බිරිඳත් දරුවාත් අවුරුදු උත්සවයකට ඇරලවූ පියෙකු මහ දවාලේ අසල්වැසි කාන්තාවක සිය නිවසට ගෙන්වාගෙන සතුටුවී එළියට එන විට බිරිඳට අසුවී සිදුවු ජංජාලයකි.
අගුණකොළපෑලැස්ස පොලිසියේ අපරාධ අංශයට කැඳවා සිටි තිදෙනෙකි. ඔවුන් අතර සුළු තුවාල ලැබූ කාන්තාවක් සිටි අතර අවිවාහක ඇයගේ වයස අවුරුදු 38 කි. සිද්ධියේ පැමිණිලිකාරිය ඇයයි. අනෙක් කාන්තාව එක්දරු මවකි. ඇයගේ වයස අවුරුදු 37 කි. ඔවුන් අතර සිටි පිරිමියාගේ වයස වයස අවුරුදු 38 කි.
අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එන්.පී. වරුෂ විතාන මහතා තිදෙනාගෙන් මේ පිළීබඳව විමසා එය විභාග කිරීමට විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂකවරයා වෙත යොමු කළේය.
පැමිණිලිකාර කාන්තාව: සර් මම මෙයාලගේ ගෙදර ළඟින් අද දවල් පාරෙ යන කොට මේ මනුස්සයා දුවගෙන ඇවිත් මට විසි කැත්තෙන් ගැහුවා.
චූදිත කාන්තාව: සර් ඒක අමූලික බොරුවක්. මේ ඉන්නෙ මගෙ මිනිහා මෙයා අද උදේ මට කිව්වා දරුවත් එක්ක අවුරුදු උත්සවේ බලන්න යමුය කියා. මම කැමැති වෙලා මෝටර් සයිකලෙන් අවුරුදු උත්සවේ බලන්න ගියා. දරුවයි මමයි ඇරලවලා මෙයා ඉක්මනට ගෙදර ගියා.
ටික වේලාවකට පස්සෙ මම ගෙදර ගියා. අපි ගියේ දොර වහල යතුරු තැනක හංගලා. මම ගිහින් බැලූවාම එතන යතුර තිබුණෙ නෑ. මට මේ ගැන සැක හිතුණා. මේ මිනිහයි මේ ගෑණියි අතර සම්බන්ධයක් තියෙන බව මම කලින් දැනගෙන හිටියා. කොයි වෙලාවකහරි එළියට බහිනතෙක් මම හැංගිලා හිටියා.
ඒ වගේම ටික වේලාවකට පස්සේ දොර ඇරගෙන මිනිහ එළියට බැහැලා වටපිට බලා ගැනි එළියට දැම්මා. එතකොටම මම මගේ අතේ තිබුණ විසි කැත්තෙන් මේ ගෑණිට ගැහුවා.
කාන්තාවන් දෙදෙනාගෙන් එක් කෙනෙකුට එක් කෙනෙක් මේ කතාව පිළිගන්නේ නැත.
උප පොලිස් පරීක්ෂකවරයා දෙපාර්ශ්වයටම කරුණු පහදා දී සමථයකට පත් කිරීමට උත්සාහගත්තද එය පළක් වූවේ නැත.
