(පොල්ගස් ඕවිට - එස්. වික‍්‍රමආරච්චි)
මාතර දිසාවේ දුෂ්කර කඳුකර ගම්මානයකි. එහි කඳු බෑවුම්වල පිහිටි ඇතැම් ස්ථානවලට තවමත් රූපවාහිනී දසුන් පැහැදිලිව දර්ශනය නොවේ. සමහර ස්ථානවලට පෙනෙන්නේ එකම චැනලයක් පමණි.
මෙම ප‍්‍රදේශයේ පිහිටි එක්තරා නිවෙසකි. එහි නිවැසියන්ද නරඹන්නේ එකම චැනලයකි. එහි තරුණ බිරිය ඉකුත් දිනෙක නගරයේ සිටින තම මිතුරියක සමඟ දුරකතනය ඔස්සේ අල්ලාපසල්ලාපයේ යෙදී සිටියදී එම මිතුරිය පවසා ඇත්තේ වෙනත් පෞද්ගලික නාලිකාවක යන හොඳ ටෙලි නාට්‍යයක් තමා දිනපතාම නරඹන බවත් හැකිනම් එය නරඹන ලෙසත්ය. එහි කතා තේමාව ගැනත් රඟපාන නළු නිළියන් ගැනත් මිතුරිය රසකර කී කරුණු ඇසීමෙන් ඇයට ද එම ටෙලි නාට්‍යය බැලීමේ ආසාවක් ඇතිවිය. මේ පිළිබඳව තම සැමියාට දැන් වූ ඇය ඔහු ලවා එදින සවස්වරුව පුරාම එම චැනලය අල්ලා ගැනීමට මහන්සි විය.
දිගු ලීයක ඇන්ටෙනාව ගැටගසා මුළු වත්ත පුරාම එහාට මෙහාට එය රැගෙන යමින් නාලිකාව සොයා ගැනීමට මහත් වෙහෙසක් ගත්තේය. කෙසේ වෙතත් ? බෝවී එනවිට යාන්තම් එම නාලිකාව දර්ශනය වන්නට විය. බිරියගේ ඉහේ මලක් පිපුණාක් මෙන් විය. එහෙත් දර්ශන එතරම් පැහැදිලි නැති නිසා ඇය තවත් කන්කෙඳිරි ගාන්නට වූවාය.
‘‘අනේ ඔහේ වහල උඩට නැඟල බලන්නකෝ’’ ඇය ඉණිමඟ ගෙනත් වහලයට තබා දුන්නාය. සැමියා ඇන්ටෙනාව ද රැගෙන වහලය මතට නැංගේය. බිරිය ගෙතුළට ගොස් රූපවාහිනී යන්ත‍්‍රය කි‍්‍රයාකරවන්නට වූවාය. ‘‘හරි හරි එ්යි, ඔන්න ඔතන පේනෝ, ඔහොම අල්ලගෙන ඉන්න’’ ඇය කෑමොර දුන්නාය.
