කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම
බිරිඳගේ ජංගම දුරකථනය ත්‍රීරෝද රථය තුළ අමතකවීමෙන් දෙවරක් හයර් ගෙවීමට සිදු වූ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා නගරයකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය,
ඇය මුහුණු පොත වෙත බොහෝ ලෙස ඇබ්බැහි වී සිටින්නියකි. ඇබ්බැහිවීම කෙසේද යැයි කිව්වොත් උයන පිහන කටයුතුවලදී මෙන්ම වැසිකිළිය තුළදී පවා ජංගම දුරකථනය රැගෙන ගොස් මුහුණු පොතේ සැරිසැරීමට කටයුතු කරන්නියකි. කෙසේ වෙතත් ඇයගේ සැමියා මේ සැම ඉවසා දරා සිටින්නේ බැඳගත් බෙරය කෙසේ හෝ ගැසිය යුතු බැවිනි.
ඇයගේ දුරකථනයට විශාල වියදමක් දරා බිල් ගෙවා දැමීමටද ඔහුට සිදු වන අතර ඔහුගේ වැටුපට අමතරව හිත මිතුරන්ගෙන් ණය පවා ගැනීමට ඔහුට සිදුව තිබේ.
මෙම සිදුවීම වූ දිනයේ ඔහු ඇයත් සමග නගරයට ගොස් ඇත්තේ නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහාය. ඇයද මුහුණු පොතෙහි පලවන විවිධ කෑම වර්ග සෑදීම සදහා අවශ්‍ය ද්‍රව්‍ය ගෙන ඇත්තේ දුරකථනය පරීක්ෂා කරමිනි. මාසයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නා බැවින් ඔවුන් ත්‍රීරෝද රථයක් කුලියට ගෙන නිවස බලා පිටත්ව ගොස් තිබේ .
ත්‍රීරෝද රථය තුළ දුරකථනයේ රැඳෙමින් එම දුර ගෙවා දැමූ ඇය නිවසට පැමිණ සැමියා හා එක්ව බඩු බා ත්‍රීරෝද රථය පිටත් කර තිබේ . බඩු ටික මුලුතැන්ගෙය වෙත රැගෙන ගිය වහාම සිය ජංගම දුරකථනය නොමැති බව දැනගත් ඇය කලබලයට පත්ව සිය සැමියා අමතා සිද්ධිය පවසා තිබේ.
අඳුනන ත්‍රීරෝද රථයක් හෙයින් ත්‍රීරෝද රථ රියදුරු අමතා විස්තරය පවසා ඇති අතර දුරකථනය ත්‍රීරෝද රථය තුළ තිබෙන බව එම රියදුරු පවසා තිබේ. ‘ඒක ගෙනත් දෙන්න පුළුවන් දැ’ යි විමසූ විට ත්‍රීරෝද රථ රියදුරු ‘ගෙනත් දෙන්නනම් පුළුවන්, ඒත් මහත්මයා මට හයර් එක ඕනි’ යැයි පවසා තිබේ.
මේ දිනවල පවතින ඉන්ධන මිල අනුව විශාල මුදලක් ත්‍රීරෝද රථයට ගෙවීමට සිදුවූවත් එක විනාඩියකට පවා දුරකථනය නොමැතිව සිටීමට නොහැකි බිරිඳගේ කන්දොස්කිරියාවෙන් මිදීමට ඔහු ඩබල් හයර් ගෙවා දුරකථනය ගෙන්වාගෙන තිබේ.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බිරිඳගේ ජංගම දුරකථනය නැතිවී ඩබල් හයර් ගෙවලා