මෙය විසඳීමට උසාවි යාමට අවශ්‍ය බව පැමිණිලිකාර කාන්තාව තරයේම කියා සිටියාය. අනතුරුව මෙය අගුණකොළපෑලැස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී චූදිත කාන්තාව ඇප මත මුදා හරිනු ලැබුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම අනියම් සම්බන්ධකමක්ම අනිවාර්යෙන්ම වැරදියි ලසන්තිකා. අනියම් සම්බන්ධතා අනිවාර්යෙන්ම තුන්වන සිල්පදය වන කාමයෙහි වරදවා හැසිරීමක්මයි. එ්කේ ආයේ හරියි කියලා දෙයක් නැහැ. (නි)
අද ඉන්න සමහර මැදිවියේ අය හරි ඉදිරියෙන් නේද ඉන්නේ මේ වාගේ වැඩ වලදි? (නි)
මගේ දූගේ පෙර පාසැලටවත් මම නම් එයාගේ තාත්තව යවන්නේ නැහැ තනියම. තරුණ තාත්තාලාට හුරතල් වෙන්න දඟලන අය වැහිවැහැලා නිසා. (නි)
තිබෙන හකුර රැකගන්න ගැහැණු පිරිමි දෙගොල්ලොම කල්පනාකාරි වියයුතුයි. පස්සෙ පොලිසි දුවලා තේරුමක් නැහැ. (නි)
ඇයි සල්ලි තිබෙන මැදිවියේ සහ වයසක පිරිමින්ගේ ඇඟේ එල්ලෙන්න බලාඉන්න 18, 20 කට්ට්යකුත් අද වෙනකොට මේ රටේ ඉන්නවා. (නි)
මෙය එතරම් බැඳිමක් නැති පවුලක් වියයුතුයි. නැත්නම් අම්මයි දරුවයි විතරක් අවුරුදු උත්සව බලන්න යාවියැ? අනික කැත්තෙන් කෙටුවා කියන්නේ මේ කාන්තාව බොහොම සැරපරුෂ වෙන්න ඇති කියලත් හිතෙනවා. (නි)
බද්‍රානි,තාරිකා, ඔයාලා හරියටම හරි (නි)
මේ තමයි ලංකාවේ සාමාන්‍ය තත්ත්වය...සල්ලි දැක්කම ගෑනුන්ට කවුරු වුනත් කමක් නැ... සමහර පිරිමිත් ඉන්නවා තමන්ගේ බිරිඳ සල්ලි නිසා තව පිරීමි ලඟට යවන...දැන් ඉස්සර වගේ තමන්ගේ බිරිඳගේ, දරුවන්ගේ ගරුත්වය ගැන හිතන්න තරම් බුද්ධිමත් පිරීමි මේ රටේ නැතුවද....ඒ අවස්ථාවාදීකමද.....???(හේ)
හැම කෙනාම එක මිම්මෙන් මනින්න බෑ, හැම කෙනාගේම සිතුම් පැතුම් එක වගේ නෙමෙයි ,(හේ)
මම මේ කල්පනා කලේ අහක යන කාන්තා දේපලක් නිසා, මෙතන ඉන්න කාන්තාවෝත් කෙස්වලු පටලවා ගනියි කියලයි. අපි මෙතන මොන විදිහේ බණ පද ලීවත්, මනුස්සයින් තුල ඇතිවෙන රාගික සිතුවිලි හා හැඟීම් පාලනය කර ගන්න එක මදක් අසීරුයි. නමුත් බුද්ධිය මෙහෙයවා එම හැගීම් පාලනය කර ගැනීමයි කළ යුත්තේ. කැති පොලු අරගෙන ප්‍රශ්න විසදීමට යාමත් එක්තරා විදිහක හැගීම් වලට වහල් වීමක් තමයි. මගේ මතය අනුව නම් මේ කතාවේ තුන් දෙනාම වැරදියි. (හේ)
විසිකැත්ත අන්තිමට කැත්ත වුනා එහෙනම් ආ.... බලන්නකෝ.. මෙහෙමත් කට කතා. කොලු වයසට ඔහොම තමයි අනේ. අවුරුදු 40 පනිනකන් ඔහොම තමයි (බ)
