ස්වාමි පුරුෂයා භාර්යාවට තිබූ සෙනෙහසේ තරම දිය රෙද්දෙන් මතුවූ අපූරු පුවතක් දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබේ.
දෙදෙනා විවාහ වුණේ වසර කිහිපයක්ම පෙම් බැඳීමෙන් අනතුරුවය.

බොහෝ සැමියන් මෙන් මේ සැමියාද තරුණ භාර්යාවට දැක්වූයේ අසීමිත ආදරයකි. හිටි හැටියේ අනපේක්ෂිතව ආ කොරෝනා මේ දෙදෙනාගේ අනාගත සැලසුම් වතුරේ පාකර හැරියේය. ඒ සැමියා කළ රැකියාව ඔහුට අහිමිවීමත් සමගමය.
කොරෝනාවට තම අනාගත සැලසුම් ලෙහෙසියෙන් කපා හැරීමට ඉඩක් දීමට මැලිවූ සැමියා විදෙස් ගතවීමට තීරණය කළේ මේ අල්ලපනල්ලේය. ඊට ඔහුට තිබූ එකම බාධකය වූයේ තරුණ භාර්යාව තනිකර දමා යාමය.
කෙසේ වෙතත් ඊට සිත දැඩිකර ගත් ඔහු සිය භාර්යාවගේ සුවඳ නින්දේදී විඳ ගැනීම සඳහා ඇය දිය නෑමට ගත් දිය රෙද්ද රට රැගෙන යාමට ද අමතක නොකළේය.
රට ගිය ඔහු සිය සයනයේ මොනතරම් හොඳ ඇඳ ඇතිරිලි තිබුණද ඊට උඩින් දමා ගත්තේ සිය භාර්යාවගේ දිය රෙද්දය.
රට ගිය ඔහු දින කිහිපයක කෙටි නිවාඩුවට මෙරටට එන්නේ සිය භාර්යාව දැක ගැනීමට ඇතිවූ නොතිත් ආශාව නිසාය. ඔහු රට සිට මෙරටට එන්නේ භාර්යාවද දැනුවත් කරමිනි.
ඔහු රට සිට ගෙදරට එනවිට තරුණ භාර්යාව වාශ්ප වෙලාය. අම්ම තාත්තා ඒබව දැන්වූවිට ඔහු හඬා වැටුනේ ගමන් මල්ලෙන් එළියට ගත් දිය රෙද්දක් ද පෙන්න පෙන්නා අනේ මට එයා නිතරම සිහිවෙන්න ඕනෑ නිසා මම මේ දිය රෙද්දත් අරන් ගියා යයි කියමිනි.
එය දුටු බාල මහලු අය රට සිට සැමියා එනවිට හොර රහසේ වෙන අයෙකු සමග හොරෙන් පැන ගිය ඇයට දෙස්දෙවොල් තිබ්බේ අනේ කොච්චර හොඳ සැමියෙක්ද ඔහුගේ ආදරයේ තරම දිය රෙද්දෙන් පෙනෙනවා යයි කියමිනි.
කරන්දෙණිය - එම්. සුසිල් ප්රියන්ත
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බිරිඳගෙ ආදර සුවඳ විඳින්න සැමියා දිය රෙද්ද අරන් ගිහින්
Yasaslahiru Monday, 23 May 2022 10:38 AM
ගෑණු ඔහොම තමයි බං... මිනිහා රට ගියාම වැරැද්දක් නොකර ඉන්නේ කීයෙන් කී දෙනාද...?