තමන් සේවය කරන හෝටලයට නුදුරින් පිහිටා තිබූ රෝහල කරා ඔහු පැකිළෙන දෙපයින් පියවර මැන්නේ අසනීපයකට ප‍්‍රතිකාර ගැනීමට නොව බීමතිනි.
රෝහල් භූමි පරිශ‍්‍රයට පිවිසි ඔහු පසෙක නතර කෙරුණු මෝටර් රියක් අසලට ගියේ එහි රියැදුරු අසුන පැත්තෙන් දොර හැර දොස්තර නළාව ද කර හොවාගත් වෛද්‍යවරිය කෙරෙහි සිතක් පහළ වූ බැවිනි.
ඔහුගේ බැල්ම වෛද්‍යවරියට රිස්සුවේ නැත. බීමත්ව සිටි ඔහුට වෛද්‍යවරියගේ නොරිස්සුම තේරුම් ගැනීමට නොහැකිවිය. මං ඔයාට ආදරෙයි. ඔහු තෙපලූයේ බමන මතිනි. රෝහල් ආරක්‍ෂක අංශයේ සී.සී.ටී.වී කැමරාවක් තිබිණි. ආරක්‍ෂක අංශය භාරයට ගැනුණු බීමත් පෙම්වතා රෝහල් පොලිසිය වෙත බාර දෙනු ලැබිණි.
කුලියාපිටිය පොලිසිය මගින්, කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඔහු ඉදිරිපත් කෙරුණේ, ප‍්‍රසිද්ධ ස්ථානයක බීමත්ව අශෝභන ලෙස හැසිරුනේය යන චෝදනාව මතය.
චෝදනාව සඳහා වරද පිළිගත් ඔහුට, කුලියාපිටිය මහේස්ත‍්‍රාත් බන්ධුල ගුණරත්න මහතා රුපියල් 3500ක දඩ මුදලක් නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මමත් ඔබට ආදරෙයි" ඒ නිසා තමයි ඔබවැනි රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ " කියලා මේ දොස්තරවරිය කිවුවා නම් දෙන්නම හරි. නඩු යන්ට ඕනෑත් නැහැ. (නි)
ආදරය ප්‍රකාශ කිරීම වරදක් වුනේ මිනිහා බීලා හිටි නිසා වෙන්න ඇති (නදී)
මෙයා පෙම්වතා කියල ලිවීම වැරදියි. මොහු බීමත් සල්ලාලයෙකි. (නදී)
අනේ මන්දා! මිනිසුන්ගේ තියන බය නැතිකමනේ. මේ මනුස්සයාට පිස්සුද මන්දා! මේ වගේ අය නිසා තමා කාන්තාවකට පාරේ නිදහසේ යන්න බැරි (නි)
පොඩ්ඩක් වැඩි උනා තමයි එ්ත් ආදරෙයි කිව්වෙ නම් ඇත්තටම තමයි. කවුද දන්නේ මෙහෙම වෙයි කියා. 3500න් බේරුනා මදැයි. (නදී)
මොකක්ද මේකේ ඇති වැරැද්ද? (නදී)
සෑම් එක්ක මමත් එකඟ වෙනවා. දොස්තර කෙනෙක් කියන්නේ සමාජය පිළිගත්ත රස්සාවක්. එ්ක ඇත්ත නමුත් එයාලට විශේෂයක් කරන්න ඕන නැහැ. අනික දැන් ඉන්න සමහර අය කරන දේවල් දැක්කම පෙම් කරන්න නෙවි ගෙදර එක්කගෙන යන්න හිතෙනවා (නදී)
ඔයාට මොකද ඔච්චර තරහ ගියේ සමන්ති. බිමත් සල්ලාලයෝ අතරේ ප්‍රේමවන්තයෝ ඉන්න බැරිද? (නදී)
ඔය විහිලුවට කැමති උදවියත් ඇති. එහෙම කෙනෙකුට විකුම් ගේ විහිලු හරි යාවි මම හිතන්නේ. (නදී)
