වැටුප් දිනයේ තරුණයන් කිහිප දෙනෙක් මත්පැන් බෝතල්ද ඇතැතිව පැමිණියේ මිතුරකුගේ නිවෙසකටය. නිවෙසේ මිතුරා මත්පැන් නොබොන්නෙකි. ඔහු ඇමතූ මිතුරෙක්, “අපි බයිට් ගෙනාවා. බයිට් මදි වුණොත් මේ මස් ටික හදලා දීපන්” යැයි පවසමින් හරක් මස් කිලෝවක් ඔහු අත තැබීය. “හරි මචන්” මිතුරා පැවැසීය. මත්පැන් බෝතල් එකින් එක හිස්වන විට ඔවුහු ගීත ගැයීමටද පටන් ගත්හ. පැරණි ගීතයක් නව පද යොදා අයෙක් ගායනා කළේය.
ගෙනා බයිට් ශීඝ්‍රයෙන් ඉවර වන්නට වූයෙන් නිවසේ මිතුරාට කතා කළ අයෙක් “ඉක්මනට මස් ටික පොඩි කෑලි වලට කපලා හදලා ගනින්. ඇඬෙන්න මිරිස් දාපන් සුදු” යැයි කීය. කුස්සියට ගිය මිතුරා මස් සිහින්ව කපා මිරිස් බෝතලෙන් බාගයක්ද බැදපු තුණපහද යහමින් දමා මිශ්‍රකර පසෙක තැබීය. ඔහුට පෙම්වතියගෙන් දුර කතන ඇමතුමක් ලැබුණෙන් එළියට පැමිණි ඔහු පිළිතුරු දෙන්නට විය.
විනාඩි දහයක් ගතවිය. බයිට් රැගෙන යෑමට මිතුරෙක් පැමිණෙමින් කුස්සියේ පිසීමට සකස් කර තිබූ අමු මස් පිඟානකට දමාගෙන, කෑල්ලක රස බැලීය. “එළකිරි” යැයි කියාගත් ඔහු මස් බඳුන මිතුරන් අසල තැබීය. දුරකථන සංවාදය නිමාවී පැමිණ මිතුරාට පිසීමට තිබූ මස් දක්නට නොලැබුණෙන් වහා මිතුරන් අසලට පැමිණීයේය. ඔහු දුටුවේ අමුමස් බුදමින් ගීත ගායනා කරන මිතුරන්ය. කියන්න කිසි දෙයක් නොවුයෙන් ඔහු වහාම එතැනින් ඉවතට පැමිණියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි දෙවියනේ.... කොච්චර බිව්වත් අමු හරක් මස් කන්න පුළුවන්ද? අනේ මෙහෙමත් අවසිහියෙන් ඉන්න මිනිස්සු? (බ)
කොච්චාර එපා කිව්වත් සිහිය නැතිවෙනකම් බීලා මොනවා කියනවද කරනවද දන්නේ නැහැ. පහු වෙනිදට නැගිට ගන්නත් බැහැ. පොලිසියෙන් හරි ඉස්පිරිතාලේ හරි හිටියොත් එකත් විදවන්නේ ගෙදර ඉන්න ගෑනියි දරුවොයි. අනේ මෙහෙම කෑදර කමක්.(හේ)
මොන තරම් බීව්වත් අමු මස් අඳුනගන්න බැරි තරමට බොනවා කියලා කවදාවත් මම නම් අහලා නැහැ , මුන් යක්කු ටිකක්ද කොහෙද ? (හේ)
ඉතියෝපියාවේ ජනතාවගේ උදේ ආහාරය බොහෝවිට මිරිස්කුඩු සමග මම එහි කලක් ජීවත් වූ නිසා මේ ගැන හොඳින් දනිමි. (ර)
බිව්වට පස්සේ ධර්මිෂ්ට ටෝක් වලංගු නැහේ (අ)
ඉතියෝපියාවේ ජීවත්වෙන අය ගොඩක් වෙලාවට කන්නේ අමු හරක් මස් කියලා මම අහලා තියෙනවා
එ් කියන්නේ අමුමස් රසද? (නි)
අමුමස්වල රස කෙසේ වෙතත් ඉතියෝපියාවේ ඉන්නෙනම් ධාවන ශුරයෝ (බ)
ධම්ම ඔබ කියනදේ අැත්ත මම අප්‍රිකාවේ ඉඳිද්දි අමු මස් කන අය දැකල තියෙනව.එ් වගේම හරකුන්ගේ කුර, හරක්හම සහ කුකුළන්ගේ කකුල් හරිම ජනප්‍රිය කෑමක්. (බ)
නියම පදමට හැදුවොත් අමුමස් වුණත් ප්‍රශ්නයක් නැහැ (නි)
සුරාව මොනතරම් මිනිසුන්ගේ සිහිය විකෘති කරනවද (නි)