සැමියාගේ දැනුම්දීම මත බිරිය හොඳින් වැඩුණු ආනමාලූ කෙසෙල් ගසකට ආධාරකයක් ලෙස කරුවක් තියන්නට ගොස් කෙසෙල් ගස කඩා වැටුණු පුවතක් සියනෑවේ ගම්මානයකින් වාර්තාවේ.
සැමියා රැුකියාවක නිරතය. නිතර ගෙදර නැත. වත්තේ තිබූ කෙසෙල් ගස හොඳින් ඵල බරවී තිබෙනු ඔහු දැක්කේය. බිරියට කතා කළේය. අර කෙහෙල් ගහට කරුවක් තියන්න. නැතිනම් බරට ගහ කඩා වැටෙයි. ඔහු කීය.
මේ බිරිය විවිධ පුරසාරම් ගැන අතීතයේ පටන් කියවෙන ගම්මානයක උපන් තැනැත්තියකි. සැමියා රස්සාවට ගිය අතරේ ලී දඬු දෙකක් කපා කරුවක් සැකසුවාය. පුටුව උස මදි නිසා මේසයක් අරගෙන ගියේ දරුවාගේද සහාය ඇතිවය. දරුවාගේ විරෝධය මැද මේසයට නැගුණු ඇය කෙසෙල් ගසේ කට්ටයක් කපා කරුව ඊට හේත්තු කළේ ගසට ආධාරකයක් වන පරිදිය.
හැන්දෑවේ සැමියා නිවසට ආ පසු ඇය තමා කෙසෙල් ගසට ආධාරකයක් තැබූ බව කීවාය. සැමියා ඒ ගැන හාරා නොඇසුවේය. සැමියා රාති‍්‍ර ආහාරය ගනිද්දී ගසක් කඩා වැටෙන ශබ්දයක් ඇසුණේය. ඒ ගැන බලන්නට යද්දී දුටුවේ කෙසෙල් ගස කඩා වැටී ඇති අන්දමය.
අනේ කෙහෙල් ගහ කඩා වැටුණේ කොහොමද? මම කට්ටයකුත් කපලානේ කරුව තිබ්බේ ඇය සැමියාට කීවාය. සියල්ල තේරුම් ගත් සැමියා සිදුවූ රුපියල් දහසක පමණ අලාභය විඳදරා ගනිමින් ”ගමේ හැටියට වැඬේ කළානේ ඒ ඇති” කියා ගෙට ගියේ කෙසෙල් ඇවරි කපා මැල්ලූමක්වත් හදන්න කියමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රසන්න, ඔයා කියන එකමයි මට ඔයාට කියන්න තියෙන්නේ. මගේ අදහස ගැන ඔයාට මොකද? (නි)
උයන්න පිහන්න කම්මැලි වෙලා හැමදාම මහත්තයාට කැන්ටිමෙන් කාල රෑට පිටින් කෑම ගෙන්න කියන නෝනලාට තරු පේන වෙලාවකුත් එනවා. කම්මැලි නැතිව උදේට නැගිටලා ගෙදර බත් මුලක් බදාගෙන එන කාර්යාල බවලතියකගේ රස බත් මුලට සැමියා වශී වුන දවසට. (ර)
මේක සියනෑවේ ගම්මානයක වුණ දෙයක්. උඩරට ගැහැණු මේකට ගාවාගන්නේ ඇයි? උඩරට ගැහැණු ඔහොම අත්දැකීම් රහිත නැහැ. කෙසෙල්, කරාබු, සාදික්කා, කොකෝවා, ගම්මිරිස්, මන්ගුස්, දූරියන්, පුවක්, පොල්, ගොරක ඔය කොයි ගහත් වැලත් අපිට හුරුයි.(ම)
අපේ රටේ කාන්තාවට පෝෂණ ගුණය රැකෙන පරිදි උය පිහ ගන්න තේරෙන්නේ නැහැ, හැමදාම උයනවා නම් උයන එක ලොකු දෙයක් නෙමේ. ඉදල හිටලවත් උයන්නේ කිසිම අවබෝදයක් නැතුව.මොකද අපේ කට්ටිය උයන්න පිහන්න පටන් ගන්නේ විවාහයෙන් පසුවනේ.(ම)
අපේ රටේ කාන්තාවෝ කම්මැලිකම ඇරෙන්න පිට රටකටම යන්න ඕන. රැකියාව කරලා ගෙදර ඇවිත් සැමියත් එක්ක උයනවා. එහෙම නැත්නම් තනියම හරි සති අන්ත සාදයකට වුණත් විස්සකට තිහකට කෑම උයනවා. (බ)
උදිත් ලොකු රස්සා කරනවා කියල කාන්තාවන්ව වර්ග කරන්න එපා. මගේ ඥාති කාන්තාවක් ඉන්නවා . පුද්ගලික බැංකු විධායක නිලධාරිනියක්. එයා උදේ 4 ට නැගිටලා උයනවා. කාර්යාලයේත් කාර්ය බහුලයි. ඒත් කොහොම හරි වේල් තුනම ගෙදර උයනවා. හොඳ පවුල් ජීවිතයක් ගෙවනවා.. ඔය පිටින් කෑම අරන් කවන තත්වය ඇති වෙන්නේ කාන්තාවගේ රැකියාව මත නෙවෙයි . ගෙදර වැඩට දක්ෂ අදක්ෂ බව සහ උවමනාව මත. ඇයි කියෙව්වේ නැද්ද උඩින්ම සමහරු කියල තිබෙන්න්නේ රැකියාවක් නොකරන සමහර නෝනලා කම්මැලිකමට ගෙදර ඉන්න පිළිවෙල. (ස)
