ග‍්‍රාමීය මට්ටමේ ජනප‍්‍රිය පාසලකි. පසුගියදා එහි ඩෙංගු මර්දන ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කොට දින දෙකක් දේශන සාකච්ඡුා සහ ශ‍්‍රමදානයක් ද පැවැත්වූ අතර සිසුන්ට පැමිණීම අනිවාර්ය කොට තිබිණි.
එදින නොපැමිණි සිසුන් පිළිබඳව පසුදා පරික්ෂා කිරීමේදී එක් සිසුවකු නොපැමිණීමට හේතුව ලෙස රඹුටන් ගසකින් ඇද වැටී වම් කකුල තුවාල වූ බව සඳහන් කෙරෙන ආයුර්වේද සහතිකයක් විදුහල්පතිට දී වෙලූම් සහිත කකුල ද පෙන්වීය.
ඊට එකඟතාව දැක්වූ නිසා සිසුවා නොණ්ඩි ගසමින් ආපසු යාමට තැත් කරත්ම වෛද්‍ය සහතිකයේ වූ කිසිවක් දුටු විදුහල්පති, සිසුවා යළි කැඳවීය. සහතිකයේ වම් කකුල ලෙස ලියා තිබුණද ඔහු වෙලාගෙන තිබුණේ දකුණු කකුලය.
මේ ගැන සැක සිතූ විදුහල්පතිවරයා ශිෂ්‍ය නායකයන් ලවා වෙලූම් පටි ගලවා පරීක්ෂා කළ විට මෙය අමූලික බොරුවක් බව පෙනී ගිය හෙයින් දැන් සිසුවාට එරෙහිව මෙන්ම වෛද්‍යවරයාට ද එරෙහිව පරීක්ෂණයක් කිරීමට සූදානම් වෙනවාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඉගෙන ගත්තේ පන්සලේ, ඒකාලේ තමයි " වේවැල් කොටු නාරන් සියඹලා අතු ......කිතුල් පොල් ඉරටු වැල් කසම්බිලිය අතු........වලින් දඬුවම් කලේ, හොඳට මතක තියෙන දඬුවම්.ගුටි කාලා ගෙදර ඇවිත් තාත්තට හොරෙන් අම්මට කියලා පිටේ තෙල් ගා ගන්නවා. ඒකාලේ දඬුවම් නිසා අපි අද මෙහෙම ඉන්නේ, හැබැයි ඒ ගුරුවරු අතින් පයින් කන පැලෙන්න ගැහුවේ නැහැ. ඒ ගුරුවරු ගුරු දෙවි වරු. (අ)
අපි නම් අනිත් උදවියත් කරනවා කියලා අපේ ළමයින්ට වැරදි දේ කරන්න උඩගෙඩි දෙන්නේ නැහැ. (නි)
අපේ නගරයේ රත්තරන් බඩු සාප්පුවකට දරුවෙක් එක්ක පැමිණ හොරකමේ යෙදුන අම්මා කෙනෙක් අල්ලාගත්තා. අම්මා රත්තරන් බඩු බලනවිට ළමයා ඉතා සුක්ෂම ලෙස ඉන් එකක් හංගාගන්නා හැටි කැමරාවේ සටහන් වෙලා තිබුනා. නිදහසට කාරණාවක් ලෙස ඒ කාන්තාව කියා තියෙන්නෙත් අද කාලයේ ජීවත්වෙන්න ඔක්කොම මෙහෙම දේවල් කරනවා, ඉතින් මම විතරක් වැරදි ඇයිද කියලා. (නි)
අනේ ජනක, අපිට නම් ඔය ලොකු මිනිසුන්ගේ තාලයට අපේ ළමයින් රැල්ලේ යවන්න බැහැ. (නි)
මට මතකයි මීට කලකට පෙර වාර්තා වෙලා තිබුනා ළමයෙක් එයාගේ පාසලේම පරිගණක සොරකමක් කරලා කියලා. ඒකත් අනිත් හැමෝම කරන නිසා කළාට කමක් නැති ඝණයටද දන්නේ නැහැ වැටෙන්නේ? (නි)
ඔන්න කවුරුත් මේ පුවතේ ළමයාට කිසිවක් නොකියා ඉන්න. තව ටික කලක් යනකොට විභාග වංචා කළත් කමක් නැහැ, ඒකත් හැමෝම කරනවා කියන මට්ටමට සමාජය ඒවි. (නි)
ඔක්කොම සිසුන් කකුල් වෙලාගෙන ගෙදරට වෙලා හිටියා නම් හරි. එතකොට ගෙවල්වල ඉන්න දෙමව්පියන්ට බැරියෑ ඇවිල්ලා ශ්‍රමදානය කරන්න. (නි)