ඒ අතරම ඇය ගොස් ඉණිමඟ රැගෙන බිමින් තැබුවාය. වහලයෙන් බසින්නට ක‍්‍රමයක් නොවූයෙන් බිරිය ටෙලිය බලා අවසන් වනතුරු සැමියාට ඇන්ටෙනාවද අල්ලාගෙන වහලය මතට වී ඉන්නට සිදු වුණාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉනිමඟත් අරගෙන තියලානේ. ඉතින් වහලෙන් බහින්නත් බැරි නිසා ඔහේ ඇන්ටනාව අල්ලගෙන ඉන්න ඇති. බැස්සට පස්සේ වුණේ මොකක්ද කියලා නැහැනේ. මම නම් ............................. (නි)
මට කියන්න තියෙන්නෙත් හරමානිස් කියපු ටිකම තමා. (නි)
මට හිතෙන්නේ කුමාරිගේ සැමියා වෙන්න ඇති වහඵය උඩ ඉන්න ඇත්තේ (නි)
අදහන්න වටිනා මිනිහෙක්. මොකද මිනිස්සු හැමදාමත් වැට උඩනේ (නි)
ඉනිමඟ ඉවත් කිරීමෙන් කළ ක්‍රියාවෙන් ඇය ගැන හිතාගන්න පුලුවන් (නි)
වර්තමානයේ බහුතර පිරිමින්ට වෙන්නේ මේක තමයි (නි)
ඉතින් ඊටපස්සේ.... (නි)
ඕක මහා ලොකු දෙයක් නෙමෙයි මට නම් (නි)
ඇන්ටනා ප්‍රශ්නය කෝණ කීපයකින් බලන්න පුළුවන්. ටෙලි නාට්‍යයකට හොඳ කතා නිමිත්තක් (නි)
අනේ අසරණ සැමියා! (නි)
සමහරවිට ලොකු දෑවැද්දක් එක්ක ආපු නෝනා කෙනෙක්ද දන්නේ නැහැ. එහෙම වුණාමනේ මහත්වරුන්ට මෙහෙම දේවල් සිද්ධ වෙන්නේ. (නි)
මේ කාන්තාවගේ වැඩ කටයුතු නම් අපේ අයියා කෙනෙක් බැඳපු කෙනාගේ වගේමයි. එයාගේ ගෙදර වැඩ ඔක්කොම මහ ගෙවල් වලින් අක්කලා ඇවිල්ලා කරලා දෙනවා. අහළින් පහළින් කෙනෙක් ගියත් වැඩක් කරවා ගන්න හදන්නේ. (නි)
මෙයින් කියවෙන්නේ මේ සකලසිරින් පිරි සිරි ලංකාවේ ආශ්චර්යය ගැනද? කොළඹට කිරි , ගමට කැකිරි කිව්වලු. (නි)
අනේ මටත් මෙයා වගේ සැමියෙක් ලැබෙනවා නම්..(අ)
වහළෙන් බැහැපු මාතර සැමියා , "ඔහේ වගේ අයෙක් මට බඳින්න වුණේ මක්කටෙයි " කියලා අහන්න ඇති. (නි)
මටත් කියන්න තියෙන්නේ ඩිකී කියපු දේම තමයි. ඕක මොකක්ද, පැය බාගයක් විතරනේ. (නි)
ඔන්න දකුණේ පොරවල්.මහලොකුවට හිස උදුම්මාගෙන ඉන්නේ දකුණේ කියලා.පේනවා නේද.නොදකින් මෙහෙම පිරිමි මොකටද. (ස)
ටිකක් ඇතට හිතුවොත් මෙතන කිසිම අසරණ කමක් නැහැ. ඕක තමයි බෙදාහදා ගෙන වැඩකිරීම. (ස)
සැමියා ඇන්ටනාව අල්ලන් සිටිය එකමද ඕගොල්ලන්ට පෙනෙන්නේ. (ස)
සබ්බේ උන්මත්තකා පෘතග්ජනා කිවුවලු (නි)
මෝඩයෙක් (නදී)
මේ කාන්තාව පෙර පිනක් කරලා තියනවා. (නදී)
නියමයි (නදී)
ගමේ කඩේට ඇවිත් රූපවාහිනී බලන ජාකෝලිස් මාමට තෙපානිස් ලොක්කලට සැටලයිට් රිසිවර ,ඇන්ටෙනා බූස්ටර් ගැන දන්නේ නැහැ (නදී)