ඔය ගමේම තමා මේකත් වුණේ. පන්සලේ තීටර් එකක් පෙන්වත්ති ලයිට් ගිහිල්ලා. වේදිකාව පැත්තෙන් ඇහුනලු පියුස් ගිහින් කියලා. එක මෝඩපහේ මිනිහෙක් තමන් අතේ තිබුණ ටෝච් එක අරගෙන ස්ටේජ් එක මුල්ලකට ගොඩවෙලා තමන්ගේ මුහුණට ටෝච් එක ගහගෙන මම ගියේ නෑ මේ ඉන්නවා කීවලු. මිනිහගේ නමත් පියුස් (බ)
සේපාලිකා හරි. තරුණ අම්මලා පහසුව විතරයි බලන්නේ. තෙල් කෑම හරියට පිටින් අරගෙන පවුල පිටින් ගිලදමනවා. නැති ලෙඩ හැදෙනවා පොඩි උන්ට. උසස් යැයි රැකියා කරන බවලත්තු සැපට ඒසි කළ ආයතන වල වැඩ කරන්නේ. නමුත් සාමාන්‍ය පොඩි රස්සා කරන අහිංසක අය උයලා කන්න දෙනවා දරුවන්ට. ලොකු ලොක්කියෝ තමයි උජාරුවට පිටින් කවලා දරුවො ලෙඩ්ඩු කරන්නේ. (නි)
කඩ කෑම කෑමෙන් නැති ලෙඩ ඇතිවේ. කඩවල තෙල් තාච්චිය අවුරුදු ගානකට මාරුකරන්නේ නැහැ. පරණ එකටම වක්කරනවා. අම්මා තාත්තගේ කම්මැලිකම නිසා දරුවො පව්. (නි)
අසෝකා මෙහි මාතෘකාව "බිරියගෙන් වැඩ ගන්න ගිහින් සැමියාට එළොව පොල් පෙනිලා" කියලයි. ඔයා කියනවා සැමියට ප්‍රශ්නයක් නැතිලු. (නි)
මෝඩ කාන්තාවක් බැන්දොත් මකලාවත් හදන්න බැහැ. එක එක දවසට එක එක ගානේ ගොන්කම් කරනවා. මැරෙනකම්ම නිවනක් නැහැ. (නි)
චම්පිකා ඇත්තම ඇත්ත. ඊට පස්සෙ ඔයා උයන්න කම්මැලි නෝනලා යනවා සාත්තර කාරයො පස්සෙ. මහන්තත්වය නවත්තගන්න කියලා. මේ කපේදි කරගන්න බැහැ. (බ)
භානුක, ඔයාගේ අල්ලපු ගෙදර කාන්තාව උයන්නේ නැති එක ගැන ඔයාට මොකටද? ඔය හිතන්නේ ඒ කාන්තාව දවසම මැරිලා වැඩකරලා ඇවිල්ලා රෑට උයන්නත් ඕනෑ කියලද?අපේ අම්මලාගේ කාලේ වගේ ගෙදර ඉන්නවා නම් එහෙම කරන්න පුළුවන්. දැන් කාලෙ වෙනස්.වැඩ කරලා එන මිනිහට පුළුවන්නේ එහෙනම් උයන්න (නි)
මගේ පුතාගේ පංතියෙ තවත් පුතෙකුගෙ උපන්දින සාදයකට ගියා. ඒ පුතාගේ චූටි නංගි ඇඟ තෙමාගෙන. ඒ පුතාගේ අම්මා පාටියට ආපු හැමෝම ඉස්සරහ එයාගේ සැමියට කියනවා " තාත්තී දුවගෙ නැපිස් මාරු කරන්න" කියලා. ඒ තාත්තා කාමරේට ගියාම අපිට කියනවා " අනේ මම දන්නෙ නැහැ අනේ. එයා තමයි ඒවා කරන්නේ" කියලා. ඔන්න අම්මලා. (නි)
මගේ අල්ලපු ගෙදර කාන්තාව වයස 45 ක් විතර ඇති. දරුවො දෙන්නෙක් ඉන්නවා. උසස් රැකියාවක් කරනවා. සතියට දින 2 ට වඩා ඇය උයන්නේ නැහැ. වැඩ ඇරිලා ඇවිල්ලා සැමියා එනතුරු බලා ඉන්නවා. කන්න එළියට යන්න. නැත්නම් හවස් වෙනකොට කෝල් එකක් දෙනවා රෑට කෑම අරගෙන එන්න සුදූ, කියලා. දරුවො දෙන්නා ඇට ගැහිලා. දැක්කම දුකයි. (නි)
අසෝකා කියන විදියට මේ කාන්තාව නියමෙට සැමියගෙ ඉල්ලීම ඉටුකරලා තියෙනවා. සැමියට හරිම සතුටු ඇති. අපරාදේ මනුස්‍සයෙකුට කන්නත් නැහැ. අමු නිසා සතෙකුට කන්නත් නැහැ කෙසෙල් කැන. (නි)
