ගුරුවරයෙකි, මැදිවියේය, සැමියෙකි. ඔහුට නිර්ණාමික දුරකථන පණිවුඩ, කෙටි පණිවුඩ, නිර්නාමික ලිපි යනාදිය ඔස්සේ පණිවුඩ ගලා එති. ඔහුගේ බිරිය ඉඩහසර ලැබෙන විට තම ප‍්‍රථම පේ‍්‍රමයේ සොඳුරු ආශ්වාදය රහසින් විඳින බව ඒ පණිවුඩවලින් කියැවිණි. පසුගිය දිනක සැමියා සුපිරි හෝටලයක මංගල සාදයකට බිරිය සමග ගියේය. එහිදී ඔහුට ජේත්තුවට ඇඳගන කණුවකට හේත්තුවී සිටි තරුණයකු ඇස ගැසුණේය. වැඩි අවධානයෙන් ඔහු තරුණයා දෙස බලා සිටියේය. බිරියගේ පරණ ආදරවන්තයා ඔහුය. විශේෂයෙන් ඔහු ඇඳගන සිටි කමිසය තමාගේ කමිසයක වර්ණය හැඩය හා වර්ගයත් ඔහුට එක්වරම මතකයට ආවේය. මගේම කමිසේ වත්ද මූ අගේට ඇඳගන උගේ වගේ ඉන්නේ යැයි සිතින් සිතුවේය. ඒත් බිරියට දැනෙන්න වෙනසක් නොපෙන්වා සාදයෙන් සමුගෙන බිරියත් සමග නිවෙසට ගියේය. ගෙදර පැමිණි විගස තවත් ගමනක් යන්න තියනවා කියා එම කමිසය සොයන්න පටන්ගත්තේ කෝ මගෙ අර අළුපාට කමිසේ කොහෙද අයිසේ ඒක තිබ්බේ? යනුවෙන් අසමිනි. බිරියට කරුණු අවබෝධ විය. එනපොට හොඳ නැති බවද දැනිණි. ඇය ඇත්ත කීවාලූ. මීට පස්සේ පැත්ත පළාතක ඔහුට එන්න නොදෙන බවට පොරොන්දු වුනාලූ. යළිත් වැරැද්දක් කළොත් මැරුවත් කමක් නෑ කියා සමාව ගත්තාලූ. ඒ කමිසේ මගෙන් තෑග්ගක් කියා ඌටම දෙන්නැයි කීවාලූ. දෙන්නා දැන් හොඳින් ජීවත්වෙනවාලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහලා පන්නන්නයි තියෙන්නේ. (නි)
ඇය විශ්වාස කරන්න අමාරුයි. එක් වරක් හොරෙක්, සැමදා හොරෙක් කියා කථාවක් ඇත. (නි)
මටත් කමිසයක් දෙන්න පුලුවන්ද? පින් සිද්දවෙයි! (නි)
සමාජයට ආදර්ශවත් පුද්ගලයෙක්. (නි)
සමුපකාර ක්‍රමය අපි කවුරුත් අගය කරන්න ඕනෑ. (නි)
හෙට අනිද්දා කඩුවත් දේවි.. මනමේ නාටකයේ දෙවැනි කොටස .එනවා අලුත් චිත්‍රපටියක්. ''කමිසේ- තමුසේ'' කියලා (ස)
කමක් නැනේ .ඔයිට වඩා කොච්චර පොඩි ප්‍රශ්න වලට සමහරු පවුල් අවුල් කර ගන්නවද...? (ස)
අනේ මගේ මාලේ අල්ලපුගෙදර අක්කා ලඟ. ඒවා හොඳඳ (ස)
කතාව සරල උනාට විසඳුම හොඳ ආදර්ශයක්. කමිසෙ එයාටම තෑගි කලා කිව්වම මට මතක් උනෑ "එලොව ගිහින් මෙලොව ආව" කතාව. (ස)
හැම වාසනාවන්ත පිරිමියෙක් පිටුපසම විනාශකාරී ගැහැණියක් සිටිනවා. (නි)
අදුරේම ඇදුම් ඇදගන්නා විට කමිසය මාරුවෙන්න ඇති. (නි)
කවුද ඔයාට මේ කතාව කිව්වේ (ස)
බොරු කතාවක් (ස)
ලංකාවේ අපේ ලංකාවේ... (නි)
නියම සැමියෙක්.. එහෙනම් තව ටික දවසකින් දෙයියෝ සාක්කි වලින්ම බලාගන්න පුළුවං වෙයි පැරණි පෙම්වතා එක්ක පැනලා ගිහිං කියන පුවතත්..!(නු)
"විශ්වාසය නිධන් කෙරුව සිතක් බිඳුණ පසු කල්පයක්ම සොයා ගියත් නොමැත කිසිම ඔසු!" පෙම්වතාගෙ කමිසය හදිසියට ගෙදර දමලා ගිහින් වගෙයි. (නි)
සර්ට කමිස කීයක් තියෙනවද? ඔට්ටුයි මතක නැතුවට. (නි)
ඔය ගෑණුන්ට විරුද්ධව යහපත් පිරිමි වගේ අදහස් දාන අයම තමා ගෑනු දැක්කහම ඔක්කොම අමතක වෙන්නෙත්. (නි)
