IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


බීමතින් රෝහලට ගිහින් වෛද්‍යවරියට ආලවන්තකම්පාලා

තමන් සේවය කරන හෝටලයට නුදුරින් පිහිටා තිබූ රෝහල කරා ඔහු පැකිළෙන දෙපයින් පියවර මැන්නේ අසනීපයකට ප‍්‍රතිකාර ගැනීමට නොව බීමතිනි.
රෝහල් භූමි පරිශ‍්‍රයට පිවිසි ඔහු පසෙක නතර කෙරුණු මෝටර් රියක් අසලට ගියේ එහි රියැදුරු අසුන පැත්තෙන් දොර හැර දොස්තර නළාව ද කර හොවාගත් වෛද්‍යවරිය කෙරෙහි සිතක් පහළ වූ බැවිනි.
ඔහුගේ බැල්ම වෛද්‍යවරියට රිස්සුවේ නැත. බීමත්ව සිටි ඔහුට වෛද්‍යවරියගේ නොරිස්සුම තේරුම් ගැනීමට නොහැකිවිය. මං ඔයාට ආදරෙයි. ඔහු තෙපලූයේ බමන මතිනි. රෝහල් ආරක්‍ෂක අංශයේ සී.සී.ටී.වී කැමරාවක් තිබිණි. ආරක්‍ෂක අංශය භාරයට ගැනුණු බීමත් පෙම්වතා රෝහල් පොලිසිය වෙත බාර දෙනු ලැබිණි.
කුලියාපිටිය පොලිසිය මගින්, කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඔහු ඉදිරිපත් කෙරුණේ, ප‍්‍රසිද්ධ ස්ථානයක බීමත්ව අශෝභන ලෙස හැසිරුනේය යන චෝදනාව මතය.
චෝදනාව සඳහා වරද පිළිගත් ඔහුට, කුලියාපිටිය මහේස්ත‍්‍රාත් බන්ධුල ගුණරත්න මහතා රුපියල් 3500ක දඩ මුදලක් නියම කළේය.



අදහස් (0)

බීමතින් රෝහලට ගිහින් වෛද්‍යවරියට ආලවන්තකම්පාලා

මලී Friday, 04 July 2014 12:46 PM

මේක බොරු කතාවක්, ලංකාවෙ මතට තිත නේද? (ස)

:       0       0

රනිඳු Saturday, 05 July 2014 12:48 PM

ඔයාට මොකද ඔච්චර තරහ ගියේ සමන්ති. බිමත් සල්ලාලයෝ අතරේ ප්‍රේමවන්තයෝ ඉන්න බැරිද? (නදී)

:       0       0

රූපවති Friday, 04 July 2014 01:14 PM

හොද වැඩේ ..3500ක් නෙවෙයි දඩය 23500ක් කරන්නයි තිබුනේ ...? (අ)

:       0       0

නන්ද Tuesday, 08 July 2014 06:28 AM

මේ වැරැද්දට හරි ඉක්මනින් දඩ. අර මහනුවර කාර් එක උඩ ඉන්න කෙනාගේ දුව කෝ ? (නි)

:       0       0

චමී Friday, 04 July 2014 01:15 PM

පොලිසිය දැක්කට පස්සේ වෙරි හිදෙන්න ඇති. (අ)

:       0       0

එරංග Monday, 07 July 2014 03:03 PM

මමත් මඟුල් ගෙදරක ගිහින් "බීමතින්" මනමාලිගේ දෙවෙනි යාලුවට කතාකරන්න ගිහින් අනාගත්ත. ඒ කෙල්ලගේ හොඳ කමට මුකුත් උනේ නෑ. පස්සේ වැඩේ හරි ගියා. (ස)

:       0       0

කුමාරි Saturday, 05 July 2014 02:00 PM

ඔය විහිලුවට කැමති උදවියත් ඇති. එහෙම කෙනෙකුට විකුම් ගේ විහිලු හරි යාවි මම හිතන්නේ. (නදී)

