලාගෙන හොදේ (නි)

:       0       0

හේමන්ත Tuesday, 10 September 2013 05:16 PM

අපහු දුන්නත් ඉතින් කොහොම ගන්නද අනේ? ග්ලවුස් දැම්මත් හිත හදා ගන්නේ කොහොමද? (නි)

:       0       0

පහන් මඩුගල්ල Tuesday, 10 September 2013 11:40 PM

ප්‍රතිචාර දැක්වූ සැමට ස්තුතියි .රොබට් කතාව මම වැඩකරන රටේ ඉංගිරිසි පුවත්පතක තිබු කතාවක් . මලිති මට ගොඩක් දුරින් ඉන්නේ මෙන්න මගේ විද්‍යුත් තැපෑල. pahan_725@yahoo .com

:       0       0

ගාමිණී Tuesday, 10 September 2013 11:45 PM

චන්දි ඔයාගේ කතා අහනකොට මට හිනා යනවා.(නදී)

:       0       0

පහන් මඩුගල්ලේ Tuesday, 10 September 2013 01:02 PM

එක තාත්ත කෙනෙක් ලොකු මුදලක් දීල ගෙනාවලු පොඩි ගැජට් එකක්. ඒකෙන් බොරු කිව්වහම කම්බුලට ගහනවා නම රොබට්. රෑ කෑම එහෙම කාල තාත්ත මේක පරීෂා කරන්න ගෙනාවලු. .පුතාගෙන් ඇහුවලු අද හවස මොකද කලේ කියලා. පුතා කිව්වලු හෝම් වර්ක් කලා කියලා. රොබට් පුතාගේ කම්මුලට ගැහුවලු. ඒපාර පුතා කිව්වලු නෑ නෑ මම යාළුවොත් එක්ක චිත්‍රපටියක් බැලුවා කියලා. තාත්ත ඇහුවලු මොකද්ද බලපු චිත්‍රපටිය කියලා. පුතා කිව්වලු වෝ ෆිල්ම් එකක් කියලා. රොබට් ආයිත් පුතාගේ කම්මුලට ගැහුවලු. ඒ පාර පුතා කිව්වලු නෑ නෑ අපි බැලුවේ නිල් චිත්‍රපටියක් කියල කිව්වලු. ඒක අහල තාත්ත කිව්වලු මම ඔය වයසේදී නිල් චිත්‍රපටි කියන්නේ මොනවද කියලවත් දන්නේ නැහැ කියලා රොබට් තාත්තගේ කම්මුලට ගැහුවලු. ඒ පාර අම්ම කිව්වලු තාත්තගෙම පුතා තමයි කියල. රොබට් අම්මගේ කම්බුලට ගැහුවලු. දැන් රොබට්ව විකුනන්න දාලා.(නදී)

:       0       0

දිසානායක Wednesday, 11 September 2013 06:11 PM

ගජබා කෙලින්ම කිවුනම් ඉවරිනේ ඔයාගැන (අ)

:       0       0

සරත් Tuesday, 10 September 2013 01:19 PM

පහන්, ෂෝක්. (ස)

:       0       0

ගාල්ලේ සංජීව Tuesday, 10 September 2013 01:30 PM

අහුලපු දෙයක් තම කැමැත්තෙන් නැවත අයිතිකරුට ලබාදීම සත් ක්‍රියාවකි.. නමුත් මේ විදියට හොයන්න නැති කරගත්තු කෙනාට අයිතියක් නැත,, තමුන්ගේ දේ තමුන් පරිස්සම් කරගත යුතුය.. (ස)

:       0       0

චන්දි Wednesday, 11 September 2013 03:01 AM

පරිස්සමින් හොදේ (නි)

:       0       0

කටා මාමා Wednesday, 11 September 2013 03:28 AM

කට්ටියට සල්ලි තමයි අල්ලන්න කැත ඔහොම තැන්වල. (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 10 September 2013 01:43 PM

ළඟට ඇවිත් අහලත් ඇයි අනේ නොදුන්නේ ....!!! හරිම කපටි මනුස්යෙක්.වැටිලා තිබුනත් ඒක අනුන්ගේනේ (මාමේ) වයසට ගැලපෙන් නැ නේද ඔය කරපු වැඩේ.අර මනුසයෝ දෙන්න එතනට අවේ නැතිනම් මුදල් වලට සොරිම තමා. (ස)

:       0       0

හේරත් Friday, 13 September 2013 01:36 AM

"පවනට බඳු වේගයෙන් ඉදිරියට ගිය තමා ගමන් ගත් ත‍්‍රිරෝද රථයේ" අම්මපා! හැබෑද මාමේ? (නි)

:       0       0

දයා අලහකෝන් Tuesday, 10 September 2013 02:07 PM

පහන්, පහන්, ඔහොම හිටින්න. දුවන්න එපා.කොහෙන්ද ඇහිඳගත්තෙ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 429 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 564 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1053 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 890 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2342 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 813 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 187 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 239 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 401 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site