ඇද කුද හොයනවා නෙමෙයි පහන්. රටම ඉවරයි. අද කාලේ තරුණ අම්මලාගේ සාමාන්‍ය දැනීම බින්දුවයි. නැත්නම් කෙසෙල් ගහක් කපලා කරු තියයිද? ඒ නිසා ඉස්සරහට හැදෙන පරපුරත් විනාශයි. ඒකයි කියන්නේ මේවා බලලවත් හැදියල්ලා කියලා. (නි)
අනේ අසෝකා, ඔයා කියන විදියට ගැහැණු නළවන්න ගියාම තමයි මුකුත් නොදන්න තොත්ත බබාලා බිහිවෙන්නේ. අපි වැරැද්ද පෙන්නලා දෙන්නෙ තව කෙනෙකුට හැදෙන්න. සැමියගෙ ඉල්ලිම ඉටුකළා කියලා කළේ විනාශයක් නම් ඒකෙන් ඇති වැඩේ මොකක්ද? සැමියට ඕනැවුණේ කෙසෙල් කැන රැකගන්න. මෙ උන්දැ කළේ කැන විනාශකළ එක. ඒක හරිද? අපි කරන දෙයින ප්‍රයෝජනයක් තියෙන්න ඕනෑ.නිකන් කරන්නම් වාලේ කරලා වැඩක් නැහැ. (නි)
මෙගා බලලා වැඩිදියුණු කරගත් මොළය නිසා තමයි කෙසෙල් ගහ කපලම කරුවක් තියලා තියෙන්නේ මේ අම්මණ්ඩි. (නි)
ළමා කතා පරිවර්තනයක් කියවනවට වඩා කොච්චර වටිනවද මෙලනි දෙකයි පනයේ මෙගාවක් බලන එක හරි, නළු නිළි තොරතුරු ඕපාදූප අහන වැඩසටහනක් බලන එක? ඒවටනේ කාලය වැය කරන්න ඕනෑ. (නි)
දකුණේ ඉන්න මෝඩයො උඩරටින් ලොකුකමටත් එක්ක කසාද බැඳගෙන දැන් ඉතින් විලාප දෙනවා කියලා තමයි සමහර අදහස් කියෙව්වහම මට නම් හැඟුනේ. තමන්ගේ තරමට පෙලවහක් කරගන්නේ නැතුව උඩරට ලොකු අතු අල්ලන්න ගිය දකුණේ මෝඩ නුගතුන්ට ඔහොම වෙලා මදි.තමන්ගේ තරම දැනගෙන කටයුතු කරනවා නම් ඔය කරදර ඇතිවෙන්නේ නැහැ. ඔය පළාතේ ගැහැණුයි මිනිස්සුයි කොහේ ගියත් ඒ පළාතම විනාශයි!! (නි)
මේ අදහස් බැලුවහම තේරෙන්නේ අපේ රටේ මිනිස්සු අනික් අයගේ ඇද කුද කොච්චර හොයනවද කියලා.අනික් මිනිස්සු කරන දේවල් වලින් තමන්ට හිරිහැරයක් නැත්නම් ඒක ඒගොල්ලන්ගේ කැමැත්ත කියලා පාඩුවේ ඉන්න එකයි කරන්න තියෙන්නේ (නි)
දැන් කාලේ සමහර තරුණියන්ට, ගෙදර උයන එක, මහත්තයාගේ රෙදි ටික ඉඳ හිට හරි සෝදලා මැදලා දෙන එක , ගෙදර එදිනෙදා සුද්ධ පවිත්‍ර කරන එක, කඩේ ගිහින් බඩු මල්ලක් උස්සගෙන පයින් නැති නම් බස් එකේ හරි එන එක "හරි අමාරුයි". බඳින්න සොයන්නෙත් අතක් පයක් හොලවන්නේ නැතිව බෙඩ් ටි එකත් උදේ 10 ට විතර ඇඳ උඩට ලැබෙන වැඩකාරයෝ දැසි දස්සෝ පිරි සිටු මැඳුරක්,මහගෙදරින් හුරතල් කරලා හද්දා කම්මැලි වෙන්න ඉඩ ඇරපු අපේ ඥාති නංගි කෙනෙක් ගෙදරටම නාකි වුනේ ඔය අතට පයට හැම දෙයක්ම කරලා දෙන තැනක් සොයන්න ගිහින්. (බ)
ඇයි දන්නෙ නැද්ද කාන්තාවන් වැඩිපුර දේසපාලනයට ගේන්න කතාබහ වෙනවා මේ දිනවල.දැනට දේශපාලනේ ඉන්න කාන්තාවන් මොනවද කරන්නේ.(හේ)
ඕවිටිගල පැත්තෙ කෙනෙක්ද මේ ගෑනු මනුස්සයා? (බ)
මම කසාද බැන්දේ 28න් එතකම්ම අම්ම තමි ඔක්කොම කරලා දුන්නේ.කවදාවත් උයන්න වෙලාවක් තිබුනේ නෑ එත් බැන්දට පස්සේ ඉන්ටෙර්නෙට් එකෙන් බලල උයන්න පුරුදු උන ගමේ අහර අම්මගෙන් අහගත්තා මම නීති වේදිනියක් උනන්දුව තිබේනම් ප්‍රමාද නෑ (ම)
උඩරට සිංහලයා වඳවීයාමේ තර්ජනයකට මුහුණපානවලු.ස්වභාව ධර්මයටත් එපාවෙලා වගේ.කොහෙද ගිය ගිය තැන ඉවරයි.යන්න ඕනෑ නැහැ කට ඇරියොත් පරමාණු බෝම්බ හත අටක හලාහළ විෂ නිකුත් වෙනවා. (නි)