අනියම් සම්බන්ධකම් පැවැත්වීම බරපතල වරදකි. එය නොකළ යුතු ක්‍රියාවකි. (ර)
මම හිතන්නේ මේ වගේ අයට දෙන්න ඕන දඩුවම් වර්තමාන නීති පොත්වල ලියවිලා නැහැ කියලයි. අනියම් සම්බන්ධකම තරම් මම පිළිකුල් කරන වෙනත් දෙයක් තවත් නැහැ. (ර)
රජකාලේ අන්තඃපුර තියාගෙන හිටියා. ඒ කාලේ ඒක හරි කිව්වා. පසුව එච්චර ගානක් තියාගැනිම වැරදියි, එකගෙයි කෑම නම් හරි කිව්වෙත් අපිමයි. ඉන්පසු අද වෙනකොට එක්කෙනෙක් එක්ක පවුල් කන්න එක හරියි කියන්නෙත් අපිමයි. මේවා කලින් කලට අප විසින්ම හදාගන්න දේවල්. (නි)
හැම අනියම් සම්බන්ධකමම වැරදියි කියන්න බැහැ. ඒවටත් හේතු ගැඹුරින් හොයලා බලන්න ඕනෑ. බැන්ඳා නම් ජිවිතේම විඳවන්න කියලා නීතියෙනුත් කියලා නැති තිසා තමයි බඳින්න වගේම ලෙහන්නත් නීති රටාව පුරාම මීට වසර සිය ගණනකට පෙරම හදලා තියෙන්නේ (නි)
බැන්ඳට එකට ඉන්න බැහැ කියලා හිතෙනවා නම් අයින් වී දික්කසාද වෙනවා මිස ඒ පවුලයි මේ පවුලයි දෙකක් ගෙනයමින් දෙබිඩි ජීවිත ගතකිරීම වැරදියි කියා සිතමි. නමුත් අද ලංකාවේ බඳින තරම් ලේසියෙන් වෙන්වෙන්න බැරි කරලා තියෙන නිසා තමයි මෙහෙම දේවල් වලට යොමුවෙන්නේ කියා හිතෙනවා. (නි)
පිරිමින් ඔය තත්වයට යන්න බිරිඳගේ අඩුපාඩුද තිබිය හැක. නමුත් මෙ කතාවේ මෙන්ම බහුතර කතා වල මුලින්ම පොලිසි/උසාවි යන්නේ නම් කාන්තාවන්මයි. ඉස්සර වුණ පලියට ඉස්සර වුණ කෙනා හරි කියලා නිගමන දිය නොහැකියි. (නි)
මෙහි ප්‍රතිචාර දක්වා තියෙන ගැහැණු පිරිමි බොහෝ දෙනෙකු අනියම් සම්බන්ධතා සම්බන්ධව කියා තිබෙන ප්‍රතිචාර කියෙව්වහම මේ ප්‍රවෘත්තියට අදාළ කාන්තාව කර තියෙන්නේ නිවැරදි ක්‍රියාවක් කියලා සමහරුන්ට හිතෙන්න පුලුවන්. නමුත් ඒක එහෙම නොවෙයි. අනියම් සම්බන්ධකම් සියල්ලම සම්පූර්ණයෙන්ම වැරදියි. ඒක මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. අනියම් සම්බන්ධකම් කියන්නේ මහ පිළිකුල් සහගත දෙයක්. (නි)
මෙහෙම වෙන්න අදාළ කාන්තාවගේත් යම් යම් වැරදි ඇති (නි)
පියදාස මහතාගේ අදහස වඩාත් කාලෝචිත හා ප්‍රායෝගික බවයි මාගේ හැඟීම (නි)
මේකෙ ඉන්න කාන්තාවෝ දෙන්නම වැරදියි. පිරිමියත් වැරදියි. එකට ඉන්න බැරිනම් දික්කසාද වෙනවා මිසක් හොර වැඩ කිරීමත්, එසේ වුවා යැයි කියා කැත්තෙන් කෙටිමත් යන දෙකම වැරදියි (නි)
හැම අනියම් සම්බන්ධකමක්ම වැරදියි කියලා කියන්න බැහැ. (නි)
