රන් මාලයක් වෙනුවට බොරු මාලයක් පළඳා තමා රැවටූ බව දැනගත් රන් මාල සොරකු කෝපයට පත්ව තමාට අසභ්‍ය වචනයෙන් බැණ වැදුනැයි ගුරු මහත්මියක තිහගොඩ පොලිසියට පැමිණිල්ලක් කර ඇත. පසුගියදා හක්මන, දෙනගම වැව අසලදී පා ගමනින් ගිය මෙම ගුරු මහත්මියගේ ගෙල පැළඳි මාලය කඩා ගෙන ගොස් ඇත්තේ යතුරුපැදියකින් පැමිණි තරුණයෙකි. මොහොතකට පසුව එම යතුරුපැදියෙන්ම පැමිණි ඔහු මාලය ඇය වෙතට විසිකොට එය රත්තරන් එකක් නොව, ඉමිටේෂන් එකකැයි පවසමින් ඇයට අසභ්‍ය වචනවලින් බැණ වැදුණු බවත්, ඒ වන විට තමන් අසල විශාල පිරිසක් සිටි හෙයින් තමා ඉමහත් ලජ්ජාවට පත්වූ බවත් පැමිණිල්ලේ සඳහන් වෙනවාලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හක්මන පැත්තේ ඉන්නේ කපටි ගෑනු. අපේ ඔපිස් එකෙත් ඉන්නවා ඒහෙම ඒක්කෙනෙක්
ඒකත් තව දෝස්මුරයක්ද කොහෙද...
පව් අසරණ හොරා. එදා දවසෙම බඩගින්නේ ඉන්න ඇත්තේ..
මගේ යාඵවෙකුටත් ඔහොම වුණා ..
මගේ යාළුවෙකුටත් එහෙම වුණා
ලංකාපුත්‍ර හක්මන පැත්තෙන් ජීවිතේටම ඇති වෙන්න හොද කෑමක් කාලා තියෙන හැඩයි
කෝ මේ අලිබබා..... මේක හරියන්නෑ.. දැන් එන්න එන්නම දෙයියෝ සාක්කිම තමා..:(
ලෝ .. ලෝ....
ලියන්න දේවල් ඇත්තෙම නැද්ද මන්දා
අනේ අනේ. දෙයියන්ට දැන් සාක්කි ඇති වෙලාද?
මේ වගේ කතාවක් අපි මීට ඉස්සර ඇහුවා..
ඔන්න එක පිරිමි ලමුන්දෙදෙනෙක් බසයක් එනතුරු බලාසිටින විට මේ අය දුටුවා ඈත එක් මනුෂ්‍යයෙක් කකුලක් අද්දමින් එනවා. එවිට මේ දෙදෙනා කතාවෙලා එක්කෙනෙක් අනේකාට කියනවා අර මනුෂ්‍යයාගේ දනිස්සේ අමාරුවකට තමයි ඒ කකුල අද්දමින් එන්නේ කියා. එවිට අනික් මිතුරා පවසනවා නෑ , ඒ මනුෂ්‍යයාගේ විලුඹලග වලලුකර උලුක්වීමක් වෙලා ඇති ඒකතමයි එහෙම කකුල අද්දමින් එන්නේ කියල. එවිට එම මනුෂ්‍යයා මෙම මිතුරන් දෙදෙනාව පසුකරමින් යනවිට එක් අයෙක් අසනවා, ඔයාගේ දණහිසේ අමාරුවක් නේද? කියලා ඒ මනුෂයයා මොන දණහිසේද? යනුවෙන් විමසන විටම අනෙක් මිතුරා පවසනවා ඒකනේ මම කිවුවේ එයාගේ කකුලේ විලුඹලග තමයි අමාරුව තියෙන්නේ මෙසේ පවසනාවත් සමගම අර මනුෂ්‍යයා මෙසේ පිළිතුරු දුන්නාලු. මොන විලුඔද ඕයි? මගේ සෙරෙප්පුව කැඩිලා.බලනවා කකුලබිම තියන්නැතිව බොහොම අමාරුවෙන් මම යන්නේ කුකලේ මඩවදින හින්දා. අර සෙරෙප්පු මහන මනුස්සයා ලගට තමුසෙල එනවා මට ලෙඩ දෙන්න. කියමින් කේන්තියෙන් ගියාලු.
නැවතත් ඒ වගේම නිව්ස් 1 ක්
හක්මන පැත්තේ හින්ද හොඳයි..
පව් අනේ එයා...
හොරුන්ට මෙච්චර හයියක් තියෙන්නෙ නීතිය හරියටම ක්‍රියාත්මක වන නිසා වෙන්නැති. අද නීතියට වෙලා තියෙන දේ.
මොන මෝඩයොද මේ? ඇයි හොරාව අල්ල ගන්න බැරිවුණේ?
පෙට්ට්‍රල් වියදම දැන්ද දැනෙන්නේ.....
ඉතින් මේ හොරාව අල්ලල පොලීසියට භාර දෙන්න ...
අනේ අපොයි මේ වගේ රටක් කවද හැදෙයිද මන්ද ..
මාල හොරාට හොඳ වැඩේ ....
ඕක සිද්ද වෙන අවස්ථාවේ විශාල පිරිසක් හිටියා නම් කොන්ද පණ තියෙන එකෙක් හිටියේ නැද්ද ඒ අතරේ
පරණ කතාවක් නේද?
හනේ..අම්මාපල්ල........මයේ අතට අහුවුනානම්..