පස් වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඉතා උසස් ලෙස සමත් වූ ගම්බද පාසලක දරුවකු සිය පියාගෙන් අපූරු තෑග්ගක් ඉල්ලා සිටි බව කියවෙන පුවතක් වියලූවෙන් වාර්තා වේ. සිද්ධිය මෙසේය. ඔහු වියලූව ගම්බද ප‍්‍රදේශයක මැදිවියේ පුද්ගලයෙකි. සමෘද්ධිලාභී ගොවි මහතෙකි. හේනේ කුඹුරේ වැඩට ගොස් ආපසු නිවෙසට පැමිණෙන අතරතුරදී ගමේ කසිප්පු තිප්පොළෙන් අඩියක් ගැසීම ඔහුගේ සිරිතය. මිතුරා ද සමග නිවෙසට ගොඩවූ හෙතෙම දරුවා බදාගෙන සිය සතුට ප‍්‍රකාශ කළේ නෙතු අගින් කඩා වැටුණු කඳුළු බිඳු කීපයක් ද සඟවාගෙනය. දරුවාගේ ජයග‍්‍රහණයෙන් බොහෝ සේ උදම් වූ හෙතෙම ”මොනවද පුතේ ඔයාට ඕනෑ තෑග්ග” යැයි දරුවාගෙන් විමසා සිටියේ කිසි දිනෙකත් නැති සෙනෙහසක් ද මවා පාමිනි. පියාගේ පැනයට දරුවාගෙන් ලැබුණේ ඔහු කිසි දිනෙක අපේක්ෂා නොකළ අන්දමේ අපූරු පිළිතුරකි. ”අනේ තාත්තේ මට තෑගි එපා. තාත්ත අද ඉඳල අරක්කු බොන්න එපා” දරුවා මාපට ඇඟිල්ලෙන් පොළොව හාරමින් කියා සිටියේ දෙනෙත් කඳුළින් පුරවා ගනිමිනි. සිද්ධියෙන් පසුව මෙකී පියා මත්පැන් පානය නොකාාරන බව ද දැන ගන්නට ඇත.ා
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බේබද්දන් සියල්ලන්ම කියන්නේ නැවත බොන්නේ නැහැ කියලා. කවුරු විශ්වාස කළත් බේබද්දන්ව විශ්වාස කරන්න බැහැ. (නි)
එස්.එල්.ටි.කේ.ඔයා මයිඤොක්කා ගන්න ඇවිත් ඉඩම් මනින්න එපා.(ස)
මම නම් හිතන්නේ නැහැ බීම නවත්වයි කියලා. (නි)
මෙහෙමත් මිනිස්සු
අහිංසක මනසක් කොපමණ විදවන්න ඇද්ද? අනේ තාත්තේ, ඔයගත් තීරණය දැඩි සේ සුරකින්න. (නි)
හැමදාම හවසට වෙනිවැලිගැට ටිකක් තම්බලා බිවුවා නම් මහන්සිය අඩුවෙනවනේ. (නි)
තාත්තා නම් ෂුවර් එකටම ඉතාලියේ ඉදලා ගිය කෙනෙක්. (නි)
කමල්, එහෙම කියන්න එපා. තමන්ගේ දරුවන් වෙනුවෙන් වැරදි අත්හළ දෙමවුපියන් ඕනෑතරම් ඉන්නවා. (නි)
ගොඩක් ආදර්ශමත් පුතෙක්..!(නු)
අනේ වාසනාවන්..!(නු)
වැඩි කල් නොගොස් පියාට තේරෙනවා නොබී ඉන්න එකේ වාසිය.. ඔහු තවත් කවදාවත් බොන්නේ නැහැ..!(නු)
හොඳ ළමයෙක් , සුබ පැතුම් (ස)
ආදර්ශමත් පුතෙක් , ඔබට සුබ අනාගතයක් ..!!! (ස)
මේ පියතුමාට මින් මිදී දිවිය නිරෝගීව ගෙනයාමට අවශ්‍ය චිත්ත ශක්තිය ලැබේවා! (නි)
ඉතාලියේ වෙන්නප්පුවේ කට්ටිය අතරද අධික බීමත්කම විශාල ප්‍රශ්නයක් වී ඇත. (නි)
හොඳ මිනිස්සු රටට අවශ්‍ය කාලයක් , සතුටුයි (ස)
පුතා කියලා තියෙන්නේ අරක්කු බොන්න එපා කියලාකේ..දැං මෙයා අරක්කු නැතිව වෙන ඒවා බොයිද දන්නේ නැහැ.. කෙසේ වෙතත් මේ ළමයාට සුභ අනාගතයක්..!(නු)
ඔය බොන සල්ලි දරුවන්ගේ අධ්‍යාපනයට වියදම් කරන්න කියලා අපි ඒ තාත්තාට කියනවා..!(නු)
බීමත් පියවරුන්ගේ දරුවන්ගේ ප්‍රාර්ථනය තමන්ගේ පියාගේ බීමත්කම නැවැත්වීමයි (නි)
රංජිත්, පිටිගල, ඔබ හරි. ඉතාලි වල ඉන්න වෙන්නප්පුවේ අයත් ඔහොමම තමයි. (නි)
නියම තෑග්ග
