රජරට ප‍්‍රදේශයේ ගෘහණියක් අලූත් අවුරුදු සැමරුමට සූදානම් වීම සඳහා ආහාර පාන හා බඩු බාහිරාදිය මිලයට ගැනීමට නගරයට ගියාය.
කැවිලි පෙවිලි සැකසීම සඳහා ඇය වෙළෙඳ සලකින් පැණි බෝතල් භාගයක්ද රැගෙන ගොස් එය කුස්සියේ රාක්කයේ තැබුවාය.
වැඩ ඇරී සවස්කාලයේ ඇයගේ සැමියා නිවෙසට පැමිණීමෙන් පසු කුස්සිය දෙසට ගියේය. සිය බිරිය අලූත් අවුරුදු සැමරුමට කෑම බීම පිළියෙළ කිරීම සඳහා බඩු බාහිරාදිය රැගෙන විත් තබා ඇති අයුරු දුටු සැමියාට සතුටක් ඇතිවිය.
ඔහු කුස්සියේ කළමනා විපරම් කරද්දී රාක්කයේ තිබූ බෝතලයද දැක්කේය. ඔහුට නෙත් අදහා ගත නොහැකි විය. බිරිය අලූත් අවුරුද්දට සංග‍්‍රහ කිරීම සඳහා තමාට දීමට මත්පැන් භාගයක් ගෙනැවිත් ඇතැයි ඔහු සිතුවේය. ‘අති විශේෂ’ ලේබලය නිසා ඔහු සිතුවේ එය ගල් අරක්කු බවයි. තම බිරිය මෙවැන්නක් කිසිදා කර නැත.
‘ඔයා නියම වැඩක්නෙ කරල තියෙන්නෙ. කවදාවත් නැතුව ඇයි මේකක් මට ගෙනාවෙ?’ රාක්කයේ තිබූ මත්පැන් බෝතලය පෙන්වා සැමියා බිරියගෙන් ප‍්‍රශ්න කළේය.
තම සැමියා පැණි බෝතල් බාගයට මත්පැන් යැයි රැවටී ඇති බව බිරියට අවබෝධ විය. ඒ අනුවම ඇය සැමියාට මෙසේ කීවාය. ‘අනේ මට හිතුන මේ අවුරුද්දෙවත් ඕවා එකක් ගෙනත් දෙන්නම් කියලා. ඒකයි මම ඔය ජාතියෙ එකක් ගෙනාවෙ’.
‘හා.....හා......දැන් ඕක රාක්කෙ තියන්න ඕනැය. අද රැම බොන්න මට කටගැස්මක් හදල දෙන්නකො කියා සැමියා ඇඟපත සෝදා ගැනීමට ගියේය. ඔහු නිවෙස ඇතුළට යළි එන විට සාලයේ මේසය මත කරවල හා පපඩම් බැද කුඩා ප‍්‍රමාණයේ වීදුරුවක්ද සමඟ අතිවිශේෂ බෝතල් භාගය තිබුණි.
සැමියා හරි බරි ගැසී මේසය අසල පුටුවේ වාඩිවිය. හොඳහැටි සප්පායම් වෙමියි සිතා බෝතලය අතට ගෙන එහි මූඩිය කරකැවීය. එකෙනෙහිම ඔහුට ඇතිවූයේ කියා ගත නොහැකි ලජ්ජාවකි.
