බූරු පොළකට පොලිසිය කඩාවදිද්දී දුවන්නට වූ සැකකරුවකු කන්දකින් පහළට පනින අවස්ථාවේදී අසල නිවසක බලූ කූඩුවක වහලයට වැටී එය කඩා වැටී ඒ තුළ සිරවී සිටියදී අත්අඩංගුවට පත්වීමේ සිද්ධියක් සබරගමු පළාතේ ගම්මානයකින් වාර්තා වේ.
ප‍්‍රදේශයේ නමගිය බූරුපොළකි. පොලිසියට පැමිණිලි පිට පැමිණිලි ලැබෙන්නේ මෙයින් ජනතාවට කරදර බැවිනි. පොලිසිය නිතර කඩාවැදුනත් පිරිස පලා යන්නේ ඊට කලින් තොරතුරු ලැබෙන නිසාය.
මේ තත්ත්වය වළක්වන්නට ක‍්‍රියාත්මක වූ පොලිස් පිරිසක් හොර රහසේම කිසිවකුටත් නොදන්වා මේ බූරු පොළ වැටලූහ. පිරිසක් අත්අඩංගුවට පත් වෙද්දී තවත් පිරිසක් පලාගියේ පොලිස් පිරිස ප‍්‍රමාණවත් නොවූ බැවිනි. පලාගිය පිරිස අල්ලා ගැනීමට පොලිස් පිරිසෙන් කොටසක් ලූහුබඳිද්දී එක් තරුණයකු පොලිසියෙන් බේරෙන්නට කන්දකින් පහළට පැන්නේය.
ඔහු පහළින්වූ බලූ කූඩුවක වහලයද කඩාගෙන වැටී සිරවිය. මේ අනපේ්ක්ෂිත සිද්ධියෙන් කලබලයට පත් බල්ලා කූඩුව කඩාගෙන එළියට පැන බුරන්නට වූයේය. නිවෙස අයිතිකරු ශබ්දය බලන්නට ඇවිත් බල්ලා අල්ලාගත් අවස්ථවේ එහි කඩාවැදුණු පොලිස් පිරිස සැකකරු අල්ලා ප‍්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව උසාවියට ඉදිරිපත් කිරීමට පියවර ගත්හ.
නමගිය බූරු කප්පිතකු වූ ඔහුගෙන් බලූ කූඩුවෙත් බූරු පොළක් තිබුණාදයි අහද්දී දැන් මුවින් නොබැන ඉන්නේ පුරුද්ද අත්හරින්නට බැරි නිසාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුරුවෙක් සහ බල්ලෙක්... (නි)
හිර කුඩුව ලොකු හින්දා හොදයි.මොකද බලු කුඩුව ඊට වැඩිය ලොකු නිසා. ඒ මිනිහට දුර පැනලා සම්මානත් ඇති මම හිතන්නේ. (නි)
මීට වසර ගණනකට පෙර මා කුඩා කාලයේ සිදුවීමක්! අපේ ගමේ ඇට වර්ගයක් යොදාගෙන කරන සූදූ ක්‍රීඩාවේ යෙදෙනවා තරුණයන්. හරියටම ඒ අවස්ථාවල් වලට පොලිස්සියේ සාජන් මහත්තයෙක් කඩා පනිනවා. ක්‍රීඩාවේ යෙදෙන තරුණයෝ පැන දුවනවා. බිම දමා තිබෙන තරුණයන්ගේ මුදල් ඔට්ටු එකතු කර ගෙන සාජන් මහත්තයා සාක්කුවේ දමාගෙන යන්නට යනවා. (නි)
එයා ගැලෙපන තැන හොයාගෙනයි ගිහින් තියෙන්නෙ (නි)
ප්‍රභාකරන් ඉන්න කාලේ මෙහෙම කිව්වා. මම ජනතාවගෙන් සල්ලි එකතු කළොත් අල්ලස් ගත්තා කියනවා. උන් එකතු කළොත් ඒවා බදු මුදල් කියනවා.(නදී)