දරුවාටම දොස් කියන්න එපා .මම පාසල් යන කාලේ ගුරුවරුන්ට මගේ අගය දැනුනේ නිවාසාන්තර ක්‍රීඩා තිබෙන කාලෙට විතරයි.වහිනකොට පන්තිය තෙමෙනකොට උලු කැටේ හදන්නේත් මම.මම විභාග සමත් වූ හැමවිටම ගුරුවරු පුදුම වුණා. තුන්පාරක් කරලා හරි විශ්ව විද්‍යාලෙත් ගියා.පරණ ගුරුවරු හමුවුණහම පාරමැද්දේ දණගහලා වඳින්නේ බෝපැල වගේ හිටි අය නෙමෙයි අපි (නි)
පහන්ගේ කතාව සංවේදීයි. ඔබෙන් පාසලට ගෞරවයක් මිසක් අවනම්බුවක් වුණේ නැහැනේ පහන්. ඇයි ඔබ ඔබවම අවතක්සේරු කරගන්නේ? (නි)
කට්ටිය පාසල් යනකාලේ නියම උපාසක ,උපාසිකාවන් වගේනේ කතාව. මම නම් කරලා තියෙන වැඩ වල හැටියට මෙහෙම ඉන්න එක ලොකු දෙයක් (නි)
ධනුක, මම අසාමාන්‍ය ලෙස දඟකළ කෙනෙක්, පාසල් කාලය තුළ.මට කවදාවත් පන්ති නායකකමක්වත් ලැබිලා නැහැ.උළු කැටේ හදනවා කියල මම කරන්නේ තවත් තෙමෙන්න අරින එක.ගුරුවරුන්ගෙන් ගුටිකෑවට ගෙදර ඇවිල්ලා කියන්නේ නැහැ.කිව්වගමන් තාත්තගෙන් කන්න වෙනවා.අපේ තාත්තා දැන් ඉන්න තාත්තලා වගේ ගුරුවරයා හොයාගෙන ගියේ නැහැ (නි)
මෙන්න අනාගත පරපුරට අවශ්‍ය පුතාලා. හොද දේශපාලකයෙක් වෙන්න පුළුවන්. සුබ අනාගතයක්. (නදී)
මේ ළමය වැරද්දක් කරලා තියනවා. ඕක මහ ලොකුවට ගන්න දෙයක් නෙවෙයි. පොඩි දඬුවමක් දුන්නම ඇති ,මට මතක්වෙනවා මීට සමාන කතාවක්. මීට බොහොම කාලෙකට ඉස්සර අමිත අබේසේකර ලියපු කොලමක තිබුණ කතාවක්. එ්කේ හැටියට දෙන්නෙක් බොරුවට පාරේ යන වාහනවල හැප්පිලා ගානක් කඩාගන්නවා. දවසක් එහෙම වෙලාවක සල්ලිත් ගත්තට පස්සේ මිනිහ දුවල තියෙන්නේ කැඩුන කියල පෙන්නපු කකුල බිම ගහල එතකොට අනික කෑගැහුවලු යකෝ අනිත් කකුල කියල ! (ස)
මේ අදහස් ටිකත් කතාවටම එකතු කරලා ටෙලි නාට්‍යයකට හොඳ පිටපතක් හදාගන්න පුළුවන් වෙයි. නම දාන්න පුළුවන් " ළමයා සහ කකුල" කියලා එහෙමත් නැත්නම්" ශ්‍රමදානය" කියලා (නි)
පහන්, අද ඔබ ඉන්න තත්ත්වය ගැන ගොඩක් ආඩම්බරයි. තවත් ඔබේ ජීවිතය සාර්ථක වේවා කියා පතමි මුළු හදින්! (නි)
එම වෛද්‍යවරයාගේ බෙහෙත් සාප්පුව ඉදිරිපිට "අල්ලගන්න බැරි ඕනෑම ලෙඩක් අල්ලා බාරදෙනු ලැබේ" කියලා දැන්වීමක් ගැහුවොත් නරකද? (නි)
අපරාධකරුවකු සහ සාමාන්‍ය පුද්ගලයකු අතර වෙනස පෙර කී පුද්ගලයා නීතියේ රැහැනට හසුවී සිටීමයි (නදී)
ජනක්, පසුගිය කාලයේ ඉගෙනගත් පාසලේ පරිගණක සොරකම් කර තිබුනේ පාසලේම සිසුවෙක්. (නි)
මේ වගේ දේවල් එච්චර දුර දිග ගෙනිහින් ළමයාගේ අනාගතය අදුරු නොකරාවි කියා හිතනවා. අපි ඉස්කෝලේ ගිය කාලේ කරපු වැඩ වල හැටියට දිගටම ඒ වගේ වැඩ කලානම් අපි අද නැහැ. (නදී)
ඇමති කෙනෙක් වෙන්න අංකුර ලක්ෂණ තිබෙනවා. යුතුකමෙන් වගකීමෙන් පැන ගිහින් අන්තිමට හැමෝගෙම අනුකම්පාවට ලක් වෙන්න හදනවා. (නදී)