බෝතල් භාගයේ අති විශේෂ වෙනුවට තිබුණේ පොල් පැණි බව තේරුම් ගිය විට සැමියාට කරකියා ගන්නට දෙයක් නොවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාටවත් මත්වතුර නවත්තන්න බැරිද? (නි)
බොරුද කොහෙද.....? (නි)
සුපර් මාර්කට් එකකට ගියා නම් ලජ්ජා බය නැතුව මහත්මයෙක් වගේ බෝතලයක් අරන් යන්න පුළුවන්. දැන් රටේ හැම තැනම බාර් වෙනුවට විවෘත කරන්නේ සුපර් මර්කට්නේ. ගෙදර යන ගමන් බඩුමල්ලක් ගන්න හිතපු මිනිහා එලියට එන්නේ බෝතලයක් අරන්. ජීවිතේට බාර් එකකට යන්න හිතන්නෙවත් නැති නම්බුකාර මිනිස්සු නම්බුකාර විදියට සුපර් මාර්කට් එකෙන් බෝතල් අරන් යනවා. (නි)
හොද වැඩේ. ඔහොමම තමයි වෙන්න ඕනෑ. පෙරේතකම නැතිවෙලා යන්න (නි)
මේ තිතට මත ප්‍රතිපත්ති ප්‍රකාශයයි. හැම නගරයක් ගානේම හවසට බාර් දිහා බැලු විට මෙය වඩා හොඳින් පෙනේ. (නි)
ඒ මනුස්සයා ඊට පස්සේ මොකද කළේ? ගිහින් බිලා ආවද? නැත්නම් ගෙනල්ලා බිවුවද? කියන්නකෝ. (නි)
ලංකාවේ මත්වතුර තහනම් නැහැ, ගව මස් විතරයි තහනම්. (නි)
හොද වැඩේ... (නි)
හොඳ පුවතක්. මට දැවැන්ත හිනාවක් ගියා. (නි)
මට පේන්නේ නම් මේ හාදයා මීට කලින් පැණි කාලත් නැහැ අරක්කු බීලත් නැහැ වගේ. (නි)
මේ මත්පැන් සහ දුම්වැටිය කියන්නේ සමාජයක් ජාතියක් විනාශය කරා ගෙනයන්නා වු පිළිලයක්. එය ඒඩ්ස්, පිළිකා වැනි සුවකල නොහැකි රෝගකාරකයන්ටත් වඩා භයානකයි. (නි)
හන්දියක් හන්දියක් ගානේ 'බාර්' තියෙන, මතට තිත තබපු මේ බෞද්ධ රටේ කටගැස්ම නිවෙන්නත් පෙර අලුත් බෝතලයක් මිලදීගෙන ගෙදරට ගෙනත් බොන්න තිබුනනේ. (නි)
මේ ජරාව මිනිස්සු බොන්නේ මොනවටද මන්දා? නොබී හිටියොත් මොකද වෙන්නේ ? (නි)
මරු වැඩේ බේබදුකමට. (නි)
අන්න බලන්න නෝනගේ ආදරේ .....මහත්තයාගේ කෑදරේ....සනත් මල්ලි මෙන්න මගෙන් සෙලියුට් එකක්.. නියම පුතා. (නි)
බයිට් එකට පුන්නක්කු තෙම්පරාදුවක් තියලා නැද්ද? (නි)
ලංකාවේ ඉන්න ගොඩක් අය මොකක් හරි හේතුවක් හදාගෙන බිල ගෙදර අවුල්කරගන්නවා. මේ අයට බිවුවම සිහියක් කටක් නැහැ. ගහගන්නවා.(නදී)
සනත්, සිංහලකෙනෙක්ගෙන් මේ වගේ කතාවක් අහන්න ලැබෙන එකත් සතුටක්. නැත්නම් තුන් සිංහලයම නෑදෑයෝනේ (නි)
බොන මිනිහෙක් නම් තමාගේ භාර්යාව ගේනකන් ඉන්නේ මොකටද? බාගයක් ගෙනල්ලා බොන්න බැරියැ... (නි)
කිරිදරුවන් පවා බේබද්දන් වන තරමට අද මේ රට අපායගාමී වී ඇත. (නි)
මගේ පියාගේ භූමදාන කටයුතු අවසන් කළ දිනයේ, මගේ ඥාතීන් කිහිප දෙනෙක් ඔවුන්ගේ "දුක වැඩි කමට" මත්පැන් බීමට ලැහැස්ති විය. මගේ පියා උතුම් විදුහල්පතිවරයෙක් මෙන්ම දැහැමි බෞද්ධයෙක් විය. එසේම කිසිම දිනක කිසිම ආකාරයක මත්පැනක් පාවිච්චිකර නැත. ඔහු අනුව යමින් මමත් මගේ සහෝදරයත් කිසිම වර්ගයක මත්පැන් තොලගා නැත. ඉතින් මම මගේ දුකට පත් නෑයන්ට කීවේ, ඔවුන් දුකට මත්පැන් බොනවානම් අපත් අපේ මව්තුමියත් පොකුණක මත්පැන් පුරවා එහි ගිලී කිමිදී සිටිය යුතු බවයි. මන්ද අපේ දුක එතරම් විශාල වූ බැවිනි. එදා සිට මාස කීපයක් යනතුරු අපේ ඥාතීන් මා සමග කතා කළේවත් නැත. බොන්න ලැබෙනවා නම් ඕනෑම ජරා වැඩක් කිරීමට තරම අපේ මිනිසුන් නොමිනිසුන් වී ඇත. (නි)