අනේ පවු! (නි)
මේ වෙලාවේ අල්ලපු ගෙදර මහත්තයා කොහෙද හිටියේ කියලා බලන්න කාටවත් මතක් වුණාද දන්නෙ නැහැ නේද? (නි)
අනේ මන්ද මෙහෙමත් පිස්සුවක්.(හේ)
කොහොම වුණත් ඉවසීමත් තියෙන ස්වාමී පුරුෂයෙක් කියලා මම හිතන්නේ.(හේ)
අවංකවම මම නම් මීට වඩා දේවල් කරලා තියෙනවා. (නි)
ඔන්න ඕක තමයි අපේ රටේ ගොඩක් පළාත් වල ජනතාවට සිදුවන්නේ. දුෂ්කර පළාත් වල දර්ශනය වන්නේ නාලිකා දෙකක් තුනක් පමණයි. (නි)
නියම බිරිඳ! (නි)
අනේ මෙහෙමත් පිරිමි! (නි)
ඕක මොකක්ද ? (අ)
කතාවට ටිකක් වැඩියෙන් පොහොර දාල වගෙයි, නේ? (අ)
මමනම් වහලෙන් බැස්ස ගමන් යන්නේ දික්කසාද නීතිඥයෙක් හොයාගෙන. (අ)
ඔච්චරම රූපවාහිනියට ආහා නම් සැටලයිට් රිසීවර් එකක් ගත්තා නම් හරිනේ. නැත්නම් ඇන්ටනා බූස්ටර් එකක් දාගන්න ඕනෑ. (නි)
ඕක මොකක්ද? පැය බාගෙන් පස්සේ වහලෙන් බිමනේ. අපි මේ රට ඇවිල්ලා ඉන්නේ අවුරුදු ගණන් නෝනා දකින්නේ නැතුව... (නි)
ආදරය කියන්නේ ඔය දේට නේද? (නි)
නියමයිනේ ..... (නි)
අනේ ඉතින් අපිට මොකෝ? (නි)
බිරියට ආදරය කරන සැමියෙක් (නි)
ටෙලිනාට්‍යය අවසන් වුණාට පසුව....? (නි)
නාට්‍යය මෙගා එකක් නම් මේ මනුස්සයාගේ අවාසනාව තමයි ඉතින් (නි)
ඔය කියන නාට්‍ය නම් මට හිතෙන්නේ "බෝයිස් ඕවර් ද ෆ්ලවර්ස්" වෙන්න ඇති! (නි)
ඕක ගණන් ගන්න එපා එච්චර (නි)
ඕවා මොනවද? පිටරටවල මහත්තයා ළමයින්ට කවනවා. නෝනා සිගරට් එකක් බිබී ඉන්නවා. (නි)
මොන තරම් ආදරණීය සැමියෙක්ද? අනේ වාසනාවන්. (ස)
ඇත්තටම ඉතාමත්ම වැදගත් ප්‍රවෘත්තියක්. තවත් මේ වගේ වැදගත් ඒවා කොහොමහරි හොයාගන්න.හරිම වටිනවා.(අ)
හොද වෙලාවට පතිරණ මහත්තය වහලෙට නැග්ගේ නැත්තේ!(අ)
බලන්න, කොච්චර ආදරණිය සැමියෙක්ද කියල? ආදරය වෙනුවෙන් රජසැප අත හැරියේ ඒ කාලේ.(අ)
ඉණිමග ගෙනත් තියනකම් ඇන්ටනාවේ වයර් එක ගලවලා දැම්මනම් ඉවරයිනේ. (අ)
කාලෙකට පස්සේ නියම දෙවියෝ සාක්කියක් පලවෙලා තියෙනවා. (ස)
පැය බාගයක් නෝනා වෙනුවෙන් ඇයගේ ආසාව වෙනුවෙන් කැප කළාට මක් වෙනවද ඇය ඉල්ලුවේ තරු ගෙනත් දෙන්න කියලා නෙමේ නේද? වාසනාවන්ත නෝනා කෙනෙක්. (ස)
මේක වුණේ කාටද කියලා අපිට නම් ආරංචියි (නි)
පත්තරේ විස්තරේට වැඩිය නියමයි මෙතන කාන්තාවන්ගේ අදහස් ටික. සේරම කාන්තාවෝ එකවගේ කියන්නේ ඇත්ත වෙන්න ඇති. (නි)