නැන්දනියට සිය මවට මෙන් සලකන බවට බිරිඳ යෙදුනු රංගනය සැමියාට මාට්ටු වී කටේ දත් දෙකක් පමණක් කඩාගෙන දීගය යාන්තම් කඩා නොගත් අපූරු අඹුවක් ගැන පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.
සිය පියා මිය ගියේ ඔහුට හය හතර තේරෙන්නටත් පෙරය. එදා සිට ඔහුට මව මෙන්ම පියා වූයේද අම්මාය.
ජීවිතයේ තරුණ කාලය වුවද වෙනත් දීගයක නොගොස් සිය එකම දරුවා රක්ෂා කිරීමට ඇය නොවිඳිනා දුකක් වින්දාය. නිවෙස්වල බැලමෙහෙවරකම් කළාය. වළන් පිඟන් සේදුවාය. එයින් නොනැවතුණු ඕ කුලියට කුරුඳු ඉඩම් උදලු ගෑවාය.
සිය මව විඳි දුක්ඛ දෝමනස්සයන් සියැසින් දුටු ඔහු සියලුම විභාග ඉතා ඉහළින් සමත්ව රජයේ තානාන්තරයක් ලබා ගැනීමට තරම් උත්සහාවන්ත වූයේය.
දෑවැදි කිසිත් නොසැලකූ ඔහු සිය භාර්යාවගෙන් බලාපොරොත්තුවූ එකම දායාදය වූයේ සිය මවට සලකන කරුණාවන්ත කාන්තාවකි. සිය මවට මෙන් නැන්දනියට සලකනවා යයි කියමින් කාන්තාවක් විවාහ වන්නේ මේ අතරවාරයේදීය.
‘‘අම්මේ එන්න කන්න. අම්මා බෙහෙත් ටික බීවාද. මම බෙහෙත් ටික ගෙනත් දෙන්නද’’ ඔය වැනි කතා ඇය සැමියා නිවසේ සිටින විටදී ඕනෑතරම් කීවාය. මේ නිසා ඔහු සිටියේ කිවනොහැකි තරමේ සතුටකිනි. ඒ තමාගේ භාර්යාව මවට ඉතා ළෙන්ගතුව සලකනවා යයි සිතූ බැවිනි.
එහෙත් මව සතුටින් සිටින බවක් ඔහුට පෙනෙන්නට නොතිබිණි. සිය මව කුමක් හෝ අසනීපයකින් පෙළෙනවා යයි ඔහු මුලදි මුලදී සිතුවේය. එය එසේ නොවූ තැන ඔහුට සිය මවට වූ දේ ගැන ඇතිවූ කුකුස නිසාම එදා රැකියාවෙන් වෙනදාට වඩා කලින් පැමිණියේ භාර්යාව දැනුම්වත් නොකරය.
‘‘තොගේ මූසලකම නිසා තමයි මගේ කුසට දරුවෙක්වත් එන්නේ නැත්තේ. මේ කාලකන්නි හැතිරි යන තැනක යන්නේ නැතිව මෙහෙම බින්න බැහැලා ඉන්නවා. මේ ගෑනි ඉන්නකම් අපිට වගේ වගක් නැහැ ’’ කියමින් භාර්යාව සිය මවට බනිනවා ඇසුණු ඔහුගේ දෙකන් රත්විය. සිරුරට ආවේෂ වූ යක්ෂයා පැන ගියේ භාර්යාවගේ දෙකම්මුල තදින් අතගෑමත් සමගමය. භාර්යාවගේ කටේ දත් දෙකක්ද අහිමිවීමෙන් පසුවය.
‘‘අනේ මගේ පුතේ මේ දරුවා අතහරින්න එපා. පව්. මට පොරොන්දුවෙන්න පුතේ යයි කියමින් මව සලන කඳුළු දුටු ඔහු මවගේ ඒ පොරොන්දුව ඉටු කිරීමට සිතා ගත්තේ භාර්යාවගෙන් මේ නොමනා හැසිරීම ආයෙත් කරන්නේ නැහැ යන්න පොරොන්දු කරවා ගනිමිනි.
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බිරිඳගේ බොරු රංගනය සැමියාට හෙළිවී දත් දෙකක් කඩාගෙන