උඩරට ඉන්නේ බොහොම සාමාන්‍ය මිනිස්සු.සමහරු කසාද බැඳලා පේනවනේ, ඇහැළේපොල කුමාරිහාමිගේ පරපුරෙන් කරකාර අරගෙන වගේ. බොරු බේගල් ඇදබානවා ඇති කසාද කරගන්න.වැදගත් පරම්පරා,ලොකු අතු රටෙන් පිටවෙලා බොහොම කල්.දන්නෝ දනිති. (නි)
කාගේවත් නමත් නැතුව විවෘත කළා නම් තමයි හරි. මොකද ඒ කාගෙවත් පුද්ගලික ධනය නෙමෙයි වැයකරලා තියෙන්නේ, මහජන මුදල්. (නි)
අපේ මෙගා වල පෙන්නන්නෙම 'හයිෆයි' බේබිලා ගැනනේ. ඉතිං අපේ ගෙවල් වල නංගිලත් "බේබි" වෙන්න යනවා. අන්තිමට මහත්තයාගෙන් ගුටිත් කාලයි ගෙදර එන්න වෙන්නේ. නැති පම්පෝරි රටට පෙන්නන්න ගිහින් පවුල් කඩාගන්නවා. (නි)
මගේ ඥාති අක්කෙක් ගෙදර ඉන්න කාලේ හොඳට වැඩකළා. ටිකක් ලොකු අත්තක් අල්ලාගෙන බැඳගත්තට පස්සේ එයා කලින් හිටපු විදිය මතක නැතිවුණා. සේවකයො ඕනෑ කියලා මහත්තයා එක්ක රණ්ඩු අල්ලන්න පටන් අරන්. මහත්තයාට හරියට උයලාවත් දීලා නැහැ සේවිකාවක් නැහැ කියලා ගෙදර. මහත්තයා දික්කසාද නඩු දාලා. මේ දවස් වල මහ ගෙදර ඇවිල්ලා. (නි)
දැන් අපේ රටේ බවලත්තු කරන්නේ පිරිමි වැඩ. බහුතර පිරිමි කරන්නේ ගැහැණූ වැඩ. ඒකයි මේ අලකලංචියට හේතුව. අද කාලේ විවාහ උත්සවයක් ගන්නකෝ. මොන විකාරයක්ද කරන්නේ අර "ප්‍රී ෂූට්" කිය කියා. විවාහය නිසා කෝටිපතියො වෙන ව්‍යාපාරික පංතියක් බිහිවෙලා ඉවරයි මේ වෙනකොටත්. අපේ මෝඩයෝ ණයවෙවි 'පොෂ් වෙන්න' දඟලනවා. (නි)
මෙතන අදහස් ගැන හරි පුදුමයි. සමහරු ඇමරිකාවේ කාන්තාවන්ව අපේ කාන්තාවෝ සමඟ සංසන්දනය කරන්න යනවා. ඕකේ අනිත් පැත්ත. අපේ රටේ පිරිමින්ව ඇමරිකාවේ සහ බටහිර පිරිමින්ගේ අහළකින්වත් තියන්න බැහැ. ඔවුන් ගෙදර වැඩ බෙදා හදාගෙන කරනවා. මේවා ගැහැණු වැඩ කියලා එයාලා කවදාවත් කියන්නේ නැහැ (නි)
ඔය ගමේ තමයි අර පොසොන් එකට වෙලේ තොරණ ගහන්නේ .ලයිට් විවුර්ත කරන දා වැස්සලු දැන් තෝරන් දෙකයි (එකක් වතුරේ පේනවනේ ) ලයිට් බිල් දෙකක් ගෙවන්න ඕන නැහැ උඩ තොරණ ගලවමු කියල උඩ එක ගැලෙව්වලු අන්තිම කෑල්ල ගලවනකොට කිව්වලු යට තොරණේ ලයිට් ගීයා කියලා. තව කතාව දිගට තියනවා
මෙල්වින්, මගේ එකම මල්ලියාටත් ඕකම වුණා. මගේ පුතාට නම් මම කියන්නේ පුතේ මාමාව ආදර්ශෙට ගන්න. හොඳ ගැහැණු ළමයෙක් හොයාගන්න ටිකක් කල් ගියත් කමක් නැහැ කියලයි. (ම)
අපේ පවුලේ නව දෙනෙක් . බාලම නංගිට අපේ අම්මා කිසිම ගෙදර වැඩක් පැවරුවේ නැහැ. එයාව හරියට හුරතල් කරලා නරක් කළා. වයස විසි ගානක් වුනාට පසුවවත් එයාගේ ඇඳුම් සෝදලා දෙන එක වත් නතර කළේ නැහැ. අයියල හරියට මේ ගැන දොස් කිව්වා. ගිය ජනවාරියේ යෝජනාවකින් බැන්දා. දැන් ඔන්න මහත්තය ආපහු ගෙදරට අැරලවාලා. බැඳලා මහත්තයාගේ ගෙදර ෂෝ කේස් එකේ ඉන්න හිතාගෙන මෙයා අපේ ගෙදර ඇවිල්ල තියෙන්නේ කියල ඒ මල්ලි කිව්වා. හරිම ගුණ යහපත් කෙනෙක් . බැඳලා මාස ගානක් ඉඩ දුන්නලු පොඩ්ඩක් හරි අලුත් ජීවිතේට හැඩ ගැහෙන්න. ඒ වුනාට එයාට ඕන ලු මහත්තයා එක්ක අපේ මහ ගෙදර බින්න බැහැල අම්මල අක්කල ලව්වා අතට පයට වැඩ කරව ගෙන සැපට ඉන්න. දැන් ඉතින් අච්චර හොඳ මහත්තයෙක්ව නැතිවුනා. හරිම ගුණ යහපත් ඒ මල්ලි. අපිට දැන් නංගිව දිවා රාත්‍රී පවතින හිසරදයක් බවට පත් වෙලා. (බ)
