කුඩා කඩ මණ්ඩියකි. එහි ප‍්‍රධාන කඩයක් අසල බංකුවක් හා පුටු කීපයක් තබා තිබුණෙන් වැඩි පිරිසක් එක්ව කතා කරමින් පසුවෙති. පසුගිය දිනක ඔවුන් දේශපාලනය කතා කිරීම නිසා ගැටුම් පවා ඇතිවූයෙන් මුදලාලි පුටු ඉවත්කොට ‘දේශපාලනය අරගෙන එන්න එපා’යි දැන්වීමක් ද එල්ලූවේය.
මේ නිසාම කඬේට එන පිරිස අඩු විය. ‘වැඩිපුර මිනිස්සු ඒම වළක්වන්න මුදලාලි ගහපු ගැටයක් ඕක. දැං ඔතෙන්ට අර ‘....’ කියන ගෑනි රිංගනවා ‘මුදලාලිගේ බිරියට අසල්වැසි කාන්තාවක් ඔත්තුවක් දුන්නාය.
කරුණු සෙවූ ඇයට වැඬේ ඇත්ත බව පෙනිණ. මේ නිසාම අඹුසැමි අරගලද ඇතිවිය. පසුගියදා කඬේ එල්ලා තිබූ ‘දේශපාලනය යන අකුරු මත කවුදෝ ‘කාන්තාවගේ නම අලවා තිබුණි. මෙය දුටු මුදලාලිට යකා වැහිණි. මෙය බිරියගේ වැඩක් යැයි සිතා මුදලාලි එය ගලවා ඉරා විසිකළේ හොඳ වචන දෙක තුනක් කියමින්ලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණු සෙවූ ඇයට වැඩේ ඇත්ත බව පෙනුනා නම් ඇගේ ප්‍රතිචාර දැක්වීම වැරදිද? (නි)
ඔව් එයාට අපි පාඨක සභාව ගානේ මල් මල් චිත්තයක් දෙනවා මනෝජ්. (බ)
තමන්ගේ අම්මාට ආදරය කරන පිරිමිපක්ෂය කවදාකවත් ගැහැණුනට අපහාස කරන්නේ නැහැ.බටහිරයන් " ලේඩීස් ෆස්ට් " කියලා කියන්නේ කට කහනවාට නොවෙයි. (බ)
මුදලාලිගේ කඩේට රිංගුවා හොර අම්බෙනිය විවේචනය් කල නිසාද කට්ටියම මාව දඬු කන්දේ ගහන්න හදන්නේ ? අනේ ඉතින් මේ අවනඩු රජ්ජුබණ්ඩාර දෙවියන්ටවත් කියමු නේද ? ඔන්න මාව බාරයි හත් කට්ටුවක් බණ්ඩාර දෙවියන්ට (කෞ)
වැටත් නියරත් ගොයම් කයි නම් කාට පවසමුද අවනඩුව,(කෞ)
ටික දවසකින් එසැණට ගොඩවෙන්නත් බැරිවුණා. මගේ එසැණ පරණ යාළුවො එකතුවෙලා පෙර ලියු කවි කතා කියෙව්වා. මොනතරම් සුන්දරද? පෙර ලියූ සමහරුන් එසැණට දැන් නොලිවුවත් ඔබ සැම කොහේ, කොතන හිටියත් යෝධබල,යෝධ ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)
මේ මුදලාලි වගේම මමත් අකමැති මාතෘකාවක් තමයි දේශපාලනය. අපේ ජයා සොයුරාට බවලතියන් ඇලජික් වගෙයි නේද..? (නි)
හැමදාම දකින කුකුළාගේ කරමලේ සුදුවට පේනවා වාගේ බවලතෙක් මොනවාහරි දෙයක් කළාම පිටබැද්දර මුළු කාන්තා සංහතියටම බැණ වදිනවා. අපේ පාඨක සභාවේ කාන්තාවෝ උඩදාගෙන ජයාට බනිනවා.එක්කෝ කතාව වෙනස් වෙන්න ඕනෑ, නැත්නම් ජයා වෙනස් වෙන්න ඕනෑ (නි)