මේ මනුස්සයට කියන්න තිබුනේ ‘‘.ඔබට සිත ආදරේ කරයි ..දෙතොල ගොලුවී සිටි ..නැගුන සෙනෙහේ කියනු බැරි වී මගේ සිත වේදනා විදි‘‘ කියලා. මොකටද එක පාරම ආදරෙයි කියන්න ගියේ. (නදී)
ඔව්, දොස්තරවරියට එහෙම කරපු එක වැරදි තමයි. (නදී)
රනිධු පෙම්වතෙක් ආදරය කරන තැන පෙම්වතියකුත් සිටිය යුතුයි. නැත්නම් එය ප්‍රේමාදරයක් නොවේ. (නදී)
මේ දවස්වල බීලා ඉන්න මිනිසුන්ගෙයි නොබී ඉන්න මිනිසුන්ගෙයි අතර මහා වෙනසක් නම් නැහැ. හැබැයි කවුරු හරි විහිළුවක් කළා කියලා නඩු කියන්න අපිට නම් සල්ලි නැහැ. මේ දවස්වල නඩු කියන එකත් ලංකාවේ ජාතික ක්‍රීඩාවක් වගේ වෙලා (නි)
මේවා සමථ මණ්ඩලය හරි පොලිසියෙන් හරි විසඳන්න බැරිද? (නි)
දොස්තරලට අවවාද දෙන්න යන්න එපා කවදාවත්. (නි)
කාන්තාවකට වූ හිරිහැරයක් ගැන ප්‍රවෘත්තියකට දමන අදහස් දුටුවිට ලංකාවේ ඉන්නේ නොදියුණු අසහනකාරී ගෝත්‍රික පිරිසක් කියලයි මට නම් සිතෙන්නේ. උගත්කම සහ බුද්ධි මට්ටම නැති, සාක්ෂරතාව 100% වූ රටක සිටීමේ ප්‍රතිඵල. (නි)
ධර්මසේන මහත්තයෝ,ඒ කියන්නේ ලංකාවේ බහුතරයක් මෝඩයි කියන එකද? (නි)
අහිංසක වැරැද්දක් (නි)
බීමතින් යන්න ඇත්තේ හොද සිහියෙන් කියන්න ලජ්ජා හින්ද වෙන්න ඇති. මමත් ඔහොම ඕන තරම් කරලා අනාගෙන තියෙනවා (නදී)
මමත් මඟුල් ගෙදරක ගිහින් "බීමතින්" මනමාලිගේ දෙවෙනි යාලුවට කතාකරන්න ගිහින් අනාගත්ත. ඒ කෙල්ලගේ හොඳ කමට මුකුත් උනේ නෑ. පස්සේ වැඩේ හරි ගියා. (ස)
සෑම්, ජානක, ලසිත්, චාමික, මාලන්, ජයත්, ඔයගොල්ලන්ට මනුස්සයෙකුගේ උගත්කමට සලකලා පුරුද්දක් නෑ වගේ. (නදී)
එතකොට උගත් අයට විතරද සමාජ සැලකුම් ලැබෙන්න ඕන? මනුස්ස කමට මිසක් ඔලුවේ අං තිබුනට අපි ගණන් ගන්නේ නැහැ චමල්කා නෝනා. (නදී)
මේ වැරැද්දට හරි ඉක්මනින් දඩ. අර මහනුවර කාර් එක උඩ ඉන්න කෙනාගේ දුව කෝ ? (නි)
ගාමිණී සිරි ඉන්නේ තවම වැඩ වසම් යුගයේද කොහෙද. ආත්ම ගෞරවයට දොස්තරද කොන්දොස්තරද කියල වෙනසක් තියෙනවද? (නදී)
ආදරය ප්‍රකාශ කරන්න පදමට දාන්න අවශ්‍ය ඇති. මනෝ වෛද්‍ය උපදේශනයකට යටත් කරලා දඩ ගැහුව නම් තමයි වඩා හොඳ. (ස)
ගාමිණි-සිරි, කාන්තාවකට හිරිහැර කිරීමේදී ඉහල දඬුවම් ලබාදිය යුතු බවට මමත් එකඟයි. නමුත් දොස්තර කෙනෙකුට හිරිහැර වීම නිසා ඉහල දඬුවම් දිය යුතුයි කියන එක හිනාවට කාරණයක්. මොකද දොස්තර නෝනා කෙනෙකුට තියෙන්නෙත් අනිත් කාන්තාවන්ට තියන දේවල්ම තමා. (නදී)