නෝනගේ සාය හැට්ට එහෙම වටපිටාවේ අයට දීලා නැතුව ඇද්ද (ස)
ආයෙත් කරන්නෑ කිව්වේ කමිස දෙන එක විතරද දන්නේ නෑ (ස)
මිනිහට හොඳ පල්ලම. එයාගේ හොර වැඩ අහුවුණත් දැන් නිදහසට කරුණු තියෙනවා (ස)
තෑගි දෙකයි... බිරිය කිසි භයක් නැතිව කියපුහැටි... කෝකටත් මහත්තයෝ ටිකක් බිරිය ගැන අවධානයෙන් සිටියොත් හොඳයි... (ස)
මොනවා උනත් මේ ගෑනු කෙනා මටනම් විශ්වාස නෑ (ස)
ගුරුතුමණි ඔබ ඇයට අනුකමිපාකලත් ඇය විස්වාස කල කැකිද?....... (ස)
නරියා මනමේ කුමාරිට කිවුවලුනේ “මට කවිය හරියටම මතක නැහැ“ කියලා. මේකත් ඒ වගේ තමයි. (නි)
හොර සැමියාට තෑග්ගක් දෙන්න ඕන නම් තමන්ගේ මනුස්සයාගේ ඒවා දීල හරියන්නේ නැහැ කියලා මේකෙන් ගන්න ඕන ආදර්ශය..!(නු)
තමන්ට කමිසයක් ගන්න බැරි එක්කෙනා එක්ක මොකට මගුල් කනවාද කියලා මේ ගැහැනු කෙලාට හිතෙන්න ඇති...!(නු)
කවුද දන්නේ යට ඇදුමත් මහත්තයාගේ වගේ එකක් අරන් දුන්නද කියලා..!(නු)
අනේ අනේ..!(නු)
මේක නම් දෙයියෝ සාක්කිමයි.. මෙහෙමත් ලංකාවෙ මිනිස්සු පවුල් කනවානේ..!(නු)
ගුරුතුමෝ කූඩැල්ලා මෙට්ටේ තිබ්බට වැඩක් නෑ .(ස)
හොද සැමියෙක්, හොද බිරිදක්, හොද පෙම්වතෙක්, හොද කතාවක්. (නි)
අවසර කල රහස් තැන - ගැහැණු කවුරුද වරදේ නොබැදෙන..(නු)
ඕකට අපේ ගම්වල නම් හොද වචනයක් කියනවා.. මේ නිසා තමයි අද මිනීමැරුම් වැඩි වෙලා තියෙන්නේත්..!(නු),
මාර ආදරයක් .(ස)
ඔහොම කිවුවට ගෑණු කවදාද විශ්වාස කරන්න පුලුවන්. (නි)
ගැහැණු ඇයි මෙච්චර පහත් වැඩ කරන්නේ.. හොරෙන් කන්නමයි හදන්නේ..!(නු)
කමිසයක් විතරක් දෙනවනම් මදැයි .(ස)
මේ වගේ ගැහැණුත් එක්ක පවුල් කන්නේ කවුද?(නු)
මොනවා උනත් දෙන්නම බුද්ධිමත් ගත යුත්තක් තියෙනවා..!(නු)
ස්ථානෝචිත ප්‍රඥාවෙ හොදම එක... ඇති යංතං...(නු)
ඒත් විශ්වාසනීය පොරොන්දුව කඩවුනාට පස්සේ ආයෙත් එසේ නොවෙයි කියලා කොහොමද ඔහු විශ්වාස කරන්නෙ..?(නු)
පටලැවිල්ලක්
හොදට හිතලා බලලා සැමියා ගත්ත තීරණ්යක්.. නමුත් නෝන ගැන සැළකිලිමත් වෙන්න..!(නු)
අහිංසක සැමියට වැරදි කරන එක හොද නැහැ... කරුණු තේරුම් ගෙන වැරදි හදාගැනීම හොදයි..!(නු)
අනේ බිරිදත් තෑගි කළානම් ඉවරයිනේ..!(නු)
ඔය ඇත්තමද? නැත්නම් අමරදේවයන්ගේ පෙරදිනයක මේ පෙම්කල ගීතයට ගෙතූ කතාවක්ද?(නු)
ඉවසීමෙන් සැණසීම ලැබේ..!(නු)
මනමේ දෙක.(නු)
නියම ගුරුතුමා සාදු සාදු..!(නු)
අයියෝ අපේ රටට ගිය කලක්..!(නු)
ආයිමත් යාවිද එයත් එක්ක..!(නු)
බිරිද තම සියළු දේ හොර සැමියට දුන්න එකේ කමිසයත් ලොකු දෙයක්ද?(නු)
උගත්කම සහ නිවුණු ස්වාභාවය තියෙන මිනිසකුට පහත් ගැහැණියකකුත් සමාව දීලා තමන්ගේ ජීවිතය නාස්ති නොකරගෙන ජීවත් වෙන්න පුළුවං.. මෙතුමා සමාජයට හොද ආදර්ශයක්..!(නු)
දෙදෙනාම හොදයි. සමගියෙන් ජීවත් වෙන්න..!(නු)
කමිසෙ නැතිවුනාට හොරෙන් හොරෙන් හමුවෙලා කරන දේවල් සැමිය දන්නෙ නැහැනේ..!(නු)