ඉෂාර ගැහැණු අපිට හැමදාම සාම්ප්‍රදායික විදියට ඉන්න බැහැ ජිවිතේ එන ප්‍රශ්න එක වෙනස් වෙන්න වෙනවා නැතුව අපිට රජකාලේ වාගේ අදත් ඉන්නද කියන්නේ (ම)
අද කාලයේ තරුණ පිරිමි දරුවන්ටයි - තමන් බැන්දේ පවුලේ බාලම ගෑනු ළමයා නම් උදේ 10 ට විතර නැගිට මේකප් දමා ගෙන ජැන්ඩි පහට ඇඳලා ගෙදර කට්ටිය උයපු දෙයක් ගිලල මුළු දවසෙම මල් පෝච්චියක් වගේ සාලයෙන් වාඩි වෙලා ඉන්නවා ඇරෙන්න වෙන වැඩක් කරවා ගන්න හිතන්නවත් එපා (ම)
අදකාලේ දික්කසාද හා නඩත්තු නඩු උසාවි වල පිරිලා. ඒකටත් එක හේතුවක් තමයි ගැහැනුන්ගේ කම්මැලිකම. අපි සම්ප්‍රදායිකය පිරිමියට දොස් පැවරුවට ඇතුලාන්තය හාරලා බැලුවොත් ගැහැනු අයත් සෑහෙන්න වැරදියි. එදා හිටිය ගැහැනු නෙමෙයි අද ඉන්නේ. (ම)
කසාද බැඳගෙන දරුවෙක් හදාගත්තු පලියට මහත්තයව රැකගන්න බැහැ. රැව ,ගුණ නැන, ඉවසිම තියෙන කාන්තාවන්ට තමයි පිරිමි කැමති. (ම)
උඩරට ගැහැණු නෙකෙක්ගෙන් හොඳ පරිප්පුවක් කාපු කෙනෙක් මෙතන ඉන්නවා. ඒකයි ඔය. ගනන් ගන්න එපා කුමාරිහාමි. (ම)
දිලිනි ඇත්ත කියන්නේ. දිලිනි ඇත්තටම පිටරට ඉන්න බව පේනවා. මටත් හිතෙන දෙයක් කමයි අපේ රටේ රස්සාවක් නොකර ගෙදර ඉන්න ගැහැනු අය කොච්චර සැපක් විඳිනවද කියන එකයි. නමුත් කාල කළමනාකරණය නොදන්නා අය ගෙදර හිටියත් හරියට දරුවන්ගේ සහ සැමියාගේ වැඩ නොකරයි. හැමදාම චුරු චුරුව. වැඩකාරයෝ නැතුව මොකවත් කරගන්න බැහැ. (බ)
ගෑනුන්ගේ මොලේ හැදි මිටේ කියන්නේ ඔය වගේ දේවල් දැක්කම තමයි.(හේ)
ඔව් චම්පි. ඔය නෝනලා ඊට පස්සෙ කියන්නේ "අනේ මගේ කිසිම වරදක් නැහැ. (හේ)
ඇමරිකන් ගෑණු ඇනයක් වෙන්නෙ නැහැ. ඒකට අපේ ගෑණූ. උරචක්කරමාල වගේ. අපේ ගෑණූන්ගේ තියරිය තමයි “බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ“ තියරිය. (නදී)
ගහකට කරුවක් තියන්න බැරි ගැහැනිය කොහොමද පිරිමියට ශක්තියක් වෙන්නේ. දරුවන්ට ශක්තිමත් අම්මා කෙනෙක් වෙන්නේ. තාත්තා නැති උනොත් දරුවො බලාගන්නේ. නීලා කියපු එකම තමයි කියන්න් තියෙන්නේ.(නදී)
අපේ මහත්තයාගේ නංගිත් මහ ගෙදර ඇත්තන් නාකි වෙනතුරු හුරතල් කරලා දැන් සැමියාගේ ගෙදර කිසිම වැඩක් මහගෙවල් වල අම්මලාට අක්කලාට කතාකරන්නේ නැතුව කරගන්න බැහැ. අම්මයි අවිවාහක ලොකු අක්කයි යනවා උදේට හැමදාම එයාගේ ගෙදර වැඩට උදව් වෙන්න. එක ළමයයි ඉන්නේ. (නි)
ගහකට කරුවක් තියන්න බැරි ගෑණිට එරංග ඔය කියන වැඩෙත් හරියට කරන්න බැහැ. එරංගලා වගේ අය තමයි ගෑණුන්ව තොත්ත බබාලා කරලා සත පහක වැඩක් නැති එලොවටත් නැති මෙලොවටත් නැති චරිත බවට පත්කරන්නේ. ඔය වගේ ගෑණුන්ට තමයි මනුස්සයා මැරුනොත් සෑයට පැනලා මැරෙනවා ඇර වෙන කරන්න දෙයක් නැතිවෙන්නේ. (නි)