:       0       0

ගාමිණී - සිරි Friday, 04 July 2014 08:41 PM

සෑම්,ජානක.චාමික,තරිඳු පුතුනේ, මෙම සිද්ධිය සිදුවී ඇත්තේ පාසලක . නගර සභාවක, ලේකම් කාර්යාලයක හෝ තැපැල් කන්තෝරුවක නොවේ ආරෝග්‍ය ශාලා භූමියකයි. (නි)

:       0       0

සුසන්ත Friday, 04 July 2014 08:46 PM

කුමුදිනි වත්සලා, ඔයා තනිකඩද ? මම මේ නිකමට ඇහුවේ. (නි)

:       0       0

විකුම් Friday, 04 July 2014 08:47 PM

එතකොට ජයන්ත කියන්නේ විහිලු කරන්න පුළුවන් ගෙදර ඉන්න බවලතුන්ට විතරයි කියලද? හොඳ සිහියෙන් හිටියත් ආලය අන්ධයි කියලා අහලා නැද්ද? (නි)

:       0       0

චමිල Friday, 04 July 2014 09:53 PM

තව ටික දවසකින් තවත් අලුත් ආරංචියක් අහන්න ලැබෙයි (නි)

:       0       0

මනෝජ්-සාජා Saturday, 05 July 2014 03:44 PM

මේ මනුස්සයට කියන්න තිබුනේ ‘‘.ඔබට සිත ආදරේ කරයි ..දෙතොල ගොලුවී සිටි ..නැගුන සෙනෙහේ කියනු බැරි වී මගේ සිත වේදනා විදි‘‘ කියලා. මොකටද එක පාරම ආදරෙයි කියන්න ගියේ. (නදී)

:       0       0

කුසුම් Friday, 04 July 2014 10:13 PM

මේ දවස්වල බීලා ඉන්න මිනිසුන්ගෙයි නොබී ඉන්න මිනිසුන්ගෙයි අතර මහා වෙනසක් නම් නැහැ. හැබැයි කවුරු හරි විහිළුවක් කළා කියලා නඩු කියන්න අපිට නම් සල්ලි නැහැ. මේ දවස්වල නඩු කියන එකත් ලංකාවේ ජාතික ක්‍රීඩාවක් වගේ වෙලා (නි)

:       0       0

සම්පත් Friday, 04 July 2014 02:20 PM

සිහි බුද්දියෙන් ඉදන් කියන්න බය වෙන්න ඇති. ඉතින් දෙකක් දා ගෙන ගිහින් කියන්න ඇති. ඇත්තටම ආදරේද කියල දන්නේ නැහැනේ (නදී)

:       0       0

ලසිත් Friday, 04 July 2014 02:57 PM

දොස්තර නෝනා නෙවෙයි ඕනෑම තරාතිරමක කාන්තාවකට තමන් ගේ හිරි ඔතප් ආරක්ෂා කරගෙන ඉන්න ඉඩ තිබිය යුතුයි. කාන්තාවගේ වෘත්තීය තරාතිරම් ඊට අදාළ නැහැ . (නදී)

:       0       0

අජිත් Saturday, 05 July 2014 04:36 PM

ඔව්, දොස්තරවරියට එහෙම කරපු එක වැරදි තමයි. (නදී)

:       0       0

චාමික Friday, 04 July 2014 03:23 PM

ගාමිණී සිරි ඉන්නේ තවම වැඩ වසම් යුගයේද කොහෙද. ආත්ම ගෞරවයට දොස්තරද කොන්දොස්තරද කියල වෙනසක් තියෙනවද? (නදී)

:       0       0

සදාජිත් වික්‍රම Friday, 04 July 2014 11:33 PM

ආදරය ප්‍රකාශ කිරීම වරදක් වුනේ මිනිහා බීලා හිටි නිසා වෙන්න ඇති (නදී)

:       0       0

චමල්ක Monday, 07 July 2014 08:39 PM

සෑම්, ජානක, ලසිත්, චාමික, මාලන්, ජයත්, ඔයගොල්ලන්ට මනුස්සයෙකුගේ උගත්කමට සලකලා පුරුද්දක් නෑ වගේ. (නදී)

:       0       0

නවෝද් Monday, 07 July 2014 09:00 PM

එතකොට උගත් අයට විතරද සමාජ සැලකුම් ලැබෙන්න ඕන? මනුස්ස කමට මිසක් ඔලුවේ අං තිබුනට අපි ගණන් ගන්නේ නැහැ චමල්කා නෝනා. (නදී)