සුජිත් නිශාන්ත නිකමට හිතන්න කවුරුහරි යෝජනාවකින් බඳිනවා. බැන්ඳට පස්සෙයි දැනගන්නෙ මට බන්ඳලා දීලා තියෙන්නේ කරුණු වසන් කරලා දරුණූ මානසික ලෙඩක් ඇති අයෙක්ව කියලා. ඒ වගේ පිරිමියෙක් වදවිඳලා විඳලා ඉවසන්න බැරි තැන කාලයක් ගිහින් අනියම් සම්බන්ධයක් පටන්ගත්තොත් එයත් ඔබ කියන පරිදි සම්පූර්ණයෙන්ම වැරදිද? (නි)
සුජිත් තුන්වන සිල්පදය අවුරුදු 2500 ක් විතර තිස්සෙ අපි උදේට සවසට කියනවා. නමුත් අනියම් සබඳතා අද වැහිවැහැලා. ඒ කියන්නේ තුන්වන සිල්පදය නොදන්නාකම නෙමෙයි. මෙතන මිටවඩා ගැඹුරු සමාජමය හේතුන් අද වෙනකොට ඇතිවෙලා තිබෙන නිසයි මෙහෙම වෙන්නේ. ඒවායි සොයා බලන්න ඕනෑ. (නි)
අනේ මෙහෙමත් මිනිස්සු ඉන්න රටකනේ අපිත් ජීවත්වෙන්නේ? (නි)
සුජිත් සමහර කාන්තාවො ඉන්නවා හරිම අපිරිසිදුයි. සැමියා ගැන කිසිම තැකිමක් නැහැ. මෙහෙම පීඩාවට ලක්වුණ සැමියෙක් වෙනත් කාන්තාවක් සමඟ ඇසුරක් පැවැත්විමත් “සම්පූර්ණයෙන්ම“ වැරදිද? (නි)
විකී සහ පියදාසගේ අදහස් කියවා තේරුම් ගන්නාමෙන් සුජිවගෙන් ඉල්ලා සිටිමි. අපි යාවත්කාලින සහ ප්‍රායෝගික විය යුතුයි. (නි)
මාධවී හංසිකාට එය පිළිකුල් වුණාට එවැනි සබඳතා ඇති අයට නම් එය රසගුලාවක්. ඇත්ත කතාව එයයි. ඒකනේ මිනිමැරුම් පවා කරන්නේ. කළයුත්තේ තමන්ට පවුල් කන්න බැරි නම් අයින්වෙන එකයි. (නි)
සුජිත් නිශාන්ත හේවගේ පොතේ දැනුමෙන් අදකාලේ පවුල් රැකගන්න බැහැ. මෙවට ගැඹුරු හේතු ඇත. ඇත්ත හේතුවටයි ප්‍රතිකාර කලයුත්තේ.(ම)
අදාළ කාන්තාව කැත්තෙන් කොටලා පොලිසි ගිහින් උසාවිත් ගියාට පස්සෙ දැන් පවුල රැකගන්න පුළුවන්ද? දැන් ඉතින් සැමියාට අනෙක් කාන්තාවට නිකම්ම දුන්නා වගේ තමයි. පවුල රැකගන්න ඕනෑ නම් කරන්න තිබුනේ ඉවසීමෙන් විසඳා ගැනීමයි. (නි)
සුජිත් නිශාන්ත සාමාජිය ප්‍රශ්න ගැන මිට වඩා විවෘත මනසකින් බැලිය යුතුයි. පැරණිදේ ඒ ආකාරයටම අදට ගලපා ගත නොහැකියි. (ම)
මේ ප්‍රශ්නෙට විසඳුම සොයන්න තිබුණේ පිරිමියාගෙන්. ඔහුගෙන් හරි ආකාරව කටඋත්තරයක් ගත්තා නම් විසඳුමකට එන්න තිබුනා. වරද කළේ පිරිමියා ගහගත්තේ ගැහැණු. (නි)
ඉස්සර නම් අනුන්ගේ ගෙවල් අස්සේ රිංගුවේ මිනිස්සු. විපරිත කාලේ නිසා වෙන්න ඇති අද ගැහැණු යනවා මිනිස්සු හොයාගෙන. එ්කත් කසාද බැඳපු අහිංසක කුරුළු කුඩුවක් විනාශ කරන්න. ඔන්න මඩු වලිගයක් හොයාගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් තලන්න ගැහැණියක් (නි)
නුවණක්කාර කාන්තාවක්. ඇති ඔයින් ගියා (නි)