අැයි කාන්තාවකට ගහකට කරුවක් තිබ්බොත් වස් වැදෙනවද? කෙසෙල් ගහක් හයිය නැහැ කියලා ඉගෙනගන්න පාඨමාලා කරන්න ඕනෙද? (ම)
ගස් වලට කරු තියන්න කාන්තාවන්ට බැහැනේ! එයාලා ඉන්නේ ඒවට නෙමෙයි (නි)
අපි කාන්තාවන් විදියට එදිනෙදා ගෙදර දොරේ වැඩටික ස්වාධීනව හරියාකාරව කරගන්න පුළුවන් වෙන්න ඕන. රැකියාවක් කරන එකවත් තමන්ට මහ ගෙවල් වල ඉන්නකොට අතට පයට පවුලේ උදවිය හැම දෙයක්ම කරලා දුන්නා කියන එකවත් නිදහසට කාරණාවල් නෙවෙයි. (ම)
දැන් ඉන්න කට්ටයට එක ළමයෙක් හිටියත් වැඩ ටික කරගන්න සේවකයෙක් ඕනෙමයි. ඕන වෙලාවක බිසී. අපි ඉන්න රටවල අම්මලා රස්සාත් කරනවා. වැඩකාරයොත් නැහැ. ලස්සනට පවුලුත් කනවා. අපේ අයගේකට ඇරියම බල්ලො බත් කන්නෙ නැහැ. (ම)
ඇමරිකන් ගැහැනු පිරිමි වගේ ඕන වැඩක් කරනවා. අපේ උන්දැල වගේ නෙමෙයි. අපේ අයගෙ කට විතරයි. මේ පේනවනේ කෙසෙල් ගහට කරපු අපරාදේ. (ම)
අපො ඔව්, අද කාලේ බවලතිලට කන්න නැතත් ෆේෂල්, ඇහිබැම සැකසිමි, කොන්ඩා කෙලින් කිරිම ඕනෙමයි. සැමියගේ සල්ලි නොදැනිම වැය වෙන්නේ මේ දේවල් වලට. (නදී)
කරුණාදාස මහත්තයගේ කටට මසුරන් දාන්න වටිනවා. මේක තමයි අද වෙලා තියෙන්නේ අපේ ඇත්තියන්ට.(නදී)
ජයනිගේ මහත්තයාගේ අම්මටයි අවිවාහක ලොකු අක්කටයි ඔහොම වෙලා මදි කියලා තමයි අකැමැත්තෙන් වුණත් කියන්න තියෙන්නේ. ඊළඟ ආත්මෙවත් පුරුදුවෙයි දරුවෙක් හරියට හදන්න. මන්දබුද්ධික චරිත වගේ හදපු ගැහැණු ළමයි රටට සමාජයට බරක්. (නි)
දැන් සිටින සමහර කාන්තාවනට එදිනෙදා ගෙදර වැඩ ටික කරන එකත් ලොකු ප්‍රශ්නයක්. අපේ නෝනාගේ නංගිව බොහොම අමාරුවෙන් කට්ටිය එකතුවෙලා බන්දලා දුන්නා. දැන් කෙඳිරි ගානවා උදෙන් නැගිටින්න අමාරුයිලු, සැමියාගේ ගෙදර වැඩ වැඩියිලු. මහ ගෙදර ඉන්න කාලයේ එයාට කොස්සක් වත් අල්ලන්න පවුලේ බවලතුන් ඉඩ දුන්නේ නැහැ පවුලේ බාලයා කියල. අක්කලා ඇඳුනුත් හෝදලා දෙනවා. ඉල්ලන ඉල්ලන දේ අරන් දෙනවා. දැන් බැඳපු තැන ගිහින් එතනත් බිරිඳක් විදියට එදිනෙදා වැඩක් වත් කර ගන්න බැහැ. මේවාට වග කියන ඕන අම්මලා තමයි. සමහර දුවලාට තේරෙන වයසට ආවාට පසුව වත් ගෙදර වැඩක් උගන්වන්නේ නැහැ. (නදී)
ඇමරිකන් ගෑනුන් මොනවා කළත් ඒ අය පිරිම්න්ගෙන් යැපෙන්නෙ නැහැනේ චානක. ඒකට අපේ අය. වැඩක් කරගන්න බැහැ. පොඩ්ඩ බැරි වෙනතොට යනවා නඩත්තු නඩු දාන්න. යැපෙන්නෙ සැමියගෙන්. සම අයිතිය ඉල්ලනවා. කෙසෙල් ගහකට කරුවක් තියන්න දන්නෙ නැහැ. (නදී)
දිල්හානි ඔයා හරියටම හරි, අපේ ගෑනුගෙයි ඇමරිකන් ගෑනුන්ගෙයි මට නම් දැන් කිසිම වෙනසක් පේන්නේ නැහැ. මම ගොඩක් කලකිරිලා ඉන්නේ (නදී)