අයියෝ සල්ලි
පුතේ සාමාන්‍ය පෙළ විභාගයත් සමත් කරගන්න. නැත්නම්.........? (ස)
අපේ මහන්සියට හවසට පොඩි අඩියක් ගැහුවා , දරුවෝ හදලා ඒකටත් තිත තියන්න උනා (ස)
ඇගේ මහන්සියට හවසට පොඩි අඩියක් ගැහුවා. දරුවන් හදලා ඒකටත් තිත තියන්න වුණා. (නි)
ඕවා ගණන් ගන්න එපා. හොරෙන් ගිහින් බොන්න. (නි)
මේ දෙන්නව ආදර්ශයට ගන්න පුලුවන් නම් මේ රට කොයිතරම් ලස්සනයිද? (නි)
ඇත්තටම ගොඩක් හොද තාත්තා කෙනෙක්. (නි)
ඉතාම වටිනවා , පුතාට සුබ අනාගතයක් වේවා (ස)
ආදර්ශමත් පියෙක් සහ රටක් වටිනා බුද්ධිමත් දරුවෙක් (ස)
හොද පුතෙක්, ඇහුම්කන් දෙන පියෙක්
බුදු තාත්තෙ බොන්න එපා.... අද සමාජයේ විශාල වශයෙන් දරුවන් දැවෙන ප්‍රශ්නයක් මේක... තාත්තා බීගෙන ගෙදර එන විට අම්මත් දරුවොත් පොඩි ගින්දරක් උසුලන්නෙ.කවදා මේ මිනිස්සු මේ විනාශයෙන් ගැලවෙයිද? (ස)
අන්න හරි පුතේ... හොඳ පුතා.තාත්තගෙන් ඉල්ලුව තෑග්ග හරි.පුතාගේ අනාගතය අධ්‍යාපනයෙන් බැබලේවා කියලා අපි සෞදි අරාබි රටේ ඉඳලා පතන්නෙමු. (ස)
පමා වෙලා හරි ළමයා වෙනුවෙන් ගත් තීරණය හොදයි (ස)
ජයවේවා පුතේ
අසරණ දරුවෝ..!(නු)
මම සුබ පතනවා සුබ අනාගතයක් සඳහා (ස)
දරුවගේ මනස තුල කෙතරම් කාලයක් පියාගේ මේ හැසිරීම තිබෙන්නට ඇද්ද ? (ස)
මමත් පියෙක්.. අරක්කු සිගරට් නොබොන.. ඒ උනාට මේ සිද්ධිය කියවුවේ කදුලින් පිරි දෙනෙතින්.. ඇත්ත පියෙකුට තම දරුවා වෙනුවෙන් කළ නොහැක්කක් නැහැ..!(නු)
ඒකනම් ඔක්කොටම වඩා වටිනවා (ස)
බුද්ධිමත් දරුවෙක්. ඉදිරියේ තවත් හොදින් අධ්‍යාපන කටයුතු කරගන යන්න වාසනාව ලැබේවා!.(ස)
පිය පුතු දෙදෙනාම දිනුම්, සුබ පැතුම් පුතේ (ස)
සමෘද්ධිලාභී ගොවි මහතෙක් ? ගොවිතැනින් අදායම මදි නිසා සමෘද්ධිය දෙනවද, සමෘද්ධිය මදි නිසා ගොවිතැන් කරනවා ද ? මෙයා හවසට සප්පායම් වෙන්නේ මොන සල්ලි වලින්ද ? (නු)
රටක් වටින පුතෙක්.. සුභ අනාගතයක්..!(නු)
කතාව ඇත්ත උනත් නැතත් , අවසානයේදි මගේ ඇස් කඳුලින් පිරුනා (ස)
සතියකට පස්සේ ඇරියස් එකත් එක්ක බොයි. (නි)
රත්තරන් පුතේ , ඔබට සුබ අනාගතයක් (ස)
ඇඩෙනවා තනි ඇහැට (ස)
මිනිස්සු වැරදි කරනවා තමයි. ඒත් වැරැද්ද තේරුණහම ඒකෙන් අයින් වෙන එකයි මනුස්සකම. හොද පුතෙක් සහ පියෙක්. (නි)
බොහොම හොදයි පුතේ. තවත් හොද තාත්තෙක්ගේ බීම නවත්වන්න ඔයාට පුලුවන්. (නි)
උදේට බුදුන්ට පහණ තියලා උදැල්ලටත් වැදලා තමා කුඹුරට යන්නේ. හවසට පානය නොකරන ගොවියෙක් හොයාගන්න බැරි තරම්..!(නු)
එස්.එල්.ටී.කේ., ඇත්තටම ඔයාට සමෘද්ධිය නැද්ද? ඔයා සමෘද්ධිය ලැබෙනවට ආසද? මේ වගේ දෙයක් බලලා සතුටු වෙන්න. ඒ දරුවත්, පියත් ගොඩක් උතුම් අය කියලයි මට නම් හිතෙන්නේ. (නි)
කොච්චර කාලෙකටද දන්නේ නැහැ. (නි)
දෙන්නටම සුභ පැතුම්! (නි)
දරුවන් ගැන හැමදාමත් හිතන්න. එවිට ලෝකය ලස්සන වේවි. (නි)
පුතාට දුන්න පොරොන්දුව සදා කල් රැක ගන්න තාත්තට ධෛර්‍ය ලැබේවා (ස)