මේ සැමියාට මතක හිටින පාඩමක් උගන්වන්නයි තියෙන්නේ (නි)
යසපාල ඇයි සැමියට විතරක්? ගැහැණියක් වෙලත් මෙයානේ මේ මනුස්සයගේ ගෙට රිංගලා තියෙන්නේ. අද කාලේ අය බහුතරයක් මෙහෙම තමයි. (නි)
මැදිවියේ ගැහැණු අය ගැන අහන්න ලැබෙන දේවල් නම් අප්‍රසන්නයි. පිරිමි පරාදයිනේ මෙයාලගේ වැඩ වලට. (නි)
විකට ඇඳුම් තරඟයට පුහුණුවෙන්න යන්න ඇති (නි)
පිටබැද්දර ජයාලගේ ගෙවල් පැත්තේ කාන්තාවක් අාවොත් එහෙම, මඩුවලිගයක් හොයන්න දුවයි එහෙනම්? අනේ මේ අපි නොදන්නා පිරිමි? (නි)
“සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන“ (නි)
මෙහෙම පිරිමින්ගෙන් අයින්වෙන එකමයි හොඳ (නි)
යසපාල, සැමියට පාඩම් උගන්වන්න කලින් පිරිමියෙකුගෙ ගෙටම ගිය මැදිවියේ කාන්තා රත්නයට පාඩමක් ඉගැන්විය යුතුයි. ඔන්න අද තත්වය (නි)
මේ වගේම තතාවක් අගනගරයට ආසන්න පැත්තකත් වුණා (නි)
තරුෂි, ඔයාගෙ නිගමනය හරිම වැරදියි. ඔයා තීරණ ගන්නේ ඔයා දන්න ඔයාට අත්දැකීම් ඇති අය ගැන විතරක් හිතලා. එහෙම නැහැ. හැම පිරිමියාම සහ හැම ගැහැණියම කියලා හිතලා තීරණ ගන්න එපා. ගැහැනියක් ගෙට බලෙන් ආවත් එළවන පිරිමි ඕනෑතරම් ඉන්නවා. හැහමා්ම අසහනකාරයෝ නෙමෙයි (නි)
මෙහෙම ගැහැණුගෙන් අයින්වෙන එකමයි හොඳ කියලා පිරිමියෙක් හොයාගෙන ගෙදරට රිංගලා ගුටිකාපු ගැහැණියගේ සැමියටත් හිතෙනවා ඇති (නි)
ගැහැනිය ගෙන්වාගත් පිරිමියාත්, පිරිමියා සොයා ගෙට රිංගූ ගැහැණියත් යන දෙදෙනාම වරදක් කර ඇත. එනම් ගැහැණු හරිද පිරිමි හරිද කියලා ප්‍රශ්නයක් මෙතන නැහැ. නමුත් මේ ගැහැණිය ගැන සිතනවිට විශේෂ අපුලක් එනවා. (නි)
මෙවැනි සිදුවීම් දැන් ලංකාවේ කොතැනත් සිදු වෙනවා.(හේ)
හරි, අපි හිතමු මේ කාන්තාව හා විවාහක සැමියා අතර අනියම් සම්බන්ධකමක් තිබුනා කියලා. එහෙම කියලා බිරිඳට පුලුවන්ද කාන්තාවකට කැත්තෙන් කොටන්න? ඒක බරපතල වරදක්. (නි)
තරුෂි, පිටබැද්දර ජයා, විහිලුවට වගේ කියලා තියන කතාවට කලබලවෙලා තියෙන්නේ කොහෙවත් ඉන්න ගයානිනේ. කවුරුහරි ඇත්තක් කිව්වාම ඒක එහෙම නොවෙයි කියලා මායම් හැටහතරෙන් එකක් පෙන්නලා පිරිමින්ව මුලාකරන කපටි ගැහැණු ගැන අපි නොදන්නවද ගයානි? අනික ගැහැණියක් ළඟට ආවහම පැනලා දුවන පිරිමි මේ ලෝකේ ඉන්නවද? (නි)
අවුරුදු තිස් අටේ නොබැඳපු ගැහැණියද, අවුරුදු තිස් හතේ බැඳපු ගැහැණියද දැන් දිනුම්? (නි)