දැන් කොහොමත් රටේ බහුතරයක් ගෘහිනියන් දවාලට රූපවාහිනියේ, කේක් පන්තිය, රුව අලංකරණය කොණ්ඩා සැකසීම බලා ගත්තු ගමන් තමයි. ගෙට හොරු පැන්නත් මේ ලෝකේ සිහියක් නැහැ. අපේ ගමේ ගෙදරක රෙදි වැලේ තිබුන වටිනා උත්සව ඇඳුම් වගයක් හොරු අරන් ගිහින්. කවුරුවත් වත්තට ඇතුළු වෙනවා දැනුනේ වත් නැද්ද කියල ගමේ කට්ටිය ඇහුවම ඒ බවලති කියල තියෙන්නේ ගෙදරදී ෆේෂල් එකක් දමාගෙන ඇස් පිපිඥඥා පෙති වලින් වහගෙන පැයක් හිටපු නිසා කවුරුවත් ගෙදරට එනවා දැක්කේ නැහැ කියලා. (නදී)
කෙසෙල් ගහට කරුවක් තියන්න දන්නෙ නැති උනාට අහලා බලන්නකෝ නලු නිලියන්ගේ වගතුග. උපන්දින. මේ දවස් වල මොනවද කරන්නේ. අමතක නොවන සිදුවිමි සේරම කට පාඩම්.(නදී)
අපේ පැත්තෙත් ඉන්නවා මැදිවියේ බවලතෙක්. එයාට කන පැලෙන්න සින්දු දාන්න ඕනේ. එයාගෙ ළමයි පාඩම් කරනකොට සද්ද නැහැ. ඒ දරුවන්ට විභාග නැති කාලෙට මෙයා දානවා ගමටම ඇහෙන්න. පිස්සු නැත්නම් ෂෝක්. (නදී)
අද කාලේ බොහොමයක් අම්මලා දන්නේ කලිසමක් ඇඳගෙන මේක්ප් දාගෙන යන්න විතරයි. ආගමක් දහමක් ඉතතිහාසයක් සාමාන්‍ය දැනිම මුක්තු දන්නෙ නැහැ. ටිවි වල යන වැඩකටම නැති දේවල් විතරයි ඒ අය බලන්නේ. හොඳ වැඩසටහන් යනකොට වෙන එකකට දානවා මම ඇස් දෙකට දැකලා තියෙනවා.(ම)
"ගැහැණුන්ගේ මොලේ හැදිමිට "වගේ කියල. කියන්නේ ඕකට වෙන්න ඇති නේද? (ම)
අද කාලේ ගැහැනු අය මොකුත්ම දන්නෙ නැති තොත්ත බබාලද? ඇටෙන් පොත්තෙන් ඉදෙන්නත් කලින් කසාද කරගන්න මොලේ තියෙනවා. කෙසෙල් ගහක් ගැන දන්නේ නැහැ. මේ වගේ අම්ම ගාව හැදෙන දරුවන්ටත් දෙවියන්ගේම පිහිට තමයි. (නදී)
දාහෙන් ගියා මදැයි. මෝඩකමට බෙහෙකත් නැහැ කියනවනේ. මෝඩකමයි අහංකාරකමයි දෙකම එකට ආවොත් සොරිම තමයි. අපේ පැත්තෙත් ඉන්නවා මැදිවියේ බවලතෙක්. එයා නොදන්න දෙයක් නැහැ. (නි)
හඳට ගල් ගැහුවෙත් ඔය පැත්තේ නේද ? (ර)
මේ ලියල තියෙන දේවල් දැක්කම ඇත්තටම හිතෙනවා, කවදාවත් අම්මා කෙනෙකුගේ ආදරය වටිනාකම නොදන්නා පිරිසක් කියල. ගැහැනියකට කරන හැම අපවාදයකම කොතැනක හරි තමන්ගේ මව,බිරිඳ , සොහොයුරියන් ඉන්නවා කියල හිතන්න. ඒ කාන්තාව නැහැ බැහැ නොකිය සැමියාගේ ඉල්ලීම ඉටුකළ එකට කවුරුවත් හොදක් කිව්වද? සමියටවත් ප්‍රශ්නයක් නොවුණු දේ මේ අයට ලොකුම ලොකු ප්‍රශ්නයක් වෙලා. මේක ටමයි අද අපේ රටට වෙලා තියෙන්නේ. ඇමරිකන් ගැණු කරන ඔක්කොම හරි ඉහලයි. ටිකක් හොයල බලන්න ඒ අයගෙත් ඇතුල් පැත්ත. එතකොට දැනේවි අපේ අය කොතරම් සිලාචාරද කියල. (බ)
මීට පස්සේ නෝනාට වැඩ පවරන එකක් නැහැ (බ)
කරුව හිටින්න කෙහෙල් ගහේ කැපුමක් කිරීම සැකසහිතයි මට නම් (නි)
අනේ මෙහෙමත් මෝඩ ගැහැණු ටිකක්. බලාගෙන අක්කලා, ඔහොම ගියොත් ළඟදීම කට්ටියට ආධාර කරු තියන්න වෙයි.. (කේ)
දැන් කාන්තාවන්ට වැඩකරන්න වෙලාවක් නැතිනිසා රුපියල් 10ක් දී පොල් ගාලමයි ගෙදර ගේන්නේ.හැබැයි සවස හතේ සිට රූප පෙට්ටියේ කතා බලන්න වෙලාව තියෙනවා (නි)
මම කුඩා කල රුසියානු ළමා කතා පරිවර්තනයක් කියෙව්වා. "වැඩ බැරි අයටයි " - මට ඒ කතාව මතක් වුනා. අනේ දැන් දරුවන්ට කියවන්න ඒ රුසියානු ළමා කතා නැවත මුද්‍රණයේ නැහැ. අපි කොච්චර ආදර්ශමත් දේවල් ඒ පොත් වලින් ඉගෙන ගත්තාද ? (නදී)
