කුලී නිවසක අලූතින්ම පදිංචියට යෑම සඳහා සැමියා සහ බිරිය දිනයක් සොයා ගත්හ. බිරිය පැවැසුවේ මුලින් පදිංචියට යන දවසේ ගේ මැද කිරි ඉතිරවිය යුතු බවය. ඒ අනුව අදාළ දිනයේ බිරිය එම නිවසට යැවීමට කටයුතු කළ සැමියා වෙළෙඳසලකට ගොස් අලූත් මුට්ටියක් සහ කිරි බෝතලයක් ද මිලදී ගෙන නව නිවසට පැමිණියේය. හිස් මුට්ටිය නිවසට රැගෙන එනු දුටු බිරිය කෝපයට පත්ව ”බලනවාකෝ මූසල වැඩක් නේ කෙරුවේ. කිරි උතුරවන්නට ඉස්සරවෙලා හිස් මුට්ටියක් ගේ ඇතුළට ගේන්න ඔහේට මොළේ නැද්ද? ඔය බෝතලේ තිබෙන කිරි මුට්ටියට දාලා අරන් එන්න නේ තිබුණේ” යැයි මොර දෙන්නට වූවාය. ”හරි හරි ඕවා ඔච්චර ගණන් ගන්න එපා” සැහැල්ලූවෙන් පැවසූ සැමියා නිවසේ මැද ගල් තුනක් තබා ඒ මත මුට්ටිය තබා කිරි දමා ගිනි ඇවිලවීය. කිරි උතුරන්නට පෙර මුට්ටිය බිඳී කිරි සියල්ල ළිපට වැටී ළිප ද නිවී ගියේය. ”බලනවා හිස් මුට්ටිය ගේ ඇතුළින් ගෙනා එකේ විපාකේ” යැයි බිරිය බෙරිහන් දෙන්නට වූවාය. ”කලබල වෙන්න එපා නෝනේ. දැන් ඇමරිකන්කාරයා හඳටත් ගිහිල්ලා අඟහරු ලෝකෙටත් කුරුමානම් අල්ලන කාලේ. ඔය වගේ හණමිටි අදහස් තියාගන්න එපා” යැයි සැමියා පැවසීය. කෙසේ හෝ දැන් ඔවුන්ට ඉඳහිට ප‍්‍රශ්නයක් ඇති වූවත් සතුටින් ජීවත් වන බව ”කොටහේන” ප‍්‍රදේශයෙන් වාර්තාවේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ හිනා කාලා මැරෙනවා .(ස).
ඇමරිකාව නැතුව දැන් මුට්ටියකට කිරි ටිකක්වත් දාගන්න බැහැ වගෙයි. (නි)
හරි විහිලුයි (ස)
අන්න නියම වැඩක්
මමත් අත්හදා බලන්න ඕනේ (දී)
පද්මි , තරහා වෙන්න එපා . ගෑනු මොනවා උනත් හරිම වාතයක් (ස)
ගෙදර නෝනලා ඔහොම තමයි (ස)
ඕවත් වැඩද ?? .(ස)
මේවා ආදර්ශයට ගන්න
මරු.....මරු..... නියමයි... නැවත එහෙම කරන එකක් (නැහැ දී)
සරල ජිවන රටාවක් තියෙන සැමියෙක් (දී)
ඒ සැමියා හරියටම හරි (දී)
මේ කාරනාව ලංකාවේ අනෙකුත් සැමියන්ට තියෙන පොදු ප්‍රශ්නයක් (දී)
ඕවා ඔහොම තමයි. අපි දන්නෑ ඇයි කියලා (ස)
පව් නේ ඒ මනුස්සයා (දී)
අපේ ගමෙත් හිටියා මේ වගේ ගැහැණු මනුස්සයෙක් (දී)
මට හිනා යනවා කියන්නේ නවත්තා ගන්න බැහැ (දී)
මමනම් කියන්නේ ඉවසීම තමයි හොදම දේ (දී)
අනේ මන්ද (දී)
අපේ අනෙක් පිරිමින්ටත් මේක හොද ආදර්ශයක් (දී)
කොහෙන් ගියත් දුකේදී සැපේදී ඇමරිකන් කරයා ඉන්නවා (දී)
නියම කතාව (දී)
කොහොම කියුවත් ඇමරිකාව කොහේ හෝ මුල්ලක ඉන්නවා (දී)
පිස්සු.....හරිම හිනා (ස)
වළඳ හසපු බාස් හොයන් ගිහින් බැන්නේ නැති එක පුදුමයි (ස)