ඇයි ගාමිණි වෙනත් වෘත්තියක කාන්තාවකට හෝ රැකියාවක් නොකරන කාන්තාවකට කියලා වෙනසක් තිබෙනවාද ? වෘත්තීය තරාතිරමක් නැතිව ඕනෑම කාන්තාවකට තම හිරි ඔතප් ආරක්ෂා කර ගැනීමට අයිතිය තියනවා. දොස්තර නෝනා කියලා වෙනම වර්ගයේ කාන්තා කොට්ටාශයක් නෙවෙයිනේ. (නදී)
මේ හෝටලය මොකද්ද ? සේවා කාලය තුලදීද මේ පුද්ගලයා බීමත් වුනේ ? (නදී)
මේ වගේ දේවල් ඕනේ තරම් වෙනවා අද රටේ ලෝකේ. මොනවා උනත් ටිකක් හිතට වදින හූ පොඩ්ඩක් හිනායන එකක් දැම්මා නම් නියමයි (නදී)
මේක බොරු කතාවක්, ලංකාවෙ මතට තිත නේද? (ස)
හොද වැඩේ ..3500ක් නෙවෙයි දඩය 23500ක් කරන්නයි තිබුනේ ...? (අ)
පොලිසිය දැක්කට පස්සේ වෙරි හිදෙන්න ඇති. (අ)
සිහි බුද්දියෙන් ඉදන් කියන්න බය වෙන්න ඇති. ඉතින් දෙකක් දා ගෙන ගිහින් කියන්න ඇති. ඇත්තටම ආදරේද කියල දන්නේ නැහැනේ (නදී)
දොස්තර නෝනා නෙවෙයි ඕනෑම තරාතිරමක කාන්තාවකට තමන් ගේ හිරි ඔතප් ආරක්ෂා කරගෙන ඉන්න ඉඩ තිබිය යුතුයි. කාන්තාවගේ වෘත්තීය තරාතිරම් ඊට අදාළ නැහැ . (නදී)
මෙවැනි පෙම් කුරුල්ලන්ට පාඩමක් උගන්වන්න. දඩ මුදලත් .. දඬුවමත් ප්‍රමාණ වත් නොවන බව පෙනෙන්නේ ඇය දොස්තරවරියක් නිසාත්, ඇගේ ගෞරවයට කැළලක් සිදුකල නිසාත්ය. (ස)
මෙයා නීතීඥයෙක් නැතිව දේශපාලකයා ඇල්ලුවානම් නඩුව ඉවරකරගන්න තිබුණා. (ස)
ගාමිණී නීතියට දොස්තර කියල වැඩක් නැහැ (නදී)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
තරුණියකට පෙම් බැඳීම වරදක්ද? (නි)
හිතට පණක් එන්න හීනියට පොඩි ෂොට් එකක් දාගෙන දොස්තරවරියට පොඩි විහිළුවක් කරලා වගෙයි. නීතියෙන් ඔච්චරටම වරදක්ද මේ අහිංසක ආරාධනාව? (නි)
විහිලු කරන්න තමන්ගේ ගෙදර ඉන්න බවලතෙක් අල්ල ගත්තේ නැත්තේ ඇයි මාලන් ? කාන්තාවන් කියන්නේ සිහි මද පිරිමින් ගේ විහිලු වලට ලක් වෙන්න ඕන උදවියද ? (නදී)
සෑම්,ජානක.චාමික,තරිඳු පුතුනේ, මෙම සිද්ධිය සිදුවී ඇත්තේ පාසලක . නගර සභාවක, ලේකම් කාර්යාලයක හෝ තැපැල් කන්තෝරුවක නොවේ ආරෝග්‍ය ශාලා භූමියකයි. (නි)
කුමුදිනි වත්සලා, ඔයා තනිකඩද ? මම මේ නිකමට ඇහුවේ. (නි)
එතකොට ජයන්ත කියන්නේ විහිලු කරන්න පුළුවන් ගෙදර ඉන්න බවලතුන්ට විතරයි කියලද? හොඳ සිහියෙන් හිටියත් ආලය අන්ධයි කියලා අහලා නැද්ද? (නි)
තව ටික දවසකින් තවත් අලුත් ආරංචියක් අහන්න ලැබෙයි (නි)