අත්පොළසන් දෙන්නත් තනි අතින් බැරි බව පිටබැද්දර මහතා තවම දන්නේ නැහැනේ. අනියම් බිරිඳට බැන්නට මොකද ඒ වැඩේට පිරිමි පුළුටක් සම්බන්ධ නැති ගානටනේ බවලතුන්ට විතරක් බනින්නේ. ඒකනේ මෙතන ප්‍රශ්නය! (නි)
කමෝන් ජයා කමෝන්! (නි)
නයනා, ඔයා කියලා කට ගන්න වුණේ නැහැනේ. ඒකම නේද වුණේ? (නි)
ජයාගේ අදහස් වලින් පෙනෙන්නේ ගැහැණු ගතියක් මට නම්. (නි)
රත්න ඔබ නියම තැන ඇවිත් තියෙනවා , අද මගේ නිවාඩු දවස වතේ පිටියේ වැඩක පලක් කරලා මහනිසියට පොඩි අඩියක් ගහල නිවිහැනහිල්ලේ ඉන්න වෙලාවක අපේ රත්නේ ළමය කියල තියෙන විදියට මම වෙනස් වෙන්න ලෑස්තියි , එහෙනම් ඉතින් මම වැල යන අතට මැස්ස ගහන්නද ? එතකොට නිකන් ගතියක් නේ වගේ නේද ? කවුරු හරි දුස්ටයෙකුත් ඉන්න ඕන නේද ? (කෞ)
බිරින්දෑවරු ඔහොම තමයි ඕවා ගණන් ගන්න ඕනේ නෑ... (ර)
ආ දැන් තමයි තේරුනේ, පිටබැද්දර ජයා මෙතන ලියන්නේ කොයි වෙලාවටද කියලා.? (ර)
ජයයි මායි ඉස්සර, ඔය වගේ දවස් වල ජෝතිගෙ, කපුගේගේ සින්දු කියනවා. ජයා හදන කටගැස්මෙයි, කටහඩෙයි තියෙන රස දන්නවා නම් මෙතන ඔක්කොම මල් මාල දාලා ජයාව පිලිගන්නේ. (ර)
වික්‍රම , ජයා මේ සින්දුව නම් අනිවාර්යයෙන් කියනවා ඇති. " ආලේ කලමුත් පණට පණසේ...ස්ත්‍රී ජාති නෑ විශ්වාසේ " (ර)
අනේ මෙහෙමත් නොසන්ඩාල මිනිස්සු ඉන්න රටක්? (නි)
උගතුන් පන්නාදමා මෝඩයින් හට තැනක් දීමත් නරකම නැහැ නේද? (නි)
වික්‍රමයි මමයි එකතු වුණාම ඔය වගේ බොලඳ සින්දු නම් ගායන කරන්නේ නැහැ , දවසක් පැල නැති හේනේ .....සබඳ අපි කඳු නොවෙමු .... වගේ හරවත් ගීත තමයි ගායන කලේ . දම්පාටින් ලා සඳ ගීතයටත් අපි කැමතියි නැද්ද වික්‍රම (අ)
ගයන ගීත නෙවෙයි මෙතන පලවෙන හැම පුවතටම බවලතුන්ට බැනලා ලියන එකේ ඇති හරය මොකද්ද කියලා තමයි ප්‍රශ්නය ! (බ)
මටත් දෙවියෝ සාක්කියට ගොඩවෙන්න බැරිඋනා හුගක් දවසකින්....? අපේ රටේ නිව්ස් වගේම ඒ ප්‍රතිචාර බුද්ධිමත් භාවයෙන් තොරයි එකී නෙකී කුලල් කා ගැනීම විලාසිතාවක් වගෙයි ? (කෞ)
කෝ මේ අපේ පාඨක බවලතුන් අද සද්දයක් නැත්තේ මොකද?