මේ වෙච්චදේට අර කාන්තාවටයි මිනිසාටයි බැනලා වැඩක් නැහැ. ශ්‍රී ලංකාවත්, දැන් අපි කියන විදියට "බටහිර සංස්කෘතිය" වැළඳගෙන තිබෙන බව නම් මේ සිද්ධියෙන් පේනවා නේද? (නි)
කෝනාරට ඔය කියන අපුල ඇතිවුණේ ගැහැණිය ගැන විතරද? ගැහැණුන්ට ගරහන්න උත්සාහ කරනවා මිසක් ගැහැණුන්ට සළකන්න උවමනාවක් තියන මිනිස්සු දැන් කාලේ අඩුයි වගේ. මේ පුවතට අනුව නීත්‍යානුකූල බිරිඳ තමාගේ සැමියාට ආදරෙන් සැළකුවා නම්, ඇයට ඔහොම වෙන එකක් නැහැ. කැත්තෙන් ප්‍රශ්න විසඳන්න ගිය කෙනාගේ තරම හිතාගන්න පුළුවන්නේ ඒකෙන්ම. (නි)
භද්‍රානි එතකොට පිරිමියාගේ ගෙට රිංගපු මැදිවියේ කාන්තාව ගැන ඔයා මොකද කියන්නේ? උඩ බලාගෙන කෙළ ගහගන්න එපා. (නි)
ගැහැණියට සළකන්න කියලා තියෙන්නේ බොහොම උත්තරීතර විදියට. එහෙව් එකේ අද කාලේ ගැහැණු, පිරිමි සොයාගෙන ගෙදරටම යනවා නම් අපුලක් ඇතිවිම අතිශය සාමාන්‍යයි. (නි)
අද කාලේ ඉන්න අම්මන්ඩිලා බහුතරය කැත්තෙන් ප්‍රශ්න විසඳන්න ගිහින් තමයි වැඩ වරද්දා ගන්නේ (නි)
භද්‍රානි, කැත්තෙන් ප්‍රශ්න විසඳන්න ගිය බවලතිට සළකන්නත් බැහැ. පිරිමියෙකුගෙ නිවසටම ගොස් අනාචාරයේ යෙදුන බවලතිට සළකන්නත් බැහැ. මේ දෙන්නම ගැහැණූ වුණත් ගැහැණුකම තිබූ පළියට මේ දෙන්නටම සළකන්න බැහැ නේද? (නි)
චූදිත කාන්තාව අනෙක් ප්‍රශ්න විසඳන්නෙත් කැත්තෙන් වෙන්න ඇති. පුරුද්දට තමයි මේකත් කැත්තෙන්ම විසඳන්න ගිහින් තියෙන්නේ. මෙහෙම අයට ඔහොම දේවල් වෙන එක හරිම සාමාන්‍ය දෙයක් (නි)
මට නම් මෙහි කියන ස්ත්‍රින් දෙදෙනාම පිළිකුල්ය. (නි)
අද කාලේ පවුල් ප්‍රශ්න ඇතිවන්නේ පිරිමියාගේම වැරදි නිසා නෙමෙයි. භද්‍රානි කියනවා වගේ කසාද බැඳපු ගැහැණුන් දන්නෙත් නැහැ සැමියා රැකගන්නේ කොහොමද කියලා. කැත්තෙන් කොටන්න යන්නේ ලේසි පහසු කෙනෙක් වෙන්න බැහැ එයත් (නි)
තම කුඩා දරුවන්ට ටියුෂන් දීමට නිවසට එන කාන්තාවන්ගෙනුත් තම සැමියන් පරිස්සම් කරගත යුතුයි. පොඩ්ඩ ඇත්නම් බලන්නේ ඇඟේ එල්ලෙන්න (නි)
බහුතර බවලත් අය සිතන්නේ පොතේ අත්සන් කරවාගත් පසු සියල්ල අවසන් බවයි. නමුත් සැබවින්ම ඊටපස්සෙ තමයි පවුල/සැමියට රැකගන්න බොහෝ දේ කළයුතු වන්නේ. එසේ නොකර සිටියොත් මෙවැනි දේවල් වියහැකියි. කැත්තෙන් කෙටිම අනුමත කළ නොහැක. (නි)
පිරිමි ළමුන් ගැහැණු ළමුන්ගෙන් ආදරය සොයා ඒම එකල සිටම එන දෙයක්. මෙය තමයි අපේ සමාජ වල සිදුවුණ දේ. නමුත් මැදිවියේ ගැහැණියක් බය නැතුව පිරිමියාගේ නිවසටම යාම දක්වා අද තත්වය වෙනස්වෙලා තියෙනවා. (නි)