(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
නිවසේදී සිය භාර්යාව තමාට සලකන්නේ දෙවියන්ට බුදුන්ට මෙන් යයි කාර්යාලයේදී නිතර නිතර පුරසාරම් දෙඩූ සහෘදයකුට ඇත්තටම භාර්යාව ඔහුට පෙරේතයකුටත් වඩා අන්ත ලෙස සලකන අයුරු දැක ගැනීමට හැකි වූ පුවතක් දකුණේ නගරයකින් වාර්තාවේ.
හේ නිතරම කාර්යාලයේදී කීවේ තමා නම් ගෙදර සිටින්නේ කොන්ද කෙළින් තියාගෙන බවය. නෝනා තමාට උඩින් නොයන බවත් ඔහු නිතර නිතර පැවසුවේය. ඒ අඩියක් පුඩියක් ගහගෙන ගෙදර ගියදාට නෝනා දමන ගෝරි පිළිබඳව සිය සහෝදර සේවකයන් කාර්යාලයේදී පවසන විටදීය. මට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. එදාට නෝනා වෙනදාටත් වඩා මට සලකනවා යයි ඔහු වැඩිදුරටත් කීවේය.
ස්වාමිපුරුෂයන් දැන ගන්න ඕනෑ නෝනා හදා ගන්න. බිය ගුල්ලන් වගේ ඉන්න නම් හොඳ නැහැ යයි එවන් අවස්ථාවලදී ඔහු තව තවත් පුරසාරම් ඇද බෑවේය. ඔහු නිතරම පෙන්නුවේ නෝනා තමාට දෙවියන් බුදුන් මෙන් සලකන බවය.
මේ අතර වාරයේදී ඔහුගේ ගමේ තිබූ මළ ගමකට ඔහු සමග එකට වැඩකරන සේවකයන් දෙදෙනෙකු යතුරුපැදියකින් රාත්‍රියේ ගොස් තිබිණ. සිය සහෝදර සේවකයා මතක්වුණු මේ දෙදෙනා නිදිමත යන්නත් එක්ක යතුරුපැදිය මග දමා මළගම අසල තිබූ ඔහුගේ නිවසට ගියේ හොඳ කෝපි කෝප්පයක් තොල ගෑමේ අටියෙනි.
ඔහුගේ නිවස ආසන්නයට යත්ම නිවස තුළින් මහා ගාලගෝට්ටියක් ඔවුනට ඇසිණ. එම නිවසේ ඉදිරිපස දොරද වසා තිබිණ. ඔවුන් දෙදෙනා සිතුවේ සිය මිතුරාගේ නිවසේ අයෙකුට කරදරයක්වත් ද කියාය. ඒ නිසාම ඔවුන් දෙදෙනා මිතුරාගේ නිවසට කිට්ටු කරන විට ඔහුගේ භාර්යාව කාටදෝ තදින්ම බැණ වදිනු ඇසිණ. ඔවුන් සිතුවේ ඇය බැණ වදිනුයේ තම දරුවෙකුට කියාය. වඩාත් හොඳින් කන්දීගෙන සිටි ඔවුනට ඇසුණේ තමාට දෙවියන් බුදුන් මෙන් සලකනවා යයි කී බිරිඳ උඹ තෝ යකෝ කියමින් ඔහුට හොඳට දෙස් දෙවොල් තබන බවය.
තම නෝනලාට තම හයි හපන්කම් පෙන්වන ලෙස නිතරම පවසන නිසා ඔවුහු මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්නට සිතූහ. ඒ සිතුවිල්ලත් සමගම ඔවුන් දෙදෙනා මිතුරාගේ නිවසේ දොරට තඩි බෑවේය. සිය අනන්‍යතාව තහවුරු කරගෙන නිවසේ දොර ඇර ගන්නා විට ඔහුට දෙස් දෙවොල් තබමින් සිටි ඔහුගේ ඇඹේනිය වාෂ්ප වී හමාරය.
අපි ටිකක් වෙලා වෙනවා ඇවිල්ලා. කොහේද ඉතිං කතා කළාට ඇහුණ එකක් යැ නෝනා උඹට දෙන දීමට අපි කතා කළ එක ඇහුණෙ නැහැ. අනේ මචං උඹලාටත් ඇහුණාද මගේ ගෑණි බැණපුවා. මොකදමේ උඹලා අවේලාවෙ එනකොට කියලා එන්න එපායැ ඔහු බයාදු ලෙස කීවේය. මචං අපි ආවේ මේ මළ ගෙදරට. එහෙ ආපු ගමන් උඹලා දිහාත් එන්න හිතුණා යයි මිතුරන් දෙදෙනා කීහ. අනේ මචංලා අද වුණු දේ කාර්යාලයේ කාටවත් කියන්න එපා. ඒ ගැන කටේ කෙළ බිමදාන්න එපා යයි මිතුරන්ගෙන් ඔහු පොරොන්දු කර ගත්තේය.
නෝනා ඔහුට බැණපු බව නොකියන බවට මිතුරන් දෙදෙනා පොරොන්දු වුවද ඔවුන් ඒ ගැන එක් අයෙකුට නොව මුළු කාර්යාලයටම කීවෝය. ඔහු පසුදා කාර්යාලයට එන විට මුළු කාර්යාලයේම ඇත්තෝ පෙරදා රාත්‍රියේ ඔහුගේ නිවසේදී ඔහුට භාර්යාව දෙවියන් බුදුන් ලෙස සලකන අයුරු දැනගත්හ.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බ්රිඳ දෙවියන්ට වගේ සලකනවා කී සැමියා අම්බානක කාලා