:       0       0

උදිත මදුමල් පෙරේරා Monday, 07 July 2014 11:46 AM

බීමතින් යන්න ඇත්තේ හොද සිහියෙන් කියන්න ලජ්ජා හින්ද වෙන්න ඇති. මමත් ඔහොම ඕන තරම් කරලා අනාගෙන තියෙනවා (නදී)

:       0       0

උපුල් Sunday, 06 July 2014 01:04 PM

දොස්තරලට අවවාද දෙන්න යන්න එපා කවදාවත්. (නි)

:       0       0

චන්දි Friday, 04 July 2014 03:45 PM

මෙයා නීතීඥයෙක් නැතිව දේශපාලකයා ඇල්ලුවානම් නඩුව ඉවරකරගන්න තිබුණා. (ස)

:       0       0

තරිඳු Friday, 04 July 2014 04:00 PM

ගාමිණී නීතියට දොස්තර කියල වැඩක් නැහැ (නදී)

:       0       0

සමන්ති Saturday, 05 July 2014 07:23 PM

රනිධු පෙම්වතෙක් ආදරය කරන තැන පෙම්වතියකුත් සිටිය යුතුයි. නැත්නම් එය ප්‍රේමාදරයක් නොවේ. (නදී)

:       0       0

සුසිර Sunday, 06 July 2014 11:37 PM

ධර්මසේන මහත්තයෝ,ඒ කියන්නේ ලංකාවේ බහුතරයක් මෝඩයි කියන එකද? (නි)

:       0       0

සමන්ති Saturday, 05 July 2014 05:44 AM

මෙයා පෙම්වතා කියල ලිවීම වැරදියි. මොහු බීමත් සල්ලාලයෙකි. (නදී)

:       0       0

එඩ්වර්ඩ් Friday, 04 July 2014 05:35 PM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

ධර්මසේන Sunday, 06 July 2014 02:34 PM

කාන්තාවකට වූ හිරිහැරයක් ගැන ප්‍රවෘත්තියකට දමන අදහස් දුටුවිට ලංකාවේ ඉන්නේ නොදියුණු අසහනකාරී ගෝත්‍රික පිරිසක් කියලයි මට නම් සිතෙන්නේ. උගත්කම සහ බුද්ධි මට්ටම නැති, සාක්ෂරතාව 100% වූ රටක සිටීමේ ප්‍රතිඵල. (නි)

:       0       0

මැක්සි Monday, 07 July 2014 04:20 AM

අහිංසක වැරැද්දක් (නි)

:       0       0

ගාමිණී - සිරි Friday, 04 July 2014 10:58 AM

මෙවැනි පෙම් කුරුල්ලන්ට පාඩමක් උගන්වන්න. දඩ මුදලත් .. දඬුවමත් ප්‍රමාණ වත් නොවන බව පෙනෙන්නේ ඇය දොස්තරවරියක් නිසාත්, ඇගේ ගෞරවයට කැළලක් සිදුකල නිසාත්ය. (ස)

:       0       0

කුමුදිනි වත්සලා Friday, 04 July 2014 06:02 PM

තරුණියකට පෙම් බැඳීම වරදක්ද? (නි)

:       0       0

මධුශානි හේවදේව Saturday, 05 July 2014 08:39 AM

අනේ මන්දා! මිනිසුන්ගේ තියන බය නැතිකමනේ. මේ මනුස්සයාට පිස්සුද මන්දා! මේ වගේ අය නිසා තමා කාන්තාවකට පාරේ නිදහසේ යන්න බැරි (නි)

:       0       0

කිරි ගමරාල Friday, 04 July 2014 11:12 AM

ආදරය ප්‍රකාශ කරන්න පදමට දාන්න අවශ්‍ය ඇති. මනෝ වෛද්‍ය උපදේශනයකට යටත් කරලා දඩ ගැහුව නම් තමයි වඩා හොඳ. (ස)

