(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)
සේවා ස්ථානයේ පැවති උත්සවයේ වියදම් පියවීමේ බිල්පත්වල පෙර දින රාත්‍රියේ මිතුරන් සමග මත්පැන් පානය සඳහා ගත් කටගැස්මේ බිල ද වැරැදීමකින් අමුණා එය මාට්ටු වී දුෂ්කර පළාතකට මාරුවීම් ලැබූ සේවකයකු පිළිබඳව දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
සුවච කීකරු සේවකයෙකි. ඔහුගේ වැඩ ද පිළිවෙළය. ගනුදෙනු ද විනිවිදභාවයෙන් යුක්තය. මේ නිසාම සිය සේවා ස්ථානයේ උත්සව සඳහා වියහියදම් කිරීමට ආයතන ප්‍රධානියා විසින් නිතරගයෙන්ම පවරන්නේ ඔහුටය.
එදා පැවති උත්සවයේ වියදම් දැරුවේ ද ඔහුය. සියලුම වියදම් කෙරුණේ බිල්පත් ලබාගෙන. ඒ සියල්ලම ඔහුගේ මුදල් පසුම්බියේය. එදා උත්සවය සාර්ථකව නිම වූ නිසාම මිතුරන් සමග ඔහු එදා රාත්‍රියේ සෙට් වූයේය. එයට අවශ්‍ය බයිට් ගැනීමට මුදල් දුන්නේ ඔහුටය. ගත් බයිට්වලට ද ඔහු බිල්පතක් ලබාගත්තේය. ඒ මිතුරන්ට වුව ද තමාගේ විනිවිදභාවය පෙන්වීමටය. ඒ බිල ද ඔහුගේ මුදල් පසුම්බියේය.
පසු දින කාර්යාලයට ගිය ඔහුගේ පළමු කාර්යය වූයේ උත්සවයේ වියදම් සඳහා ගත් මුදල් පියවීමය. ඇස් පෙනීම මෙන්ම මතක ශක්තිය ද යම් ඌන මට්ටමක තිබූ ඔහු මුදල් පසුම්බියේ තිබූ සියලුම බිල්පත් වියදම් පියවීම සඳහා ඇමුණුවේය.
වියදම් විස්තරය ආයතන ප්‍රධානියා කිසිදු පරීක්ෂා කිරීමකින් තොරව අනුමත කර ප්‍රධාන කාර්යාලයට යැව්වේ ඔහු ගැන තිබූ විශ්වාසයෙනි. ගත වූයේ ටික දිනකි. ඔහුට සිය ප්‍රදේශයෙන් බැහැර දුෂ්කර ප්‍රදේශයකට මාරුවක් ලැබුණේය.
එම ස්ථාන මාරුවට හේතුව ලෙස පෙන්වා දී තිබුණේ උත්සවයක වියදම් පියවීම සඳහා එම උත්සවයට කිසිසේත්ම අදාළ නැති බයිට් බිලක් ඊට අමුණා තිබීමය. බයිට් බිලේ මුදල් ද ඔහුට ගෙවීමට නියම කර තිබුණි.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බයිට් බ්ලත් ඇමිණිලා රස්සාවටත් තට්ටුවෙන්න ගිහින්