(කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න)
රාත්‍රියට ඉදිලා වැටෙන දුරියන් අසල්වාසීන් ඇහිඳ ගන්නවා යැයි පවසා සවස සිට එළිය වැටෙන තුරු දුරියන් ගහක් යට කූඩාරමක් තනාගෙන ලන්තෑරුමක් දල්වා රැය පහන් කරන වියපත් කතක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
සිද්ධිය මෙසේය.
වයස අවුරුදු 79ක වයෝවෘද්ධ කාන්තාවක් තනිවම නිවසේ ජීවත් වේ. ඇගේ ස්වාමි පුරුෂයා මීට අවුරුදු 12කට පමණ ඉහතදී මිය ගියේය. ඇයට දරුවන් තිදෙනෙකි. වැඩිමල් පිරිමි දරුවා කිලෝමීටරයක් පමණ ඈතින් ජීවත්වෙන අතර දෙවැනි පිරිමි දරුවා පොල්ගහවෙල පදිංචිව සිටියි. තෙවැනි ගැහැනු දරුවා දඹුල්ල, ගලේවෙල ප්‍රදේශයට විවාහ වී ගොස්ය.
මෙම වයෝවෘද්ධ කාන්තාව පදිංචිව සිටින ඉඩම අක්කර දෙකකට වැඩිය. මෙම ඉඩමේ කෙළවරක නිවස තනා ඇති අතර නිවසේ සිට මීටර් 150ක් පමණ ඈතින් විශාල දුරියන් ගසක් ඇත.
තමන් ළඟට එන්නැයි දරුවන් තිදෙනා කොපමණ මවට කීවත් මව කිසිවක් ගාණකට නොගෙන මහගෙදර නිවසේ පදිංචිව සිටියි. වත්තේ ඇති දුරියන් ගහේ මෙවර දුරියන් ඵලදාව ජයටම හටගෙන ඇත. සති දෙකක පමණ කාලයක සිට දිවා රාත්‍රියට ගෙඩි තුන හතර ඉදී වැටෙන බව ද වාර්තා වෙයි. දුරියන් ගහෙන් රාත්‍රියට වැටෙන ගෙඩි ගාණ ගණන් කර අලුයම ඇහිඳීමට ගිය ද ගස යට එක දුරියන් ගෙඩියක්වත් අලුයම ඇහිඳ ගැනීමට තිබුණේ නැත. දුරියන් අස්ථානගත වීම සම්බන්ධයෙන් ඇය සිටියේ තරමක් කනස්සල්ලෙනි.
පසුව කාන්තාව මේ බව අසල පදිංචි වැඩිමහලු දරුවාට කීව ද ඵලක් වූයේ නැත. පසුව අසල්වැසි පුද්ගලයකුට මේ බව පවසා දුරියන් ගස ආසන්නයේ ටකරන් සෙවිලි කරගත් මඩුවක් පසු දිනම තනවා ගත්තාය. රාත්‍රී 7ට පමණ නිවසේ ඇති පැරැණි ලන්තෑරුමත් දල්වාගෙන විදුලි පන්දමකුත් අතැතිව නිදිවරාගෙන ටකරන් මඩුවේ සිට රාත්‍රියට වැටෙන දුරියන් එම මොහොතේම ඇය අහුලා පෙරවරුවේ ගම්වාසීන්ට අලෙවි කරන බව වාර්තා විය.
මේ බව දැනගත් දුරියන් ඇහිලූ ගම්වාසී තරුණ පිරිස ඉකුත් දිනක රාත්‍රියේ පොළොස් ගෙඩියක් කඩා දුරියන් ගහ යටට වීසිකර එම ස්ථානයෙන් පිටවී ඈතට ගොස් බලා සිට ඇත. දුරියන් ගෙඩියක් වැටුණා යැයි සිතා ගස යටට ගිය ද ඇයට දැකගත හැකි වී ඇත්තේ තඩි පොළොස් ගෙඩියකි. පසුව ඇය රාත්‍රියේම විදුලි පන්දම හතර වටේට අල්ලා මහ හයියෙන් පරුෂ වචනයෙන් බැන වැදී ඇත.
මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟුලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බ්ම වැටෙන දූරියන් බේරගන්න මඩුවක් ගහගෙන නිදි මරලා
vernon Tuesday, 04 August 2020 07:43 AM
තමන්ගේ දේ පරිස්සම් කරගන්න එකේ ඇති වැරැද්ද කුමක්ද?
චමින්ද Tuesday, 04 August 2020 01:07 PM
මේ අම්මාගේ දරුවන් ටිකක් මෝඩ ඇති... නැත්නම් මේ ගස කාට හෝ බදු දුන්නා නම් අම්මට වදයක් නැතිව ආදායමක් ඇතිව අපූරුවට නිදාගන්න තිබුණා නේද? ඊළග වතාවේවත් නුවණැස පහළ වේවා..!!!
damith Wednesday, 05 August 2020 12:14 AM
අහිංසක කෙනෙකුගේ දේවල් හොරකම් කරන එක හොඳ වැඩක් ද එතකොට
de silva berlin Wednesday, 05 August 2020 01:10 PM
මෙවැනි වියපත් කෙනෙක්ට උදව්වක් කරනවා මිසක්, පොළොස්ගෙඩි විසිකර විහිළු කිරීම මහ කැත වැඩකි.