:       0       0

සෑම් Friday, 04 July 2014 11:22 AM

ගාමිණි-සිරි, කාන්තාවකට හිරිහැර කිරීමේදී ඉහල දඬුවම් ලබාදිය යුතු බවට මමත් එකඟයි. නමුත් දොස්තර කෙනෙකුට හිරිහැර වීම නිසා ඉහල දඬුවම් දිය යුතුයි කියන එක හිනාවට කාරණයක්. මොකද දොස්තර නෝනා කෙනෙකුට තියෙන්නෙත් අනිත් කාන්තාවන්ට තියන දේවල්ම තමා. (නදී)

:       0       0

මාලන් Friday, 04 July 2014 06:21 PM

හිතට පණක් එන්න හීනියට පොඩි ෂොට් එකක් දාගෙන දොස්තරවරියට පොඩි විහිළුවක් කරලා වගෙයි. නීතියෙන් ඔච්චරටම වරදක්ද මේ අහිංසක ආරාධනාව? (නි)

:       0       0

පද්මිණි Sunday, 06 July 2014 01:31 AM

"මමත් ඔබට ආදරෙයි" ඒ නිසා තමයි ඔබවැනි රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ " කියලා මේ දොස්තරවරිය කිවුවා නම් දෙන්නම හරි. නඩු යන්ට ඕනෑත් නැහැ. (නි)

:       0       0

ජයන්ත Friday, 04 July 2014 07:02 PM

විහිලු කරන්න තමන්ගේ ගෙදර ඉන්න බවලතෙක් අල්ල ගත්තේ නැත්තේ ඇයි මාලන් ? කාන්තාවන් කියන්නේ සිහි මද පිරිමින් ගේ විහිලු වලට ලක් වෙන්න ඕන උදවියද ? (නදී)

:       0       0

ලංකා තිලක් Saturday, 05 July 2014 11:12 AM

පොඩ්ඩක් වැඩි උනා තමයි එ්ත් ආදරෙයි කිව්වෙ නම් ඇත්තටම තමයි. කවුද දන්නේ මෙහෙම වෙයි කියා. 3500න් බේරුනා මදැයි. (නදී)

:       0       0

ජානක Friday, 04 July 2014 12:29 PM

ඇයි ගාමිණි වෙනත් වෘත්තියක කාන්තාවකට හෝ රැකියාවක් නොකරන කාන්තාවකට කියලා වෙනසක් තිබෙනවාද ? වෘත්තීය තරාතිරමක් නැතිව ඕනෑම කාන්තාවකට තම හිරි ඔතප් ආරක්ෂා කර ගැනීමට අයිතිය තියනවා. දොස්තර නෝනා කියලා වෙනම වර්ගයේ කාන්තා කොට්ටාශයක් නෙවෙයිනේ. (නදී)

:       0       0

භානු Friday, 04 July 2014 12:32 PM

මේ හෝටලය මොකද්ද ? සේවා කාලය තුලදීද මේ පුද්ගලයා බීමත් වුනේ ? (නදී)

:       0       0

දානා Saturday, 05 July 2014 12:10 PM

මොකක්ද මේකේ ඇති වැරැද්ද? (නදී)

:       0       0

ජයත් Saturday, 05 July 2014 12:25 PM

සෑම් එක්ක මමත් එකඟ වෙනවා. දොස්තර කෙනෙක් කියන්නේ සමාජය පිළිගත්ත රස්සාවක්. එ්ක ඇත්ත නමුත් එයාලට විශේෂයක් කරන්න ඕන නැහැ. අනික දැන් ඉන්න සමහර අය කරන දේවල් දැක්කම පෙම් කරන්න නෙවි ගෙදර එක්කගෙන යන්න හිතෙනවා (නදී)

:       0       0

ලලිත් Sunday, 06 July 2014 05:52 AM

මේවා සමථ මණ්ඩලය හරි පොලිසියෙන් හරි විසඳන්න බැරිද? (නි)

:       0       0

මර්වින් Friday, 04 July 2014 12:45 PM

මේ වගේ දේවල් ඕනේ තරම් වෙනවා අද රටේ ලෝකේ. මොනවා උනත් ටිකක් හිතට වදින හූ පොඩ්ඩක් හිනායන එකක් දැම්මා නම් නියමයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 487 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 601 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1065 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 895 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2350 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 820 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 320 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site