තිලමුට්ටි ජාතකයේ ගුරුතුමා වගේ සුදුසු අවස්ථාවේ දඬුවම් නොකළොත් අනාගතයේදී බිහිවෙන්නේ සමාජය ගැන යුතුකම් ගැන කිසිත් නොදන්නා වංචාකාරයෙක් . බදු හොරු , අල්ලස් , මුල්‍ය වංචා ආදියට වැඩිහිටියන් ලෙස යොමුවන්නේ , කුඩා කල වංචනික ලෙස අනුන් රැවටීමේ වැරැද්ද ගැන නොදැන සිටි උදවියයි. පන්ති තහනම් කිරීමක් වගේ දෙයක් නොකර අනාගතයේ ලැබිය හැකි ශිෂ්‍යනායක ධූරයකට නුසුදුස්සෙක් බවට පත්කර සාධාරණ දඬුවමක් දිය හැකියි. (නි)
ගුරුවරු ඇතුළු ගොඩක් රජයේ සේවකයෝ ලෙඩ නිවාඩු දාල විරෝධය දක්වන අවස්ථා ගැන මොකද කරන්නේ (නදී)
සුසිරි නිකන් ඇසුරි වෙන්න හදන්න එපා. ඉස්කෝලේ යන ළමයි ඕව කලාට එ්ක ලොකුවට ගණන් ගන්න දෙයක් නෑ. දැන් බොහොමයක් "ලොකු" මිනිස්සු වැඩ කරන්නේ ඉස්කෝලේ ගිහින් නෑ වගේ. (නදී)
මේ ළමයාට සුදුසු දඬුවමක් නොදුන්නොත් එ්ක අනෙක් ශිෂ්‍යන්ටත් වැරදි පුර්වාදර්ශයක් වේවි. අන්තිමට සමාජයට බිහිවෙන්නේ නොම්මර එකේ වංචා කාරයෙක්. (නදී)
හොරට වෛද්‍ය සහතික දෙන එක සහ ගන්න එක ලංකාවේ එදත් තිබුනා අදත් තියනවා. හෙටත් තිබේවි. ඉස්සර වේරහැර ලංගම තියන කාලේ එතන තිබුන තේ කඩේක ආයුර්වේද වෙද මහතෙකු ගේ සහතික මිටියක් සමග මනුස්සයෙක් හිටියා. ඒ සහතිකයේ ලියා පදිංචි වේද මහතා 1940 හෝ 50 දශකයේ මියගිය කෙනෙක් කියලයි අපි අසා තිබුනේ. අයකිරීම දිනකට රුපියලයි. විශේෂයෙන් දීර්ඝ සති අන්තයකට සතියේ දිනක් නිවාඩු ගතයුතු වූ විට ඊළඟ වැඩකරන දිනයේ මොහුගෙන් සහතික ගැනීමට එන අයගේ පෝලිම පාරට දිගයි. (නදී)
ගාමිණී,ජනක්, පාසල් යන කාලේ ඕවා කළේ නැත්නම් ආයේ කවදා කරන්නද නේද? මගේ යාලුවෙක් හිටියා අලුත් සපත්තු 2ක් ගන්නතුරු එක කකුලක ඇඟිල්ලක් ඔතාගෙන අනිත් කකුලේ හොඳ සපත්තුව දාගෙන ආවා.අපි කරපු වැඩ වලට පාසලේ නෙමෙයි රටෙත් තියාගන්න එකක් නැහැ. (නි)
මේ වැඩේට ළමයාගේ දෙමව්පියනුත් සම්බන්ධ ඇති. නැතිනම් තනියම දොස්තර කෙනෙක් ලඟට ගිහින් මෙහෙම සුත්තරයක් කළා කියලා හිතන්න අමාරුයි. (නදී)
තිලමුට්ටි ජාතකය කියවා තිබෙන අයට ඇත්ත මොකක්ද කියලා වැටහේවි. (නි)
ළමයාගේ වැරැද්ද පෙන්වා නොදී රටේ හැමෝම ඕවා කරන නිසා අනේ ඔයත් කළාට කමක් නැහැ කියලා සාධාරණීකරණය කරන එක මගේ ළමයින් සම්බන්ධයෙන් නම් මම අනුගමනය කරන්නේ නැහැ. (නි)
අපි නම් ළමයින්ට වරද වරදමයි කියලා පෙන්වා දෙනවා. අනෙක් අයට සාපේක්ෂව ළමයින් හික්මවන්න ගියොත් අපිට ඉතිරි වෙන්නේ ළමයින් නෙමෙයි. (නි)
මෙතන සමහරු වංචාව සාධාරණීකරණය කරලා තිබෙන හැටි හරි පුදුමයි. (නදී)
හැදෙන ගහ පැත්තෙන් දෙපැත්තෙන් දැනෙයි කියා නරියත් කිව්වලු (නදී)
ජනක දැන් මුළු පාසලේම ළමයින් කකුල් බැඳගෙන ගෙදර නැවතුනා නම් ශ්‍රමධානයට මොකද වෙන්නේ ? (නදී)
අපේ කාර්යාලයේ සඳුදාට සාමාන්‍යයෙන් වැඩ වැඩියි. එදාට පුරුද්දට ලෙඩ වෙන කෙනෙක් ඉන්නවා. නිවාඩු ඉවර නම් එයාට අඩු ගානේ ඔලුව රිදෙනවා කියලා හරි අත්‍යාවශ්‍ය වැඩ වලින් කර අරිනවා. (නදී)