දේශපාලනෙයි, බිස්නස් වැඩයි, හොර අඹු සම්බන්ධයයි නිසා මේ දුප්පත් මනුස්සයා වැටුන වැටිල්ලක්... මේවා කාට කාටත් හොඳ පාඩම්. (ර)
අනේ මන්දා මිනිස්සුන්ට මොනා වෙලාද කියලා. (ර)
අනේ මන්ද මේවා කියලත් බැහැ නොකියත් බැහැ , අද කාලේ සමහරක් ගැහැනුන්ට ඇත්තන ඇට කැවිලද කියලා ? කලොත් අමන වැඩක් තමයි. (ර)
හොර අඹු පුවත දැකපු ගමන් අසවලාගේ මානසික විශාධි තත්වය ඔන්න වැඩි වෙලා. කවුරුවත් කාන්තා පක්ෂය ප්‍රතිචාර දක්වන්න එපා. (බ)
පිටබැද්දරට, හොරඅඹු පුවතයි මෝඩ බවලතුන්වයි මෙතන ලියන කාන්තාවනුයි ඔක්කොම දැන් පැටලිලා වගේ . වැඩිය කාන්තා පක්ෂය විවේචනය කරන්න ගියොත් ඔය වගේ වැඩ සිද්ධ වෙනවා. (ර)
මේ වැඩේ සිද්ධ වෙලා තියෙන්නේ පිටබැද්දර මුදලාලිට දෝ කියලා අපිට හිතෙන්නේ අසු හාරදාහට නැගලා , ලියලා තිබෙන ප්‍රතිචාරයේ හැටියට. (ර)
සමහරක් අමන වැඩ කරනවා කිය කිය කෙහෙවලු පටලව ගන්නත් එන එකනෙ වැඩේ.(අ)
අසවලාට, සමහර ගැහැණුන්ට ඇත්තන ඇට කැවිලා වාගේ පෙනුනාට, පතිනියන් වාගේ පෙනෙන ගැහැණුත් මෙහිම ඉන්න බව අමතක කරන්න එපා ගයානී. (නි)
ඔන්න...ඔන්න....බැද්දේ එක්කෙනා පටන්ගත්තා ඉතින් සුපුරුදු ඈඩියාව. අඬන්න දීලා නිකන් ඉඳිමු නේද? (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
පුදුම මනුස්සයෙක්නේ. මොන කඩේ මුදලාලිද වැඩිපුර මිනිස්සු එන එක වළක්වන්න ගැට ගහන්නේ? (නි)
මෙතන සමහරු මොනයම් හෝ හේතුවක් නිසා කාන්තා පක්ෂයට සීමාව ඉක්මවා වාග් ප්‍රහාර එල්ල කරනකොට කාන්තාවන් අදහස් ලියාවිද මේනක? (නි)
පිටබද්දරට ඕනෑවෙලා තියෙන්නේ මෙතන කාන්තාවන් ටික පන්නලා දාලා අර එයාගේ කට සද්ද "හොඳ " නංගිලා දෙන්නව සභාවට ගෙනෙන්න. ඔහොම බවලතුන්ට දිගට හරහට වචනයෙන් පහර දෙනකොට ඒගොල්ලෝ මෙතන ලියන එක නවත්වනවානේ. ඒ ටික තමයි උන්නැහේට කරගන්න ඕනෑ. (නි)
පිටබැද්දර ජයාගේ ගෙදරටත් ළඟදි දැන්වීමක් ඇලවෙයි වගේ. කාන්තා පාඨකයන්ට රතු කට්ට පැනලා ජයෝ ! (නි)
ජයාගෙ අදහස් වල හරයක් තියෙනවා බොරුවට තරහින් උඩ පනින කෙනෙක් නෙවෙයි ජයා.(අ)
හෙරලිය නිසා වූ හබයත් පසෙක තියා..මුදලාලිත් කඩේ කෙරුවලු පුරුදු නියා.. අත්තන ඇට කැවුන අඟනුන් කරේ තියා...තවමත් නටයි පිටබැද්දර අපේ ජයා.! (බ)
මෙහි දමා ඇති අදහස් නම් හරිම අපූරුයි.හරිම විනෝද ජනකයි.අපේ කාන්තා පක්ෂයේ නිර්භීත ප්‍රතිචාරයන්ට මගේ ආචාරය...! (බ)
කාන්තාවන් ඉඳහිට මෙහෙම නොමනා වැඩත් කරනවා කියලා අපිටම පිළිගන්න වෙන්නේ පිටබැද්දර වගේ පුරුෂ රත්නයන් සමාජයට එකතුවෙනකොට තමයි. (නි)
අදහස් වලට ජයාගේ අපේ පිට බැද්දේ ලැබෙන්නේ නැහැ, බවලත් අපගේ ඡන්දේ සොහොයුරියන්ට නොකර මෙලෙස අපහාසේ ඉනු මැන ජයා මහතාණනි, හිත සතොසේ.. (ර)
දැන්වත් මේ මනුස්සය බිරිය සමග සමගියෙන් පවුල් කාවිද දන්නේනේ නැ දරුවෝ ඉන්නවනම් ඔවුන් තමයි අසරණ වෙන්නේ (බ)