අපේ ගෙවල් පැත්තේ කාන්තාවන්ට නම් මේ දවස් වල ගස් වලට කරු තියන්න තියා උයන්නවත් වෙලාවක් නැහැ. පොඩි ලමයිවත් වඩාගෙන පරාජිත දේශපාලනඥයන්ට හුරේ දාන්න යනවා දිනපතාම. ජයවේවා!! (කේ)
රනිල් නෙලුම්කොලේ කිරිබත් කෑව වගේ (ම)
කරු දුර්වල නමුත් ගැහැණු ගැට නම් ප්‍රබලවේ (ම)
කාලෙකට පස්සෙ හොදට හිනා යන දෙයියෝ සාක්කියක් (බ)
මෝඩ ගැහැණු බැඳගත්තම කොයි වෙලෙත් වෙන්නේ පාඩුම තමයි. (නි)
ඇත්තම තමයි . අද කාලේ තරුණියන්ගේ ගෙදර වැඩ කරන්න කම්මැලිකමයි , ඉහවහ ගිය සැර පරුෂ කමයි තමයි සැමියන් එක්ක ප්‍රශ්න ඇති කර ගන්න හුඟක් වෙලාවට හේතු වෙන්නේ. උදේට නැගිටලා එළවලු දෙකක් එක්ක බත් මුලක් බැඳලා වැඩට යන සැමියාට දෙන්න කම්මැලියි. (ම)
ඇයි ජෙහාන්ගේ මිතුරා දැනගෙන හිටියේ නැද්ද ඔය පළාතේ බවලතුන් විවාහ යෝජනා වලදී හරියට බොරු කියනවා. අපේ මිතුරෙක් ඔය පැත්තේ මනමාලියක් බලන් ගිහින් බොහොම රසට කෑම හදල තිබුන බව කිව්වම මනමාලිගේ අතින්ම හැදුව කිව්වාලු. යන්න පිටත් වුනාම ඔෆිස් එකට බත් පැකට් දෙන කාන්තාව පිළිකන්න පැත්තේ ඉන්නවා දැකල කතා කලාම කිව්වලු ඒ ගෙදරට උයන්න ආව කියලා. (ම)
හැම දෙයක්ම වයිෆ්ට ඕන විදියටම කරගන්න ඉඩ දුන්නොත් දරුවෙක් හදාගන්නවත් බැරි වේව් -( කෙසෙල් ගසට උනා වගේ ) (ම)
දැන් ඉන්න උන්දැලා ඔක්කොම දන්නවා . හැබැයි ගෑණුකම ගැන දන්නෙ නැහැ. ගැහැණු වැඩ ගැන දන්නේ නැහැ. කිසිම ලාලිත්‍යක් ඇත්තේත නැහැ. කතාව හරිම රළුයි.පිරිමින්ට ඉක්මනට එපා වෙනවා. ඉවසීම බින්දුවයි. පොඩ්ඩ බැරි වුණු ගමන් “අම්මි“ ගාවට දුවනවා. නඩු දානවා. (ම)
මඟුල් යෝජනා වලදී කියන්නේ දුවට පබිලීස් මහත්තයා ,ශාන්තා මායාදුන්නේ මහත්මිය වගේ උයන්න පුළුවන් කියලා. ගෙදරට එක්ක ආවාට පසුව තමා දන්නේ තේ එකක් හදාගන්න බැහැ කියලා. නුවර ලමිස්සියක් බැන්ද මගේ මිතුරෙකුට ඔය වැඩේ වුණා. (නි)
එක නිළියක් කියනවා රූපවාහිනියට ඇවිල්ලා “ අනේ මම කන ප්‍රමාණය මම දන්නෙ නැහැ. අම්මි තමයි ගුලිකරලා මට කවන්නෙ තාම“ කියලා. (නි)
අපේ ගෙවල් ලඟ මැදිවියේ කෙනෙක් ඉන්නවා. ෆේෂල් දාලා පාට පාට ලෙගින්ස් එහෙම ඇඳගෙන තමයි උදේ හයේ ඉඳලා ඉන්නේ. හැබැයි මනුස්සයත් දාලා ගිහින්. (නි)
අපේ කාර්යාලයේ කාන්තාවක් ඉන්නවා බබාට අවුරුද්දයි. හරි ආඩම්බරයට කාරණාවක් වගේ කියනවා "අනේ මට බබාගේ නැපිය අන්දන්න වත් හුරු නැහැ අපේ අම්ම තමයි ඒක කරන්නේ කියලා. (නදී)
අපේ නෑනාත් ගෙදර ඉන්නකන් උදේ 9 ට ට විතර නැගිට්ට වෙලාවේ ඉඳල ෆේෂල් දාල ලස්සනට ඇඳ පැළඳ ගෙන ගෙදර කට්ටිය මේසෙට බෙදන දෙයක් කාල බොහොම සැපට හිටියා .. මාව ගෙදර එක්ක ආපු දවසේ ඉඳලා අපේ නැන්දම්මත් මගේ කඩිසරකම ගැන හෙව්වා මිසක් එයාගේ දුවගේ කම්මැලි කම ගැන වගේ වගක් තිබුනේ නැහැ. ඔන්න දැන් නෑනා මේ දවස් වල ආපහු ගෙදර ඇවිත් ඉන්නවා එයාගේ නැන්දම්මා එක්ක රණ්ඩු වෙලා කුස්සියේ වැඩ කරන්න බැහැ කියල. (නදී)