කොහොම හරි ගැලපෙනම තැනට වැටිලා තියෙන්නේ (නි)
බලු කුඩුවේ ලගින්න පෙරහුරුවක් (නි)
සුදුව අනුමත නොකරමි, එතකොට තට්ටු ගණන් කැසිනෝ මාලිගාවල අරක්කු බිබී ජංගි කොටයක් ගහගෙන නටනවා බලබලා බොරුගහනක එක හොදද? මට හෙතගන්න බැරි පාර්ලිමේන්තුවේ ඉන්න වැඩි හරියක් නායකයෝ රටේ මිනුස්සුන්ට සුදුලුනු පොඩි කර කර මොන ආගමද අදහනේ කියලා?(පහත් තැනින් යයි ගලා ජලේ).(නදී)
ප්‍රිය ඔලිම්පික් වලට බලු කුඩුවට පනින තරගත් තියනවද අපි අදනේ දන්නේ .(නදී)
පොලිස් කූඩුවට වඩා බලු කූඩුව හොද ඇති නේද? (නි)
ඕක නෙවැ අපේ මාමත් කියන්නේ වැරදිච්ච වෙලාවට බලු කුඩුවේ හිටියත් අහු වෙනවා කියලා. (නි)
මෙන්න නියම කතාව...අර පහුගිය කලේ දාපු කතා වලට මම අපේ මල්ලිට කියලා කිචි කවාගෙන හිනා වුණේ.මේක නම් හොද කතාවක්. (නි)
බලු කුඩුවේ ඉන්න පොලීසියෙන් අවසර ගන්න ඕනෑද? බූරු ගහන්න තහනම් උනාට බලු කූඩුවේ ඉන්න තහනම් නැහැ නේද?(නදී)
මටත් ඔහොම දෙයක් වුනා. දවසක් මගේ යාලුවෙක් ලයිෂන් නැතුව යතුරුපැදියක යන ගමන් මට ලිෆ්ට් එකක් දුන්නා. ටික දුරක් යනකොට පොලිසියෙන් නවත්වන්න නියෝග කලාම යාළුවා කරපු වැඩේ නොනවත්වා පලා යාම. නවත්තන්න කියලා මම මොන තරම් කිව්වත් නැවැත්තුවේ නැහැ. පොලිසියත් පස්සෙන්ම ආවා. අතුරුපාරවල් වලත් ගිහින් බැරිම තැන තාප්පයක් ළඟ නතර වෙලා යාලුවා තාප්පෙන් පනිමු කියල පැන්නා. මාත් පැන්නා, වැටුනේ වහලයක් උඩට. එතනින් නතර වුනෙත් නැහැ. වහලේ කඩාගෙන කාමරයක් ඇතුලට වැටුනා. කාමරේ ඉඳලා තියෙන්නේ මුස්ලිම් තරුණියක්. එයා කෑ ගහගෙන එලියට දුවලා. මගේ වෙලාවට මන්නයක් අරගෙන කාමරේට ආවේ මගේ තවත් මිත්‍රයෙක්. අර තරුණියගේ සහෝදරයා. යතුරු පැදිය පොලීසියෙන් රැගෙන ගිය නිසා මගේ අර අනිත් මිත්‍රයට පොලීසියට යන්න වුනා. මාත් ගියා. හොඳ සිංහල පාඩමක් ඉගෙන ගෙන ආවා. (නි)
මොහු ඔලිම්පික් යැව්වා නම් වඩා හොඳයි. (ස)
කාලෙකට පස්සේ රසවත් කතාවක්.(නදී)
රසවත්.(ස)
පව් බල්ලා හොඳටම බය වෙන්න ඇති. (ස)
මල්ලිට කියල කිචි කවා ගන්න එකත් නරකම නැහැ.(නදී)
උපාලිගේ විවරණයත් ඉතා රසවත් (නි)
බල්ලාගේ වැඩේ කරන්න බුරුවෙක් ආවා කියලා බල්ලට තරහ ගියා. බල්ලා තමන් බව එයා බුරලම පෙන්නුවා. අසරණ බුරුවව පොලිසියට අල්ලලා දුන්නා. හොඳ නැහැ බල්ලගෙ හැසිරීම. (නි)