ඔහු නගරයට ගියේය. යතුරු පැදිය නැතිවිය. පැමිණිල්ලක් කරන්නට පොලිසියට ගියේය.
ඔහු නිතරම සෑම ගමනක් බිමනක්ම යතුරු පැදියෙන් යන්නෙකි. ඔහු පසුගිය සති අන්තයේ නගරයට ගියේ බසයෙනි.
නගරයේ සිය අවශ්‍යතා ඉටුකරගත් ඔහු තමන් පුරුදු පරිදි යතුරු පැදිය නවතන ස්ථානයට ආයේය. යතුරුපැදිය එහි නැත. සාක්කුවට අත දමා බැලූවත් යතුරද නැත. ඔහුගේ හිස ගිනි ගත්තේය. අලූත් යතුරුපැදිය මිලට ගෙන මාස දෙක තුනකි.
ඔහු දැඩි කල්පනාවෙන් සිටියදී මිතුරෙක් හමුවිය. මිතුරාට සිද්ධිය කීවේය. පොලිසියට පැමිණිල්ලක් කරන්නැයි මිතුරා උපදෙස් දුන්නේය. ඔහු පොලීසියට පියමං කළේය. දන්නා හඳුනන පොලිස් නිලධාරියකුට සිද්ධිය කීවේය.
මෝටර් සයිකලේ වර්ගය හා අංකය පොලිස් නිලධාරියා විමසීය. එහි වර්ගය කිව්වත් අංකය කියන්නට ඔහුට මතක තිබුණේ නැත. ඔහු කළේ නිවෙසට දුර ඇමතුමක් ගැනීමය. අනේ බයිසිකලේ නොම්මරය කියන්නකෝ. ඔහු බිරියගෙන් ඉල්ලා සිටියේය. ඒ මොකටදැයි බිරිය විමසුවාය. යතුරුපැදිය නැතිවූ පුවත ඔහු බිරියට කීවේය.
අනේ, අනේ... බයිසිකලේ මේ ගෙදර තියෙන්නේ. ඔයා අද බස් එකේනේ ටවුන් ගියේ. ඇය එහුට කියද්දී සියල්ල යළි සිහිපත් කළ හෙතෙම පොලිස් නිලධාරියාට ”වැරදීමක් වුණා.” කියා නිවෙස බලා පියනැගීය. ඔහු සියනෑවේ වැසියෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සු කෙනෙක්. ගෙදර අයවත් ඔහොම අමතක වෙයිද දන්නේ නැහැ.(නදී)
තව පොඩ්ඩෙන් සියනෑවෙ වැසියාට සියතින්ම නා ගන්න වෙනවා!(දී)
මෙයාව හොද දොස්තර කෙනෙක්ට පෙන්නන්න (දී)
ඕව ඔහොම තම. මම නාන්න ගිය දවසක් සබන් කෑල්ල කියලා ෆෝන් එක අරගෙන. (දී)
මේක නම් විස්වාස කරන්න බැහැ . අඩු ගානේ හෙල්මට් එකවත් තියෙන්න එපයි මෝටර් සයිකලේ ආවා කියල හිතනකොට. (දී)
මේක මහා විහිලු කතාවක් වගේ (දී)
පුදුම අමතක වීමක්නේ එක.යතුර හොයද්දීවත් මතක් උනේ නැද්ද අනේ.(දී)
මේක විහිළුවක් නොවේ. අද කලේ ගොඩක් අයට තියෙන ලෙඩක්. ඒකට බෙහෙත් ගන්න ඕනේ. ඒත් මිනිස්සු කැමති නෑ ඇත්ත පිලී ගන්න.(නදී)
අපෝ ඔවැනි දේවල් කටත් වෙනවා. ඕකට කියන්නේ ටෙම්පරරි මෙමරි ලොස් කියල. සමහර වෙලාවට කාපු පිඟාන හෝදලා ශීතකරනෙට දාන වෙලාවල් තියෙනවා. යම් දෙයක් නිතර නිතර කරනකොට පුරුද්දට යාම නිසයි එහෙම වෙන්නේ. (අ)
අනේ මට හිනා යනවා ,(අ)
ණයක් ගත්තු මිනිහෙක්ට හැදෙන්න ඕන හොදම ලෙඩේ (දී)
මොනවා උනත් හිනා වෙන්න හොදයි (දිල්)
එදා බීලා වැඩිවුණා මනුස්සයාට බයිසිකලේ හොයා දුන්නෙත් පොලිසියෙන් නේද?මේ එයාමද?(දී)
සමාජයේ මේ තියෙන ප්‍රශ්නත් එක්ක ඔය වගේ දේවල් සාමාන්‍ය දේවල් (දී)
රටේ ප්‍රසිද්ද මානසික වෛද්‍ය වරෙක් දවසක් ගාල්ලේදී ඔහොම කරදරයක් වුනා . ඔහුගෙ කාර් නවත්තපු තැන අමතක වී (දී)